Clown

91 13 8
                                    

උදෑසන හිරු කිරණ පුන්චි ආපන ශාලාවේ ජැනෙල්වලින් රිංගලා ඇවිත් ලී පොළව මතට වැටුනා... පවුලක් විසින් කරගෙන ගිය පුන්චි කඩේ උදේ වරුවට පාරේ විවෘත වෙන පළමුම කඩෙයි... මැදි වියේ කාන්තාවක් තමාගේ පිටුපස කුස්සිය දිහා ඉදන් ඉන්න පුද්ගලයෙක් සමග උසුලුවෙන් කතා කරමින් ගියේ කඩේ දොර අරින්න... දොරේ අගුලු ඇරපු ඇය උදෑසන සීතල හුළග විදිමින් දොර ඇරියේ දොර මත එල්ලා තිබුනු සීනූ එකිනෙකට ගැටී නාද වෙද්දී... නමුත් සීනුවල ශබ්දය පරදවමින් ඊගාව මොහොතේ දී කඩේ තුළ හිටිය අනෙක් පුද්ගලයාට ඇහුනේ ටිකකට පෙර දොර විවෘත කරන්න ගිය කාන්තාවගේ කෑගැසීමකුයි...

වේගයෙන් ඇය වෙත දිව ගිය ඔහු දැක්කේ කැලබිලා හිටි කාන්තාව දොර ගාවම බිම ඉදන් ඉන්නා ආකාරයයි... ඇගේ ඇස් වල බය පමනක්ම තිබුනු අතර දහඩියෙන් ඒ වෙනකොටත් ඇයව තෙත් වෙලා...

"ඇනීටා... ඇනීටා මොක- ආ!!!"

කාන්තාවගේ මට්ටමට පාත් වුනු පුද්ගලයා ඇය බලන් ඉන්නා දෙස බලනවාත් සමගම ඔහුගේත් කකුල් පණ නැති වුනේ ඔවුන් ඉදිරියේ තියෙන දේ දැකලයි... ඉක්මනින් තමන්ගේ කලුසන් සාක්කුවෙන් දුරකතනය ගත් ඔහු තමන්ගේ වෙව්ලන දෑතින් දුරකතන ඇමතුමක් ගත්තේ පොලිස් ස්තානයට...

______________

"හ්හ්" සුදු රෙදි කඩ ඔසවලා බලපු ජන්කුක් ඇගිලි දෙහෙකින් තමන්ගේ නහය වහන් පොඩ්ඩැක් ඇස් අහකට ගත්තේ තමන් දැක්ක දේට ජන්කුක්ගේ ඇගම සීතල වෙලා යද්දී...

"මෙතන ලේ හුගක් තියනවා නේ..." සේහීගේ දෙසට හැරෙමින් ජන්කුක් කිව්වේ සේහිට තමාගේ රාජකාරිය නිසාම මල සිරුර පරීක්ශා කරන්න වෙද්දී...

ජන්කුක් එක්කම ආයෙ වතාවක් මල සිරුර ගාවට ගිය සේහි බැලුවේ ඈත ඉතන් අතින් කටත් වහන් බලාගෙන ඉන්න තේයොන් දිහා...

ඔසවපු රෙද්ද යට තිබුනු සිරුරේ මුහුන විතරක් දැක්ක සේහි තද කැස්සක් එක්ක ආයෙම එතනින් නැහිට දිව ගියේ පොලිස් ජීප් එකක් පිටුපසටයි...

ඇය දිව යන දෙස බලන් හිටපු ජන්කුක් ආයෙම මල සිරුර දෙස බැලුවා... මුහුන පුරාම තිබුනු ගැබුරු තුවාල නිසා ඔහුගේ මුහුන විරූපී වී තිබුනා... මුලින්ම ඔහුගේ පවුලේ අයෙකුටවත් අදුරගන්න බැරි තරමට අමානුශිකව ඔහුගේ මුහුන විරූපි කර තිබ්බා... ඒත් ටික වෙලාවක් ඒ දෙස බලන් උන්නේ ජන්කුක් දැක්කේ කැපුනු පහර රේකාවක් විදියට ගිහින් තිබුනු අයුරුයි...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

PreyWhere stories live. Discover now