දඬු මොණරු 41

638 82 22
                                    

පිවිතුරු අයියත් එක්ක මල්ලිලා ඉන්න තැනට ඇවිත් හතර දෙනා එක්කම ආයෙත් කාර් එකට ආවා. අපි දැන් ඉන්නේ රත්නපුර ටවුන් එකේ. ටවුන් එක මැදින් කාර් එක යන අතරේ දුවී අයියා අපෙන් උදේට කෑවද අහද්දි මල්ලි ඔව් කිව්ව. මල්ලි මට කවපු බත් කටවල් දෙක තුනක් මං අමාරුවෙන් කෑවේ ඒකා යශ් අයියා ආව ගමන් කේලම කනේ තියයි කියල. ඔව් ඔව් ඒකට දැන් මට වඩා ඒ අයියවනෙ ලොකු වෙලා තියෙන්නේ.........

"නේත්‍ර..... දවල්ට බත් කන්න පුළුවන්ද මල්ලි. කන්න පුළුවන් දෙයක් කියනව කඩෙන් අරන් දෙන්නම්"

"අනේ ඕන නෑ දුවී අය්යේ, ගෙදර ගිහින් බත් කන්න පුළුවන්"

"අනේ උබ මේන් කියලම කයි. කියනව කියනව මොනවද කන්න පුළුවන් කියලා. මොනව හරි කාලා බෙහෙත් ටික බිව්වේ නැත්නම් අර යකා ඇවිත් අපි තුන් හතර දෙනාගෙම ඔළු ගෙඩි ටික එකට හප්පයි"

දුවී අයියා එහෙම කියාගෙන හිනා වෙද්දි පිවිතුරු අයියත් හිනා උනා. මට මැවිලා පේනවා යශ් අයියා ඇවිත් අපෙන් ප්‍රශ්න කර කර ඔළු ගෙඩි ටික එකට හප්පන හැටි. අම්මෝ ඕකත් නොකර ඉන්න එකක් නෑ. ගුරු පට්ටම දැන් ඇගටම අරන්නෙ ඉන්නෙත්.

"ඇයි බං අර හිච්චි පියා. ඒකත් ඇවිත් මගේ ඔළුව කයි නොදරුවාව බලා ගත්තේ නෑ කියලා"

"අම්මෝ තුහින අයියද, ඒකා හිච්චි පියා නෙවෙයි කොච්චි පියා. කොයි වෙලෙත් දුම් දාගත්ත ගමන්. උබ නිසා ඉහ ගහන් හිටියට වෙන කවුරුත් නම් ඉන්න එකක් නෑ"

අනේ හනේ මේ ජෝඩුව යශ් අයියයි, තුහින සරුයි නැති තැන කියන කතා. රෙකෝර්ඩ් කරන් ගිහින් අහන්න දෙන්න වටිනවා........

"ඔන්න ඔය කඩේ කෑම හොඳයි බං, පිරිසිදුයි. මමත් සමහර වෙලාවට කෑම ගන්නවා"

පිවිතුරු අයියා කෑම කඩයක් ඉස්සරහින් නවත්තලා කියද්දි දුවී අයියා සීට් බෙල්ට් එක ගැලෙව්වා.

"මොනාද මල්ලි කන්න පුළුවන්"

"ෂෝටීස් මොනව හරි, ටිකක් සැරට"

කන්න පිරියක් නැති එකේ සැරට මොනව හරි කන්න බැරියෑ.

පිවිතුරු අයියා ෆෝන් එක කද්දී දුවී අයියා කඩේ ඇතුළට ගියා. හිනා මල බිම් මලත් එක්කද කොහෙද චැට් එක. මූණෙන් එකයි හිනාව.

දඬු මොණරු Where stories live. Discover now