A/n

694 158 70
                                    

A/n - මේක පුංචි කතාවක් ... කතාවක් නොවන කතාවක්. ඉස්සෙල්ලම කියන්නම් මේක මම ලියන්න හේතුව.

ටේකුකර් කෙනෙක්, නන්ගි කෙනෙක් මගේම ඉන්බොක්ස් එකේ ජිමින්ට බැන්නා. ගොඩාක් නරක විදියට.

ඒ වගේම ජීකුකර්ලා කීපදෙනෙකුත් මම දැක්කා ටේට බැන බැන වැලලෙන්න හදපු.

තවත් තැනක දැක්කා ආමිලාම ජිමින්ගෙ ජරා එඩිට් එකක් හේටර්ස්ලට පෙන්නගන්න හෙන මහන්සියක් ගන්න හැටි.
ඇය් බන් හේටර්ස්ලව අවුස්සලා, ඊටපස්සෙ උන් එක්ක බැනගන්න යන්නේ? ඔය ෆොටෝස් එඩිට් කරකර ලීක් කරන උන්ම තමා පස්සෙ නටන්නෙ අරූ අපෙ ඔප්පට මෙහෙම කිව්වා අහම කිව්වා ගගා.👍  ඒක ඔයහැටි ආතල් වැඩක්ද??

ඒ වගේම වට්පෑඩ් එකේ ජීකුක් වගේම ටේකුක් ඕතර්ස්ලාටත් ප්‍රශ්න ගොඩාක් ආවා.

මොන විකාරයක්ද ආමි මේක!? ශිප් කරන එක ඔයාගෙ කැමැත්ත. ඒක විශ්වාස කරන එකත් ඔයාගෙ කැමැත්ත. ඒත් එහෙම කියලා ඒ හත් දෙනාගෙන් එක්කෙනෙක්ට අපහාස කරන්න අය්තියක් කොහෙන්ද අපිට?

දැන් වැලලෙන්න හදන්නෙපා දූපත් මානසිකත්වෙ කියාගෙනනම්. මොකද පුංචි පුංචි හතේ අටේ ආමිලා කවුරුහරි එයාගෙ වැරැද්දක් පෙන්නුවගමන් කියවන්නෙ දූපත් මානසිකත්වයක් ගැනනේ👌 හරි හරි මේක දූපතක් නෙවෙයි.උබලා අපි ඔක්කොම ඉන්නෙ දූපතක නෙවෙයි. ඒකය් ලොකු ලොකු මානසිකත්ව ඔලුවට ගහන්නේ.👍🙂....

මම GxB කතා ලියන කෙනෙක් තමය්. මම ශිප් කරන්නෙත් නෑ, ලියන්නෙත් නෑ. ඒත් මම කියවනවා. BxB උනත් කතාව ලස්සනනම් මම කියවනවා. ශිප් එක මට අදාළ නෑ. හැබැය් ඉතින් කතාව පැත්තක තියෙද්දි ඒ හත් දෙනා පෝර්න් ඇක්ටර්ස්ලා කරන්න හදන කතා ගැන නෙවෙයි මම කියන්නේ. smut එක්කම උනත් වෙනස්ම ලස්සන කතා ලියපු ඕතර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් මගේ මානසිකත්වෙ ගැන වැලලෙන්න හදන්නෙපා.මොකද මම දන්නවා 'රසික ප්‍රබන්ධයක්' කියන වචනෙ තේරුම.

මට අදාළ නෑ කවුරු කාව ශිප් කලත්. මොකද ඒ ඒ කෙනාගෙ කැමැත්ත. ඉස්සෙල්ලා මාව අදුනගන්නය් කිව්වෙ. මොකද මට හිතුනා මේක දැකලා සමහරු ටිපර් වෙය්ද දන්නෑ කියලා.🙂

.
.
.

පුලුවන්නම් හතටම ගරු කරන්න. මම දන්නවා බහුතරය හතටම ආදරෙය් කියලා. ඒත් ඒ අතර සුලුතරයක් ඉන්නවා ඕනවට වඩා ඇබ්බැහි උන හා ඒ සමානවම අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන. අනිත් එක ඔයා කැමති මොකට උනත් මේ සමාජෙට හැඩ ගැහෙන්න පුරුදු වෙන්න. සමාජේ හැමෝම එකවගේ හිතන මිනිස්සු නෙවෙයි ඉන්නෙ. ඉතින් ඇය් ආමිලාටම තව ආමි කෙනෙක්ගෙ අදහසකට ගරු කරන්න බැරි????

එතකොට බෝලස්.... 👇🙂
මේක කියවන්නෙ ලංකාවෙ අයම විතරය්නේ. මේක ලියලා තියෙන්නෙ සිංහලෙන්නෙ... නේද??. එතකොට කොහොමත් ඉතින් සිංහල දන්න මිනිස්සුනෙ කියවන්නේ. ඉතින් තැන තැන මට බැන බැන යන්න ලෑස්ති නොවී හිතෙන ඕනම දෙයක් ඔය යටින් තියන මෙසේජ් බෝඩ් එකේ කියලා යන්න පුලුවන්. ගෲප් අස්සෙය් ඉන්බොක්ස් අස්සෙය් බැන්නා කියලා මම දැනගන්නෙ නෑනේ නේද? ඔතනම බනිනවනම් බනින්න.

සලන්හේ...😘😘😘

අඩුපාඩු කියන්න, වැරදි වගේම මගේ අදහස් දැක්වීමේ වැරැද්දක් තියනවනම් මට කියන්න. මම ඔයාලව කන්න එන්නෙ නෑ 😘

VMINKOOK || Short Story [COMPLETED]Where stories live. Discover now