මානස (Completed)

NirMad238

59K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Еще

Introduction
1
2
3
4
5
6
7
8
9
10
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

11

884 203 88
NirMad238

නපුරු පුස් ඌරා!
පාට මාරු කරන කටුස්සා!
හැලි වඳුරා!
ජොල් බඩා!
කුණු බිත්තරයා!
ලොං හැලිච්ච ඇලි හිවලා!
කැතම කැත බකමූණා!

මං ආයෙම කතා කරන්නෙත් නෑ.
බලන්නෙත් නෑ.
හිතන්නෙවත් නෑ ඔය පුස් ඌරු තඩියා ගැන.
මාත් එක්ක හිනාවෙන්න ආවොත් කට අලවනවා තාත්‍තගෙ මල්ටිබොන්ඩ් ගාලා. ආයෙම birthday presentsනුයි අරවයි මේවයි ඉල්ලගෙන ආවොත් දෙකට නවලා ඔබනවා කුණු කාණුවක් අස්සට!

මීට පස්සෙ විභාග වලදි හිස් පේපරේ තමයි ටීචර්ට දෙන්නෙ!
ඉස්කෝලෙ යන්නෙම නැතුව ඉන්නවා!
අම්මා ගැහුවොත් එවෙලෙම යනවා යන්න බස් එකක නැගලා ආච්චිලගෙ ගෙදර. එහේ ගිහින් පාලු ගල් ගුහාවක් වගේ හොයාගන්න පුළුවන් වෙයි කැලේ අස්සෙ. එතකොට පුළුවන්නෙ supermanගෙ වැඩ ටිකත් කරදරයක් නැතුව කරගන්න. ආයෙම පුස් ඌරාව නම් දකින්නවත් එන්න හොඳ නෑ. මට වමනෙ යන්න වගේ ඒකගෙ ගඳ මතක් වෙලා දැනටම.
බොවෑ...ක්!!!

අපරාදෙ අර ඉස්සර ගල් ගහන්න පුරුදු වෙච්ච එක නතර කරලා දැම්මෙ. ආයෙම ඒ වැඩේ ට්‍රයි කරන්න ඕනෙ. පුස් ඌරගෙ කාමරේ ජනේල සේරම කුඩු කරන්න ඕනෙ. එතකොට කෙල්ලො එක්ක මල් කඩන හැටි හැමෝටම ඇහෙයිනෙ.
ඕකගෙ කටහඬ කැතම කැත ඩයිනොසෝර් කෙනෙක්ගෙ වගේ වෙන්න ඕනෙ. කතා කරද්දි කට දිගේ කෙල බේරෙන්න ගන්න ඕනෙ. තව කුණු බිත්තර ගඳ ගහන්නත් ඕනෙ.
එතකොට කෙල්ලො සේරම මූව දාලා යයි. වේලි වේලි ඉන්න වෙයි කරවල වාඩියෙ වගේ.
ඊට පස්සෙ තම්බරු, ගොම්බරු ගගා ආවොත්නෙ මාව හොයාගෙන. පයින් ගහලා චප්ප කරලා චප්ප කරලා වීසි කරලා දානවා krypton වලටම.
මෝඩයා!!!

හැබැයි මූණටම කියන්න යන්න වැඩක් නෑ තරහයි කියලා. එතකොට මේ දීපු තෑගි ටික ඉල්ලගන්න ඉඩ තියෙනවා. ඒවා ඇත්තටම මගේ මහන්සියෙන් උපයගත්ත ඒවනෙ.
ඒක නිසා මට තමයි අයිති. අනික ලෝකෙ කොහේ හිටියත් supermanලා සේරම අයිති supermanටම තමයි.

හැබැයි කොච්චර මොනවා වුනත් පුස් ඌරගෙ මූණ නම් ආයෙ බලන්නෙ නෑ නෑ නෑම තමයි!








ගෙදර ආවට මොකද මල කම්මැලියි!
ඒ නිසා මං අර dancing dvd එකක් දාගෙන නටන්න පටන්ගත්තා. තාම දවල් වෙලත් නෑ. මුළු දවසම ඉතුරුයි. කරන්න දේකුත් නෑ. නටලා නටලා හති ඇර ඇරම මං ගිහින් නාගත්තා.
මේ නාන්නෙ දවස් කීයකින්ද මන්දා.
කම්මැලි වැඩනෙ නානවා කියන්නෙ. කරන්න දෙයක් නැතිම වෙලා යන මෙන්න මේ වගේ තේරුමක් නැති දවස්වලට හොඳයි!

නාලා ඉවර වෙලා මං කොණ්ඩෙ පිහිදැම්මෙත් නෑ. අර පුස් ඌරනෙ ඔළු පිහිදාන එකා. ඒ මෝඩයා කරන කිසිම වැඩක් මං ආයෙ අද ඉඳන් කරන්නෙ නෑ. මෝඩ ගොන් lex luthor!
මට ඕකව පේන්නම බෑ.

තාප්පෙ අයිනෙ බිම ගොඩ ගහලා තිබ්බ තඩිම තඩි කළු ගහක් අරන් පුස් ඌරා කියලා හිතාගෙන තාප්පෙටම දමලා ගහන්න මං හැදුවෙ. ඒත් බුදු අම්මෝ ඒ ගලේ බර!
මාව දෙකට නැමිලා ගියා උස්සන්න ගියාම.
ඒත් මේ superman කවදාවත් අඳුරට බයේ පරාද වෙන්නෙ නෑ. ගැම්ම දාලා දත කාගෙනම මං ගල් ගෙඩිය උස්සගෙන දමලා ගැහුවා.

"ආ.............ව්........."

අනේ!!!!
කකුල මගේ කකුල!!!
ගල් ගෙඩිය වැටුනෙ කකුල උඩටමයිනෙ.
අම්මෝ!!!
ඇඟිල්ල පැලිලා වගේ. ලේත් එනවා හෝ ගාලා.
ඒත් මට හෙල්ලෙන්නවත් බෑ. මුළු කකුලම හිරි වැටිලා ගිහුන්.
කවුද දෙයියනේ මෙච්චර තඩි ගල් ගෙඩි මෙහෙම තැන තැන දාලා යන්නෙ?
කකුල කපන්නවත් වුනොත් දැන් කාටද අප්පා කියන්නෙ. Kryptonවල සුපිරි කකුල් මේවා. පෘථිවියෙ එක එක ගල් කෑලිවලට විනාස කරන්න දෙන්න බෑ!

කකුල උස්සගන්න බෑ පුදුම කැක්කුමක්!
ඉතින් මං එහෙම්මම බිමින් වාඩි වෙලා කෙල තලියක් කකුල පුරා අතුල්ල ගත්තා. ඒත් තැලිච්ච ඇඟිල්ල කිට්ටුවටත් ලං වෙන්න බෑ. අම්මෝ කරන්ට් වදිනවට එහා. දැන් මට මැරෙනකල්ම මෙතෙන්ට වෙලා වාඩි වෙලාම ඉන්න වෙයිද?
අනේ දෙයියනේ ඇයි supermanට මෙච්චරටම බාධා ඇති කරන්නෙ? ලෝකෙම බේරගන්න ආපු වීරයට මෙහෙම සලකන එක වැරදියි කවුරු කවුරුත් එකතු වෙලා. හිතුනොත් මං සේරම දාලා යනවා යන්න kryptonවලටම. ඊට පස්සෙ නම් කවුරු අඬාගෙන ආවත් එන්නෙ නෑමයි පෘථිවියෙ පස් පාගන්නවත්!

අර පුස් ඌරු lex luthorයා නොහිටින්න මේවා කිසි දෙයක් වෙන්නෙ නෑ හැබැයි. ඒකගෙ අඳුරු මායාවල් තමයි මේ ඔක්කොටම මුල. විනාස කරලා දාන්නම ඕනෙ නපුරු බලවේග!
බිම වාඩි වෙලා ඉන්න ගමන්ම අතට අහුවෙච්ච පොඩි ගල් කැටයක් අරන් මං තාප්පෙට දමලා ගැහුවෙ lex luthorගෙ ඔළුව පැලියං කියලා.
ඒත්..

"ආ.........හ්!!!"

ඒ ගලත් තාප්පෙ වැදිලා බම්ප් වෙලා ඇවිත් වැදුනෙ මගේ නලලෙ.
අනේ!!!
රිදෙනවා අප්පා!
ගෙඩි ගැහෙයිදත් මන්දා!
මේ lex luthorයව නම් අපායටම යවන්න ඕනෙ. ලෝක වීරයට මෙහෙම දේවල් කරන එක හරිම අසාධාරණයි.



පැයකට විතර පස්සෙ මං කොර ගහ ගහම ගේ අස්සට අමාරුවෙන් යා ගත්තා. කකුලට මොකක් වෙලාද මන්දා. ඇඟිල්ල කැඩිලාවත් ඇතිද?
නෑ නෑ එහෙම වෙන්න බෑ.
Superman ඇවිල්ලා හයිය කොල්ලෙක්!

පුළුන් කෑල්ලක් වතුරෙන් තෙමලා තුවාලෙ පිහිදාලා මං ගෝස් කෑල්ලක් තියලා ප්ලාස්ටරෙකක් දාගත්තා. නියපොත්ත නම් නිල් වෙලා. අවුලක් නෑ. නියපොත්තක් නැති වුනා කියලා supermanගෙ powers අඩු වෙන්නෙ නෑ.

රෑ වෙද්දි නං කකුලෙ කැක්කුම පොඩ්ඩ පොඩ්ඩ අඩු වුනා. ඒත් ඉතින් වෙනදා වගේම ඇවිදින්න අමාරුයි. Superman සිල් අරගෙන ඉන්නෙ දැන්!

ඇවිදගන්නත් අමාරු එකේ පහුවදා උදේ මං එලියට බැස්සෙ නෑ. හැමදාම බලලා බලලම එපා වෙච්ච tv එකේ යන films බල බල ගේ අස්සට වෙලා හිටියා. ඒත් දවල් වෙද්දි කම්මැලියි. එහෙං ලාවට වැස්සකුත් වැටෙනවා. කවුරුත් පේන්නත් නෑ. ඔන්නොහෙ superdogවත් බලලා එන්න යන්න ඕනෙ. පුස් ඌරා කොහොමත් කොයි වෙලේවත් ගෙදර නෑනෙ දැන්. හිටියත් කාමරේට වෙලා මල් කඩ කඩ ඉන්නවා ඇත්තෙ. ඒ නිසා අවුලක් නෑ ගිහින් එනවා.

ඒත් ඉතින් superdog එක්ක පැය බාගයක් ඕන්නම් සෙල්ලම් කරන්න ඇති. කන මිරිකුනා ලාවට වගෙ. හැබැයි කන මිරිකුවා නෙමෙයි කන ගලවලා අතට ගත්තත් මේ superman සැලෙන්නෙ නෑ පුස් ඌරු තඩියො!
මං superdogවත් අරගෙන යන්නම යනවා kryptonවලට!

"You little rascal!!!"

හැබැයි එතනින් එහාට සද්දෙ නැවතුනා. මේකගෙ මෝටරේ ස්ටක් වුනාද?
මං ඌරගෙ දිහා බලද්දි මෙන්න බොලේ ඌරත් ඉන්නවා මගේ දිහා බලාගෙන!

"Thambaru,
What happened to your foot?"

එතකොටයි මට ඒක මතක් වුනේ. පුස් ඌරගෙ ඇස් දෙක දිගෙම මාත් ඇස් දෙක කකුලට අරන් ගියා.
මලා!
තුවාලෙ පෑරිලා ලේ ගලන්න අරන් නේද ආයෙමත්. ඒ අස්සෙ ගෝස් කෑල්ල හොඳටම තෙමිලා වැස්සෙ මඩ ගොඩේ නටලා.

හැබැයි පුස් ඌරො supermanගෙ රහස් ඒවා. කකුලට මොකද වුනේ කියලා අඳුරු බලවේග වලට දැනගන්න තියන්නෙ නෑ මං!

"Tell me Thambaru,
What happened? It's bleeding.
Did Snowy hurt you?"

".........................................."

"Snowy! Snowy!!
Come here!
You are a naughty boy!
Did you hurt our superman?"

අනේ! පව් මගේ superdog!
එයා අඬනවා. කන් දෙකත් අකුලගෙන කීං කීං ගගා හොඳටම අඬනවා.

"No he didn't.
He's my good boy!"

මං මගේ බලු කොලුවව බදාගෙන ඔළුවට කිස් එකක් දෙන ගමන් කිව්වෙ. ඒත් එයාට දුකයි වගේ. මේ පුස් ඌරා බැන්නනෙ!
නපුරා!
කටුස්සා!

"Then what happened?
But let's talk about it later. Now lets go and clean it.
You need to cover it properly or it'll get infected."

"I can take care of my things ayye.
You have more important stuff to do.
So go away."

පුස් ඌරට හොඳට ඔරවන්නත් පුළුවන් හැබැයි. ඒත් supermanට තරම් නම් බෑ. පුම්බලා උඩ අරින්න තියෙන්නෙ වඳුරු මොටාව.

"Hey ayye,
Put me down!
I'm not a baby! Please please put me down!"

මේ වැඩේ හරියන්නෙ නෑ. දැන් මේ දෙවනි පාර!
අම්මට කියන්නම වෙනවා මීට වඩා මගේ පෝෂනය ගැන හිතන්න කියලා.

"Ayye!!!!!!"

හම්මෝ!!!!!
මේ යකා මාව කෙලිම්ම ඒකගෙ බාතෲම් එකටනෙ උස්සගෙන ආවෙ. ඒකෙ ලස්සන!
හොටෙල් එකක් කියලා හිතාගෙන ඇඳක් දාගෙන නිදාගන්නත් පුළුවන්.
කෑමබීම ගෙන්නගෙන බිමින් තියාගෙනම කන්නත් පුළුවන්.
හදිස්සියකට පුංචි පහේ ක්‍රිකට් මැච් එකක් ගහගන්නත් බැරි වෙන එකක් නෑ.  ඇත්තටම මූ මේක අස්සට ගියාම මොනවා කරනවා ඇතිද?

"අයියෙ, එපා!
මං හෙමීට ප්ලාස්ටරෙක ගලවලා තුවාලෙ හෝදගන්නම්!"

මං කෑගැහුවට වැඩක් නෑ ඉතින්.
කෑගහලා ඉවර වෙන ටිකට ඔක්කොම ඉවරයි. වෙලාවට එකපාරටම ඇදලා දැම්මෙ නෑ ප්ලාස්ටරේ මේකා. නැත්තම් හූ තියන්න තමයි වෙන්නෙ krypton වලටම ඇහෙන්න.

ආයෙම මාව උස්සගත්ත පුස් ඌරු තඩියා කාමරේ ඇඳ උඩින් මාව වාඩි කරවලා කොහෙන්දෝ මන්දා තඩි first aid box එකක් උස්සගෙන ආවා..

"Look at your toe!
The nail is completely ruined.
There's a big wound there too!"

සීතලම සීතල ක්‍රීම් එකක් තුවාලෙ ගාන ගමන් අයියා කියන්නෙ.

"අයියෙ, පාඩම් කරන්න තියෙනවානේ?
මේකට මං ගෙදර ගිහින් බේත් දාගන්නම්."

"When did this happen?
Do your parents know?
Did you tell them?

"This is a small wound. I can take care of it!"

"මෝඩයා!
This could easily get infected. පොඩි නෑ මේක ලොකුයි!
Do you want your toe removed?
I'll tell you mom if you won't!"

ප්ලාස්ටරේකුත් තුවාලෙ අලවලා ගොන් අලියා නැගිට්ටෙ.
මං ඉතින් යන්න කියලා හැදුවෙ. අයියට පාඩම් කරන්නත් තියෙනවනෙ.

"Where are you going?!!!"

"Home."

"Wait, I'm not finished.
Tell me who ruined my clothes yesterday?"

"..................................."

"Tell me Thambaru!
Did you do it?"

"Yes!"

"Why?"

"Because I felt like it."

"Was it because I didn't want you to talk with me?"

"................................"

"Talk to me!!!"

"My foot hurts. I need to go home.
And I don't care if you talk to me or not.
I don't like you anyway!"

මං ඇඳෙන් නැගිට්ටෙ යන්න කියලා. ඒත් තුවාලෙ තෙමිලයි, සුද්ද කරලයි සේරම නිසාද කොහෙද රිදෙන්න ගත්තා එකපාරටම.

"ආ..."

ආයෙම ඇඳ උඩටම මාව පත බෑවුනා. මේ මොන ලැජ්ජාවක්ද දෙයියනේ lex luthor ඉස්සරහම supermanට වුනේ?

"See?!!!
You can't even standup properly.
Stupidest superman ever!"

ආයෙම මේ මෝඩයා මාව උස්සගත්තා. උස්සගෙනම ගිහින් පඩිපෙලත් බහින්න ගත්තා.

"That's ok. I'm smart enough for me!
Humans can't understand me anyway!
So put me down!
I can walk!"

"Stop moving or I'll throw you out of the balcony!"

පුස් ඌරා කෑගහද්දි මං සද්ද නැතුව නිකං හිටියා. අවදානමක් ගන්න බෑනෙ මොනා වුනත්. මේ ලෝක වීරයෙක්ගෙ ජීවිතේ ගැන කතා කරන්නෙ.

කොහෙන්දෝ මන්දා ඇදලා ගත්ත තොප්පි දෙකක් මටයි ඒකටයි දෙන්නටම දාගෙම මේ ඌරු තඩියා මාව ගෙදෙට්ටම උස්සං ආවා.
ශික්! කවුරුහරි දැක්කා නම් මහා ලැජ්ජාවක් වෙන්නෙ. කවද්ද දෙයියනේ මේ මහා යුග පුරුෂයාගෙ ඇඟපත උස ගිහින් මස් කලඳක්වත් දාන්නෙ?

"Ok we are home."

යාන්තම් මාව බිමින් තියන ගමන් ඌරු තඩියා කියද්දි මං සැනසුම් සුසුමක් හෙලුවා.

"You need to go to a doctor little thief. That wound is too big. Tell your mom ok?"

"............................."

"Ok then,
Take care!"

පුස් ඌරා ගියා.

ශිට්!
මේ වැස්ස දවස් මහා කාලකණ්ණි පාටයි. එපා වෙනවා.
කිසිම එලියක් නෑ.
එහෙන් කකුලත් රිදෙනවා.
මං ඇඳට පැනලා නිදාගන්න හැදුවෙ. ඒත් නින්ද යන්නෙත් නෑ.
මං අයියට බැන්නද මන්දා.

හවස් වෙද්දි කකුල රිදෙන්න ගත්තා හොඳටම. අම්මා එනකල් අමාරුවෙන් ඉවසගෙන හිටියෙ මං. ඇස්වල කඳුළුත් පුරෝගෙන උණකාරයෙක් වගේ ඉන්න මාව දැක්කම අම්මා හොඳටම බය වුනා.
තාත්තටත් කෝල් කරලා අන්තිමේ තුන් දෙනාම බේත් ගන්න ගියා.

අපොයි දෙයියනේ ඉන්ජෙක්ශන් ගහලා ගහලා ඇඟිල්ලට, නියපොත්ත ගලවලා අයින් කලා දොස්තරයා. මොන කරුමයක්ද මේ supermanට පල දෙන්නෙ. බොන්න බෙහෙත් ජාති පන්සීයක් විතරත් දීලා ගෙදර එව්වෙ. දැන් ඉතින් ලෙඩා දුකා තමයි!

මට ගෙදරින් එලියට බහින්න තහනම් කරලා අම්මයි තාත්තයි වැඩට ගියේ කෑම බීම සේරම සාලෙ ටීපෝ එක උඩ තියලා මාව එතනම පුටුවෙන් වාඩි කරවලා තියලා. අම්මා දවල්ට එන්නම් කිව්වා මට ටොයිලට් එහෙම යන්න ඕනෙ වුනොත්. හදිස්සියකට කෝල් කරන්න ලෑන්ඩ් ලයින් එකත් මගෙ ලඟින්ම තියලා ගියා. මගේ සෙල්ලම් බඩුයි, පොතුයි ලට්ට පට්ට සේරම මෙතන. මේකත් මරු වැඩේ. රජා වගේ ඉන්න තියෙන්නෙ.
ඒත් ඉතින් ටිකක් වෙලා ඉද්දිම එපා වෙනවා. පස්ස පණුවො කනවා වගේ දැනෙන්නෙ අප්පා!




"Little thief!
Are you there?"

හීනෙන් වගේ අයියගෙ කටහඬ ඇහෙද්දි මං ඇහැරුනේ.

"Oh! Here he is!
Is it ok if I come in?"

"Yeah yeah!
Come in අයියේ...."

"How are you?
Did you go to a doctor?"

"හ්ම්....
They removed my nail අයියේ
And gave me so many pills!"

මං මූණත් එල්ලගෙන කිව්වෙ. එපා වෙනවා ඉතින් බේත් ගිලින්න වෙද්දි.

"You are my strong boy!
You'll be fine in no time!"

අයියා මගේ ඔළුව අතගෑවා.
හැමදාම ඇවිත් මෙහෙම විනාඩි පහක් විතර ඔළුව අතගාලා යන්නකො අයියෙ.
සනීපයි එතකොට.

"So you are not angry with me anymore?
How happy I am!
I'm sorry for calling you stupid.
That was completely wrong.
You are the smartest child I've ever met.
And I really really like you a lot.

අයියගෙ අතක් මගේ උරහිසට පිටිපස්සෙන් දාගෙන මාව එයාගෙ පැත්තට තද කරගන්න ගමන් අයියා කියන්නෙ.
එයා ලඟ මාරම සැපයි මාරම සුවඳයි දෙයියනේ!

මගේ heart එකට ආයෙම මොකද්දෝ වුනා.
අනේ අම්මේ ආයෙම doctor ලඟට යන්න වෙයිද මන්දා.
තුවාලෙ සැර පපුවටම වදිනවද කොහෙදෝ.

..................................................................................................

අනේ මේ අයියයි මල්ලියි ඉතින්!

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


Продолжить чтение

Вам также понравится

104K 10.3K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
18.7K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...
Spring BD

Художественная проза

152K 5.2K 50
Request (One Shots)
You mean so much to me(complete) Moehtetnayi(weeping...

Художественная проза

1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...