12 ❥︎ 𝑻𝒉𝒊𝒔 𝒊𝒔 𝑶𝒖𝒓 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎

829 119 47
                                    

Our Kingdom

Episode 12 (Last Epi.)

Jimin Veiw

"Bang...! Bang...!"
මට Gun එකක සද්දයක් ඇහුනත් ඒක ඇහුනෙ වෙන දිහාවකින් ඒ වගේම මට කිසිම වේදනාවක් දැනුනෙ නැහැ. ඇස් ඇරල බලද්දි මගේ ඉස්සරහ මීට ටික වෙලාවකට කලින් හිටපු Cat ලේ විලක් මැද වැටිල හිටියෙ හදවතටම එල්ල වුන Bullet දෙකක් එක්ක. ඒත් එක්කම මාව අල්ලන් හිටපු දෙන්නයි අනෙක් අයයි එක දිහාවක් බලාගෙන රාජකීයයෙක්ට ආචාර කරන විදිහට ආචාර කරන්න පටන් ගත්තා.

ඒ වෙද්දිත් කලන්තෙ දාල හිටපු Y/Nව බැඳල තිබ්බ කඹ මම එයා ලඟට ගිය ගමන් ලෙහල දැම්මෙ එයාගෙ නම කියන ගමන්.

"Y/N... Y/N..."
ඒත් එයා ඇහැරුනේ නැහැ... අන්තිමේ මගෙ ඔඩොක්කුවෙන් එයාගෙ ඔලුව අරගෙන ආයෙ එයාව කනුවට හේත්තු කළේ මගේ ඉස්සරහට ආපු කෙනා නිසා.

"Jimin මගේ දරුවෝ..."
මොනවා අප්පා...? එයාද Catව මැරුවේ? ඒත් ඇයි? මම එයා දිහා බැලුවෙ හිටපු තැනින් හිටගන්න ගමන්.

"ඔයා කොහොමද Catව මැරුවේ? එයාට දරුවෙක් ලැබෙන්න හිටියා නේද? ඒ ඔයාගෙන් නේද?"
මම පුදුමෙන් ඇහුවා.

"එයා මගේ පුතාව මරනකම් මට බලන් ඉන්න බැරි වුණ නිසා. Jimin... මේ දේවල් වලට මමත් වගකියන්න ඕන. ඔයාගෙ ඔම්මා නැතිවුන එකට මමත් වගකියන්න ඕන මට සමාවෙන්න මගේ පුතේ. මට තවත් පව්කාර රජෙක් විදිහට ජීවත් වෙන්න ඕන නැහැ. අහගන්නවලා හැමෝම අද ඉඳන් මේ මගේ පුතා වන Park Ji Min තමයි ඔයාලගෙ රජතුමා. මට සමාවදෙන්න මගෙ පුතේ"

එයා එයාගෙ Crown එක මගේ ඔලුවෙන් තියනවත් එක්කම මට වචන නැති වුණා. ඒත් එයා මොකක්ද කරන්න යන්නෙ? ටිකෙන් ටික මගෙන් ඈත් වුන එයා තමන්ගෙ හදවතට gun එක තියාගත්තා.

"Bang....!"
එයාගෙ හදවතින් ලේ ගලාගෙන යද්දි එයා ඒ ලේ මැද බිම වැටෙන්න ගියත් මම ඉක්මනට එයාව අල්ලගත්තා.

"මොනාද..? මේ කරගත්තේ...?"
මන් හිතන්නෙ මගේ ඇස් බොඳ වෙලා මොනව වුනත් මේ මගේ අප්පා. බිම වාඩි වුන මන් අප්පගෙ ඔලුව මගේ උකුලෙන් තියාගත්තෙ ඇස් වලින් ඔහේ කදුළු ගලාගෙන යද්දිමයි.

"මගේ...පුතේ... මම.. ඔයාට... ගොඩක්...ආදරෙයි... එක.. පාරක්..අප්පා.. කියන්න... චෙබල්..."
අප්පා පන අදින ගමන් මුමුනන්න පටන් ගත්තෙ මගේ ඇස් මටත් අවනත නොවන වෙලාවක.

𝗢𝘂𝗿 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now