දඬු මොණරු 21

733 99 74
                                    

ගුටි කාලා,අඩල,වැලපිලා, දවස් දෙක තුනක් නොදැක ඉදලා,ආයෙත් හම්බ වෙලා,ඇති තරම් තුරුලට වෙලා ඉදල යන්තම් හිත හදා ගත්ත. යශ් අයියා මාව තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. වැඩට යන්න එපා කිව්ව නම් මං ආයෙත් මොකක් තෝර ගන්නද කියලා අසරණ වෙනවා.

පහුවදා ඉස්කෝලෙ යද්දි සර්ලා දෙන්නත් ආවා.එයාලා ගෙදර ගියා කිව්වනේ. තුහින සර්ව දැක්ක ගමන් මට මතක් උනේ ජූඩ් අයියා කිව්ව දේවල්,ඕවා ෆෝන් එකෙන් කතා කරන්න බෑ.සර් එක්ක ඉස්කෝලෙදි කතා කරන්න ඕන.

"දැන් වත් හිනාවෙලා ඉඳපන්"

හසා මට විහිළු කරනවා, ඇයි ඉතින් මුන් දෙන්නට ඊයේ රෑම ලව් එකේ අලුත් තොරතුරු දැනගන්න ඕන උනානෙ. අර හිච්චි පගා නම් හැමදාම වගේ මගේ ඔලුවෙ ඉඳන් කකුල් දෙක ළඟට වෙනකම් ස්කෑන් කරා.උබ හිතනව වගේ මඟුලක් උනේ නෑ පගෝ, මගේ මනුස්සයගෙ ඉවසීම ඒ තරම් සුපිරි...... මෙහෙමයි ඉතින් සමහර වෙලාවට ඉවසීම සුපිරි වෙලා වැඩි කමට මගේ කම්මුල් රත් වෙනවා, ඒක වෙනම කතාවක් ඉතින්......

"මේ පිට්ටනියට යන්න කලින් තුන් දෙනාම මියුසික් රූම් එකට ඇවිත් යන්න"

තුහින සර් එහෙම කියාගෙන ස්ටාෆ් රූම් එකට ගියා.

"ඇයි බං නඩුවක්ද"

"නෑ බං නේත්රයෝ, දැක්කෙ නැද්ද සර්ලගෙ බෑග් වෙනදට වඩා පිරිලා කියල"

"ඉතින්"

"ඉතින් අහන්නේ ගොන් වස්සෝ සර්ලා දෙන්න ගෙදර ඉඳන් එද්දී ගෙනාපුව දෙන්න ඔය එන්න කියන්නේ, තෝ ඉතින් වේලිච්ච මාළු කූරියෙක්නෙ එල්ලන් ආවේ"

මේ ඇස් වලින් බේරෙන්න සර්ලගේ කෑම පාර්සල් වලට වත් බැරි උනා එහෙනම්.

"අඩෝ එහෙම කියන්න එපා බං, මූ එහෙම හරි ගෙනාවනේ, ඕවා අපිට අගේ නැති උනාට අම්මලාට නිධානයක් ලැබුණ වගේ තමයි. කඩේ තියෙන පරණ ඒවා වගේ නෙවෙයිනේ"

"හරි හරි බං මම නිකන් කිව්වේ, උබට වගේම මාළු කූරියටත් ආදරෙයි ඉතින්"

උදේ රැස්වීම ඉවර උනාම එක පීරියඩ් එකක් ඉගැන්නුව. ඊට පස්සේ අපි තුන් දෙනාම දිව්වෙ මියුසික් රූම් එකට. අපි යද්දිත් ඒක ඇතුලේ කට්ටිය.වෙන කව්රුත් නෙවෙයි අනූප සර්, අපේ මල්ලි, සෙනාල් මල්ලි, ධනුක මල්ලි, තව දහ තුනේ අය්යලා දෙන්නෙකුත් හිටිය. මේසෙ උඩ පාර්සල් දෙක තුනක් දිග ඇරලා.

දඬු මොණරු Donde viven las historias. Descúbrelo ahora