2

442 98 2
                                    

මගේ ජීවිතේ අදුරුම දවස

මගේ අප්පා මාව දාලා යද්දි මට වයස අවුරුදු නමයක් වෙන්න ඇති.

කෙනෙක් ඇහුවොත් ඇයි මට ඒ දවස අදුරුම දවස කියලා කෙනෙක් කියයි තමන් ආදරේම කරන කෙනෙක් දාලා ගිය නිසා කියලා.

නෑ මටනම් එහෙම නෙමෙයි.මොකද මගේ අප්පා මාට ඕනේ ආදරේ ඒ ටික කාලෙදි මට දුන්නා.

පොරොන්දු......,

ජීවිතේ ගෙනියන්න තියන එක පුරුකක්

මම මගේ අප්පට දුන්න පොරොන්දුව රකින්න බැරිවෙයි කියලා බයෙන් ඉන්න කෙනෙක්නම්

ඔම්මව හොදට බලාගන්න

මම ඒක තාම රකිනවා.

එදා අප්පා මාව දාලා යනවා කියලා දැනගෙන ඉදලා කියලා මට හිතෙනවනම් ඒක වැරදීද?

මමනම් හිතන්නෑ.එයා යන්නම ගිය දවසේ මට කිව්ව දේවල් මට තාම ඒ විදිහටම මතකනම් ඒ තමා ලෝකේ ඉන්න හොදම අප්පා කියලා හිතන්න තවත් උදාහරන ඕනේ නෑ

කෙනෙක් හිතයි ඇයි මම අප්පගේ අවසන් කටයුතු දවස්වල ඇඩුවේ නැත්තේ කියලා. 

කෙනෙක් කියයි පොඩි නිසා ඒ ගැන තේරෙන්නේ නෑ කියලා

එතනත් වැරදි නිගමනයක් නේද?

ඒක මගේ අප්පා මගෙන් අරගත්තු පොරොන්දුවක්නම්

ඔයාගේ පුතා ඒක ආරක්ෂා කලා අප්පා

 


                                              Jeon H

Wrong conclusions And Red Rose(Tk)❤️ CompletedWhere stories live. Discover now