දඬු මොණරු 38

614 86 36
                                    

ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
දෙඇසේ කැවී කැවී වැලි ලෑ විලාසේ…

සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී දියේ සිත පාවේ
ලොව කැළඹුනාවේ ඒ සුලු වෙලාවේ
අපි ඉමු කතා නැති දරුවෝ විලාසේ…

දවසේ තුන්යාමයේ ඔබ ඇසුරේ
පසුවී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහිතලාවේ
හෙවනක මුවා වෙමු මිහිරේ පමාවී…

(නිරංජලා සරෝජනී)



ජූඩ් අයියගෙ කෝල් එක ආව වෙලේ ඉඳන් මං බයෙන් හිටියේ. අයියගේ කෝල් එක ඉවර වෙද්දි අකුණු ගගහා වැස්සක් පටන් ගත්තා. දැන් ඉතින් යශ් අයියව හම්බ වෙන්නත් නෑ, මේ අකුණු ඉවර වෙනකම් එයාට කෝල් කරන්නත් බෑ. තව පාරක් දොර ජනෙල් ටික හොඳට වහලද බලලා මං මගේ කාමරේට නොයා ගියේ මල්ලිගෙ කාමරේට.

වැස්ස නිසා ඒකාත් නිදි. මං ගිහින් ඇදේ පැත්තකින් ඇල උන ගමන් මේකා පූස් පැටියෙක් වගේ ඇවිත් මට තුරුල් උනාම මං අත් දෙකෙන්ම ඒකව මගේ පපුවට තුරුල් කර ගත්ත. මල්ලිගෙයි මගෙයි අතර තියෙන්නේ හරිම හයිය බැඳීමක්. සහෝදරයෝ උනාම එහෙම තමයි. ඒත් හැම සහෝදරයෙක් ලඟම මේ වගේ සහෝදරකම් නෑ.ඒ උනාට අපි දෙන්නා පණට පණ වගේ. මට මොකක් හරි දෙයක් සිද්ද උනොත් මේ අහිංසකයා තනි වෙනවා. අපිට ඇත්තටම ආදරේ කරන මිනිස්සු ටිකක් අපේ වටේ එකතු වෙලා ඉන්නවා තමයි. ඒත් ඉතින් මං වගේ ආදරේ කරන, බලා ගන්න, පරිස්සම් කරන කෙනෙක් වෙන ඉන්න විදියක් නෑනේ. ඔය හැම දේකටම වඩා ලේ බැඳීම ශක්තිමත්නේ......

මගේ උණුහුමට මල්ලිට නින්ද ගියත් මට නම් නින්දක් අහලක වත් නෑ. යන්තමින් අකුණු ගහන එක අඩු වෙද්දි මං යශ් අයියට මැසේජ් එකක් දැම්ම. වැස්ස සැර නැතත් පොද වැස්සක් වැටෙද්දි එයාගෙ තියෙන හිතුවක්කාරකමට දැම්ම දැන් මෙහෙ එනවා කිව්වා.

එයා එනකම්ම මං බයෙන් හිටියේ. මේ වෙලාවේ වැස්සේ එන්න එපා කිව්වට අහන්නේ නෑනෙ. එයා ගේ ළඟට ඇවිත් කුස්සියේ දොර අරින්න කියල මැසේජ් එකක් දැම්මම තමයි මට හුස්මක් වැටුණේ.මේ වෙලාවේ මගේ වටේ ඉන්න අයත් පරිස්සම් කර ගන්න ඕන.....

"ජූඩ් මටත් කතා කරා මැණික,ඒකයි මමත් මේ වැස්සේ හරි ආවෙ"

යශ් අයිය හොඳටම තෙමිලා.එයා තෙමන්නේ නැති වෙන්න කවරෙක දාගෙන ඇදුම් වගේකුත් අරන් ඇවිත්. ඒ කියන්නේ අද මෙහෙ ඉදී වගේ. මං ඉක්මනට මගේ ටවල් එකත් එයාට දීලා එයා ඇදුම් මාරු කර ගන්නකන් කුස්සියට ගිහින් කෝපි එකක් හැදුවා.

දඬු මොණරු Where stories live. Discover now