💐 Special Chapter 💐

7 2 0
                                    

1980 අගෝස්තු මාසය

කොරියාව - සියොල්

ආදරණීය චියොල් වෙත,

මා සිතනවා ඔබ හොඳින් බව. මා සිතුවේ මා ඉතාලියේ දි චින් මේ සමඟ නිදහසේ ජීවත් වෙයි කියා ය. නමුත් අවසානයේ මා නැවත හිර කුටියක හිර විය.

මට ඇති එකම බය චින් මේ ය. තව මා ආශාවෙන් ලියු අපේ පෙම් කතාව අපට සතුටින් අවසන් කළ නොහැකි වේවිද?

මා බියෙන් ජීවත් වෙමි.
                 මීට අයිඩෙන්

ලියුම කියා අවසන් කළ සැනින් චියොල් ඉතාලිය වෙත ගිය ද ඔහු ප්‍රමාද විය.

ඔහුට හමුවුනේ තම මිතුරාගෙ හා චින් මේ ගේ පණ නොගැහෙන ශරීරයි.

ඔවුන්ව එක ළඟ මිහිදන් කළේ මරණෙන් මතු හෝ ඔවුන්ගේ ආත්මයන් ට එකට ජීවත් වීමට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමින් ය.

........
............. සියල්ල අවසාන් වූ පසු ඇන්ඩ්‍රෙයිනා මහත්මිය ජීවිත කාලයම වියෝවෙන් කල් ගෙවීය. ඝාතන දෙකක් සැලසුම් කිරීමේ වරදට වික්ටෝරියෝ ජීවිතාන්තය දක්වා හිරේ දැමිය. අයිමි නම් තම දෙමාපියන් ළඟට ගොස් සැගවී ජීවත් විය.

සොලික් වයින් ව්‍යාපාරය කඩා වැටිනි. සොලික් පවුලම පැරිසිය, ඇමරිකාව වැනි රටවලින් මහත් අප්‍රසාදය ට පත් විය.

.......

චියොල තම මිතුරාගේ අවාසනාවන්ත ප්‍රේම වෘතාන්තය " මිලින හිම තුහින " ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙය කියවූ බොහො දෙනා මෙම පෙම්වතුන් දෙදෙනාට අනුකම්පා කළහ.

" ඉපදේවා මතු භවයක නුඹලා නුඹේව වී අවසන් හුස්ම හෙලන.

මිතුරා වී මම නැවතත් එමි කරනට උපකාර

ඉඩෝරයට පරවුණු මල් වසන්තයේ පිපෙන

සුන්දර හවසක අපි හමුවෙමු මතුදාක

  🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷    

ඉඩෝරයට මිලින වූ මල්
             සදහටම වසන්තය ආ දිනෙක නැවත පිපේවා...

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now