O2 ❥︎ 𝑰𝒕'𝒔 𝒏𝒐𝒕 𝒂 𝒅𝒓𝒆𝒂𝒎...!

703 130 38
                                    

Our Kingdom

Episode 02

Jimin Veiw

සීතලම සීතල සුළඟක් මගේ කාමරේට හමාගෙන ආවෙ මගේ මුළු ශරීරයම සිසිල් කරමින්. අද වගේ ලොකු වැස්සක් වැස්සා මගේ ඔම්මා, මගේ ලෝකෙම මට නැතිවුන දවසෙ. හුලඟ වැඩි කරපු නිසා මන් කාමරේ ජනෙලෙ වැහුවෙ දින පොත ලියන එක පැත්තක දාල. ඊයෙ සිද්ධ වුන දේ මමවත් හියුන්වත් රජතුමාට කිව්වෙ නැහැ. නැත්නම් අපේ රස්සාවත් ගහල යාවි.

"ම්ම්ම්හ්...."

කවුරු හරි කෙඳිරි ගාන හඩක් මට ලාවට ඇහුන මගේ ඇඳ පැත්තෙන් මන් ජනේලෙ වහල ඒ පැත්තට හැරුනෙ කවුද බලන්න... කාටද ප්‍රධාන රාජකීය ආරක්ෂකයගෙ කුටියට රහසේම එන්න පුලුවන්...! ඇඳ ලගටම ගිහින් මන් ඇඳේ තිබ්බ blanket එක උස්සල බැලුව.

ම්වේයෝ.... මේක වෙන්න පුලුවන්ද කුමරිය එයා ආයෙත් මෙහෙට ඇවිල්ල.... ඒ මදිවට මගේ ඇඳ උඩට....! දැන් මොකක්ද කරන්නෙ... මෙයාට බෑ මෙහේ ඉන්න...

"Y/N... Y/N..."
මන් කතා කලාට කිසිම ප්‍රතිචාරයක් නෑ... මේක හරියන වැඩක් නෙවේ...!

-යාආආආආආආආ......!!!"
මන් පුලුවන් උපරිම සද්ධෙන් කෑ ගැහුවෙ එයාගෙ තද නින්දෙන් ඇහැරවන්න.. හිතුවත් වගේම එයා ඇහැරැනේ මගේ උච්චම ස්වරයෙන් ඒත් බාගෙට....!

"අනේ ඔම්මා.... අද School නිවාඩුනෙ අනේ තව ටිකක් නිදාගන්න දෙන්න චේබල්..."
කියපු මේ මනුස්සයා මෙන්න අනිත් පැත්ත හැරිල නිදි ආයෙ....!

"යාආආආආආ Y/N මේක මගේ ඇඳ....! දැන්මම යන්නයි කිව්වෙ ආපු දිහාවකට....!"

"මොකක් මේක- මොකක්.. වට් ද....!? ඔයා කොහෙද මෙහේ...!?"
ඒ පාරනම් Y/N හරියටම ඇහැරැනේ ඇස් දෙක නලලෙ තියාගෙන.

"ඒක මමයි අහන්න ඕන ඔයා මොකක්ද මෙහේ කරන්නෙ දැන්මම යන්න...!"

මන් එහෙම කියපු පරක්කුවටම Y/N ඇඳෙන් බිමට පැනල කාමරේ දොර ලඟට ගියා... ඒත් එයා එහෙම්මම නැවතිලා ආයෙ මගේ පැත්තට හැරුනෙ පොඩි ලමයෙක් වගේ මූන දෙක කරගෙන.. ම්හ් ඒ පාර මොනා වෙලාද..?

"මන් කොහේ කියලා යන්නද Jimin..."

"ආපු දිහාවකට යන එකයි ඇත්තේ...!"

මන් කිසිම දෙයක් නොහිතා වෙන දිහාවක් බලාගෙන ඒම කිව්වාම එයා දොරත් ඇරගෙන එලියට යන සද්දෙ මට ඇහුන. ඇති යාන්තම් කියල හිතල සැනසුම් සුසුමක් පිට කරන්න හැදුවා විතරයි දෙයියනේ ඇත්තටම එයා කොහේ යන්නද...?

𝗢𝘂𝗿 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now