Chap.12

490 131 22
                                    

Moo-yon's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Moo-yon's pov-

ඕනිවටත් වඩා වෙලාවක් දැන් මට ඉතුරු වෙලා. මට පාලුයි ජන්කුක් නැතුව. එයාට මේ කාලේ වැඩ වැඩි නිසාලු එයා රෑ වෙලා ගෙදර එන්නෙත්. ඒත් මම කැමති නැ එයා රෑ වෙනවට. අනිත් එක ගෙදරම ඉද්දි මට තවත් පාලුයිනෙ. එයා එක්ක වැඩට යන්නත් නෑ. බස් හෝල්ට් එකට දුවන්නත් නෑ. එයා මට දෙන අවධානෙත් දැන් හරි අඩුයි.

සමහර දවස්වලට ජන්කුක් හීනෙන් එයාගෙ මැණික් ගැන කිකියා අඩන නිසා මම තවත් කැමති නැ. එයාට තාමත් බෑ මාව හරිහැටි පිලිගන්න. මට ඊරිසියයි. මට සැක හිතන්න ඕන්නෑ එයා ගැන. ඒත් මට බය හිතෙනවා. මට ජන්කුක්ව නැති උනොත්? මොකද කරන්නෙ මම එයාව මට නැති උනොත්?

මම එයාගෙන් අහන්නද??... මාව කසාද බදින්න කිව්වොත් එයාට තරහා යාවිද? ඉතින් අපි දෙන්නාට දෙන්නා දැනටමත් තේරුම් අරගෙනනෙ ඉන්නේ. මමනම් ජන්කුක්ව බදින්න එකෙන්ම කැමති. ජන්කුක් උනත් මට අකමැති නැතුවඇති.. නේද? එයාට එයාගෙ මැණික් මතක් උනත් එයා මාව අතෑරියෙ නෑනේ. අනික එයාගෙ මැණික්ට පවුලකුත් තියනවා. ඉතින් එයාට ආය මැණික් තියා දියමන්ති උනත් එයාව හම්බෙන්නෑනේ!.

රෙදි නවන එක පැත්තක දාපු මම ජන්කුක්ගෙ සෝදපු නැති ශර්ට් එකත් තුරුල් කරගෙන ඇදේ තිබුන රෙදි ගොඩ උඩටම වැටුනා.

එයා කන්න ඇතිද??

මම කෝල් කරන්නද? ඔයාට කරදරද දන්නෑනේ ඒත්...

මට පිස්සු හැදිලද කොහෙද? පිස්සුද මූයෝන්! එයා වැඩ!. කරදර කරන්නෙපා.

ඒත්..... මට පාලුයි.

ජන්කුක්ගෙ ශර්ට් එක නහයට තද කරගත්ත මම ඒකෙ සුවද නහයට ඇදගත්තා. එයා මෙතන හිටියානම් එහෙම අදම මාත් එක්ක බ්‍රේකප් වෙයි. පිස්සු කෙල්ලෙක් කියලා. ඒත් ඒ ශර්ට් එක සුවදයි. දැනෙන හැටිද මං දන්නෙත් නැ. ඒත් මාත් එක්ක වැඩට යන කාලෙට වඩා එයා ඇදපු ඇදුම් දැන් සුවදයි. ඒ එයාගෙ පර්ෆියුම් එකේ සුවදත් නෙවෙයි. එයාගෙම සුවද... මං දන්නවා මම මහ බොලද කතා කියන්නෙ කියලා. අනේ ඒත් ඒක සුවදයි.

Second Chance || JJK (Completed) Where stories live. Discover now