💐 දෙවන කොටස 🌷

21 2 0
                                    

1970. 01. 09

ඉතාලිය - Benatti නැව් තොටුපළ

Aiden වෙනදාට වඩා වේලාසනින් අවදි වී නැව් තොටුපළ ට පැමිණියේ කොරියාවට යෑමට තිබු ආශාව නිසාමය.

පියාගේ හිත් අමනාපය සමඟ මවගේ දැඩි කනස්සල්ල මැද ඔහු මේ ගමන පිටත් වුණේ කිසිදු පැකිලීමකින් තොරවමය.

උදෑසන 7. 00 වෙද්දී නැව් තොටුපළට කොරියාවේ සියොල් ( Seoul ) බලා පිටත්වන නැව පැමිණීමට නියමිතව තිබුණි.

එතෙක් ඔහු ඒ ළඟම ඇති ගල් බංකුවක් මත වාඩි වී පත්තරයක් නරඹමින් සිටියේ තම යාත්‍රාවට තව කල් වේලා තිබු බැවින් ය.

......,........,............⚓⚓⚓⚓⚓⚓

අවසානයේ නෞකාව තොටුපළ ට පැමිණි පසු ඔහු තම ටිකක් පත එහි නිලධාරියා ට පෙන්වා නෞකාව ට ඇතුළු විය.

අවසානයේ නෞකාවේ තමාට අයිති කාමරය සොයාගත් ඔහු තම suitcase එක එහි තබා ඇඳ මත වැතිරිය.

ටික වෙලාවක් දෑස් පියාගෙන සිටි ඔහු තම කුඩා කාලයේ කොරියාවේ ගෙවු ජීවතය සිහිපත් කළේය.

' එකල කෙතරම් සුන්දර ද ? මට නිදහසක් තිබුණා. ජීවීතයක් තිබුනා. මා ම ලෙසම හිටියා '

පසුව ඔහු ඇඳ මතින් නැගිට නැගිට නෞකාවේ ඉහළ මහල වෙත ගොස් මුහුද දෙස නරඹමින් සිටි අතර ඔහුගේ මුවඟ සුන්දර සිනහවක් ඇදි තිබුණි.

නෞකාව තුළ ඇවිදිමින් එය නරඹමින් සිටි අයිඩෙන් දහවල හා හවස් කාලය ඉතා විනෝදෙන් ගත කලේය.

හවස තේ පානයෙන් පසුව නෞකාව තුළ තිබු bar එකට ගොස් උසස් ගනයේ මධුවිත තොල ගෑවේය. රාත්‍රිය හිමින් ගෙවෙද්දී නෞකාවේ සිටි මගින් ගේ රසාස්වාදය සදහා ඉතාලි ඔපෙරා සංදර්ශනයක් ද පැවැත්විණි.

එය අසමින් සිටි අයිඩෙන් මත් වූ දෑස් වලින් එම ගායිකාව දෙස බලා සිටි අතර ඇය ද ඔහු දෙස රාගයෙන් මත් වූ දෑසකින් බලා සිටියාය.

පසුව අයිඩෙන් නැවත උඩුමහල වෙත ගොස් දුම් පයිප්පයක් උරමින් ඇය ගේ රූපය හිතින් මවා ගත්තේය.

කර දිලිසෙන රතු මාලයක්  හා පපුවෙන් භාගයක් ම පේන්න කැපු කර හා කලවේ අඩක් නිරූපණය වන ලෙස ඇර තිබු කළු පාට වෙල්වට් ගවුම ඇයට එක්කර තිබුණේ ශෘංගාරයෙන් දැවෙන පෙනුමකි. උස් අඩි පවහන් හා දිග කරාබු ඇය ව තවත් හැඩ කරාය. රතු තොල් ඇය තවත් සුන්දර කලාය.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now