O4 ❥︎ 𝑪𝒂𝒏'𝒕 𝑰 𝒈𝒐 𝒃𝒂𝒄𝒌 𝒕𝒐 𝒕𝒉𝒆 𝑾𝒐𝒍𝒇 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎?

538 107 26
                                    

Our Kingdom

Episode 04

Wei Ying Veiw

මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙයි කියල මගේ හිත කියන නිසාම මම Jiminටත් හොරෙන් පරිවර්තනය නොවී ඉන්න පුලුවන් බෙහෙත එයාට දුන්නෙ එයා මනුශ්‍ය ලෝකෙට යන්න කලින් වතුර එක්ක කලවම් කරල. ඒත් එක්කම මමත් ඒක බිව්වා. කෙසේ වෙතත් අද කුමරිය මෙහාට එන එක Jiminට නවත්තන්න බැරි වුනොත් එයාටත් මෙහෙට එන්න පුලුවන් වෙන්න මන් ඔක්කොම සැලසුම් කරල තිබුනෙ.

ඒත් එක්කම මගේ මාලෙ තිබුන මතුරපු වෘක හදවත් පෙන්ඩන්ට් එක දිලිසෙන්න ගත්තෙ Jimin වගේම කුමරියත් මේ ලෝකෙට ඇවිත් කියල මට දන්වන්නයි. මම අද දවසට රජතුමාට බොරු කීයක් කිව්වද දන්නෑ. Jiminව බේරගන්න. මාලෙ දිලිසීම දැක්ක ගමන් මම ගියේ Jiminගෙ කාමරේට. මන් දන්නව මොන දේ වුනත් දැන් ඒ දෙන්න ඉන්නෙ එකටමයි. ඒක කොහොම උනාද කියන්න තේරෙන්නෙ නැහැ.

කාමරේ දොර අරිනවත් එක්කම මන් දැක්කෙ බිම වැටිල වියරුවෙන් වගේ කෑ ගහන Y/Nගෙ අතින් අල්ලගෙන Jimin එයාව සන්සුන් කරන්න හදන හැටි. කාමරේ දොර වහපු මන් ලෑස්ති කරගත්තු බෙහෙතත් අරගෙන Y/N ලගට ලං වුනත් Y/N මගේ ඇඟට කඩාගෙන පැන්නෙ සම්පූර්ණ කලු වෘකයෙක් බවට පරිවර්තනය වෙන ගමන්.

"හියුන් පැත්තකට වෙන්න...."
Y/N ගහපු පාරට මගේ අත තුවාල වෙලා බෙහෙත් බෝතලේ ඈතට වීසි වෙනවත් එක්කම Jimin මාව පැත්තකට ගත්තෙ Y/Nගෙ ප්‍රහාර වලින් මාව බේරගන්න. ඒත් එක්කම විදුලි වේගෙන් කාමරේ ඇරල තිබුන ජනේලයෙන් පැනපු Y/N දිහා මමත් Jiminනුත් බලා හිටියෙ පුදුමයෙන්.

"හියුන් මගේ බලේ වැඩ කරන්නෑ...! ඔයා මොනාද කලේ මට?"
Jimin පරිවර්තනය වෙන්න උත්සාහ කරන ගමන් මට කෑ ගැහුවෙ ඒක එයාට කරන්න බැරි බව දැනුන නිසා.

"මටත් දැන් බලයක් නෑ...! ඒත් ආයෙ හෙට ඒක ලැබෙයි. අපි පරිවර්තනය නොවී ඉන්න ඕනි නිසා මම වතුරට කලවම් කරල ඔයාට බෙහෙතක් දුන්න ඒකයි එහෙම වෙන්නෙ."
මන් එහෙම කිව්වෙ බිම බලාගෙන හරියට වැරැද්දක් කරල අහු වුන පොඩි ලමයෙක් වගේ. ඇත්තටම Jiminට හුඟක් කේන්ති යන නිසා එයා මට වඩා බාල වුනත් මන් එයාට ටිකක් බයයි.

"හරි හරි ඒකෙන් වැඩක් නෑ මම යනව Y/Nව හොයාගන්න... හියුන්ගෙ අත... ඒක අමාරු නිසා හියුන් ඉන්න... ආරස්සෝ...?"
ඇත්තටම අතනම් රිදෙනව තමා ඒත් මන් උත්තරයක් දෙන්නත් කලින්ම Jimin පන කඩාගෙන දිව්වා. ආෂ් මටත් යන්නයි තිබ්බෙ... ආහ් බලයත් නැති නිසා අතෙන් දැනෙන වේදනාව එන්න එන්නම වැඩි වෙනව. දැන්නම් කලන්තෙ වගේ. මන් මගේ කාමරේට හෙමීට හෙමීට ගිහින් තුවාලෙට බෙහෙත් දාගත්තා. මේ තරම් වේදනාවක් කවදාවත් දැනිල නෑ මට. ආහ්......!!

𝗢𝘂𝗿 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now