Found Dead

73 16 3
                                    




මේකත් කලින් කෙනාගෙම වැඩක්ද එතකොට?" තේයෝන් ඇහුවේ කලබලෙන් අපරාදය වුනු තැනට දුවගෙන යන ජන්කුක්ගෙන්...

"මට කෝල් කරපු කෙනා කිව්ව විදියට නම්...ඔව්"

මල සිරුර ගාවින් හිටගත්තු ජන්කුක් ටිකවෙලාවක් ඒ දිහා බලාගෙන හිටියා...ලේවිලක් මැද කැපුම් තුවාල ගොඩක් එක්ක මැරිලා හිටිය තරුනියව දැකපු තේයෝන් එවෙලෙම එතනින් ඉවතට දුවගෙන ගියේ ඔහුට ඔක්කාරෙට ආව නිසයි...

මිනිය තවත් හොදින් නිරීක්ශනය කරන්න පාත් වුනු ජන්කුක් පලනුවෙන්ම බැලුවේ හිස දිහයි...

'හ්ම්ම් කොන්ඩෙ ගලවලා තියනවා...මේකත් කරේ උබමනම්... මෙයාගෙ බඩෙත් තමුන් අන්කයක් ගහලා ඇතිනේ...'

ජන්කුක් එහෙම හිතන ගමන් ගැහැනු ලමයාගේ කමිසය පසෙකට කර නිරීක්ශනය කලත් ඔහු බලාපොරොත්තු වී සිටි අන්දමේ දෙයක් වී නොතිබීම ඔහුව පුදුම කරා...

"ඈයිශ්..."

ඇස් දෙක තදින් පියාගත් ජන්කුක් කීවේ එහෙම්ම බිමවාඩිවෙන ගමන්...

"සර් බොඩි එක ගෙනියන්නද?"

මදවෙලාවකින් තමන්ගෙන් එහෙම අහපු පුද්ගලයා දෙස බලන් සිටි ජන්කුක් හා කියන්න හිසවනමින් එතනින් නැගිට්ටා...

"ඇ-ඇයි ජන්කුක්?" තේයෝනුත් ඒ සමගම ජන්කුක්ගෙන් ඇවිත් විමසුවේ මවිතයෙන්...

"ඒ ඌ නෙවේ..." ජන්කුක් තේයෝන්ට කිව්වේ තේයෝනුත් පුදුමයෙන් ඇස් ලොකු කරගනිද්දී...

"මොකක්?!"

"ඔව්"

"එ-ඒත්-"

"අපි හෙට උදේ එමු" ජන්කුක් කිව්වේ තේයෝන්ව පසුකරගෙන යන ගමනුයි...

"ආ... හා හා"

🚗🚗🚗🚗🚗🚗

"තමුසේ මන් එක්ක සෙල්ලම් කරනවද?... නැත්තන් තමුන්ට අනුගාමිකයෝ ඉන්නවද?...හෙහ්... මන් තමුසෙව ඉවරයක් කරනවා සයිකෝ... ඉවරයක් කරනවා..." ජන්කුක් තමන්ටම කියාගත්තේ තමන්ට ඒ වෙනකොට ලැබිලා තිබුන මලසිරුරුවල පින්තුර එකිනෙක බලන ගමන්....

පීන්තූර හෑම එකක්ම හොදින් නිරීක්ශනය කෙරූ ජන්කුක්ට දෙයක් වැටහුනා....

PreyWhere stories live. Discover now