24 කොටස 🍓

530 95 127
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.















" දේව්.... අපිත් ග්‍රවුන්ඩ් එකට යමුකෝ "

සෙතුම් මාවත් ඇදගෙන වගේ ග්‍රවුන්ඩ් එකට යද්දි මං ඈත තියාම ග්‍රවුන්ඩ් එකේ උන්න ආරුල් අයියාව දැක්කා. අද උදේ ඉදන් ස්කෝලෙ ඇතුලෙ පෞර්ෂ සංවර්ධන වැඩසටනහක්....උදේ ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා පොඩි ලෙක්චර් එකක් දුන්නා....ඉන්ටවල් එකෙන් පස්සෙ පිට්ටනියෙ ක්‍රීඩා වැඩමුලු දෙක තුනක් තියනවා. ආරුල් අයියලාව නම් ඔය අමතර වැඩ වලින් නිදහස් කරලා තියෙන්නෙ....මොකද එයාලට exam එකට තව ටික දවසයි තියෙන්නෙ.....අපේ අයියත් දැන් අමතර වැඩ වලින් ඈත් වෙලා පාඩම් කරන එකමයි කරන්නේ...

මං ඇවිත් ළමයි ගොඩට එකතු උනාම ආරුල් අයියා එයාගෙ අතේ තිබ්බ ෆයිල් එකේ මොනවද ලියලා ඒකත් අරන් යන්න ගියා. අඩුම තරමේ එක බැල්මකින්වත් මං දිහා නොබලා යන්න ගියා.හිත රිදුන් නැතුව නෙමෙයි...මට ගොඩාක් රිදුනා...අඩන්න බැරිකමට බොරු හිනාවක් හරි මවාගෙන ඉන්න මං ගොඩක් උත්සහා කලා.

" ආරුල් අයියා එක්ක රණ්ඩුවක්වත් උනාද...උඹව දැක්කෙ නෑ වගේ ගියේ "

" ඒක රණ්ඩුවක් නෙමෙයි සෙතුම්.... "

" එහෙනම් "

" හැමදාම එකම මලක් හොයන් ආපු බඹරෙක්ට ආයෙත් ඒ මල ලගටවත් එන්න බැරි වෙන්න ඒ මලම දාපු තහංචියක් "

සෙතුම්ගෙ කරට අත තියලා කිව්ව මං උගෙන් ඈත් වෙලා ග්‍රවුන්ඩ් එකේ තිබ්බ බෙන්ච් එකකින් ඉදගත්තා.

අද සකුල් ස්කෝලෙ ආවෙත් නෑ....මට ටිකක් තනියම ඉන්න ඕනා...මං සාමාන්‍යයෙන් තනියම ඉන්න කැමති මනුස්සයෙක් නෙමේ...මං කවදාවත්ම තනිකමට ආදරේ කරලාත් නෑ....තනියම ඉන්න තත්පරේක උනත් මං ප්‍රාර්ථනා කරේ මට හැමදාම මං ලගින් ඉන්න ආදරණීය මනුස්සයෙක්ව ආදරේ කරන්න, ජීවත් වෙන්න ,ජීවිතේ බෙදාගන්න ලැබෙන්න කියලා.

_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )Where stories live. Discover now