" අනේ ජේව්....නැගිටින්නකො ඒයි...ඔහොම ඉදලා ඔයා අසනීප වෙයිනේ....මේ කෑම එක කන්නකො "
" මට ආරුල් අයියව බලන්න ඕනා සකුල්.....අනේ අයියට කියන්නකො මාව එක්කන් යන්න කියලා....අනේ සකුල් මගෙ මෙතන රිදෙනවා දෙයියනේ....එක්කන් යමන්කෝ "
මගේ පපුවට අතින් ගගහා මං කියද්දි අඩලා අඩලාම ඉදිමිලා තියන මගේ ඇස් සකුල් දහස් වෙනි වතාවටදෝ මන්දා පිහදැම්මා....
" විසල් අයියා දන්නවා නම් උඹව එක්කන් යන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ දේව්...... අනේ ඔහොම ඉන්න එපා බන්.... අරහෙ උඹගෙ අයියා පිස්සෙක් වගේ ආරුල් අයියව හොයනවා....උඹ මෙතන කන්නෙ බොන්නෙ නැතුව මලකදක් ගානට වැටිලා ඉන්නවා.....උඹට එයාව හොයාගන්න ඕන් නම් ඉස්සල්ලාම කාලා බීලා ඇගට පණක් අරන් ඉදපන් ජේව් "
සකුල් උගෙ අතේ තිබ්බ බත් එකෙන් කටක් අනලා මගෙ කට ලගට ලං කරා... එදා මම හොස්පිට්ල් එකෙන් ආවට පස්සෙ පහුවදා උදෙන්ම මගෙ කටේ බලේටම අයියා මාවත් එක්කන් ආරුල් අයියාව බලන්න ගියා....ඒත් ඒ යද්දි ආරුල් අයියා හිටිය හොස්පිට්ල් රූම් එක හිස් වගේම නර්ස් කෙනෙක් කිව්ව කතාව නිසා මාව එහෙන් පිටින්ම පිච්චුවා...
" ඒ පේශන්ට්ගෙ පේරන්ස්ලා එයාගෙ ටිකට් කපාගෙන අරන් ගියා "
අදට දවස් තුනක්....ආරුල් අයියාව එයාගෙ මාම් ඩෑඩ් අරන් ගිහින් අදට දවස් තුනක් වෙද්දි අපේ අයියා පිස්සෙක් වගේ ආරුල් අයියව හොයනවා....
" අනේ ටිකක්වත් කාපන් ජේව් "
මං ඇස් පියාගෙන ටික වෙලාවක් කල්පනා කරා.... මගෙ ඒලියන්.....මගෙ ආරුල් අයියා මානසික රෝගියෙක්ලු..... අයියා කිව්වෙ එයා අසීමාන්තික ආදරයක් ආරක්ශා කරගන්න ගිහින් මානසික රෝගියෙක් වෙලාලු.... එතකොට එයාගෙ ඒ ආදරේ මමද ? ඒත්....අනේ ඇයි දෙයියනේ මට මං වටේ වෙන කිසිදෙයක් තේරෙන් නැත්තෙ.....
YOU ARE READING
_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...