Jimin's pov-

625 167 11
                                    

"තමුසෙව මම මරනවා ජිමින්. මම අනිවාර්යයෙන්ම එයාව මරලා දානවා. එයා සහෝදරයෙක් කියන්නවත් වටින කෙනෙක් නෙවෙයි."

ෆේක් අකවුන්ට් එකකින් ආමිලාගෙ අදහස් කියවපු මම මරණ තර්ජනයක් දැක්කෙ අද දවසට විතරක් තුන්වෙනි පාරට. එයාලා මට ඒ තරම්ම වෛර කරනවද?

සමහරු මට බැනලා තිබුනා. ඇත්ත... මම ඒ වෙලාවෙ ජන්කුක්ට වතුර ගහන්න උත්සාහ නොකලානම් ටේට කීයටවත්ම තුවාල වෙන්නෑ. එහෙමනම් මේ තරම් ආමිලාම මාව ප්‍රතික්ශේප කරන එකකුත් නෑ. හැමදේම කලේ මම...

තැනින් තැන මට බනින අය අතරම ජීකුක් නමින් හැදුනු ජන්කුක්ගෙත් මගෙත් රසිකයෝ පිරිසක් ගොඩාක් නපුරු විදියට ටේට බැනලා තිබුනා. ටේ කුකීව මගෙන් උදුරගත්තාලු...!

එයාට එහෙම බනින්න එයා කිසිම වැරැද්දක් කලේ නෑනේ. අපි කවුරුත්ම නෑ.

හැමදාම මම හිතහදාගත්තේ ආමිලා ලග. මගේ ජීවිතේ මම වැඩිපුරම ගරු කලෙ ආමිලාට. මොකද මම අද මෙතන ඉන්න සම්පූර්ණ හේතුව එයාලා නිසා. ඒත් අද මට මාවම අවතක්සේරු වෙන්න, මට මාවම අතාරින්න ආමිලාම හේතු වෙලා.

ඒකත් ඇත්ත... මමය් ඒ දෙන්නා අතරට පනින්න ඇත්තේ...

මොකද ඉස්සරනම් කුකී ඒ තරම්ම මට කැමති උනේ නෑ. මුල් කාලේ එයා ගොඩාක්ම ලන් උනේ ටේටේට. ඉතින් ටේත් මමත් එකම වයසෙ උන එකටත්, ටේ එයාට වඩා මාත් එක්ක ඉන්නවටවත් කුකී කැමති උනේ නෑ. ඒක එයාගෙ වැරැද්ද නෙවෙයි. එයා පුංචිය්. එයාට ඕනි උනේ ආදරේ විතරය්. එයා ලැබෙන ආදරේට ගොඩාක් ආත්මාර්ථකාමී උනා. ඒ තමය් අපේ හා පැටියගෙ හැටි. කාලයත් එක්ක එයා මටත් ආදරේ කරන්න ගත්තා. ඒක එහෙම නොවී කුකී මාව දිගටම ප්‍රතික්ශේප කලානම් අද මේ වගේ දෙයක් නොවී තියේවිද??

මට ගොඩක් දුකය්. මට මේ හැමදේම අතාරින්න ඕනි. මේක මගේ හීනෙ උනත්, මට දැන් ගොඩාක් මහන්සිය්.

අඩුම තරමින් ටේගෙ මූණ බලන්නවත් මට බෑ. මට ලොකු වරදකාරි හැගීමක් දැනෙන්නෙ එයා අමාරුවෙන් ඇවිදින හැටි දකිද්දි. අපි තුන්දෙනා අතර තිබුනු බැදීම අද නෑ කියලා හිතෙනවා. ටේ හැමවෙලේම එයාගෙ රූම් එකේ... කුකී දගලන්නෑ. එයා ජින් හියෝන් එක්කවත් හුරතල් වෙන්නෑ.

මට පුලුවන්ද මේ හැමදේම හරිගස්සන්න. ආයෙමත් පරණ විදියට කුකීටය් මටය් ටේටය් සෙල්ලම් කරන්න. දගලන්න. එතකොට යුන්ගි හියෝන්ව කේන්ති ගස්සලා ගේ පුරාම දුවන්න. ජින් හියෝන්ගෙ කෑම හොරකන් කරන්න.... හෝසොක් හියෝන්ව එක එක සත්තු පෙන්නලා බය කරන්න...

තව නම්ජූන් හියෝන් ගැන ජින් හියෝන්ට කේලම් කියන්නත් ඕනි මට.

ආයෙමත් බැරි වෙය්ද???

ආමිලාට බැරිද අපි හත්දෙනාම එක්කෙනෙක් විදියට දකින්න. අපි හතක් මිසක් හයක් නෙවෙයි. ඉතින් එයාලා ආදරේ කරන්නේ ගායකයෝ හත්දෙනෙක්ට මිසක් ආදරවන්තයො දෙන්නෙක්ට නෙවෙයිනේ.

ආමීලා කියන හිත රිදෙන කතා නොදන්න ගානින් ඔෆීශියල් ඇක් එකෙන් මම එයාලට රිපලය් කලා. එයාලා මට බනින ඒවා, ටේට රිද්දන ඒවා නොදන්න ගානට මම එයාලා ඉස්සරහා හැසිරුනා.

ඒත් අපි හැමෝම ආමිලා අතරම ඉන්නවා. බොරු අකවුන්ට්ස් වලින්. අපි ආසය් මිනිස්සු අපි ගැන කියන දේවල් දැනගන්න. ඉතින් අපි අනන්‍යතාවය හංගගෙන එයාලා එක්කම හිටියා.

ඒත් දැන්නම් මට හිතෙනවා ඒ අපි ගත්ත මෝඩම තීරණයක් කියලා.

මොකද ආමිලා ඉස්සරහා මම රගපානවා. මුකුත් නොදන්න එයාලගෙ ඒන්ජල් ජිමින් වෙලා. හැබැය් ඇතුළින් මට දැන් මාව අතාරින්න ඕනි... ආමිලාට අතාරින්න එපා කොහොමහරි දරාගන්න,ශක්තිමත් වෙන්න කියන මම දැන්නම් ඇත්තටම දුර්වලයෙක් වෙලා.

VMINKOOK || Short Story [COMPLETED]Where stories live. Discover now