NIRNAMIKA | සිංහල | (Anonymou...

Per BTS_taesite_

3.6K 720 232

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... Més

"නිර්නාමික-01"
"නිර්නාමික-3"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-25"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "

"නිර්නාමික-2"

174 26 15
Per BTS_taesite_

තුහින : පාඩුවේ ඉන්න දීලා මෙතනින් පලයන් ආධිල් ! උඹ මගේ යාළුවා නිසයි මං හොදින් කියන්නෙ....

එහෙම කිව්ව තුහින ආපහු හැරිලා පාරෙ අනිත් පැත්තට ගියේ ආධිල්ව මග අරින උවමනාවෙන් . තුහින යන දිහා ආධිල් බලං හිටියෙ හරිම හිස් බැල්මකින් . සති අන්තෙත් ගෙවිලා යන කොට ආධිල් වගේම තුහිනත් තම තමන්ගෙ වැඩ වලට අවදානෙ යොමු කළා . ඒත් ආධිල් ගෙ හිතේ තිබ්බ නොසන්සුන්කම එක්කම තුහිනගෙ හිතෙත් අමුතුම බයක් දිග ඇරිලා තිබ්බා...

දවස් දෙක ගෙවිලා ගියේ ඊයක වේගයෙන් . පහුවෙනිදා කැම්පස් යන්න ලෑස්ති වෙලා තුහින එළියට බහින කොට එතන හිටියෙ එයා කොහොමටවත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක් . ඒ තමයි ශෙවොන්....

ශෙවොන් කියන්නෙ තුහිනගෙ ළගම වගේම ප්‍රියතම සහෝදරයෙක් . තුනගෙ මාමගෙ පුතා තමයි ශෙවෝන් . ලේ බැදීමට වඩා ඒ දෙන්නා ළග තිබ්බ යාළුකම ගොඩක් විශ්වාසවන්ත දෙයක්....

තුහින : අඩෝ ... ලොකු මෑන් ! තෝ කවද්ද මිනිහො මෙහෙට ආවෙ... කෝ තෑගි එහෙම....

තුහින ඇහුවෙ ගැම්මට ශෙවොන්ව හග් කරගෙන .

ශෙවොන් : මං මෙහෙ බිස්නස් එකක් පටන් ගත්තා තුහිනයා....

තුහින : කොහෙද කැම්පස් යන්න අතට ආපු චාන්ස් එකටනෙ තෝ පයින් ගැහුවෙ...

ශෙවොන් : අනේ මට ඕවායේ ගාටන්න බෑ බං . මං කොහොමත් රිජෙක්ට් කරන්නනෙ ඉදියෙ...

තුහින : ඒක නෙමෙයි... උබ කොහෙද මේ යන්නෙ...

ශෙවොන් : තෝව බලන්න බල්ලො ආවේ මම... මුහ් මොන පුම්කක් කියවනවද මංදා

තුහින : අඩෝ ෆට්ට ඒනම්... යමංද වටයක් දාන්න . උඹ ගානෙ කන්න අරම් දියම් ආ... මොනා උනත් මං තාම කැම්පස් එකානෙ...

ශෙවොන් : අම්මෝ.... තෝ සල්ලි නැති එකෙක්ද මිනිහෝ... අනෙ අම්මපා මගෙ කට... ආ නැගපම් නැගපම්....

ශෙවොන්ගෙ බයික් එකට නැගපු ඩබල ටවුන් එක පැත්තට පියෑඹුවේ වටයක් දාන්න හිතා ගෙන . කැම්පස් යන්න ආව ගමන හැරිලා කාලෙකින් තමන් බලන්න ආව යාළුවා එක්ක තුහින ටිකක් විනෝද වෙන්න හිතුවත් මේ මොනවත් දැනගෙන ඉදපු නැති ආධිල් කැම්පස් එකේ ගේට් එක ළග බලං ඉදියෙ තුහින එනකන් .  කැම්පස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියලවත් ඒවි කියලා හිතුව ආධිල් අන්තිම මොහොත වෙනකන්ම බලං ඉදියෙ තුහින එනකන් . කෝල් එකක් ගත්තත් තුහින කට් කරපු නිසා ආදිල් ආපහු ආපහු ගන්න ගියේ නැත්තෙ එයාට පරක්කු වෙලා තිබ්බ නිසා . ඒ නිසාම තවත් පරක්කු නොවුන ආධිල් අකමැත්තෙන් උණත් කැම්පස් එක ඇතුළට ගියේ ලෙක්චර්ස් පටන් ගන්න ඔන්න මෙන්න තිබ්බ නිසා .

පළවෙනි ලෙක්චර් එක ඉවර වෙලා ආධිල් කෙලින්ම ගියේ Engineer faculty එක පැත්තට . වෙනදා තුහින ඉන්න අහළ පහළ හොදට බලපු ආධිල් ෆෝන් එක අරං ආපහු තුහිනට කෝල් එකක් ගත්තෙ මේ සැරේ එයා ආන්සර් කරාවි කියලා හිතා ගෙන . ඒත් ඔය අතරෙ තමයි අශ්වින් ඔතෙනට කඩං පාත් උණේ.

අශ්වින් : ඒයි... බබා !

ආධිල් : ශ් ශ්.... කෑ ගහන්න එපා අශ්වින් . මෙතන ළමයි ඉන්නවා.... උන්ට ඇහුනොත් අපිට කැළෑ පත්තරත් වැදේවි ...

අශ්වින් : ඕක මහ දෙයක්ද බබා....

ආධිල් : කිව්වහම අහන්න අශ්වින් . තවත් මාව අවුල් කරන්න එපා....

අශ්වින් : ඔයාගෙ මූඩ් එක අද හොදනෑ වගේ ආධිල් . මොකද්ද ප්‍රශ්නෙ ?

ආධිල් : තුහින කෝල්ස් ආන්සර් කරන්නෑනෙ . ඌ කැම්පස් එන්නෙ නැත්නම් මට කියනවා අශ්වින් . ඒත් අනේ මංදා....

අශ්වින් : ඇයි ඔයා එයා පස්සෙන් ගාටන්නෙ....? මට නම් මෙතන යාළුකමක් වගේ පේන්නෙ නෑ . ඔයාට විතරයි මේ යාළුකම ඕනෙ ආධිල්.... මේ බලන්න....

ආධිල් : ඔයා මොකද්ද කියන්නෙ අශ්වින් . එයා එහෙම~ මේ තුහිනනෙ....

අශ්වින් : ඔව්.... ඌ තමයි . ඔයාගෙ මහ ලොකු යාළු පරාණේ. බලන්නකො උට වෙන යාළුවොත් ඉන්නවද ?

ආධිල් : මොකද්ද අශ්වින් ! ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ ? මේ ඉන්නෙ මාත් දන්න කෙනෙක් ! මේ ශෙවොන්.... ශෙවොන් ශදිල් සමරවික්‍රම .

අශ්වින් : සෝ.... ඒ දෙන්නත් අපි දෙන්නා වගේද ?

ආධිල් : මං හිතන්නෙ නෑ අශ්වින් . මොකද තුහින ශෙවොන් කියන්නෙ මහ අමුතුම බැදීමක් තියෙන දෙන්නෙක් ....

අශ්වින් : ඒ කියන්නෙ ඔයාටත් වඩා උට ඒ ශෙවොන් කියන එකාව වටිනවද ?

ආධිල් : අපි කන්න යමු අශ්වින් . මට හරි බඩගිනී....

කතාව මග ඇරපු ආධිල් අශ්වින්වත් ඉස්සර කරගෙන කැන්ටින් එක දිහාට යන්න ගියේ අශ්විනුත් ආධිල් පස්සෙන් කැන්ටින් එක පැත්තට එන කොට .

පසුවදා~

ආධිල් : ආහ් තුහින....! උඹ ඊයෙ~

තුහින : අහ් ඔව් බං.... මං... මට වැඩක් තිබ්බා...

ආධිල් : ආ.... ඒ මොකද්ද බං ඒ....?

තුහින : අම්.... බිස්නස් වැඩක් බං...

ඊයෙ අශ්වින් පෙන්නපු ෆොටෝ එකත් එක්ක ආදිල් ඉදියෙ හිතේ නොසන්සුන් කමකින් . ඒ ඇයි කියන්නවත් එයා දැන ගෙන ඉදියෙ නෑ . එයාට හිතුණෙ තුහින එයාව මග අරිනවදෝ කියලා හැගීමක් . ඒක හරි වෙනස් . ඒ හැගීමට ආධිල් බයයි . ඔව්.... ආධිල් ගොඩක් බයයි.  ඒ නිසාමයි අදවත් තුහින ඒවි කියලා ආධිල් කලින්ම කැම්පස් එකට ආවෙ . එහෙම වෙලත් තුහින ආධිල්ට කිව්ව බොරුව ගැන ආධිල් පසු තැවුණා . ඇයි තුහින ආධිල්ට බොරු කියන්නෙ . කවදාවත් නැති විදියට.....? ආධිල් ට තිබ්බෙ එකම ප්‍රශ්නෙ තමයි ඒක....

ආධිල් : අහ්... තාත්තගෙ වැඩක්ද ?

තුහින : ආ ඔව් ඔව් තාත්තගෙ වැඩක් ආධිල් . මොක්ද උඹ මේ රහස් පොලිසිය වගේ ප්‍රශ්න කරන්නෙ....?

ආධිල් : අනේ නෑ බං.... පිස්සුද උඹට... ඒක නෙවෙයි . ඇනුවල් කොන්සට් එකට~

තුහින : මං එනවා . උඹ perform කරනවද ?

ආධිල් : අනේ නෑ බං.... මට මේ ටිකේ වැඩ වැඩී.... ඒ නිසා බෑ කියලා හිතුනා....

තුහින : ඒත් උඹේ ටැලන්ට් එක නාස්ති වෙනවා ආධිල්....

ආධිල් : ඒත් අශ්වින් කිව්වෙ~

තුහින : ඌ මොකද්ද කිව්වෙ ?

ආධිල් : අහ් නෑ.... ලබන සැරේ කරමු කිව්වා .

තුහින : හහ්.... තෝ ජීවිත් වෙන්නෙ උට ඕන දේ කරගෙනද මිනිහො ???

ආධිල් : ඒත් බං මං ?

තුහින : හහ්.... මටයි බං ලැජ්ජ නැත්තෙ . ශිට්... ඕක ගැන ආපහු උබ කතා නොකරනවනම් හොදයි ආධිල් .

ආධිල් : යා.... උඹටත් තේරෙයි ආදරේ කරද්දි...

තුහින : මට හොදට තේරෙනවා ආධිල් . හැම දේම ....

ආධිල් : හහ්.... කියපන්කො බලන්න උඹ එහෙනම්.

තුහින : උඹ මට ආදරේ කරානම් මං උඹව මේම හිර කරන්නෙ නෑ.... ප්ලීස් දැන් ඔතනින් නැවතියං....

එහෙම කියපු තුහින එතනින් යන්න ගියේ ආදිල් ඒ කිව්ව කතාවෙ තේරුම හොයන්න මොළේට වද දෙන කොට . තුහින එන්න කියපු නිසාම ආධිල් තුහින එක්ක ඉස්සරහට යන එක නවත්තලා තුහිනට යන්න ඉඩ දුන්නෙ එයාට වදයක් නොවෙන්න ඕන උණ නිසා .

තුහින වගේම ආධිල් එදා ලෙක්චර්ස් ඉවර වෙලා ගෙවල් වල ගියෙත් දෙන්නට දෙන්නා හම්බ වෙන්න ඉඩක් නොතියාමයි . සුපුරුදු විදියටම තුහින workout කරන්න එළියට ගියේ වෙනදා වගේ තනියෙන් නෙවෙයි . ශෙවොනුත් තුහින එක්ක ආවෙ වෙනසකටත් එක්කම .

ශෙවොන් : මොකද අද තත්වෙ බං ?

තුහින : ඌ අර අශ්වින් කියන බල්ලගෙ දැලට අහුවෙලාද කොහෙද.... ඕකා ඔච්චරටම ගොංද බං මං කියන දේවල් තේරුම් නොගන්න තරම්.... ඇයි ආධිල් පොඩි ළමයෙක් වගේ මෝඩ තීරණ ගන්නේ....

ශෙවොන් : මොකද්ද බං ඌ ගත්ත තීරණේ කියලා හිටපන්කො මුළින්ම .

තුහින : අර අශ්වින් කිව්ව නිසා මේ සැරේ annual concert එකේ perform කරන්නෙ නෑලු . ඒ බල්ලා අකමැතීලු....

ශෙවොන් : යකෝ.... ආධිල් විහින් උගෙ ටැලන්ට් එක නාස්ති වෙන්න අරිනවනෙ බං.... උඹ බල කරලා කියපම් එහෙම නොකර ඉන්නයි කියලා....

තුහින : මං එහෙම තමයි කිව්වෙ ශෙවෝන්.... බලමුකො මෙ ගොන් නාම්බා මොනා කරයිද කියලා .

ශෙවොන් : නොහිතා ඉදපන්.... ඕක හොද විදියට විසදෙයි....

තුහින : එක අතකට බං උබ හරි මෙහෙම මාත් එක්ක ඉන්න එක ලොකු දෙයක්...

නශෙවොන් : ඒකටනෙ බං යාළුකමක් කියන්නෙ...

තුහින : උඹත් එනවනම් වරෙම් . කොන්සට් එක බලන්න....

ශෙවොන් : ම්ම්... මං එන්නම්.

තුහින : මගෙ ඔළුව තෝන්තු වෙලා බං තියෙන්නෙ .

ශෙවොන් : ඔහොම තමයි තුහින . අපි කැමති හැම කෙනාම අපිට කැමති වෙන්නෑ බං . මිනිස්සු එකිනෙකාට එක එක දේවල් දැනෙන්නෙ හරි වෙනස් විදියට .

තුහින : ඇත්තටම ආධිල් ගෙ මේ වෙනස මට හිතා ගන්න බෑ බං .

ශෙවොන් : ඔහොම තමයි. උඹට ඌ එක්ක හැමදාම උඹ හිතුව විදියට ඉන්න බැරි වෙයිද මං කියන්න දන්නෙ නැහැ තුහින . ඒත් උඹ උගේ හොදම යාළුවා....

තුහින : ඔව් ශෙවොන්... මං උගෙ හොදම යාළුවා . මං සාමාන්‍ය විදියට ඉන්න බලනවා බං....
.
.
.
.
.
.
.

ආධිල් : ඒ තුහිනයා....

තුහින : අහ්... කියපම් . ආධිල් උඹට අද හවස වැඩක් තියෙද ?

ආධිල් : නෑ බං . යමංද කොහෙ හරි....?

තුහින : යමන්ද කොහෙ හරි නෙවෙයි පගෝ... උඹ Annual concert එකේ perform කරන්න යන්නෙ....

ආධිල් : මොකක් ? යා මට බෑ යකෝ... අනික දැන් කලුත් මදි.

තුහින : අනේ නිකං මගෙන් පදේ අහ ගන්නෙ නැතිව ප්‍රැක්ටිස් කරන්න ලෑස්ති වෙයම් . එච්චරයි . ඔය රෙද්දෙ බැරි බැරියාව ගහගනිම් තොගෙ පුපේ .

ආධිල් : ආ.... කෑ නොගහ ඉදපන්...හරි හරි . තෝත් මළ ඇණයක් බල්ලො....

තුහින : තොගෙ අර සත්‍ය පේම බුංග රාජයා තමා මෙතන ඉන්න මහම හෙණේ... කිව්වා කියලා හිතා ගනිම් . බලපම් තොගෙ මූණෙ හැටි . පලයන් මූකලන් බස්සා .

ආධිල් : මූකලන් බස්සා මං නෙවයි . තොගෙ අහවල් එක . යකෝ තව ටිකක් වෙලා ගියොත් තෝ මට මෙතන මොනවා කියයිද දන්නෑ පෙට්ටි කටා...

තුහින : හා හා පලයම් මෙතන බේගල් ඇද බාන්නෙ නැතිව . කටේ ගද බලපම් තොගෙ... අපි කැපෙනවා ඒනම් ....

ආධිල් : යා කාගෙද වු#තො කට ගද . ඔන්න තොගෙ කයිසමේ පතරංග හිලක්...  වලත්තයා.

තුහින : I don't care babyyyyy..... 🤣

තුහින එතන ඉදපු ජූනියර් කෙනෙක්ගෙත් ඔළුවට එකක් ගහගෙන එතනින් යනකොට ආධිල් බලං ඉදියෙ දිලිසෙන ඇස් වලින් . කාලෙකට පස්සෙ තුහින එක්ක ආධිල් හොදින් කතා කළාමද කොහෙද ? ඇත්තටම දවස් පහක් විතර අතුරුදහන් වෙලා ඉදපු තුහින තමයි මේ . ආධිල් හෙව්වෙම එයාගෙ පරණ යාළුවා තුහිනව . දැන් ආධිල් බලාපොරොත්තු උණ දේ හරි ගිහින් තිබ්බ නිසා ආධිල්ගෙ හිතේ තිබ්බෙ මහ අමුතු සතුටක් .

" කොහෙද මේ බූත පාලයස් ඉදියෙ හොස්ස ළගින් මැස්සා යනවටත් තරහෙන්නෙ . මොන ගොටුකොළ පුතෙක්ද මංදා . අද ඉදන් අහිංසක උඹ ඉවරයි ආධිල් පුතේ . මූ මොන එකක් තෝරලද දන්නෑ perform කරන්න . බේසිකයා.... යා තුහින මං තවුසෙව කනවා මාව මරං කන්න ආවොත් නම්. "

ආධිල් හිතෙන් කියෝ කියෝ ගිහින් ලෙක්චර් රූම් එකේ තමන් වෙනදා ඉන්න තැනම ඉද ගෙන ෆෝන් එක ගත්තා . එතකොටම වගේ එයාට ආවෙ තුහිනගෙන් නොටිෆිකේශන් එකක් .

" ආ.... හරිනෙ පුකේ අමාරුව . මං හිතුවා මූ රාග තාල එක්ක මෙහෙම මගුල් සිංදුවක් තෝරලා එවාවි කියලා . මූ මගෙන් මොන තරහද මේ පිරිමහන්නෙ... යා... තුහින සේනාරත්න . මට බෑ බල්ලො.... "

"තුහින එවලා තිබ්බෙ හින්දි සිංදුවක් . මොනාද මේ අණ්ඩර හිංදි ? ආඅ.... මේ පද ටික මතක තියාගන්න මට රාහුල හාමුරුවන්ගෙ අර තෙල් ටිකක් අස්ස කෙන්දෙන් ඉල්ල ගන්නයි වෙන්නෙ . අයියෝ....!"















____________________________

මොකද මේ ?
සලල ලලා .
දවසේ පුරස්නය - තුහිනගෙ අහවල් එකට සමාන පදයක් කියාගෙන යමු ....

( ඩෝන්ට් බී ඩර්ටි ඕම්කේ ? )
ඒනම් කැපෙනවා .

Continua llegint

You'll Also Like

118K 12.6K 72
TaeKook Non Fanfiction #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.
18.4K 758 5
When nine-year-old Harry Potter runs away from the Dursleys, his magic takes him to a place where he would never be found if it wasn't for a certain...
21.3K 1K 40
Dealing with an abusive Uncle took a toll on Kennedy. However her friendship with Diya kept her sane, sometimes even alive. Diya meant everything to...
766K 15.5K 111
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...