දඬු මොණරු 6

847 110 26
                                    

අද තමයි මේ අවුරුද්දට ඉස්කෝල වල පළවෙනි වාරේ පටන් ගන්න දවස, පහුගිය කාලේ විභාග තිබ්බ කාල වකවානු වෙනස් වෙච්ච නිසා උසස් පෙළ කරන්න දොළහ වසරට ළමයි බාර ගන්නෙත් අද, උදේ හය වෙද්දී මල්ලි ඇවිත් නැගිට්ටවපු නිසා හත වෙද්දි අපි දෙන්නම ලෑස්ති වෙලා ඉවරයි ඇදුම් බෑග් එකක තිබ්බ අම්මගෙයි, තාත්තගෙයි ෆොටෝ එකක් මගේ කාමරේ පොත් මේසෙ උඩ තියලා අපි දෙන්නම වැදල ආශීර්වාද ගත්ත.අද එයාලත් හිටිය නම් කොච්චර දෙයක්ද......

අපි දෙන්නත් එක්ක ඊට පස්සේ ගියේ සෝම නැන්දව හොයාගෙන.එයාටත් වැදල දෙන්නත් එක්ක මිදුලට ආවා.මල්ලි අලුත් යුනිෆෝම් එක ඇදගෙන ගොඩක් සතුටින් හිටියෙ. මමත් ඉතින් නිල් පාට කොට කලිසමට සමු දීල සුදු පාට දිග කලිසම මුලින්ම ඇන්දේ කොච්චර සතුටින්ද, ආඩම්බරෙන්ද, ඒ දවස් වල මගේ ලොකු කම තවත් වැඩි උනා. මොකද ඉතින් දිග කලිසමේ පවර් එක නිසා මං ඇතුළු අපේ කොල්ලො සෙට් එක හිටියෙ ලොකු අය්යලා එක්කත් ගේම ඉල්ලන සයිස් එකේනෙ.

පරණ ඉස්කෝලෙ මතක එක්ක මිදුලට වෙලා හිටියේ සීයා එනකම්. එයා අපිව ඉස්කෝලෙට බාර දෙන්න එනවා කිව්වනේ. අපි දෙන්නා මිදුලට වෙලා ඉද්දී ලොකු මාමා බෑග් එකක් එල්ලන් එළියට එද්දී මං මල්ලිවත් ඇදන් ගිහින් ලොකු මාමටත් වැන්ද.එයා උගන්නන්නේ ටවුන් එකේ තියෙන ලොකු ඉස්කෝලෙකනෙ, එයා නම් යන්නෙ එන්නේ පොඩි බයික් එකක.

තඹර අයියට ස්තූති කරන්න මට ලොකු උවමනාවක් තිබුණ, මොනව උනත් ඊයේ කරපු දේ නිසා එයාට වචනයක් වත් කතා කරන්න ඕන, දැන් මේ මං ඇදන් යන්නෙත් එයාගෙ යුනිෆෝම් එකක්නේ, එයා හදිසියෙන් ගිහින් මේක හදාගෙන ඇවිත් මැදලත් දුන්නනෙ.වෙන කෙනෙක් නම් ඕන විදියකට ඇදගෙන යයිනේ කියල පාඩුවේ ඉදී. වැල්ලෙ හිටපු මං ගැන හොයල බලපු අය්යලා නැති අඩුව දැනෙද්දී මට හිතුනා තඹර අයියා වගේ අයිය කෙනෙක් අපිට ඉන්න එක කොච්චර හොඳයිද කියල, ඒත් ඉතින් එයා මාව දැක්කම ඔරවන එකනෙ ඉවසන්න බැරි, ඒ උනත් ඒ හිතේ තරහක් නෑ කියලා මං දැන් දන්නවනේ. අපරාදෙ පහුගිය දවස් වල එයාට බැන බැන හිටියෙ.

"තුරුනුවන් සරණින් දෙන්නත් එක්ක හොඳට ඉගෙන ගන්න ඕන"

සීයා එළියට ආවම අපි දෙන්න වදිද්දි එයා එහෙම ආශිර්වාද කරා. ආච්චි අම්මටයි, ලොකු නැන්දටයි වදින්න ඕන උනත් ඒ දෙන්න පැත්ත පළාතක ආවේ නෑනෙ. ගේට්ටුව ඉස්සරහ ත්‍රීවීල් එකක් ඇවිත් නවත්තද්දී සීයා ඒ ළඟට යද්දි අපි දෙන්නත් පස්සෙන් ගියා. ඉස්කෝලෙ තිබ්බෙ පයින් යන දුරක උනාට සීයට පයින් යන්න අමාරු ඇති.

දඬු මොණරු Where stories live. Discover now