තුහින || Thuhina ( taekook no...

由 thashi123

10.5K 1.8K 3.9K

මා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත්... 更多

හඳුන්වා දීම
1 වෙනි දිග හැරුම
3 වෙනි දිගහැරුම
4 වෙනි දිගහැරුම
5 වෙනි දිගහැරුම
6 වෙනි දිගහැරුම
7 වෙනි දිගහැරුම
8 වෙනි දිගහැරුම
9 වෙනි දිගහැරුම
10 වෙනි දිගහැරුම
11 වෙනි දිගහැරුම
12 වෙනි දිගහැරුම
13 වෙනි දිගහැරුම

2 වෙනි දිගහැරුම

606 123 253
由 thashi123

මං ගෙට්ටුව වහන අතරේත් කල්පනා කරේ දැන් ටිකකට ඉස්සෙල්ලා මී මැස්සා වගේ ඉගිලිලා ගිය හිච්චි හාමූගේ ලියුම ගැන...

ඒක අස්සෙන් දැනිච්ච අන්නාසි පෑන් සුවඳ මට ඇත්තටම දැනුන දෙයක් ද ? නැත්තම් රාවණගේ සිහියෙන් හිටිය මට ඒ විදිහට දැනුනාද ?

අනේ මන්දා...ඔන්න ඕක අල්ලලා දාන්න තුහින...

මං ඔලුවත් දෙපැත්තට වන වන බඩු මල්ලත් උස්සගෙන වැලි මිදුල දිගේ ඉස්සරහාට ඇවිදිද්දි කිරි පුතාගේ ඩක්කුවේ සද්දේ ඇහිලාද කොහෙදෝ ලොකු ලමාතැනි රෙද්දත් උස්සන් ඉස්තොප්පුවට කඩාගෙන ආවා...

" තුහිනයෝ....කොහෙද අර මා පුතා ගෙටවත් ගොඩ වෙන්නේ නැතුව ආපිට යන්න ගියේ ? "

ඔසරි පොටත් ඉනේ ගහ ගන්න ගමන් ඒක ඇහුව්ව හැටි විතරක්...!! ආයේ මගෙන් අහන්නේ අහවල් ඒකටද...බොගේ මා පුතා දැන් ගෙදර ඉදන් නොවෑ මට කඩ පිලේදි පාට් එක දාන්න ආවේ...

හිතුනා තමා එහෙමම කියන්න....නමුත් ඊගාවට කන්න හම්බෙන බත් පිඟානට කෙල වෙන නිසා මං හෙන අමාරුවෙන් දත් ටික එළියට දාලා බොහොම සිරියාවන්ත විදිහට විරිත්තුවා...

" මට කිසිවක් කීවේ නැහැ අපේ ලමාතැනි...කීවේ වැඩකට යනවා කියලා විතරයි..."

" එහෙමද ? මං එකාට බත් පඩංගුව බෙදාගෙන එන ඩිංගට අර ජිරිබිරිස් එකත් අරන් ගිහින් නේ....මං හිතන්නේ එක්කො තැපැල් කන්තෝරුවට යන්න ඇති..."

බිංකුඩු මැණිකේ එහෙම කියනවාත් එක්කම මගේ කුඩා බඩවැලුත් ඇබරිලා ගියේ කටින් වාන් දාන්න හදන හිනාව දරාගෙන ඉන්න බැරුව....

හයියෝ පුටුස් එකකුත් ගියා...

ඒ කියන්නේ ඒ මඟුලත් කම්මුතුයි ද ?

වෙන්නැති වෙන්නැති...අර මට හම්බුන ලියුම අලුත් මැණිකේට යවන්න ලිව්ව ලියුම වෙන්නැති...මගේ අතින් ඇදලා ගත්තේත් ලැජ්ජ හිතුන නිසාද කියලා කවුද දන්නෙ.....

" තැපැල් කන්තෝරුවට යන්නේ අර මක්කටෙයි ලමාතැනි ? "

" වෙන මොකටද බොල....අලුත් මැණිකේ කෙනෙක්ට ලියමනක් යවන්න නේ...."

" ඇයි...අර පහතරට මැණිකේ...උන්දෑට මොකද උනේ....? "

" මඟුලත් හරි ගියේ නැහැ නේ බං..බලපන්කෝ ඉතිං වෙච්ච දේ...දැන් කසාද යෝජනාම කීයක්ද...මේ යෝජනා එනවා අනික් පැත්තට අකමැති කියලා දැනුම් දෙනවා...පහතරට මැණිකේගේ අප්පොච්චාට ඉඩම් වතු පිටි අක්කර ගනන්....එකී පවුලේ එකම දරුවා නිසා සේරම දේපල කසාදෙන් පස්සේ එකීටලූ....ඒත් පර හැත්ත කතා කරලා මඟුලට බැහැ කිව්වාම මගේ පපුවට වාව ගන්න බැරි උනා බං..."

" එහෙම තමා ලමාතැනි...ඔය යෝජනාවල් අපි ප්‍රාර්ථනා කරන විදිහටම ඉශ්ට සිද්ද වෙන්නේ නැහැ නොවෑ...ලමාතැනි හිත නරක් කරගන්ඩ නැතුව ඉන්නටකෝ...අපි හිච්චි හාමූට හොඳ කටයුත්තක් බලමූ..."

" ඉලව්වක් නිසා නෙමෙයි බං මගේ පපු කැහුත්ත දැනුවේ...අර මා පුතාට බැන්දයින් පස්සේ හම්බෙන්න තිබ්බ වතුපිටි ටික මතක් වෙලයි මගේ පපුව වේදනා දෙන්න ගත්තේ..."

තුක් නොදකින් ලෝබ කුන්නු...යකෝ අච්චර අක්කර ගාණක් පුක අස්සේ ගහන් මුන් අනිත් එවුන්ගේ දේපල වලට කෙල හලන අපුරුව...කදිමයි කදිමයි...මේකී පරලොව ගිය කාලේකට අඩි හයක වලක් නම් හොදටෝම මදි වෙයි....

" එව්වාට කාරි නැහැ අපේ ලමාතැනි....කොහොමත් අපේ හිච්චි හාමූට ඔය පහතරට නගර සෝබනීයන් පෑහෙන්නේ නැහැ....හාමුට ලස්සන අහිංසක , නිවිච්ච ගතිපැවතුම් තියෙන තමන්ගේ ස්වාමි පුරුශයාට භක්තියෙන් වන්දනාමාන කරන මේ උඩරටේම මැණිකේ කෙනෙක්ම තමා..හොඳ පෙලපතකින් කෙනෙක්ව හම්බෙච්ච දාකට එදාට ගම් හතකටම මඟුල් කියලා පෙලවහක් කරලා දෙමූ...."

" උබ හරි....මා පුතාට ගැලපෙන්නේ මං වගේම කෙනෙක්..."

ශී...ශී....උබ වගේ ගෑණීයෙක් හම්බුනොත් යකෝ මං ඊට පහුවෙනිදාම හිච්චි හාමූ වෙනුවෙන් බලු කපුටු දානයක් දෙනවා....අර ලොකු හාමුත් පිටට ගෘහ මූලීක පදවිය අරන් වගේ හැසිරුනාට අපි නේ දන්නේ ඒ නාකි මනුස්සයා මේ බිත්ති හතරට කොටු වෙලා විදින ගෘහස්ථ හිංසනයේ තරම....

මේ කියන දේවල් වලට හිනා වෙන්න නම් මට කුලියට තවත් පුකක් අරන් හයි කර ගන්න වෙනවා සහතිකයි..

අනේ මොනා උනාත් ඒවන් විපතක් නම් අර බිංකුණ්ඩාට අත් නොවේවා...එස් වා පුහ් !!

" මොනාද උබ ඔය හැටි කල්පනා කරන්නේ ? "

" නැහැ මං මේ කල්පනා කරේ ලමාතැනි වගේ සීලවන්ත ගති පැවතුම් තියෙන තවත් ශ්‍රියා කාන්තාවක් මේ මුලු ලංකා දීපයටම ඉදීද කියලා... වගේ කෙනෙක් එක්ක පෙලවහක් කර ගන්න හිච්චි හාමූට බුදු බව අත් වෙන්න ඕන ඕං....මේ සත්තමයි...."

" හා හා...බොගේ චාටුබස් ඇති....ආඃ පිලිකන්නේ උබේ අම්මාණ්ඩි ඉන්නවා...එකීගෙන් බත් ටික ඉල්ලන් කාලා ඊයේ හවස ගෙනාත් බාපූ ගස් කඳන් ටික හෙමීට කපහන්..."

" එහෙමයි ලොකු ලමාතැනි...."

" අහ් අනිත් කාරණේ ! ගෙදර යන්නඩ කලියෙන් මේ මිදුල පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරලා පලයන්...අඹ ඉදෙන කාලේ නිසා අර පර ලේන්නු අඹ ගෙඩි වික වික පහලට දානවා...අතින් අල්ලන්න බැහැ පණුවෝ විමානයයි...අප්‍රසන්නයි...උබ ඔන්න ටික ඉදලෙන් අතු ගාලා දාපන්...හරිද..."

" හරි ලමාතැනි..."

මං ඔලුව වැනුවා...වැනුවා නෙමෙයි...ඉබේම වැනුනා....මේ කියන දේවල් වලට එකඟ වෙනවා මිස මං වෙන මොනා කරන්නද....

බිංකුඩු හාමිනේ රාජ අණ දියත් කරලා අර තඩි පුක එකපාරක් මෙහෙටයි දෙපාරක් එහෙටයි වන වන ගිහින් විදී කොනේ මාවත අද්දර හිටිය මං දිහා ආයේත් බැලුවා...

" තුහිනයෝ...."

" ඔව් අපේ ලමාතැනි..."

" උබ ඔය මිදුල සුද්ද පවිත්‍ර කරන වේලාවට හොඳ අඹ ගෙඩිත් වැටිලා තියෙයි...ලේන්නු කුරුල්ලෝ ඔය අඹ ගෙඩි පොඩ්ඩක් කාලා බිම දැම්මාට ඒවා හොඳ එව්වා...තිබ්බොත් එකක් දෙකක්යනකොට ගෙදර අරන් පලයන්...ලේන්නු කාපූ ටික අයින් කරාම අච්චාරු දාන්න කියාපූ අඹ ගෙඩි ටික..."

" එහෙමයි...එහෙමයි ලමාතැනි...."

හොඳ වේලාවට මෙකී හිච්චි හාමුගේන් පස්සේ මගේ ඇස් ඉදිරිපිට තව ලමෙක් හදන්න ලෑස්ති උනේ නැත්තේ....

නැහැ ඉතිං...ලේන්නු කාපූ ටික අයින් කරාම දොලදුකටත් ඉතිං ශෝක් අඹ ගෙඩි ටික තමා....

ඇත්තටම මේ වයසට තව දරුවෙක් එහෙම හදන්න බැරිද දන්නේ නැහැ...එහෙනම් එදාට දෙනවා මං ලමාතැනිට තරු පහේ කෑමක්....

පනු ඉස්ටු සමඟ ලේන්නු කාපූ අඹ චට්නි...

හුම්ම් රසට තියෙයි...කදිමයි කුමරුනේ කදිමයි....

එතනින් පස්සේ මං බඩු මල්ලත් උස්සගෙන පිලිකන්න පැත්තෙන්ම කුස්සිය දිහාවට බඩ ගාද්දි අම්මා දර ලිපෙන් එන කලු දුම කාගෙන ඊට එහා පැත්තේම තිබ්බ මිරිස් ගල අබරන ගමන් හිටියා....

" කමලෝ....!! ඔය කොලුවට සුනංගු නොකර කෑම ටික දෙන්න....කලුවර වැටුනෝත් අදවත් දර ටික කපලා අහවර කර ගන්න බැරි වෙයි...."

බිංකුණ්ඩාගේ මව්තුමීය සාලේ කෑල්ලේ ඉදන් පිලිකන්නට ඇහෙන්නම ඝංඨාරේ නාද කරනකොටයි මං ඇවිත් ඉන්න බව අම්මා දැක්කේ....

" පුතේ...උබ කොයි වේලාවෙද ආවේ ? "

හවහා වේලටද මන්දා අම්මා තුනපහ අඩුම කුඩුම ටික ගලේ අබර අබර ඉන්න ගමන් ඇදන් ඉන්න චීත්ත කඩෙන්ම අත් දෙක පියහගෙන මං ලඟට ආවා....

" මේ දැන් ආවා විතරයි අම්මා....ඉස්තෝප්පූවේදි ලොකු ලමාතැනිව මුලිච්චි වෙලා එතන ටිකක් වෙලා කතා කර කර ඉදියා...."

ඒත් එක්කම අම්මා මගේ පිට පුපුරන්නම පාරක් ගහන ගමන් අතින් ඇදගෙන හිටිය තැනේ ඉදන් ටිකක් එහාට මාව ඇදගෙන ගියා...

" මං උබට කී දොවහක් නම් කියලා තියෙනවාද ඉස්කොලේ ගිහින් ආවාම කෙලින්ම ගෙදර පලයන් කියලා...ඇයි බං කියන දේ එකපාරක්වත් අහන්න බැරි...."

අම්මා මාව කුස්සියේන් ඈතට අරන් ගියාත් කාට හරි ඇහෙයි වගේ හරිම හෙමින් කතා කරේ....

" අම්මා අද උදේ මට යන්නම් කියලාවත් කිව්වේ නැහැ නේ....ඉතිං ඒක නේ ආවේ....ඇරත් මඟදි හිච්චි හාමූව මුණ ගැහිලා මේ බඩු මල්ල දීපූ නිසා මට වලව්වට එන්නම සිද්ද උනා...."

" කියාපන්....උබට අර මහතැන අදත් දර පලන්නැයි කීවාද ? "

අම්මා අහනකොට මං යට තොල හපන් ඔලුව ඉහල පහල කරා....

" උබ ඕවා කරනවාට මං ආස නැහැ මයේ පුතේ....මේ පුංචි අත් වලට කරගැට දියපට්ටා දැම්මොත් ගොඩාක් වේදනා දෙයි.... නිසා මං බත් ටික බැදලා දෙන්නම්....උබ ගෙදර ගිහින් කාලා ටිකක් ඇලවිලා ඉදලා වරෙන්..අනික අර තිරිසන් සතාත් උබ එනකන් බඩගින්නේනේ....කෝ දියන් ඔය මල්ල....කවකටු පෙට්ටියක් වගේ ඉදගෙන තව මලුත් උස්සනවා.....කෝ දියන් ඕක..."

අම්මා මගේ ඇඟ ගැන කියන ගමන් අතේ තිබ්බ මල්ල එයාගේ අත් වලට ගනිද්දි මටත් ඉබේම බැලුනේ උරහිස් කටු පවා පෑදිලා තිබ්බ මගේ අම්මාගේ ශරීර කුඩූව දිහා...

මට කවකටු පෙට්ටිය කීවාට මොකද එයාටත් අමතක වෙලා එයාත් ගිනි කූරක් වගේ කියලා....

අම්මා තනි අතකින් බඩු මල්ල උස්සගෙන මගේ නහය ටිකක් මිරිකලා හුරතල් කරන ගමන් ඊගාවට කලින් මට ගැහුව්ව පිට අත ගාන්න ගත්තා....

" උබට ආදරේ වැඩිකමටම දැන් අතත් ඉස්සෙනවා බං...උබට රිදුනාද මයේ අම්මා....මහ එකාගෙන් කියලා මට ඉතිං ඉතුරු උනේ මෙච්චර නේ....උබ මේ රදල හැතිකරේට කත් අදිනවා බලන්න මං ආස නැහැ දෙයියෝ....බයයි එකපාරක වගේ උබ ආයේත් අසනීප-"

" අහ් උබලා තාම මෙතනද ? මොනාද ඔය හැටි උබලා වැඩ පාඩු කරන් කතා කරන්නේ....ඔන්න ඔය කියවිල්ල නවත්තලා මෙන්න මේකාට කන්න දීලා දර ටික පලන්න යවපන්...අනික උබටත් ලොකු හාමූ කියන්නැයි කිව්වා රෑට පොල් සම්බෝලේකුයි පරිප්පු හොද්දකුයි එක්ක ඉඳි ආප්ප ටිකක් හදන්ඩ කියලා...සීයක්වත් හදාපන්....මා පුතාට කඩේ තුනපහ ජාති අගුණ නිසා දැන්මම අඹරන ටික පටන් ගනින්....කෝ ඉක්මන් කරපන්...."

මේ බිබික්කම් හාමීනේ පුදුම වාතයක් උනා නේ....

ඇවිත් කියෝලා කියොලා ඒ පාර අත් දෙකත් පිටිපස්සේ බැදන් පොල් වත්ත පැත්තට යන්නයි මේ සූදානම...

" ලොකු ලමාතැනි "

" කියපන්..."

අම්මා එකපාරම පොල් වත්ත දිහාවට අඩි තිබ්බ ලමාතැනිව නවත්ත ගත්තා....

" මං මේ කියන්න ගියේ-"

" කෙකර ගාන්නේ නැතුව කියාපන් බොල....පොල් ගනින්න යන්නඩ තියෙනවා...අර වසවාර්ති කොල්ලො කුරුට්ටු මෙදාපාර පොල් කීයක් උස්සලාද දන්නේ නැහැ..."

ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නාකි හැට පැන්න බඳින වයසත් පහු වෙලා තියෙන පිරිමියෙක්ගේ අම්මා කෙනෙක් උන ලමාතැනිගේ කන කොයි තරම් ගැඹුරුද කියනවා නම් ඒ ගෑනීට වත්තේ අන්තිමට තියෙන ගහෙන් වැටෙන පොල් ගෙඩියේ සද්දෙත් හොඳට ඇහෙනවා...

හැබැයි නිකමට අපි දෙයක් කියලා බලන්න ඕන හෑ හෑ ගගා අහන විදිහ බලන්න....

මේ කන් නම් රේඩාර් වලට විතරක් වැඩ කරන එව්වා වෙන්නැති මයේ හිතේ....

දැනටමත් පොල් කීයක් වැටිලා තියෙනවාද කියලා උන්දෑ ගැනලත් ඇති....

" මං බත් ටික කවලා තුහිනව ගෙදර යවන්න කියලා ලමාතැනි..."

"එතකොට ඌගේ වැඩ ටික මංද කරන්නේ...? "

" නැහැ නැහැ අම්මා එපා...නැහැ ලමාතැනි මං කර-"

" කොලුවාට ටිකක් ඇඟට තෙහෙට්ටුයි වගේ....මට තව කුලු බඩු දෙක තුනයි අඹරන්න තියෙන්නේ...ඒක කරලා මං දර ටික පලලා දෙන්නම්..."

" මං මේකාට මිදුල සුද්ද කරන්නත් කීවා..."

" මං ඒකත් කරන්නම් ලමාතැනී..."

" අම්මා එපා...මං කරන්නම් කීවා නේ...."

" හ්ම් හ්ම්...උබලාගේ කැමැත්තක්...හැබැයි උබලා මොන මඟුල කරාත් ගොම්මන් කලුවර වැටෙන්න කලින් කිව්ව වැඩ ටික හරියට වෙලා තියෙන්න ඕන...එච්චරයි..."

" එහෙමයි ලොකු ලමාතැනි"

අම්මා මට පැවරුන රාජකාරී වලත් වගකීම එයාගේ අතට ගනිද්දි මට අම්මා එක්කත් තරහක් ඇති නොවුනාම නෙමෙයි....

එයා කොහොමද තනියම මේ හැමදේම කරන්නේ...මේ කෙසඟ සරිරේ කොහොමද අර පොරව උස්සන් දර පලන්නේ....

ඒත් අම්මා කියන්නේ මං මුරණ්ඩුයි නම් එයා ඊට වඩා දෙගුණයක් මුරණ්ඩු කෙනෙක්.....

" අම්මා මොනාද කරේ...? මං ටික කරන්නම් කියලා කිව්වා නේ...."

" උබ බත් ටික බෙදාගෙන ගිහින් අර සූකිරි එක්ක කාපන්කෝ....අද උදැහැනේ අල්ලපූ ගෙදර එකී උන්ගේ කිකිලි බිත්තර දැම්මා කියලා මටත් බිත්තර ගෙඩි දෙකක් දුන්නා...ඒකත් හදාගෙන කාපන්...ඊට පස්සේ ටිකක් වෙලා ඇලවෙලා ඉදලා හැන්දෑවට වරෙන්...."

" මං ඔයාත් එක්ක ඇත්තටම අමනාපෙන් ඉන්නේ අම්මා..."

" උනාට මං ආදරේයි නේ..."

අම්මා මගේ නිකටෙන් අල්ලලා ටිකක් හොල්ලන ගමන් කුස්සිය දිහාවට අඩි තියද්දි වෙනින් කරන්න දෙයක් නැතිම තැන මං කලකිරිමක් එකතු වෙච්ච හුස්මක් පහල දාලා අම්මා පිටිපස්සෙන් බත් මුල ගන්න ගෑටුවා....

ඊට ටික වේලාවකට පස්සේ මං උණ බටේ පහල දාලා මිදුලට ගොඩ වෙනකොටම කොහෙදෝ හිටිය සූකිරිත් මගේ ලඟට දුවගෙන ආවා...

මූට මාර ඉවක් නේ යකෝ තියෙන්නේ...මුහුදු හතකින් එහා හිටියත් මාරි පැකට් එකේ කවරේ ඉරන ක්ශණිකයට මූ මගේ කකුල් ලඟ....

" අහ්හ් ~ පෙම් සුව විඳලා ආවා ? හිතන්න එපා උබ අල්ලපූ ගෙදර සුද්දි එක්ක නටන නාඩගම් මං නොදන්නවා කියලා...උස්සන් වරෙන්කෝ බලන්න පරපුරක් උබට ගෙදර බින්න බහින්නම දෙන්න....හැට පැහිච්චකම් ඔක්කොම දාලා ආවා මෙතන ඥාව් ගාන්න..."

මං මගේ අතේ තිබ්බ බත් මුලට ඉව අල්ලන සූකිරිව කකුලෙන් පැත්තකට කරලා ගෙට ගොඩ උනා....

බතුත් කෑවා...සුකිරීටත් කන්න දුන්නා...පස්සේ පොඩි නින්දක් දාලා ඉර බැහැගෙන යන හෝරාවේ මං ආයේත් ගුරු පාරට ආවා....

රෝස තැඹිලි මිශ්‍ර වෙච්ච අහසේ මට කෙලවරකින් වගේ පෙනුනා ලොකු දිස්නයක් ගහන ගමන් ඉර හෙමින් හෙමින් කඳු අස්සෙම හැංගෙනවා...මඩ කරියෝ වගේ හිටිය පුංචි කෙල්ලො කොල්ලො ටිකකුත් බයිසිකල් රෝදයක් තල්ලු කරගෙන හිනා වෙවී මාව පහු කෙරුවා....මං බාටා කට්ට කරස් කරස් ගගා රතු පොලොව උඩ ඇද ඇද ඇවිත් අන්තිමට වලව්වේ ගෙට්ටුව ලඟ නැවතිලා ඒ ගෙට්ටුව අස්සෙන් අත දාලා අඟුල ඇරියා....

" ඉතිපිසෝ භගවා...අරහං සම්මා සම්බුද්ධෝ___"

හා හා පුරා කියලා ගෙට්ටුව ඇරුන ක්ශනිකයෙන් මං දැක්කේ සාරි පොටෙන් ඔලුව වහන් දුම් කබලට සැරෙන් සැරේ කට්ටකුමන්ජල් ඉහ ඉහ වත්ත වටේ සක්මන් කරන ලොකු ලමාතැනිවයි...

පැත්තකින් තිබ්බ පස්ස පැත්ත දිග සුදු පාට කාර් එක හිච්චි හාමූත් සිරි යහන් ගබඩාවේ ඉන්න බව මට පසක් කෙරුවා...

මං ලොකු ලමාතැනිට බාධා නොකර සද්ද නැතුව අඩි තියන්න වග බලා ගත්තා...

ටිකකින් ලමාතැනි මං දිහා බලලා කිසිවක් නොකියා වත්තේ පැත්තක තිබ්බ සූනීයම් දෙයියන්ගේ පිලිමේ ඉස්සරහා හිටගෙන අත් දෙක එකට එකතු කරන් නලල උඩින් තියා ගත්තා....

මේකත් නිකන් හරියට හිච්චි හාමූ හැම උදේකටම කුරුල්ලන්ට කන්න දානවා වගේ වැඩක් තමා...

දැන් අවුරුදු දෙක තුනකට කලින් පටන් ගත්ත මේ කෙරුවාව ලොකු ලමාතැනි හැමදාම හවස හයත් හයාමාරත් අතර කරන්න පුරුදු වෙලා හිටියා...

ඉතිං මේ වේලාවට වලව්ව නිකන් දේවාලයක් වගේ...මුලු ගේම සම්බ්‍රානි සුවඳයි....

ලමාතැනි නම් සුනීයම් දෙයියන්ට කරන මේ දේවල් මහත් ඉහ මුදුනින් පිලි ගන්නේ එයාගේ හිච්චි පුතාට ඉක්මන් මඟුලක් හරියන්න කියන බලාපොරොත්තුවෙන් උනාත් හිච්චි හාමූ මේ යාතිකා වලට එක හෙලා විරුද්ධතාවය පල කලේ අම්මණ්ඩි මේ දේවල් කරන්න ගත්ත දා ඉදන් ගෙදරට මසක් මාලුවක් ගේන එකටත් තහංචි පැනෙව්ව නිසා....

මං හිතන්නේ හිච්චි හාමූ දැන් උම්බලකඩ වල සුවඳවත් අඳුරන්නේ නැතුව ඇති....

හැබැයි ඕකා පිසාචයෙක් වගේ පොරක්....සමහරක් දවසට මහසෝන් දිෂ්ටිය ගහලා වගේ මස් ඕන බිත්තර ඕන කියලා වලව් බිත්ති දෙදරන්න කෑගහනවා....

මං ඉතිං ලොකු ලමාතැනිව පහු කරගෙන හෙමින් සීරුවේ පිලිකන්න පැත්තෙන් කුස්සියට රිංගන්න හැදුවාත් ගථා කිය කිය හිටිය ලමාතැනි එක ඇහැක් ඇරලා මට කතා කරා....

බලන්න පින්වතුනේ ඒ සද්ධාවන්තභාවයම විතරක්...

" කොල්ලො..."

" ...ඔව් ලමාතැනි..."

" තව ටික වේලාවකින් කපු උන්නැහේ එනවා කිව්වා...කමලාට කියාපන් වතුර එක රත් වෙන්න දාලා අර ඊයේ හදාපූ වන්ඩු ආප්ප ටික පිරීසියකට අඩුක් කරන්න කියලා...."

" එහෙමයි ලමතැනි...ඒත් කපු මහත්තයාට දුන්න කෝප්පේ අන්ඩ කැඩුනා නේ...මං කැබිනට් එකේන් අලුත් පිරීසි කුට්ටමක්-"

" උබට ඔල්මාදේද....? අලුත් පිරීසි කුට්ටම් පාවිච්චි කරන්න එපා...රාක්කේ තියෙනවා ලොකු හාමු අයින් කරාපූ කෝප්පයක්....ඒක ටිකක් හෝදලා ගනින්..."

" හොඳයි අපේ ලමාතැනි..."

යකෝ මේ වගේ කුම්මැහි ගෑණීයෙක් මගේ ජිවීතේ දැක්කමයි...මුලු ගමේන්ම කාසි පනම් තියෙන්නෙත් මුන්ට...ඒත් කරනකන් කුණු කම් කරනේත් මුන්....

දෙයියෝ ඉදිරියේ අත් වැදගෙනම ලෝබකම් කරන ලස්සන දිහායි මං මේ බලා උන්නේ...මොනා නැති උනාත් හතර පෝයටම සිල් ගන්න මිනිස්සු තමා වැඩි හරියක්ම තණ්හා කියලා කියාපූ එකාගේ කටට මසුරන් දාන්න ඕන....මොකද කිව්ව එකා මොකා උනාත් ආයේ තක්කේටම කියලා තියෙන්නේ සහතික ඇත්ත....

මං එහෙමම කුස්සියට ගියා....

සාම්බ්‍රාණි සුවඳත් එක්ක ඉඳි ආප්ප තැම්බෙන සුවඳත් මට යාන්තමට ආවා....

අම්මා හිරමනේ උඩ ඉදන් පොල් බෑය හිරමන් තලේට හිර කරලා අල්ලවල් දෙකට පිඹ පිඹ උන්නා...

" අම්මා "

මං එයාට කතා කරගෙනම පිලිකන්නේ ඉදන් කුස්සියට ගොඩ වෙන්න තිබ්බ පඩිය නගිද්දිම මගේ සද්දේට ගැස්සුන අම්මා ඉක්මනින් අත් වලට පිඹින එක නවත්තලා පොල් බෑය ගාන්න පටන් ගත්තේ මට මුනිච්චාවට වගේ හිනා වෙන ගමන්මයි....

" උබ මාව බය කරා බං...කලුවරේ ඇවිත් කතා කරාම හිතත් ගැස්සුනා..."

" බය උනේ මං සද්ද නැතුව ආපූ නිසාද ? නැත්තම් දකින්න හොඳ නැති දෙයක් දැක්ක නිසාද ? "

මං එහෙම ඇහුව්ව ගමන්ම අම්මාගේ මුහුන වෙනස් උනා...නමුත් ඒ අනිත් පැත්තටම එයා ආයේත් හිනා වෙන්න ගත්තා....

" මං උබෙන් මොනා හංගන්නද බං...කියපන්කෝ ඉතිං...බත් ටික කෑවාද ? "

අම්මා මගෙන් එහෙම අහන අතරේ මං ලොකු ලමාතැනි අම්මාට කරන්නැයි කිව්ව රාජකාරිය කරා....

දැලි වලින්ම කලු පාටට හැරුන කේතලේට වතුර ඩිංගිත්ත පුරවලා ඒක ලිප උඩින් හෙමීට නැටවෙන විදිහට තියලා මං අම්මා ලඟින්ම දණ ගැහුව්වා....

" අම්මා...මට අත් දෙක පෙන්නන්න..."

" අර මක්කටෙයි ? උබ දැන් සාස්තරත් කියන්න පටන් ගත්තාද ? "

" විහිලු නෙමෙයි අම්මා...කෝ කිව්වාම අහලා අත පෙන්නන්න..."

" මට වැඩේ කරන්න දිය- අතාරින්න පුතේ...තුහින..."

අම්මා මගෙන් අත් දෙක හංගන්න ලෑස්ති උනාත් මං බලෙන්ම වගේ ඒ අත් දෙකේ අල්ල එළිය පැත්තට හැරෙව්වා....

බොරු නෙමෙයි....මට ඇත්තටම හීල්ලුනා...

ඒ අල්ල පුරාම කරගැට ඇවිත් තිබ්බා...අඩු වේගෙන යන එව්වා , අලුතෙන් එන කරගැට වලින් ඒ අල්ලවල් දෙකම විරූපී වෙලා තිබ්බා...

මං දැකලා තියෙනවා ගැහැනු තමන්ගේ අත් දෙක කොයි තරම් ලස්සනට තියන් ඉන්න මහන්සි වෙනවාද කියලා....නියපොතු වවලා ඒවාට පාට තීන්ත තවරලා ක්‍රීම් ගාලා කොයි තරම් සිනිඳුවට ලස්සනට එයාලා අත් පරිස්සම් කර ගන්න උත්සහා කරනවාද....

පිරිමියෙක් උන හිච්චි හාමූත් ඒවා ලස්සනට තියා ගන්න දරන වෙහෙස ගැන මං නොදන්නවා නෙමෙයි....

නමුත් මගේ ඉස්සරහා ඉන්න දිරිය ගැහැණීය...මට වචන නැහැ එයා ගැන කියන්න....

" මේවා ගොඩාක් රිදෙනවා නේද ? "

මං මගේ සිනිඳු අත් වලින් ඒ රේඛා මැකිලා ගිය අත් පිරිමැද්දා....

සිනිඳු ?

මට වැරදුනාද ?

නැහැ මට වැරදුනේ නැහැ....මගේ අත් ඇත්තටම සිනිඳුයි....ඒ මේ අම්මට පින් සිද්ද වෙන්න...ඉදලා හිටලා මන්නයක් පොරවක් අතට ගත්තාට අම්මා මං මෝරගෙන එන්නත් කලින් ඉදන් මට බර වැඩ කරන්න කොයිම වේලාවකවත් ඉඩ නොදුන්නා....

ඒ වෙනුවට එයා මගේ අතේ හිර කලේ පෑනක් වගේ සැහැල්ලු දෙයක් විතරයි....

වේගෙන් අකුරු ලියාගෙන යන වේලාවට මගේ අතත් රිදෙන්න ගන්නවා....ඇඟිලි වල පෑනේ අච්චුවත් සමහරක් දාට හිටිලා තියෙනවා...

ඒත් මං කවදාවත් ඒ කරගැට , දියපට්ටා වල වේදනාව අත් විඳලා නැහැ....මං දන්නවා සමහරවිට මට ඒ වේදනාව විඳගන්නවත් බැරි වෙවී...

නමුත් කවදාවත් ඒ වේදනාව විඳින්න බැරි උනාත් අම්මාගේ ගොරොසු අත් දිහා බැලුවාම මට ඒ වේදනාව කොයි වගේද කියලා තේරෙනවා...ඒ අත් දෙකෙන්ම පොල් ගෙඩියක් තද කරලා ගානකොට කොයි තරම් රිදෙනවාද කියලා මට පොඩියට හරි දැනුනා....

හැබැයි ඒවා දැකලා මගේ ඇස් දෙකට කඳුලු ඉණුවත් ඒ වේදනාවල් වල ඇත්තම හිමිකාරි තාමාත් මගේ ඉස්සරහා හිනා වෙලා උන්නා...

මං අම්මාගේ අත දිගේ හෙමීට මගේ ඇඟිලි තුඩු ගෙනියනකොට එයාට සහනයක් දැනෙනවා ඇති....ඒ නිසාම වෙන්නත් ඇති එයා මගේ කම්මුලක් එක අතකින් පිරිමැද්දේ....

" උබේ බඩගින්න ඉස්සරහා මේ වේදනාව මට පොඩි දුවිල්ලක් විතරයි බං...."

" උනාත් අම්මාටත් දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනවා....අම්මාට බැරිද තව වතාවක් මං කිව්ව යෝජනාව ගැන හිතන්න...හ්ම්ම් ? "

වෙන්නේ නැහැ කියලා දැන දැනත් මං අම්මාගෙන් මගේ ප්‍රශ්නේට ' හා ' කියන උත්තරේ දැනුත් බලාපොරොත්තු උනා....

නමුත් අම්මා...

" වෙන මිනිහෙක්ව බැඳලා උබට වෙනස්කම් කරන්න ගත්තෝත් මං පව්කාරියක් වෙයි..."

" ඒකට කමක් නැහැ අම්මා...එයා වෙනස්කම් කරාත් අම්මා සතුටින්-"

" කට වහගෙන ඉදපන් තුහින...!! මං කියලා තියෙනවා ඔය අනවශ්‍ය දේවල් මගෙත් එක්ක කියවන්න එන්න එපාය කියලා....උබේ අම්මා තාම මැරිලා නැහැ...."

" ඒත් අම්මා-"

" තුහින !!! "

අම්මා ටිකක් සද්දෙන් මට කෑගහනකොට මාව ගැස්සුනා....

හැමදාමත් ඔහොමමයි...කවදාවත් මං කියන්න උත්සහා ගන්න දේ එයා තේරුම් ගන්නේ නැහැ....

" උබ මං ගැන ඔය තරමටම වද වෙනවා නම් හොඳට ඉගෙන ගනින්....කවදා හරි ලොකු මහත්තෙක් වෙයන්....අන්න එදාට මං මේ සේරම නවත්තන්නම්....කරටත් වඩා උසට ලොකු පුතෙක් ඉන්නැද්දි මං අහවල් එහෙකටැයි වෙන මිනිස්සු පස්සේ යන්නේ....දැන් ඕක නවත්තපන්....ඕකෙන් වෙන්නේ අපි දෙන්නාගේම හිත් පෑරෙන එක විතරයි..."

" එහෙනම් මට පොල් බෑයවත් ගාන්ඩ දෙන්න...මං අද සම්බෝලේ හදන්නම්..."

" හ්ම්ම් ඉදා ගනින්කෝ එහෙනම්...කොහොමත් හිච්චි හාමූ මගේ සම්බෝලේට වඩා උබේ පොල් සම්බොලේ කන්න මනාපයි නොවෑ..."

අම්මා අවසානේ නොක්කාඩු කතාවක්ද මන්දා කියලා හිරමනේ ලඟින් ඈත් උනා...

හැබැයි අම්මා කිව්වේ ඇත්ත...හිච්චි හාමූට තියෙන්නේ සූපවේදි රසයක්....පලවෙනි කටෙන්ම දන්නවා ඒ ඒ ව්‍යාංජන හදන්නේ කවුද කියලා....

ඒකත් අම්මාට ස්තුතී වෙන්න යහමින් මටත් බතක් හොද්දක් පිහ ගන්න පුලුවන්කම තියෙද්දි මේ කුස්සියේ ඇතුලේ මගේ අතිනුත් ඉයුනු ව්‍යාංජන , හට්ටි උඩ බුබුලු දැම්මා...

ඉතිං මොකක්දෝ හේතුවකට මගේ අතින් කෑම හැදුන දවසට හිච්චි හාමූ මදි නොකියන්න වේල් දෙකකම බත් එකට ගිල්ලා....

අදත් තප්පදොරුවා වගේ ඉඳි ආප්ප සීයෙන් පහනකටම හිච්චි හාමු වග කියයි....

මං පොල් ටික ගානකන් අම්මා හට්ටියේ බස්සලා තිබ්බ ඉඳි ආප්ප ටික වට්ටියට දාලා අලුත් ඉඳි ආප්ප තට්ටු හට්ටිය ඇතුලට බැස්සුවා....

පොල් ටික ගාලා හිරමනේ හෝදලා ගල් වංගෙඩියටම පොල් , මිරිස් කරල් ,ළූණු , කැළි මිරිස් දාලා පොල් සම්බෝලේ හදලා ඉවර කරාත් මට හැමදාමත් වගේ ඒ පොල් සම්බොලේ උම්බලකඩ නැති අඩුව දැනුනා....

නමුත් ඉතිං පිලි ජාති මේ ලේව්කේබණ්ඩාර වලව්වට අකැපයි නේ....

මං හදලා ඉවර කරපූ පොල් සම්බොලේ භාජනේකට දානවත් එක්කම සාලේ පැත්තෙන් මෙච්චර වෙලා නෑහුන කටහඬවල් වලට පණ එන්න ගත්තා....

ඒත් එක්කම ලොකු ලමාතැනි කලබලෙන් කුස්සියට දුවගෙන ආවේත් අනිත් පැත්තෙන් කටහඬවල් අස්සේම හිච්චි හාමූගේ කාමරේ රේඩීයෝ එකේ සද්දේ වැඩී උනේත් එකම වේලාවෙදියි....

" ඉක්මන් කරපන්...කපු උන්නැහේ ආවා...කෝ උබලා තාම අර හැලප ටික එළියට ගත්තේ නැද්ද ? "

හැලප ?

ඔය ඉතිං කලබලේ නේ....

" හැලප නෙමෙයි ලමාතැනි...වන්ඩු ආප්ප...."

" කමක් නැහැ..කමක් නැහැ...ඔය තියෙන ලබ්බක් ඉක්මනට තැටියට දාලා අර ගනින්..."

" කිරි තේ වක්කරන්නේ ලමාතැනි...කමක් නැහැ නේ...? "

" අම්බෝ එපා එපා...තොපි මාව නැති කරන්නද හදන්නේ....කිරි ගණන්....කහට වක්කරාපන්..."

" හොඳයි ලමාතැනි..."

අම්මා ඔලුව වනනකොට යන්න ගිහින් ආයේ ආ පස්සට හැරුන ලමාතැනි හැන්ඳයි සිනී බෝතේලෙයි අරන් අම්මා ලඟට ආවා...

" මෙන්න මේ හැන්ඳට සිනී භාගයක් අරගනින්...හරිද...ඊට පස්සේ ඒක කෝප්පේට දාලා හැන්ඳේ ගෑවීලා තියෙන සිනී ටිකත් ගසලා හොඳට තේ එක දිය කරපන්....හැබැයි හැන්ඳ පුරෝලා සිනී ගන්න එපා....තේරුනා නේ..."

" ඔව් ලමාතැනි..."

" හ්ම්ම් හොඳයි....කැටයක්වත් බිම හලන්න එපා....සිනීත් ඊයේ පෙරේදා ගණන් ගියා..."

" හරි එහෙම කරන්නම් ලමාතැනි..."

අරකි තේ කෝප්පයක් සදා ගන්නා නිවැරදි අයුරු පියවරින් පියවර කියලා දෙන අතරේ අපේ අම්මාගේ ප්‍රථම සහ එකම රාජකාරිය උනේ රොබෝවෙක් වගේ ඔලුව ඉහල පහල කරන එක විතරයි....

අන්තිමට විනාඩි දහයක විතර තේ හැදිමේ දේශනෙන් පස්සේ බිංකුණු මැණිකේ පුකත් නටව නටව සාලේ බලා පියමන් කරද්දි අම්මා මගේ දිහා බලලා ඊලඟ තප්පරේ හයියෙන් හිනා උනා....

මටත් ඉවසගෙන ඉන්න බැරි වෙච්ච තැන අම්මාගේම හිනාවට හවුල් වෙන්න සිද්ද උනා....

ටිකකින් ලොකු ලමාතැනිගේ ඉස්තරම් වන්ඩු ආප්පයි ලොකු හාමූ අයින් කරාපූ කෝප්පේට වක්කරපූ කහට එකයි එක්ක මං සාලේට ආවා....

ඒ එනකොටත් මට ඇහෙනවා ලමාතැනියි කපු මහත්තයායි හරි හරියට කතාව...අසරණ ගෘහ මූලීකයා කම්මුලකට අතකුත් තියන් සංසාරේ බවේ දුකා වගේ මුල්ලකට වෙලා බලා ඉන්නවා....

බලන්නකෝ ඉතිං ඒ සිද්ධියම කොයි තරම් රෝමාන්තිකද කියලා....

හැබැයි හිච්චි හාමූටත් හම්බෙන්න ඕන මෙහෙම මැණිකේ කෙනෙක් තමයි....

මගේ අතේ තිබ්බ තැටියේ කහට කෝප්ප තුනක් එක්ක කැත නැතුව ලීටරයක් විතර අල්ලන කෝප්පෙකට දාපූ කිරි තේ එකකුත් වෙනමම තිබ්බා.....

එතනින් කහට කෝප්ප තුන නාකි සැට් එකට වෙද්දි තඩි කිරි කෝප්පේ ඇවිත් අර හරක් පැටියාගේ....

සමහරු කල්පනා කරයි බිංකුණ්ඩෝ ක්ෂිරපායිද කියලා....නමුත් මං ඒ හැමෝම අතරින් අත් දෙකම උස්සලා කියනවා ඔව් උන් කිරි බී වැඩෙන්නෝ කියලා....

මං මුලින්ම සසර කලකිරිලා ගිහි ජිවීතෙන් එතෙර වෙලා භ්‍රමචාරි ජීවිතයක් ගත කරන්න හීන දකින ලොකු හාමූ ගාවට ගිහින් තැටිය එයාට දික් කරද්දි ඊට එහා පැත්තේ බිත්තියකින් ආවරණය උන හිච්චි හාමූගේ කාමරේන් ආයේත් ජෝතිපාල මහත්තයාගේ කටහඬ ඇහුනා...

නමුත් කපු මහත්තයා ආවාත් හරි වැහුන දොර නැවතත් ඇරීමක් සිද්ද නොවෙච්ච නිසා මට ජෝතිපාල මහත්තයා මේ පාර කියන්න උත්සහා කරන ආදර කතාව හරියට අහ ගන්න බැරි උනා....

මං ඊටපස්සේ එහෙමම අඹුසැමි ජෝඩුව වගේ කියවන කපු මහත්තයායි ලොකු ලමාතැනියි ලඟට කිට්ටු කරා....

" අහ් මේ කමලාගේ කොලුවා නේ....උබ තාමාත් ඉස්කොලේ යනවාද ? "

" ඔව් කපු මහත්තයා..."

" එතකොට උබේ අම්මාණ්ඩි තාමාත් තනියම මෙහෙ වැඩ...එහෙමද ? "

" එහෙමයි...."

" ඉතිං එකීට තනියම ඕවා කර ගන්න පුලුවන් ? "

" ටිකක් විතර අමාරුයි...නමුත් ලොකු ගැටළුවක් නැහැ..."

" මං උබලාට වතාවකුත් කීවා නේ...ඔය ඉස්කෝල කෙරුවාව හරියන්නෑ....උබලාගේ මහ එකාත් නැති වෙච්ච එකේ උබ තවත් ඉස්කොලේ ගිහින් ඵලක් තියෙනවාද....මං උබට පිටි මෝලක රක්සාවක් හොයලා දෙන්ඥම්....ඔය ඉස්කොලේ අතැරපන්..."

" කාරි නැහැ කපු මහත්තයා....වචනේට බොහෝම ස්තුතියි...නමුත් මං මනාප ඉගෙන ගන්ඩ නොවෑ...අම්මණ්ඩිත් කීවා එයාට මේ වැඩපල තනියෙන් කර ගන්න පුලුවන් බව... මේ තේ එක අර ගත්තා නම්..."

මං එහෙම කියන ගමන් තේ දාපූ තැටිය කපු මහත්තයාට අල්ලද්දි කපු මහත්තයා මගේ උඩ ඉදන් පහලට හොඳට සෝදිසි කරනවා කියලා යාන්තමට වගේ මට දැනුනා....

ඒ අස්සේ ලොකු ලමාතැනි කපු මහත්තයා ගෙනාපූ මැනිකෙලාගේ පින්තුර වගයක් මගේ වස් වදි කියන බයටද මන්දා අනිත් පැත්ත හරවලා ඔඩොක්කුව උඩින් තියා ගත්තා...

" උබට දැන් වයස කීයද ? "

" දහ නමයයි "

" හුම්ම් තව ටික දොහකින් උබත් දීග යන්න ඕන කලදාසව...කියාපන්කෝ ඉතිං...දැන්මම කෙනෙක් ඉන්නවාද ? "

" ලමිස්සියෙක් ගැනද අහන්නේ ? "

" නැතුව ඉතිං... උබ වෙන අහවල් එවුන් එක්ක දීග යන්න කියලාද..."

" අනේ මට තාම එහෙම කෙනෙක් නැහැ කපු මහත්තයා....අපිට කොයින්දෑ ඉතිං ගැටිස්සියෝ හම්බ වෙන්නේ..."

" හුම්ම්ම්.....එහෙනම් තව ටිකක් ලොකු වෙයන්කෝ...මං වැඩ රජකාරි-"

" කපු උන්නැහේ ආව කාරණාව විතරක් කතා කරා නම් නේද බොහෝම හොඳ ? "

කපු මහත්තයා මටත් කෙල්ලෙක් හොයලා දෙන්නද කොහෙදෝ ගියේ....

කොහෙද ඉතිං...මේ නාකි හුචක්කුවගේ පැහැදිලි ඉරීසියාව නේ.....

ඔව් ඔව්....උබලා විතරක් මඟුල් කාලා දරුවෝ දුසිමක් විතර හදාගෙන හිටියාම ඇති...අපිට හුප්පේ...

ඒත් දරුවෝ දුසිමක් ? ඒක ඇත්තටම හරි ලස්සන හීනයක්....ගමේ එවුන් කියන කතා ඇත්ත නම් හිච්චි හාමූ කොහොමද අර දුම් කොළ නැට්ටේන් ලමයි හදන්නේ...ඒකෙන් ඕන්නම් පුංචි මැණිකේට කිති කවන්න විතරක් පුලුවන් වෙයි....

හැබැයි මුන්ගේ තියෙන හොඳකමට කිති නැති මැණිකේ කෙනෙක් හම්බුනොත් එහෙම හිච්චි හාමූට වෙන්නෙ රං පුතාව ගලවලා මහ වැලියට විසි කරන්න තමා....

හඥේ මට හිච්චි හාමූ මැණිකේට කිති කවන විදිහත් මැවිලා පෙනුනා...නැහැ නැහැ...පින් ටිකක්වත් කර ගන්න ඕන....හාමූ කිති කැව්වා කියලා හරි කියයි....ඒත් මේ වලත්ත හිතත් එක්ක මට වෙන්නෙ කවදා හරි හෙලුබැල්ලෙන් කටු ගහේ නගින්න....

හැබැයි කරුමේක මහත වගේ හිච්චි හාමූත් අලි පැටියෝ ඔයායි මමයි කියලා එතන ඉන්න ඕන බලන්න....අනේ දෙවියනේ....හාමූගේ අලි පැටියාට හිනා වෙච්ච වරදට එදාට මං කටු ගහේ නැගලා විතරක් නම් නවතින එකක් නැති වෙයි...

ලොකු ලමාතැනිත් මගේ අතේ තිබ්බ තැටියෙන් තේ කෝප්පේ ගත්තාම මං තැටිය මේසේ උඩින් තියලා වෙනමම පිරිසීයක් උඩ අඩුක් කරලා තිබ්බ රසකැවිලි කිහිපයත් එක්ක අනිත් අතට හිච්චි හාමූගේ කිරි කල්දෙර්ම ගත්තා....

ඒත් එක්කම වැහිච්ච කාමරේ දොර ඇරුනා...

මේකාට කපු මහත්තයා මට කෙල්ලෙක් සැට් කරලා
දෙනවා කිව්ව කතාවවත් ඇහුනාද ?

එහෙමත් නැත්තම් කිරි තේ වල සුවඳ දැනුනාද ?

කොහොම උනාත් ඇරුන දොර මැද්දේ එල්ලලා තිබ්බ සුදු පාට තිර රෙද්ද පැත්තකට කෙරුව හාමූ දොර ගාව ඉදන්ම මුලින්ම මං දිහා බලලා හොරාට එරෙව්වා....

මට රවනා....මුහුනත් අතරේ....
ඔබත් හිටියා....පැත්තකින් වාගේ...

මට ඔරවලා එකේන් සිඟිති සතුටක් ලැබුන හාමූ ඊට පස්සෙයි ගෙදරට ආපූ අමුත්තා දිහා බැලුවේ...

" කපු උන්නැහේ...කොහොමද ඉතිං වැඩ රාජකාරි එහෙම...."

හිච්චි හාමූ උගුර යටින් කතා කරේ....ඒ කටහඬ හරියට පිරිමි කෙනෙක් නිදාගෙන නැගිට්ටාම තියෙන විදිහේ හඬක්..ඒ තරම්ම රළුයි... ගැඹුරුයි...

හැබැයි හාමූ එහෙම කතා කරේ කපූ මහත්තයාලා වගේ අයත් එක්ක විතරයි...ඒ කිව්වේ ගමේ ඕනැම මිනිහෙක් එක්ක කතා කරන හැමවේලාවකම හාමූගේ කට හඬ අහන් ඉද්දි ඇඟේ හිරිගඬු පුප්පවන තරම් බයංකාරයි...නමුත් ගාම්භීරත්වය නොඅඩුයි....

හැබැයි පවුල ඉස්සරහා...අපි ඉස්සරහා...විශේෂයෙන්ම මං ඉස්සරහා ඒ කටහඬේ ඉදන් සම්පූර්ණ චරිතේම වෙනස් වෙන්න ගන්නේ තප්පර අරික්කාලයි....

හැමෝම හිතන් ඉන්නේ හාමූ කියන්නේ හෙන චරිතේ කියලා...ඒත් මං විතරද කොහෙදෝ දන්නේ ඒකාට තියෙන්නේ හෙන බෝක්කු කටක් කියලා...ඇරියෝත් ගූ ගොඩායි....නැහැ නැහැ...ගූ ගොඩායි නෙමෙයි...ඒක තනිකරම ගලි බවුසරයක්....

ඒ වේලාවට ඔය අභීමානවත් ගාම්භීරත්වයෙන් යුතු කටහඬවල් නැහැ...සංවරකම කියන්නේ හිච්චි හාමූට එක්තරා කොලොප්පමක්....

ඒත් ඇත්තම කිව්වොත් මං හිච්චි හාමූගේ මේ දෙවිදියටම ආසායි....පිට මිනිස්සු ඉස්සරහා පෙන්නන්න පම්පෝරි කට හඬ හැම වේලාවෙම වගේ මගේ ඇඟේ හිරියක් යවනවා....නමුත් කවුරුත් ලඟ නැති වෙලාවට ඒ හඬ නිදහසේ වචන හසුරුවනවා...

ඉතිං මං ඒ දේආකාරයටම කැමැතියි...

" විශේශයක් නැහැ අභිමන් හාමූ....මගේ රාජකාරිය ඉතිං මගුල් කපුකම් කරන එක නේ...ඒවා ටික හොඳට සිද්ද වෙනවා....මං හාමූට අදත් හොඳ පෙලපත් වලින් එන මැණිකේලා වගේක පොටෝ ගෙනාවා...ඇවිත් බලනවාද ? "

" අවශ්‍යතාවයක් නැහැ කපු උන්නැහේ....මට නම් ඔය කසාද වගේ දේවල් වලට දැන් වැඩි මනාපයක් නැහැ...ලමාතැනිනේ ඔයාට අඬ ගැහුව්වේත්...ඉතිං ඔය ගණුදෙනු ඔයා එයා එක්කම කතා කර ගන්න..."

" පුතේ....උබ ඔහොම කතා කරන්න එපා....මං මේ නැහෙන්නෙත් උබට හොඳ තැනකින් කසාදයක් හොයන්න නේ...අඩුම ඇවිත් මේ පින්තූර වල උබ මනාප කෙනෙක් ඉන්නවාද කියලාවත් බලපන්කෝ..."

" මං අම්මාණ්ඩිට වතාවකුත් කීවා නේ...මං ඒවාට ප්‍රිය නැහැ දැන්...යෝජනාවල්ම කීයක් ගෙනාවාද...එකක්වත් හරි ගියේ නැහැ නේ...මට මෙහෙම ඉන්න එක හොඳයි...වචනේට පිටින් ගිහින් හිතුවක්කාරකමට වැඩ සිද්ද කරනවා නම් ඒවා වල වගකීමත් අම්මණ්ඩිම අර ගන්න...."

අම්මා පුතාලා ආයේත් රණ්ඩුවකට අර අදින අතරේ මං හෙමීට ඔලුව පහත් කරන් වැදගත් යමක් කාගේ හරි කටකින් පිටවෙයිද කියලා අවදානෙන් අහගෙන උන්නා....

ඒත් කවද්ද මං හිතන් හිටිය ඒවා හරි ගියේ...

" එතකොට උබ "

හෙන ගහන්න වගේ හාමු එකපාරම කලින් ලමාතැනිට කතා කරපූ හඬ විලාසෙන්ම මාවත් අමතද්දි රණ්ඩුව දිහාවට කන උලුප්පන් හිටිය මාව හැමෝටම පේන්න ගැස්සිලා ගියා....

"අනුන්ගේ සිනී කරන්නේ නැතුව වරෙන් තේ එක අරගෙන කාමරේට...ඉන්නවා මෙතන කුරුම්බැට්ටියක් වගේ..."

හාමූ අන්තිම වචන ටික මුමුනලා වගේ කියලා මට රැව්වාත් හාමූ මට කුරුම්බැට්ටිය කියන කතාව සාලේ හැමෝටම ඇහුනා කියලා මට හොඳ විශ්වාසයක් තිබ්බේ හාමූ එහෙම කියනවාත් එක්කම හැමෝගේම ඔලු ටික මගේ දිහාවට එකපාරම හැරුන නිසා...

හරි මං කුරුම්බැට්ටියක් වගේ කියලා පිලිගන්නවා...ඒත් ඌට වටිනවාද මේ ජනි ජනයා ඉදිරියේ මාව එහෙම නෝන්ඩි කරන්න...හයියෝ හැමෝම ඉස්සරහා සිනී කිරනවා කියලාත් කිව්වා...

මේ යක්සයා මාව නැති කරනවා....

බිංකුණ්ඩා මාව පිච කරලා පජාත කරලා මුකුත් නොකරපූ සපුමල් කුමාරයා වගේ පද්ද පද්ද ගස්ස ගස්ස කාමරේට යන්න ගියා...

මාත් බැරිම තැන වෙච්ච අවනඩුවෙන් බේරෙන්න ඉතිං තාමාත් මං දිහා බලාගෙන ඉන්න ලමාතැනිලාට හිකනලෙක් වගේ හිනා වෙලා හිච්චි හාමූ පස්සෙන් ඒ සිරි යහන් ගැබටම ගොඩ උනා...

" ඔය දොර වහගෙන යන්න..."

මං කාමරේට ඇතුල් වෙලා අතේ තිබ්බ තේ කෝප්පේ ඇඳ එහා පැත්තට වෙන්න තිබ්බ පොඩි මේසේ උඩින් තියනකොටම වගේ අල්මාරිය ඇරගෙන කමිසයක් හොය හොය හිටිය හාමූ මං දිහාවත් නොබලා මට අණ කරා....

ටිකකින් හාමු කමිසය හොයාගෙන මෙච්චර වෙලා නිරුවත්ව තිබ්බ උඩකය වහ ගන්න අතරේ මං දොර වහගෙන එළියට යන්න හැදුවා...

" අපි ඇත්තටම මේකට මොකක්ද කරන්නේ කපු උන්නැහේ...."

ඒත් එළියට එන්න හදනකොටම වගේ සාලේ පැත්තෙන් රස කතාවක් පටන් අරන් තියෙනවා කියලා ඇහෙද්දි මං කාමරෙන් පිටවෙන්න එළියට තිබ්බ අඩියම ආයේත් ආ පස්සට අරන් දොර දාරේට මුවා වෙලා දොර රෙද්ද අස්සෙන් හොරාට බලන් ඉදියා....

අදවත් හිච්චි හාමූගේ රහස එළි වෙයි ද ?

එහෙම උනොත් ගමේ රොයිටරේට කියලා ගානක් කඩා ගන්නත් පුලුවන් වෙයි....

මේ වලව්වේ උදවිය හිච්චි හාමූට මඟුල් හරියන්නේ නැති හේතුව මුලු ගමෙන්ම හැංගුවා....කොටින්ම ඉතිං මංවත් හරි හේතුව දන්නේ නැහැ නේ....

මං කාමරේ ඇතුලේ කියලායි මහ ගැණී හිතාන හිටියේ...ඒ මදිවට බිංකුණ්ඩාගේ රෙඩීයෝවත් සද්දෙන් වැඩ....දැන් තමා ජෝතිපාල කියලා බලන්නේ නැතුව පාරක් ගහලා ඒ කටටත් ප්ලාස්ටරයක් අලවලා කට වහගෙන හිටපන් කියලා එන්න හිතෙන්නේ....

කොඳු ඇට පේලියත් ඉස්සරහාට නවාගෙන ලොකු තැන නිධානයක් හාරන්න කතා වෙනවා වගේයි කපූ මහත්තයා එක්ක කතා කරේ...කපු මහත්තයාත් ඉස්සරහාට බර වෙලා ලමාතැනි කියන එව්වා හෙන බැරෑරූම් මුහුනකින් අහගෙන හිටියා....

මං එක කනක් අතින් වහගෙන අනික් කන සම්පූර්ණයෙන්ම සාලේ පුටු සැටිය තියෙන දිහාවට ගෙනිච්චා.....

" පහතරට එක්කෙනාත් බැහැ කිව්වා ? "

" ඔව් නේ කපු උන්නැහේ...බලන්නකෝ...අපි අර වේලාපත්කඩේ තිබ්බ කතාව කිව්වා විතරයි උන් කොල්ලාව එපා කීවා නේ..."

"ලමාතැනිට මං කීවා නේ දේවල් කියන්න එපා කියලා..."

" හංගන් ඉන්න බැරි උනා කපු උන්නැහේ...ඉබේම කියවුනා නේ....අපි කොල්ලට ශාන්ති කර්මයක්වත් කරොත්-"

මං මගේ මුලු සර්වාංගනේම අවධානේ සාලේ කෑල්ලට දික් කරගෙන ඉන්නකොට මට ඇත්තටම අමතක උනා මං කොහෙද ඉන්නෙ කියලාත්...

ලොකු ලමාතැනි පහතරට මැණිකේත් අකමැති උන කතාව කියලා ශාන්ති කර්මයක් ගැනත් කතා කරන්න ගන්නකොට මගේ බෙල්ලේ පිටිපස්සට මඳුරුවෙක් ඇවිත් තට්ටු කරා...

පර මඳුරුවාට දැන්ම තමා තට්ටු දාන්න ඕන...මං බෙල්ලට පාරක් ගහගෙන ආයේත් ඉස්සරහා වෙන සාකච්ඡාවට කන් දුන්නා...

" ශාන්ති කර්ම නම් මේ ප්‍රශ්නේට විසඳුම කියලා හිතන්න අමාරුයි ලොකු ලමාතැනි...දැන් ඊලඟට මැණිකේ කෙනෙක්ව බලන්න යනවා නේ...එතකොට ඔය කාරණාව ගැන නොකියා වෙන්නේ මොකක්ද කියලා බලන් ඉමූකෝ..."

කූට කපු මහත්තයා බොරු කියලා මැණිකේ කෙනෙක්ව උස්සන් එන්නද මේ හදන්නේ....?

සැක්...මුන්ගේ මේ රහස් වචන වල මුරපදය තාම හොයා ගන්න බැරි උනා නේ....ඒ දෙන්නා කතා කරපූ වචන වල ලොකු හිස් තැනක් තියෙනවා...

මොකක්ද අර කේන්දරේ කතාව...හාමූගේ කේන්දරේ මොකක්ද තියෙන්නේ....මැණිකෙලා අච්චර ගොඩාක් හාමූට අකමැති වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන් ද ?

හයියෝ....මේ සක්කිලි මදුරුවාව නම් මං දැන් කනවා...!! යකෝ නිදහසේ කල්පනා කරන්නවත් දෙන්නේ නැහැ නේ...

ආයේත් බෙල්ල පිටිපස්සටම ඇවිත් ඇන්න මදුරුවාව පරලොව සැපත් කරන්න හිතන් මං චාටාස් ගාලා බෙල්ලට ගහ ගන්න ගමන් පිටිපස්ස හැරුනා...

" චිඃ ...! මොන වදයක්-"

මං කටින් සද්දෙකුත් පිට කරන් පිටිපස්සට හැරුනා තමයි....

ඒත් මං හිතුවේ නැහැ මාව කෑව සක්කිලි මදුරුවා ඒ තරම්ම විසාල ඇති කියලා....

අනේ අම්මේ....!!!!

මගේ පිටිපස්සේ ඉදන් බෙල්ලට තට්ටු දාලා තිබ්බේ මදුරුවෙක් නෙමෙයි දෙයියනේ...ඒ හාමූ...අපේ හිච්චි හාමූ....

මගේ කකුල් දෙකත් ඒ තප්පරේට ටක ටක ගාලා වෙව්ලන්න ගත්තා...ඇයි මට අමතක උනේ මං මේ කෝප්ප හැඳි වලං හෝදන්නේ හාමූගේම කාමරේ ඉදන් කියලා....

මං හෙමීට හාමූගේ කකුල් දෙකේ ඉදන් උඩට වෙනකන් බලන් ආවා....

අන්තිමට මගේ ඇස් හාමූගේ මුහුන ලඟ නතර වෙනවකොට ඇහිබමකුත් උස්සන් පපුව ඉස්සරහා අත් දෙක බැදන් හිටිය හාමූ මගේ ඇස් දෙක දිහා බලන්ම කට කොනට හිනා උනා.....

රාජකීය රහස් අහගෙන හිටිය වරදට රාජසිංහ රජ්ජුරුවෝ මද්දුම බණ්ඩාරව බිලි දෙයිද.....

" තුහින බර රාජකාරියක වගේ...හ්ම්ම් ? "

හාමූ කින්ඩියට වගේ මගෙන් එහෙම අහද්දි වැරැද්දක් කරලා ඒක මාට්ටුත් වෙච්ච බයට මාව ඉබේම පස්සට විසික් උනා....

එත් එක්කම මට පෑගුනේ ඊට පිටිපස්සේ බිමටම ගෑවෙන්න තිබ්බ දොර රෙද්ද....

ඒකත් මට පෑගිච්ච හැටියේ රතු පොලොව උඩ ලිස්සලා යන්න ලෑස්ති වෙනකොට මං හිතුවේම හාමූගේ දොර උළුහවුත් කඩාගෙන මාව සාලේ පොලොව උඩට වැටෙයි කියලා...

ඒත් ඒ සේරම වෙන්න ඉස්සෙල්ලා හාමූ පපුව ඉස්සරහා බැදගෙන තිබ්බ අතකින් මගේ කමිසේ කර අල්ලන් මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා....

මාත් වටේ යන සරුංගලේ වගේ හාමු පැත්තට ඇදිලා ගිහින් ඒ උරහිසට පහලින් නලල වද්ද ගත්තා...

"ස්..ස්...සමාවෙන්න හාමූ..."

එහෙම කිව්වාට සමාවෙන්න කියන්න වටින්නේ නැහැ....ඇත්තමයි මේ බිංකුණ්ඩාගේ පපුවේ වැදුනාට වඩා සැපයි ගිහින් අර පොලොව උඩ පත බෑවුනා නම්....

මං අහන්නේ මගේ පිටිපස්සේ ඉදන් එහෙම බය කරපු එක හරි ද ? ඒක නේ මාව වැටෙන්නත් ගියේ....

එක්කො මොකුත් කියන්න නරකයි....ඒ මනුස්සයා හින්දා නේ මොනා උනාත් වෙන්න ගිය අකරතැබ්බයෙන් මාව බේරුනේ....

මං වැදිච්ච පාරට යාන්තම් රිදෙන්න ගත්ත නලල අත ගා ගන්න අතරේ හාමූ ඔලුව දෙපැත්තට වනලා ඊට එහා පැත්තේ තිබ්බ මේසේ උඩින් තේ කෝප්පේ අර ගත්තා...

" පොඩ්ඩක් අර මේසේ අස් කරනවා..."

හාමූ තේ උගුරක් බීලා ඊලඟ උගුර බොන්න කෝප්පේ තොල් ලඟට ලං කර ගන්න ගමන්ම මට ජනේලේ ඉස්සරහා හැඩි වෙලා තිබ්බ මේසේ ඔලුවෙන් පෙන්නුවා...

මමත් ඉතිං අවුල් වෙච්ච කොණ්ඩේ අල්ලෙන් පැත්තට පීරගෙන මොන මොනාදෝ ලියලා තිබ්බ කොල විසිරිච්ච මේසේ ලඟට අඩි තිබ්බා....

මං එහාට මෙහාට වෙච්ච පොත් ටිකයි කොළ කැලී ටිකයි පිලිවෙලට මේසේ උඩින් තියද්දි හාමූ ඇඳ උඩින් ඉදගෙන තේ එක බොන ගමන් අනිත් අතින් පෝන් එක ඔබ ඔබ හිටියා....

මං ඒක අහන්නද ? හාමුවත් මට ඒක ගැන කියයි ද ? නැත්තම් මට බනී ද ?

මේසේ ඉස්සරහාම තිබ්බ ඇරුන යකඩ කුරු ජනේල් අතරින් පේන කලුවර වත්ත දිහා බලන් මං කල්පනා කරේ මගේ හිතේ කැකෑරේන මේ ප්‍රශ්නේ අහනවාද නැද්ද කියලා....

ඕක අහලා උපරිම ඕන්නම් බනී...එතකොට කියනවා හෙමීට බනින්න කියලා...නැත්තම් ඔය ගලිය ඇවිස්සුනොත් එහෙම මගේ ආත්ම ගරුත්වය මට කෙල්ලෙක් හොයලා දෙන්න හදපූ කපු මහත්තයා ඉදිරියේ බල්ලාට යනවා....

ඔව් මං ඒක අහනවා....!!

" ඔහොමම ඔය ජනේලේත් වහනවා..."

" එහෙමයි හාමූ..."

මං පපුවට සම්පූර්ණ ධෛරයයම එකතු කරන් හාමූගේන් ඒ ප්‍රශ්නේ අහන්න හැරුනාත් හරි හාමූ ඊට කලින් මට වැඩක් භාර දුන්නා....

කමක් නැහැ...ඒකත් කරලාම අහනවා....

මං ජනේල් පියන් දෙක වහලා ආයේත් අනිත් පැත්ත හැරිලා හාමූ දිහා බැලුවා...හාමූ එතකොට ඇඳෙන් නැඟිටලා තේ කෝප්පේත් එක්ක මං දිහා බැලුවා....

එහෙන් මේසේ කෙලවරේ තිබ්බ රේඩියෝ එකෙන් ජෝතිපාල මහත්තයා මේ ගී කා වෙනුවෙන්ද කියලා අහනවා....

"හ්...හාමු..."

මං හාමූට කතා කරාම හාමු මං දිහා බලලා ආයේත් අතේ තිබ්බ පෝන් එකට හරව ගත්ත ඇස් දෙවනි වතාවටත් මං දිහාවට කැරකෙව්වා....

ඒ කරකවලා ඇයි අහන්න ඇහිබමකුත් ඉස්සුවා...

මං මගේ ඇඟිලි එකට එක තියලා තද කරන් කෙල ගුලියක් ගිල්ලා....

ගහන එකක් නම් නැති වෙයි නේහ් ?

" මොකද බොල උබ තටමන්නේ ? මොනාද අහන්න තියෙන්නේ..."

" හාමූගෙන් තරහා වෙන්නෙ නැත්තම් මං දෙයක් අහන්නම්..."

" තරහා වෙලා ඉන්න අපි යාලූ වෙලා හිටියේ නැහැ නේ....ඉතිං අහපන්..."

හාමූ පෝන් එක ඇඳට විසි කරලා තවත් තේ උගුරක් බීලා මට සම්පූර්ණ අවධානේම දුන්නා...

මං ටිකක් ඔලුව මුදුන ඇඟිල්ලකින් කහලා හිත අහපන් අහපන් කියලා කෑමොර දෙන ප්‍රශ්නේ වචන කෙරුවා...

" හාමුට කසාඳ හරියන්නේ නැත්තේ...මේ...මොකක්ද...මේ...හාමූ වද නිසාද ?"

" මොකක්ද ? "

හාමූගේ මුහුන එකපාරම වෙනස් උනා....මට කෝප්පෙන්වත් දමලා අරිද දන්නේ නැහැ....

මට ඒ ප්‍රශ්නේ වෙන විදිහකට අහන්න තිබ්බා...තෝ නම් මහ අමු ගොනෙක් තුහින....ගිහින් අකලංකගේ හරක් පට්ටියේ සමාජියෙක්වත් උනා නම් හරි....

" මොකක්ද උබ කලින් කිව්වේ...."

" අනේ නැහැ නැහැ මොකුත් නැහැ හාමූ...මට සමාවෙන්න..."

" නැහැ නැහැ කියපන්කෝ....කවුද උබට මං වදයි කියලා කිව්වේ ? "

" කවුරුවත් නෙමෙයි හාමූ..."

" තුහින....මං මේක ගිහින් ලමාතැනිට කියන් කලියෙන් කියාපන් කවුද උබට එහෙම හරුපයක් කීවේ කියලා ? "

හාමූ තරයේ ඉල්ලා හිටිය නිසා මං ආයේත් උගුර පෑදුවා....

" ගමේ හැමෝම හිතාන ඉන්නේ එහෙම....හාමූට මැණිකේ කෙනෙක් කැන්දන් එන්න බැරි හාමූට දරුවෝ හදන්න බැරි නිසා කියලා තමා ගමේ රාවේ යන්නේ...."

" හ්ම්ම් හොඳයි...උබ මට මුලින් ඔහොම දෙයක් කිව්ව එකාව හොයාගෙන වරෙන්කෝ...එතකොට උබේ ප්‍රශ්නේට උත්තර දෙන්නම්....හැබැයි ඒක කරන්න බැරි උනොත් , මතක නේ පොඩි කාලේ...ආඃ වගේ උබට ආයේත් සැරයක් දඬු කදේ ඉන්න වෙයි..."

කාලා වරෙන් මඬු මාලූ කිව්වාලූ...ඇද්ද තුහින තොට....දැන් කොහෙන්ද කියපු එවුන්ව හොයන්නේ...ලැගපන්කෝ ඉතිං ගිනි කාෂ්ටකේ ආයේත් දඬු කදේ....

ඒත් මට මේ ප්‍රශ්නේට උත්තර ඕන....

" හාමූ..."

" පාර මොකද ? "

හාමූ ආයේත් රැව්වා...

" හාමූට ඇත්තටම ලමයි හදන්න බැරි ? "

" උබට දැන ගන්නම ඕනා ? "

හාමූ අහද්දි මං ඔලුව වැනුවා...

ඒ උත්තරේත් එක්කම හාමූ මං දිහාවට හෙමීට අඩි තියන්න ගත්තා....

" මං වද නැහැ...ඒත් දරුවෝ හදන්න බැහැ..."

" කිව්වේ ? "

හාමූ මගේ ඉස්සරහාට ඇවිත් නවතිනකොට ඒ කිව්ව හතරබිරී කතාව නොතේරුන තැන මං ඔලුවත් පැත්තකට නැව්වා...

" කිව්වේ නෙහ් ~"

හාමූ අතේ තිබ්බ කෝප්පේ මගේ පිටිපස්සේ තිබ්බ මේසේ උඩින් තියලා ඒ මේසේටම බර වෙලා මං ලඟට පහත් උනා....

මං හිතුවේ හාමූ පොඩ්ඩක් පහත් වෙයි කියලා...

නමුත් මගේ පපුවත් ගැලවීලා වැටෙන තත්වෙට පත් කරලා හාමූ හුස්මක දුරින් ඉදන් මගේ ඇස් ගානටම එයාගේ ඇස් ගෙනත් නවත්ත ගත්තා....

මං තව තවත් මේසේ දාරේට ඇලෙන ගමන් මාව මැද්දෙ තියන් හිර කරගෙන උන්න ඒ මනුස්ස ප්‍රාණියා දිහා තවත් බලාගෙන ඉන්න බැරිකමට මුහුන පැත්තකට හරවන් බිම බැලුවා...

" මං ආයේත් අහනවා...තුහිනට ගැන දැන ගන්නම ඕනද ? "

හාමූ කතා කරන වචනයක් වචනයක් ගානේ පිට වෙන හුස්ම මගේ වම් කම්මුලේ ඇවිත් රස්නෙට වැදුනා...

පපුව පැලිලා එළියට එන තරමට මගේ හදවත ගැහුනාත් , අත් දෙකේ ඇඟිලි තද රතු පාට වෙලා රිදෙන තරමටම මේසේ තද කරන් හිටියාත් , කකුල් දෙක ගෙවීගෙන යන තප්පරයක් තප්පරයක් පසා වෙව්ලන වේගේ වැඩී වේගෙන් ආවාත් හාමූ අහපූ දේට මං ඒ අමාරුකම් මැද්දේම ඔලුව ඉහල පහල කරා...

මට පෙනුනා ඒත් එක්කම හාමූ කට කොනට ආයේත් අමුතු විදිහට හිනා උනා...

" හොඳටම විශ්වාසද ? "

එයා ආයේත් අහනකොට මං දෙවනි වතාවටත් ඔලුව වැනුවා....

එච්චරයි වෙන්න ඕන උනේ....

හාමූ එක අතකින් මගේ පැත්තකට හැරිච්ච මුහුන ඉස්සරහට හරවලා එහෙමම මගේ දකුණු කන ලඟට නැමුනා...

මං මේසේ තවත් තද කර ගත්තා...හාමූගේ උඩු රැවුල මගේ කන් පෙත්තේ උඩ කොටසේ වදිනකොට මගේ දකුණු අතම හිරිගඬු පිපිලා පණ නැති වෙන්න එනවා වගේ දැනුනා...මට විශ්වාසයි මගේ පපුව උඩ පහල වෙන විදිහට හාමූට දැම්මම මගේ පපුවේ සද්දේත් ඇහිලා ඇති.....

හාමූගේ තොල් මගේ රත් උන කන් පෙත්ත උඩ සීතලෙන් ගෑවෙනකොට මං තද කරලා ඇස් දෙක වහ ගත්තා...

තප්පරයක්වත් ගෙවුනාද කියන්න දන්නේ නැහැ....

නමුත්....

නමුත් !!

නමුත් !!!!

" මං ආස කොල්ලොන්ට..."

මං ඇස් දෙක වහ ගත්තාටත් වඩා වේගෙන් ආයේත් ඇරියා....

හාමුගේ ගොරොසූ කට හඬින් කිව්ව වචන තුන මගේ කන පසාරු කරගෙන ඇතුලටම කිදා බැස්සේ මුල් තප්පර ගානේ හාමූ මට කිව්ව දේ හරියට තේරුම් ගන්න බැරි වෙද්දි....

හත්තිලව්වේ....!!! මොකක්ද ඒ කිව්ව කුනුහරපේ....

මාව එකපාරම ගැස්සිලා ගියා....

හාමූ ලමයි හදන්න බැරි හේතුව මට රහසින් කියලා කට කොනට හිනා වෙන ගමන්ම ආයේත් මගේ මුහුන දිහා බැලුවා....

හාමුයි කොල්ලොන්ට ආස බව කිව්වේ...ඒත් රතු උනේ මගේ කම්මුල්.....ඒවා රත් වෙවී පොඩ්ඩ පොඩ්ඩ ලොවී පාට වෙනවා....

නමුත් හාමූ ඒ වචන තුනෙන් නම් නැවතුනේ නැහැ....

මෙච්චර වෙලා ඒ කට කොනේ ඇඳුන හිනාව නැවතිලා ගිහින් හාමූ එයාගේ යටි තොලේ පැත්තක් ඉස්සරහා දත් දෙකට හිර කරගෙන වනචරයෙක් වගේ මං දිහා බැලුවා...

මං මේ සේරම දිහා බලන් තවමත් හාමූට හිර වෙලා උන්නා....

" තුහිනත් මනාප නම් ~ "

එයා වචන කිහිපයකට මුල පුරන ගමන් මේසේට තද වෙච්ච මගේ අතක් අරන් ඒ උඩින් භාගේට බීලා තිබ්බ කිරි කෝප්පේ තියලා කතාවේ ඉතුරු කෑල්ල සම්පූර්ණ කරේ මට එතනම ජනෙලේ කඩාගෙන ආයේ පස්සවත් නොබලා ගෙදර දුවපන් කියන තත්වේට හිතන්න ඉඩ ඇරලා....

" එනවාද මගෙත් එක්ක අසම්මතෙන් පිට යන්න..."

.

.

.

.

හායි...

ඔන්න ආවා....

ටිකක් පරක්කුයි කියලා දන්නවා...ඒත් ඉස්සර තරම් ෆ්‍රී නැහැ නේ දැන්....ඒකයි ලොකුම ප්‍රශ්නේ...

කොහොමද කියලා කියාගෙන යන්නකෝ....මේ යන විදිහට ඔයාලා ආසද ? ලියන ස්ටයිල් එක තේරෙනවාද ?

නන්ගියෙක් මට මේ ලස්සන කවර් එක හදලා දුන්නා...අනේ මට එයාගේ වට්පෑඩ් යූසර් නේම් එක මතක නැහැ....අහන්නත් අමතක උනා....නන්ගො , ඔයා මේක දැක්කොත් අනිවාර්යයෙන්ම කමේන්ට් එකක් දාන්න....

මට කියන්න ඕන උනේ...ගොඩාක් ස්තුතියි මේ කවර් එකට..❤️ ඒක ඇත්ත්ටම ලස්සනයි....මං මේක කවර් පික් එක විදිහට දානවා දැන්....ගොඩාක් ස්තුතියි නන්ගෝ....

එහෙනම් අලුත් එකෙන් හම්බේමූ....

继续阅读

You'll Also Like

129K 13.8K 74
TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.
366K 10.6K 100
Where Harry is an Instagram model and Niall is a solo artist that just happens to find Harry very attractive.
1.4K 262 12
" එක්කෙනෙක්ට එක පාර දෙන්නෙක් ට ආදරේ කරන්න බැරිද ආකාෂ්.. " " එහෙම කරනවා නම් එතන කොහෙන්ද ඇත්ත ආදරයක් වර්ශ.. " " හරි එහෙනම් මට මේක කියන්න.. මන් ඔයාගේ...
6.2K 1K 15
'සුදු අයියා ඇයි පින්න මල් වලට ඔච්චරම ආස?' 'මගේ ස්නේහත් පින්න මලක් වගේනේ...ඉතින් මං පින්න මලට ආස නොවී කොහොමද ම්ම්ම්! මගේ පින්න මල!!' "පින්න මලක සුවඳ හ...