Evidences?

63 15 9
                                    

"ජන්කුකා!!" පහුවදා උදේ තමන්ගේ ඔෆිස් එක ඇතුලට ගිය ජන්කුක්ට හම්බුනේ තමන් වෙත දිව එන තේයොන්වයි... සාක්ශි පෙට්ටියකුත් ඩෑශ්කැම් එකකුත් අතැතිව හිටි තේයෝන් දිහා ටික වෙලාවම් බලන් උන්නූ ජන්කුක් තේයෝන්ගෙයි ඇහුවා ...

සාක්ශි කාමරය ඇතුලට ගිය තේයෝන් පිටුපසින් ගිය ජන්කුක් තේයෝන්ට එහා පැත්තෙන් වාඩි වුනා...

"මේක මට ඊයේ රෑ බිම තිබිලා හම්බුනේ ජන්කුක්..." තේයෝන් පුදුමයෙන් කිව්වා...

"කොහෙ බිම?" ජන්කුක් ඇහුවේ ඇහිබමක් ඔසවමිනුයු...

Flashback

ජන්කුක් ටවත් අන්‍ර්ක් පොලිස්නිලදාරින්ටවත් මේ වුනු මරනය පිලිබද ලොකු පටලැවිල්ලක් තිබුනු නිසත්... හෝඩුවාවාක් හරිහමන් විදියට නොලැබුනු එකත් නිසා මිසි කාන්ග්ගේ මරනින් පසු තේයෝන් ගියේ ඇගේ දියනියගේ මරනය සිදු වුනු ස්තානයටයි... ටෝච් එකකුත් අරන් ගිය තේයෝන් ජන්කුක් කිව්ව විදියට මිනිය හම්බුන තැන ඉදන් මරනය වුනු තැනට වටපිට බලන ගමන් යද්දී ඔහුගේ කකුලට ලාවට පෑගුනේ ඩෑශ් කැම් එකක්...

පාත්වෙලා කැම් එක අහුල ගත්තු තේයෝන් ඒකෙ සෝදිසිකරලා බලද්දි ඔහුට තේරුනේ ඒක වාහනේකින් වැටිච්ච එකක් බවයි...

කැම් එක දිහා බලන් හිටිය තේයෝන් තමන්ගෙ හිසඔසවනවත් සමගම ඔහු දැක්කේ ලොකු කලු රේන්කෝට් එකක් දාගත්තු කෙනෙක් ඈතින් තිබුන ශෙඩ් එහකට මුවාවෙලා බලන් ඉදලා තේයෝන් තමන්ව දැක්ක ගමන්ම ඔහු දිව්ව විදිහයි...  කැම් එකයි ටෝච් එකයි සාක්කුවේ දාගත්තු තේයෝන් ඉක්මනටම එතනින් දිව්වේ ඔහුව අල්ලගන්න වුනත් අඩ අදුරේ එම පුද්ගලයාව හොයාගන්න එක තේයෝන්ට ලේසි වුනේ නැ...

ඒ නිසාම ඔහු පසුපස යන එක නතරකරපු තේයෝන් ඉක්මනට ආවෙ ඔහුගේ නිවසටයි...

Present

"තේයෝන් කියන්නේ ඒ කෙනත් මේ ඩෑශ්කැම් එක ගන්න ආවා කියලද?.." තේයෝන්ගේ කතාව අහන් හිටිය ජන්කුක් කිව්වේ කල්පනාකාරීවයි...
"ඔව්... සමහරවිට ඌ දැනගන්න ඇති මෙතන මේ ඩෑශ්කැම් එක තියෙන වගක්..."
"හ්ම්ම් අපි ඕක ප්ලේ කරමු.."

තේයෝන්ගෙ අතින් ඩෑශ්කැම් එක ගත්තු ජන්කුක් ඒක කම්පියුටර් එකට සම්බන්ද කරලා ඒකෙ මරනය වුනු දිනයේදි තිබ්බ ෆූටේජ් එකිනෙක බලන්න ගත්තා....

PreyWhere stories live. Discover now