Frozen Romance ( මිදුනු...

Door Anu__Shi

2.7K 498 340

ආදරේ කියන්නේ මොකක්ද ? මීට අවුරුදු ගානකට කලින් කවුරුහරි මගෙන් එහෙම ඇහුවානම් මං ඒකට උත්තරේ දැනගෙන හිටියේ නෑ... Meer

පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හයවෙනි කොටස
හත්වෙනි කොටස
අටවෙනි කොටස
නවවෙනි කොටස
දහවෙනි කොටස
එකොලොස් වෙනි කොටස
දොළොස්වැනි කොටස
දහතුන් වෙනි කොටස
දාහතරවැනි කොටස
පහළොස් වෙනි කොටස
දහසයවන කොටස
දාහත්වෙනි කොටස
දහඅටවෙනි කොටස
දහ නවවෙනි කොටස
විසිවෙනි කොටස
විසි එක්වෙනි කොටස
විසි දෙවැනි කොටස
විසිතුන්වෙනි කොටස
විසි හතරවෙනි කොටස
විසි පස්වෙනි කොටස
විසිහය වෙනි කොටස
විසි හත්වෙනි කොටස
විසි අටවන කොටස
විසි නවවන කොටස
තිස් එක් වෙනි කොටස...
තිස් දෙවැනි කොටස

තිස් වෙනි කොටස

44 6 8
Door Anu__Shi



දන්නවද මිනිස්සුන්ගේ ජීවිත හරි පුදුමයි... මිනිස්සු කියන්නෙත් මේ ලෝකේ ජීවත් වෙන තවත් එක සත්ව කොට්ඨාසයක් විතරක් වුනාට ඉපදිලා මැරිලා යන අවුරුදු ගානට ඒ තරම් අමුතුම පුදුමාකාර ජිවීතයක් ගෙවන එකම සත්ව කොට්ඨාසේ මිනිස්සු වෙන්නැති... රස්සාව, ආදරේ, පවුල, යුතුකම්, වගකීම් මේ ඔක්කොම කොයිතරම් නම් බරයිද ?ඇත්තටම අපිටත් බැරිද අනිත් සත්තු වගේ නිදහසේ ජීවත් වෙන්න...

ඔඩොක්කුවේ ඉන්න පූසගේ සිනිදු ලොම් අතගාන ගමන් මං හිත හිත හිටියේ ඒක... පූසන්ට තියෙන්නේ මාර සැප ජීවිතයක් ආහ් නැද්ද... කනවා නිදියනවා කනවා නිදියනවා... කිසිම ප්‍රශ්නයක් නෑ... අපරාදේ මාත් පූසෙක් වත් වුනානම් සැපේ ඉන්න තිබ්බා.... කොහෙද ඉතින් පින් වැඩි වෙලා මනුස්සයෙක් වුනානේ...

" ඔය සතාව උයලා කනවද බැදලා කනවද ඩෙවල් දානවද කියලද ඔච්චරම හිතන්නේ ආහ් ... "

පූස් පැටියව උකුලේ තියාගෙන ඌගේ සිනිදු ලොම් වල පහස විද විද සිතුවිලි ලෝකේක අතරමං වෙලා හිටිය මාව ආපහූ මේ ලෝකෙට ආවේ නිකිල්ගේ කටහඩින්..

" මෝඩයා... මේ අහිංසකයාට ඇහෙන්න ඔය වගේ නපුරු කතා කියන්න එපා... "

" ආහ් දැන් ඔයාට මාවද වටින්නේ ඔය කම්මැලි පූස් තඩියවද ? "

" එයා තාම පූස් පැටියෙක් නිකිල්... පූස් තඩියා කියන්න එපා "

" එහෙනම් ඔයා ඔය පූස් තඩියා එක්කම ඉන්නවා.. එන්නෙපා මං ළඟට.. මට දැන් තේරිලා තියෙන්නේ ඔයාට මාව එපා වෙලා තියෙන්නේ කියලා සුදු අයියේ.... කතා කරන්න එපා මාත් එක්ක..."

අතේ තිබ්බ තේ සද්දෙන් මෙසේ උඩ තිබ්බ නිකිල් මටත් ගස්සගෙන මිදුලට ගියේ ඒ සද්දෙට සනීපෙට නිදන් හිටපු පූස් පැටියත් ඇහැරිලා බිමට පනිද්දි... දැන් හරිනේ මගේ කොල්ලත් නෑ පූස් කොල්ලත් නෑ.. හරිම අගෙයි.. මටත් වෙන්නෙම ඔහොම වැඩ තමයි...

වෙලාවකට නිකිලුත් හරියට පොඩි ළමයෙක් වගේ.. මගේ ආදරේ කාත් එක්කවත් බෙදාගන්න එයා පොඩ්ඩක්වත් කැමති නෑ... මගේ පිස්සු කොල්ලා... තේ එකත්  අරන්  මාත් නිකිල් පස්සෙන් ගියේ කොහොමහරි මගේ සුද්දව යාලු කරගන්න හිතාගෙන...

" මේ සුද්දෝ.... "

" යන්න ගිහින් පූසා එක්කම ඉන්න... "

" පිස්සුද අනේ මට පූසෝ එපා... මට ඕනි ඔයාව... මං ආදරෙයිනේ ඉතින්... "

" මටෝන්නෑ..."

" කෝ ඉතින් උම්මා එකක් දුන්නම යාලු වෙනවලු හරිද ? "

" බෑ... "

" එහෙනම් වෙන මොනවාහරි ලොලිපොප් වගේ දෙයක් දුන්නොත්...."

මං ඇහැකුත් ගහලා නිකිල්ව මගේ උකුලටම ඇදලා ගත්තේ වල් හිනාවකින් එයාගේ තරහ ගිය මූණ පිරිලා යද්දී...

" තමුසේ මහ වල් ගහක් ඕයි අයියේ..." 

"වල් පැලයක් එක්ක ඉද්දී එහෙම තමා... "

අතින් බොරුවට මාව එහාට තල්ලු කරන නිකිල්ව ඇදලා අරන් තුරුල් කරගෙන මං එයාගේ කටු කටු රැවුල් ඇනෙන කම්මුල් දෙක මගේ ග්‍රහණයට ගත්තා.. මුරණ්ඩුකම ඉහටත් උඩින් තියෙන තියෙන මගේ දඩබ්බර කොල්ලා තාමත් මාව එයාගෙන් ඈතට තල්ලු කරනවා.. බංකුවේ එහාට මෙහාට දඟලලා අන්තිමේදී නිකිල්ව ගහටම හේත්තු කරගත්තු මං එයාගේ තොල් මගේ වලින් සීල් කරගත්තේ එච්චර වෙලා දඟලපු කොල්ලව ගල් පිලිමයක් වගේ සන්සුන් වෙද්දි... දෙන්නම ඒ හාදුවේ පහසට දැහැන් ගත වෙද්දී එකපාරටම ගේට්ටුව කඩාගෙන ඇතුලට ආපූ කළු පාට ප්‍රාඩෝ එකක හෙඩ් ලයිට් එකයි කන් බීරී කරවන හෝන් එකයි අපි දෙන්නවම ක්ෂණයකින් දෙපැත්තකට වෙන් කරලා දැම්මේ හරියටම හෙනයක් ගැහුවා වගේ...

" නිකිල්.... !! "

කාර් එකෙන් බැහැලා ආපු සුදු සරමට සුදු අත්දිග ශර්ට් එකක් ඇදන් හිටපු වැඩි වයසක් පේන්න නැති තරුණ, හැඩිදැඩි  මනුස්සයා නිකිල්ගේ නම කියලා කෑගැහුවේ නිකිල්ගේ කනට එකක් ගහන ගමන්... ඒ පහරේ සැරට විසිවෙලා ආපු නිකිල් මගේ පපුවේ වැදුනේ හරිම අසරණ විදිහට... මගේ කොල්ලට අත තියපු එකෙක් නිකන් අතෑරලා දාන්න මට කොහෙත්ම ඕනේ වුනේ නෑ... කන රත්වෙන්න දෙකක් දෙන්න ඕනි වුනත් මං ගහන්න  උස්සපු අතේ එල්ලිලා නිකිල් ඇස් වලින් එපා කිව්වා..

" ඒ මගේ අයියා... "

පුපුරු ගහන කම්මුලේ අත තියාගෙනම නිකිල් මිමිණුවා... මගේ අවධානේ නිකිල්ගේ මූණට යොමුවෙලා තියෙද්දී නිකිල්ගේ අයියා කියන එකා ඇවිත් නිකිල්ගේ ශර්ට් එකෙන් ඇදලා ඌ ලඟට ගත්තේ මගේ පොඩි කොල්ලා පරඩැලක් වගේ ඇදිලා යද්දී...

" නිකිල් තමුසේ මොකක්ද මේ නටන නාඩගම ආහ්... අපේ පවුලේ නම්බුවේ දැලි ගාන්නද බල්ලෝ තෝ හදන්නේ... "

" අයියා..."

" මට අයියා කියන්න එපා තෝ... ලැජ්ජයි යකෝ මට..  තොට බුදියන්න කෙල්ලෙක් හිටියෙම නැද්ද මේ එක එක කොල්ලො එක්ක බුදියන්න ගත්තේ.. ඈ යකෝ..  "

නිකිල්ගේ අයියා ආපහූ නිකිල්ගේ කම්මුලක් රත් කලා... මූට දෙන්න ඇත්තම්... මං ඉවසන්නේ නිකිල්ගේ එක වචනයක් නිසා.. නැත්තම් ඕකගේ දත් සෙට් එකම බඩට යවනවා..

" මං එක එක කොල්ලෝ එක්ක බුදියන්න ගියේ නෑ අයියා..... මට එහෙම අසහනයක් නෑ... මං ආදරේ කලේ සුදු අයියට විතරයි..  ඒක එදත් අදත් හෙටත් එච්චරයි.... "

" උඹ නටනවා හොදටම  වැඩි චූටි..  උඹට නිදහස දුන්න එක අපේ වැරැද්ද... තවත් අපිට ලැජ්ජ නොකර නැගපන් වාහනේට... උඹට මං කෙල්ලෙක් හොයලා දෙන්නම්... මූව අමතක කරහන්... "

" මට බෑ අයියා ඒක කවදාවත් වෙන්නේ නෑ... "

" චූටි උඹ..."

ආයේත් සැරයක් නිකිල්ගේ අයියගේ අත මගේ කොල්ලගේ කම්මුල රත් කරන්න කලින් මං ඒ අත අල්ලගත්තා..  ඒ නපුරු තියුණු ඇස් මගේ දිහාට යොමු වුනේ සිංහයෙක්ගේ දඩයම උදුරගන්න ආපූ වෘකයෙක් දිහා බලන තරම් නපුරු බැල්මකින්..  නිකිල්ගේ අයියා කියන්න පුලුවන් තරම් ඒ දෙන්නගේ මූණේ හැඩහුරුව සමානයි. වෙනසකට තිබුණේ නිකිල්ගේ තිබුණු හුරතල් පෙනුම වෙනුවට තද පාට හමත් එක්කම ඒ තියුණු ඇස් නිකිල්ගේ අයියට ගෙනල්ලා තිබුණු නපුරු පෙනුම විතරයි...

" මේ මල්ලි උඹ පැත්තකට වෙලා ඉදපන් මට උඹ එක්ක කතාවක් නෑ... "

ඒ ගැඹුරු හඩ කිව්වේ මං තව අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් මාව මරන්න වුනත් පුලුවන් කියන්න වගේ...

" නිකිල් නැගපං වාහනේට...මං උඹට ආයේ කියන්නේ නෑ... "

"නිකිල් ආදරේ කරන්නේ මට.... ඔයාට අයිතියක් නෑ ඔහොම කරන්න... "

" ආදරේ.... මේකේ කොහෙද බන් ආදරයක් තියෙන්නේ... හරිහමන් කෙල්ලෙක් සෙට් වුනාම උඹට අපේ එකාව අමතක වෙයි... අපේ එකාට පාඩුවේ ඉන්න දීලා උඹත් වැඩක් බලාගනින්... හැබැයි ආයේ මේකා එක්ක එක තැනක ඉන්නවා හරි දැක්කොත් මං නරක මිනිහා කියන්න එපා.... "

"නැගපන්..  නිකිල්ව වාහනේට තල්ලු කරලා එයත් නැගලා වාහනේ ගේට් එකෙන් එළියට ඉගිල්ලිලා ගියා... මං පිස්සෙක් වගේ කකුල් දෙකට පණ තියෙනකම් වාහනේ පස්සෙ දිව්වත් ඒ වේගේට මට වාහනේ මගහැරුනා... බලාපොරොත්තු සුන් වෙලා මගේ හොද සිහිය නැතිවෙලා ගිහින් මුළු වටපිටාවම බොද වෙලා යද්දි මං අන්තිමට දැක්කේ වේගයෙන් මගේ පැත්තට එන වාහනේක හෙඩ් ලයිට් එක විතරයි...

To be continued.......

🥀 A/N 🥀

🥀 ඇත්තටම සොරි කාලේකින් Update දෙන්න බැරි වුනාට... කතාවක් ලියන්න තරම් සැහැල්ලු මානසිකත්වයක් නෑ.. අලුතින් ජොබ් එකකට ගියාම හරිම ස්ට්‍රෙස්.. සමහර මිනිස්සු එක්ක වැඩ කරන්න හරිම අමාරුයි... ජොබ් එකෙන් අස්වෙලා එන්න හිතෙන වාර අනන්තයි... ඒත් ඉවසන් ඉන්නවා.. සමහරවිට ඔයාලත් එක විදලා ඇති...ඒ නිසා ටික කාලයක් යනකම් update අඩු වෙයි.. කාලේකින් Update කලේ නැති නිසා මට දැන් plot එකත් අමතකයි වගේ.. කොහොමත් අපි මේක ඉක්මනට ඉවර කරමු... කතාව ගැන අහන හැම කෙනාටම ගොඩාක් ස්තූතියි.. ඔයාලා නිසයි මෙහෙම හරි වචන ගලපගන්න හයියක් ලැබුනේ... එහෙනම් ආපහූ ඉක්මනට එන්නම් 🙂🙂

Ga verder met lezen

Dit interesseert je vast

44.3K 7.4K 77
නුවර අහස යට සදාකාලයටම පරිස්සම් වෙන අපි හැමෝගෙම මේ ආදර කතාව අමරණීයයි... අපේ හුස්ම වැටෙන තාක් වගේම, අපි මේ පොළොවේ දූවිල්ලක්වත් නොවුණ දාකත් අපේ ආදර කතාව...
879K 34.9K 82
မာန်ထက်လွှား ~ မင်းကို ​ဒေါ်​ဒေါ့်​ကြောင့် ငါအ​တော်သည်းခံ​နေရတာ ရွန်း​ဝေလ ​တော်​တော်စိတ်ပျက်ဖို့​ကောင်းတဲ့​ကောင်ပဲ ကျစ်! ရွန်း​ဝေလ ~ မင်းရဲ့ကံဆိုးမှု...
45.6K 8.1K 45
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...
27.1K 4.2K 53
[COMPLETED] [HAPPY ENDING] 🎥••𝐓𝐡𝐞𝐫𝐞'𝐬 𝐧𝐨 𝐒𝐏𝐀𝐂𝐄 𝐢𝐧 𝐦𝐲 𝐡𝐞𝐚𝐫𝐭 𝐟𝐨𝐫 𝐚𝐧𝐲𝐨𝐧𝐞. 𝐁𝐮𝐭 𝐲𝐨𝐮!••📽 First Update Wattpad :...