~ පසුවදන ~

218 48 12
                                    


සීහසේන රජුගේ ඇවෑමෙන් පසුව මහීසේනා කුමරිය , මහීසේනා රැජිණිය ලෙසින් කිරුළු පැළඳූ අතර, ධීම රජුගේ ඇවෑමෙන් පසු යුවිධායු කුමරු භාරතයේ යුවිධායු රජු ලෙසින් අභිෂේක ලැබුවේය.

ඉතිහාසයේ විදේශ සබඳතා ඇති කර ගැනීමේ අරමුණින් රාජකීය විවාහ සිදුවීම අරුමයක් නොවීය. නමුදු මහීසේනා කුමරියගේත්, යුවිධායු කුමරුගේත් විවාහය ඉන් වෙනස් වූයේ එහි පදනම වූයේ පිවිතුරු ආදරය නිසාවෙනි.

අබිසෙස් ලැබීමෙන් අනතුරුව මහීසේනා රැජිණියත්, යුවිධායු රජුත් වෙන වෙනම රාජ්‍ය පාලනයේ යෙදුණු අතර, භාරතයත් , හෙළ දේශයත් අතර රාජකීය දූතගමන් යනාදිය සුලබ දෙයක් බවට පත්වූයේ ඔවුන් දෙදෙනාගේ නොසන්සිදෙන බැඳීම නිසාවෙන්මය. පාලන කටයුතු වලින් විවේක ලද සැනින් මහීසේනා රැජිණිය භාරතයටත්, යුවිධායු රජු හෙළ දේශයටත් ලෙස වරින් වර ගමන් කිරීම නිසා ඔවුන්ගේ බැඳීමට බාධාවක් කළ හැකිවූ කිසිවක් නොවීය.

සමුදුරින් වෙන් කළද මහීසේනා රැජිණියගේත් යුවිධායු රජුගේත් නොසන්සිදුනා වූ ඒ ආදරයේ කතාව සියල්ලන්ගේම ආදරයට බඳුන් වූයේ එකිනෙකට ගව් ගණනක් දුරින් තිබුණද ඒ හදවත් දෙකෙහි වූ එකම රිද්මය නිසාවෙනි.



මහීසේනා කතා පුවත එලෙස නිමාව දකිනු ඇති...

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now