Teahyung's pov-

767 169 11
                                    

එදා සිදුවීමෙන් පස්සෙ අදට සතියක්. හැමදේම වෙනස් වෙලා කියලා දැනුනා. අද වෙනතුරුත් මට අත්වාරුවල උදව්ව නැතුව ඇවිදින්න ටිකක් අමාරුය්. මොකද මගේ කකුලේ විලුඹ හරියෙන් තැල්මක් තිබ්බ නිසා.

ඉන්පස්සෙම කුකීවත්, ජිමින්වත් මගෙත් එක්ක වැඩිය කතාකරන්න ආවෙ නෑ.

අපි කවදාවත් බලාපොරොත්තු නොවුන විදියට අපේම ආමිලා අපිට සාප කරන්න අරගෙන. අපි දැනගෙන හිටියේ එයාලා අපිව ශිප් කරන බව. එයාලා ඒ දේවල් වලට ෆොටෝ එඩිට්ස් වගේම ලස්සන ලස්සන කතා පවා ලිව්වා. සමහර දේවල් ලැජ්ජාවක් තියාගෙන කියවන්න අමාරු උනත්... ඒ කතා ගොඩාක් ලස්සන දේවල් උනා. අපි එයාලාට එපා කිව්වෙ නෑ. මොකද ඒක එයාලගෙ අදහසක්. නිකම්ම ප්‍රබන්ධයක්. ඒ කතාවල කොහොම උනත් ඇත්ත ජීවිතේදි එයාලා අපි හත්දෙනාටම පන ඇරලා ආදරෙය්. ඉතින් ඇය් අපි එයාලාගෙ සතුට, නිදහස වෙනුවෙන් මවන පුංචි ෆික්ශනල් ලෝකය විනාශ කරන්නේ?.

ඒත් මේ දේ මම කවදාවත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි. ජිමින්ට වගේම මටත් ගොඩාක් අය බැනලා තිබ්බා. හේතුවක් නොදන්නවා උනත් මම දන්නවා ටේකුක්, ජීකුක් විතරක්ම නෙවෙයි. තව ගොඩාක් ශිප්ස් තියනවා ආමිලාම නිර්මාණය කරපු. නම්ජින්, වීමින්, ජින්කුක්, ටේජින්, වීමින්කුක්, මින්සොක්, ... එකී නොකී තව ගොඩාක්... අපි හත්දෙනාගෙම එකතුවෙන් ගොඩාක් ශිප්ස් තියනවා.

ඉතින් ඇය්...? සමාජ මාධ්‍ය හරහා එක පාරම ලොකු දෙයක් උනා. ජීකුක් ශිපර්ස්ලා මට සාප කරන්න ගත්තා. එතකොට ටේකුක් අය,... මාව සාධාරණීකරණය කරන ගමන් එයාලා ජිමින්ට සාප කරන්න ගත්තා.

ජන්කුක් කියන්නෙ අපි දෙන්නගෙම මල්ලි නෙවෙයිද? මට හැමදාම තිබුනා ලොකු ප්‍රශ්නයක්. මගෙ මල්ලිගෙ ඇගට යට වෙලා ඉන්නවා ආමිලාට මැවෙන්න තරම් ආමිලා ඉස්සරහා මම දුර්වලයෙක්ද කියන එක. ඒත් පස්සෙ පස්සෙ මම ඒක තේරුම් ගත්තා. ඒ එයාලගෙ කැමැත්ත. ඒත් මගේ මහන්තත්ත කමත් එක්ක ඒක පිලිගන්න මගෙ හිතට ලේසි උන්නෑ. ඒ නිසාම මම ජිම් ගියා. මගෙ හුරතල් බව ටිකෙන් ටික අඩු කලා.

.
.
.

ඒත් අද හැමදේකදිම මගෙ ලගම උන්නු කුකීවත්, ජිමිනිවත් කෙලින් මගෙ මූණ බලන්නෙත් නෑ. එයාලා මාව මගහරිනවා. මම දන්නවා එයාලා එහෙම කරන්නේ එයාලටම වැරැද්ද පටවගන්න නිසා කියලා. ඒත්.....

මට පාලුය් ඒ දෙන්නා නැතුව.

ආමිලා කියනවා වගේම ඒ අතරින් කෙනෙක් ඇත්තටම මගෙන් ඒ වගේ ආදරයක් බලාපොරොත්තු වෙනවනම්... කමක් නෑ. නොදන්න මනුස්සයෙක්ට වඩා මම කැමති මගේම සහොදරයෙක් එක්ක ජීවිතේ බෙදාගන්න. මොකද මෙතනට එන්න ගත්ත අසීමාන්තික කැපවීම අදටත් දන්නෙ අපි හත්දෙනාම විතරයි. අපිව තේරුම් ගත්තෙත් අපිම විතරයි. මේ තරම් කල් බෙදාගත්ත ජීවිතේ ආදරවන්තයෙක් විදියට බෙදාගමු කියලා මගේ සහෝදරයෙක් ඉල්ලනවනම්..

කමක් නෑ. මොකද පිරිමියෙක් පිරිමියෙක්ටම ආදරේ කරන එක පිළිකුල් කරන්න ඕනි දෙයක් නෙවෙයි.

මට ඒ දෙන්නා නැතුව ගොඩාක් පාලුය්.

වෙනදා වගේ අසනීප මන් ලගින් ඉන්න ඒ දෙන්නා නැති එකට මට ගොඩක් දුකය්....

වෙලාවකට මට ආමිලා දාන සමහර පෝස්ට් වලට බැනලා බැනලා දාන්න හිතෙනවා. ඒත් එහෙම කරන්න බෑ. මොකද මොන දේ උනත් මම ආමිලාට ආදරේ නිසා.

VMINKOOK || Short Story [COMPLETED]Where stories live. Discover now