PROMISES -8(Last part)

567 70 36
                                    

08.

""""""ඒත් මල්ලී මම උබට තියෙන ආදරේ මම මගේ පොඩි එකාට තියෙන ආදරේ එක්ක සසදන්නවත් බෑ...."""""""

මගේ මුලු ඔලුව පුරාම රැව් දුන්නේ අයියගේ කටින් පිට උනු ඒ වචන ටික...

මගේ හිත දහස් වතාවක්,, 

"""""" යන්න දෙන්න එපා... අයියට යන්න දෙන්න එපා..."""

එහෙම කියලා කෑ ගැහුවත් මන් තාමත් ගෙදර දොර ලගට වෙලා හිටගෙන බලාගෙන ඉන්නවා....

""""""" ඇයී... ඇයී මන් තාමත් මෙතන....""""'

මගේ කකුල් දෙක පවා අයියගේ පිටිපස්සෙන් ගිහින් එයාව නවත්ත ගන්න කැමති උනත්... මගේ හිත ඒකට ඉඩ දුන්නේම නෑ.... මම ගේ ඉස්සරහම එහෙම්ම බිම වාඩි උනා....

"""""" මම හරිද... මේකේන් අයියටයී මටයී දෙන්නටම හොදක් වෙයිද...''"''"

"""""" ම... මට... මේවා මතකේ තියන් ජීවත් වෙන්න පුලුවන්ද දෙයියනේ... පොඩි කාලයක් නෙවෙයි අවුරුදු එකහාමාරක මතකයන් එක්ක...'""

ඇස් වලි වැටෙන හැම කදුල කදුල ගානේම මන් පිහිදාන්න ගත්තේ කොහොම හරි කරලා මන් මගෙ හිත හදා ගන්නවා කියලා මටම පොරොන්දූ වෙන ගමන්... 

ටික වෙලාවක් ගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නකොට මගේ ෆෝන් එක රින්ග් වෙන්න  ගත්තා...  පලවෙනි පාරම නැගිටලා ගිහින් ෆෝන් එක ආන්සර් කරන්න හිතුනත් මන් ඔහේ බලා ගත්තු අත බලාගෙන හිටියා... ඒත් දෙතුන් පාර රින්ග්ස් යන්න ගත්තම මන් ෆෝන් එක ආන්සර් කරා,,,,,

""""""" යොවාන් මල්ලී... මේ හෙට උදේ කීයටද ලෙක්චර් එක තියෙන්නේ...""

තේජන් ආයියා එහෙම අහනකොට මට ඉබේම ඉකියක් එක්ක ඇඩුනා....

""""""" එහ්හ් පැටියෝ.... අඩනවද...."""

එයා එහා පැත්තේ ඉදන් එහෙම ඇහුවත මට මුකුත් කියා ගන්න බැරි උනා....

"""""""" මේ කොහෙවත් යන්නේ නෑ හරිද.. ඔහොම ඉන්නවා මන් එන්නම්..."""""""

තේජාන් එහෙම කියකා කෝල් එක කට කරා... මන් පුටුවට වාඩී වෙලා බලාගෙන හිටියේ එයා මෙහෙට එනකන්... කොහොමහරි විනාඩී විස්සක් යන්න කලින් තේජාන් මෙහෙට ආවා....

"""""""" මල්ලී...""""""

තේජාන් ගෙදර ඇතුලට ආපු ගමන්ම මන් දුවලා ගිහින් එයාව බදා ගත්තා.. මන් තේජාන්ගේ උරේකට මගේ මූණත් තියාගෙන අඩන්න ගත්තා....

PROMISESWhere stories live. Discover now