" ම්හුක් !! එතකොට ඔයා කියන්නෙ ඔයා මාව මං චූටි කාලෙ ඉදන්ම දන්නවා "
" මෙන්න මෙච්චර සයිස් කාලෙ ඉදන් "
ආරුල් අයියා මොන්ටිසෝරි බබෙක්ගෙ සයිස් උසක් පෙන්නලා කියද්දි මං ඇස් ලොකු කරන් එයා දිහා බලන් හිටියා. අඩලා අඩලා ඉවර උනාට පස්සෙ මං ඉහලට ඇද ඇද මගෙ හිතේ තිබ්බ ප්‍රශ්න වලට එයාගෙන් උත්තර හොයන්න ගත්තා. එයා මාවත් ඔඩොක්කුවේ තියාගෙනම ඒ ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් මගෙ ඔලුව හිමීට අතගෑවා.
" ඒත් ඇයි මං ඔයාව දන්නෙ නැත්තේ...මං ඔයාව දන්නෙ ස්කෝලෙට ආවට පස්සෙනෙ අයියේ "
" ඔයා මාව දන්නවා අශස්....ඒත් ඔයාට මතක නැහැ "
" ඇයි ඒ "
ආරුල් අයියා එයාගෙ පපුවට තියන් හිටිය මගෙ ඔලුව එයාගෙ පැත්තට හරවගත්තා...මගෙ බෝල ඇස් දිහා බලාගෙනම නලලට වැටිලා තිබ්බ මගෙ කොණ්ඩෙ උස්සලා නලල තිබ්බෙ කැලලකට ඇගිල්ලක් තිබ්බා.
" මෙන්න මේක නිසා "
අයියෝ....මේ මනුස්සයා මොනා කියනවද මන්තා අප්පා....තේරෙන්න කියන්නෙත් නෑ ම්හුක් !! ඒ කැලල හින්දා කොහොමද මට එයාව අමතක වෙන්නේ.... මගෙ නලල උඩ හරියෙන් ඔලුව දිහාට කැලලක් තිබුණා..ඒක උනේ නම් මං දහය වසරට ආපු ගමන්ම වගේ උන පොඩි ඇක්සිඩන්ට් එකකින්....ඒත් ඒකෙයි මේකෙයි කිසි සම්බන්ධයක් නෑනේ....
" ඌප්ස්.... මාගේ දෑස මාහට මුලාවක් කරනවද "
ආරුල් අයියා දිහා බලන් හිටිය මම එකපාරට ඇහුණ වදුරු කටහඩට ගැස්සිලා බැල්කනි එකෙ දොර දිහා බැලුවා.... ඔය ඇවිත් ඉන්නෙ විනාසකාරී පාප මිතුරා.... මොකද දන් නැ අමුතු විදිහට හිනාවෙන්නෙ...
YOU ARE READING
_ ස්ට්‍රෝබෙරී 🍓 _ ( Taekook )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...