The white lotus ( Complete...

Door kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... Meer

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

හතලිස් හතරවන දිගහැරැම

447 103 10
Door kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

පැය ගානකට පස්සෙ පියල් දුන්න ඇඩ්රස් එක හොයාන ගිය මම මැටි ගඩොලින් බැදල තිබුන ගෙයක් ගාව නතර කෙරැව. .... වලව්ව වගේම උලු සෙවිලි කරල කපරාදු නොකරපු ගෙයක්. .... මේ මිනිස්සු මෙහෙම හරි ඉන්නව...... නැත්තන් ඉතින් වලව්වට කඹුරපු සේරටම උනේ වලව් වත්තටම පස් වෙන්න.. . .... මට බය හිතුන .... .. . කොච්චර කොහොම හයිය අරන් ආව උනත් ඒ ඇත්ත ..... මට අහන්න වෙන ඇත්ත.. මගෙ ඉස්සරහ දිගහැරනු වෙලාවට. ... මොනව වේවිද.....

**************************************
චිරීස්...................

මලකඩකාලම දිරල ගිය ගේට්ටු කදන් දෙක චිරිස් ගාල දෙපැත්තට තල්ලු කෙරැව මම අටපෙතිය මල් දෙපැත්තම වවපු බොරලු පාර දිගේ ගේ ලගට ඇවිදන් ගියා. ... මම ඇරල තිබුන දොර ඉස්සරහ හිටගත්ත වගේම දොර පලු අතරින් මම දන්න අදුනන රූපයක් එක්ක නන්නාදුනන ගෑනු කෙනෙක් උන්න.... ....

" පියල් ..."

මාව දැකපු හැටියෙම පියල් මන් ගාවට ඇවිදන් ආව. ....

අයාන් මහත්තයෝ. .... ඇයි මට කෝල් එකක් දුන්නැත්තෙ....

ගානක් උන් නෑ පියල්.....

හරි හරි ... මහත්තයෝ. ... මහත්තයා අර හොයපු සිරිය ලතාගෙ දරුවෙක් තමා අර ඉන්නෙ. .. ..... අපි යන්කො මහත්තයෝ. ....එන්නකෝ. ... "

වයස අවුරුදු තිහක විතර මැදිවයසට කිට්ටු කෙරැව ගෑනු කෙනෙක්. ..... ඒ සිරියලතාගෙ දුවද.... තාමත් දොරකඩට වෙලා උන්න ගෑනු කෙනා පෙන්නුව පියල් මාත් එක්කම එතනට ඇවිදන් ගියා...

"මම මේ මහත්තයා ගැන තමා කීවෙ "

.

"ඔය මහත්තයල මගෙ අම්මව හොයන්නෙ මොකටද කියල මට කියන්න පුලුවන්ද. ...."

" මේකයි. ... ඇත්තටම මන් දන්න කෙනෙක් ගැන තොරතුරු ටිකක් හොයනව... ඔයාගෙ අම්ම මන් හිතන විදියට මොනවම හරි තොරතුරක් ඒ ගැන දන්නව ඇති. .. ප්ලීස් මට ටිකක් එයත් එක්ක කතා කරන්න පුළුවන් වෙයිද...."

"හරි එන්නකො මහත්තයල ඇතුලට.."

රතු සිමෙන්ති පොලොවෙ අඩිය තියන වාරයක් ගානෙ ටොකොස් ටොකොස් ගාන සද්දෙ තරමටම මගෙ හිතේ සද්දෙත් වැඩි උන .... බය කුතුහලය මේ හැමදේම අතරින් බොදවුනු මතකෙ උන්න අම්මගෙ අපහැදිලි රෑපෙ මට මතක් උනා. ... .....

" මහත්තයාල ඔහොම ඉන්න ... මම අම්මව එක්ක එන්නම්. ....."

මන් වාඩිඋනා. ...එතනම තිබුන වේවැල් පුටුවෙ වාඩි උන මම බලන් උන්න. ... ඒ ගෑනු කෙනා යන්න ගියා වගේම විනාඩිය ගානකට පස්සෙ ආයෙම අපි ඉන්න තැනට ආව... ඒ වීල්චෙයා එකඋඩ උන්න ගෑනු කෙනෙකුත් එක්කම. ... . ඒ කලු ගැහිල ගිය ඇස් ... යාන්තමට අතරින් පතර පෙනුන කලු කෙස් ..... නහර පෑදුන මූණ....මේ හැමදේම වයසටත් වඩා වැඩි වයසක් ඒ ගෑනු කෙනාට එකතු කරල තිබුන. ..... පියල්ගෙ මූණෙ එහාට මෙහාට උන කලු ගැහිල තිබුන ඒ ඇස් ඊලග තත්පරේම අහුමුල්ලක් නෑරම මගෙ මූණෙ එහාට මෙහාට උනා වගේම මටත් කලින්ම පියල් කට ඇරිය...

"නෝනෙ...නෝනගෙ නම එම්
එස් සිරියලතා කරුණාරත්න නේද.... නෝන මීට අවුරුදු විසිතුනකට හතරකට විතර උඩදි වික්‍රමසිංහ වලව්වෙ වැඩට හිටිය එහෙමනෙ.... "

මන් බලාන පියල්ගෙ වචනයක් වචනයක් ගානෙ ඒ මූණ වෙනස්උනා. .. කොටින්ම කලබල වෙලා ගියා. .... එක අතකට ඒ මනුස්සයා වලව්වෙ නම කිව්වත් බයවෙන එක සාධාරණයි. . වලව්වෙ උන් කරේම මිනිස්සුන්ව යටත් කරල තියාගත්ත එක
..... ...

"මම සිරියලතා නම් ත..මයි...මහත්තයා .. ඒ ... උනාට. .. ඔය කියන..... වලව්වක .. මම වැඩ කරලා නෑ ..... "

" බොරැකියන්න එපා නෝන.... බොරැකියල මෙතන පොලිස් පොතේ නම ලියාගන්න වැඩ සිද්ධ කර ගන්න එපා... "

ඒ ගෑනුමනුස්සයාගෙ වචන පැටලෙන තරමටම කියන්නේ බොරැවක් කියල තේරැන උනත් මොකුත් නොකිය උන්න මම බලන් උන්න වෙනකොට පියල් කෑ ගැහුවා.... කොටින්ම මගෙ තුන් හිතකවත් නොවිච්ච විදියට පොලිසියත් ගාව ගත්ත .. .

"පියල්. ..... නවත්තන්න. .... ප්ලීස් ටිකක් එලියෙන් ඉන්නවද .... "

පියල් යන්න ගියා වෙනකොට මම රෝද පුටුව ලගට පාත් වෙලා ඒ අත් දෙක අල්ල ගත්තා. .....

"මට ඕන නෑ ඔයාලට කරදරයක් කරන්න. ... ඒත් පින් සිද්ධ වෙයි මට ඇත්ත කියන්න. .... මට කියන්න. ... සුරේනි රත්නා කුමාරි... කියන කෙනාව ඔයා දන්නවද..... මට බොරැ කරන්න එපා .... මට මගෙ අම්ම ගැන දැනගන්න අයිතියක් නැද්ද ....
"
......

.. "අම්ම ..... "

"ඔව් මගෙ අම්ම ...... සුරේනි රත්නා කුමාරි කියන්නෙ මගෙ අම්ම. ...."

"ස්කෝලෙ නෝනෙ..... මේ... මේ .... ද. රැව.... ස්...කෝලෙ ....නෝ. නෙගෙ ...දරැව. .... දරැවද.... දෙ ..දෙවියනේ... ....... . ........ "

මන් බලාන ඒ ඇස් වල කදුළු පිරැණ. . .. . නොතේරැමකට උනත් මට බයක් දැනුන ... මගෙ අම්ම ගැන අහපු දැනගත්ත තත්පරේම ඒ ඇස් වේදනාවකන් පිරැන...

"මගෙ අම්ම. ... අම්මව... දන්නවනේද.... "

"හ්ම්ම්ම්. ... ඔව්... මන් දන්නව. ... කාටත් වඩා හොදට දන්නව. ..... ...""

එයා දන්නවලු... කාටත් වඩා හොදට දන්නවලු.... එයා කතාවට මුල පුරන්න වචන හොයද්දි මම අම්මව දන්නෙ කොහොමද ඇහුව .. ....

" මගෙ අම්මව කොහොම ද දන්නෙ. .?

ඇත්තටම මේ සුරේනි නෝනෙගෙ දරැව නේද.... "

" ඔව් මම තමයි... . .. .ඒ මම තමයි..... ඒ. .... මගෙ අම්ම. .... "

" පුතාගෙ අම්ම දැන් කොහෙද.... ඉස්කෝලෙ නෝනෙ කෝ දැන්... මන් අතින් ජීවිතේ හදාගන්න බැරි වැරැද්දක් සුරේනි නෝනට උනා..... මට වැදල සමාවගන්න ඕන මහත්තයෝ..... කොහෙද පුතේ දැන් අම්ම....."

" එයා මට නැති උනා. ..... මම පොඩි කාලෙදිම ..... "

. " මට සුරේනි නෝනගෙන් සමාවක් තියෙයිද ..... දරැවො ....."

සමාවක්. .. සමාව ඉල්ලන්න තරම් කෙරැව වැරැද්ද මොකද්ද. ..... මට දැනගන්න ඕන. ..... මගෙ අප්පච්චි කව්ද .... මගෙ අම්ම. ... මගෙ අම්මට මොකද උනේ ... මේ හැමදේමටම උත්තරයක් ඕන උනා . ...."

"ඒක දිග කතාවක් මහත්තයො . .....මන් දන්නෑ මේ දේ දැනගෙන ඔය දරැව මට සමාවක් දෙයිද නැද්ද කියල ඒ උනත් මැරෙන්න කලින් මේ හැමදේම කියල මගෙ හිත නිදහස් කරගන්න ඕන මට ..... .... . මේ හැමදේම පටන්ගත්තෙ සුනීත ඉස්කෝලේ නෝන අපේ ගමේ ඉස්කෝලෙට පත්වීම අරන් ආවට පස්සේ ...... ඒ දවස්වල මම වලව්වෙ වැඩට ආව ගියා.... මගෙ මනුස්සයා තමයි වලව්වෙ මුරකාර රස්සාව කොරේ.. ..... මට දරැවො දෙන්නෙක් උන්න මහත්තයෝ....... දුවයි පුතයි.... .. දැන් මේ ඉන්නෙ මගෙ දුව මහත්තයෝ..... ....."

"එතකොට මගෙ අම්මව කොහොම ද දන්නෙ. ...."

" සුරේනි නෝනෙ තමයි මයෙ ලොකු දරැවගෙ ඉස්කෝලේ නෝන. ...... ඇත්තටම සුරේනි නෝනෙතරම් දුප්පත් අපිට උදව් කෙරැව තව කෙනෙක් නැති තරම්. ... මගෙ දරැවට ඉගෙන ගන්න පොත් පත් ඇදුම් පවා අරන් දුන්න මහත්තයෝ..... ඒත් මේ පව්. .... කාරි ක.....න්න..... දු......න්න අත හපාකෑව මහ......ත්... තයෝ. ........

පපුවෙ අත ගහගහ අඩන්න ගත්ත සිරියලතා ඉස්සරහ මම අසරණ උනා. ... මොනවද උනේ කියල කිසි දෙයක් නොදන්න මම තාමත් මගෙ ප්‍රශ්නවලට පිළිතුරක් ලැබෙනකන් බලන් උන්න ....


"මහත්තයා දන්නවද මගෙ දරැවට හොදට ඉගෙන ගන්න පුළුවන්. ..... ඒත් දවසක් හිටිහැටියෙම ඉස්කෝලෙදි මගෙ දරැව සිහිනැතුව වැටුන ...... එදායින් පස්සේ හැමදේම වෙනස් උනා මහත්තයෝ...... මගෙ දරැව ලෙඩ ඇදටම වැටුන ..... ඔය දවස්වල තමයි වලව්වෙ ලොකු හාමු නැති උනේ.... ඒකෙන් උනේ දුප්පත් අපි කබලෙන් ලිපට වැටුන එක මහත්තයෝ.... ලොකු හාමු නැති උනාම පුංචි හාමු වලව්වෙ හැමදේම අතට ගත්ත. ....ලොකු හාමු උන්න කාලෙ වගේ අපිට තිබුන නිදහස සැනසීම හැමදේම නැතුව ගියා... මගෙ දරැව සනීප කරගන්න වියහියදම් කරන්න තිබුන එකම ඉඩමත් වලව්වට සින්නඋනා .... .... දවසක් හදිසියේම වලව්වෙ හාමුගෙ ඩ්‍රයිවර් අපෙ ගෙදර ආව..... නිකන් නෙමේ හාමුගෙ පණිවිඩේකුත් අරගෙනම. ....... එදා තමා මම මගෙ ජීවිතේ ගත්ත වැරදිම තීරණේ අරගත්තෙ. ..... ඒ වෙලාවේ මට කියල වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ මහත්තයෝ.... මගෙ දරැව උන්නෙ ඉස්පිරිතාලේ ලෙඩ ඇදේ .... දොස්‌තරල කීවෙ මගෙ කොල්ලගෙ බඩේ ගෙඩියක් කියල මහත්තයෝ ..... ඒක ඔපරේෂන් කරන්න ලොකු ගානක් යනව කීව... මන් ඉතින්. ... හාමුගෙ වචනෙ පිලිගත්ත .... "



"මොකද්ද. ... මොකද්ද හාමු කීවෙ.
......."

මගෙ ඇස් වල කදුළු අලුත් උනා... හාමුගෙ නම ඇහුන පලවෙනි තත්පරේම මගෙ හිතේ එක එක දේවල් මැවෙන්න ගත්ත වෙනකොට හාමු මොකද්ද කීවෙ ඇහුව මම ආයෙමත් සිරියලතාගෙ කදුලු ගලන ඒ ඇස් දිහා බැලුව ...... මට දැනුන ..... ඒ ඇස් වල කිසිම බොරැවටක් නෑ... ......

"හාමු. ... හාමු මට කියල තිබුනෙ ඉස්කෝලේ නෝනව පරණ තේ ෆැක්ටරිය ගාවට එක්ක එන්න කියල.... ඒ හොදකට නෙවෙයි කියල දැනගෙන උනත් මම ඒකට කැමති උනා මහත්තයෝ....මම ඒකට කැමති උනා. .. ඒ වෙනුවට මගෙ දරැවගෙ ජීවිතේ බේරගන්න සල්ලි දෙන්න පොරොන්දු මත මම ඒ කරැමක්කාර වැඩේට කැමති උනා. ..... සුරේනි නෝනව මොන බොරැව කියල හරි එක්ක යන්න ආව මට එවෙලෙ නෝනෙව හම්බවුනේ නෑ... .... මොන කරැමෙකට මන්ද එදා මට කලින්ම ඉස්කෝලේ නෝන ඒත් මොන පොත් වගයක් අරන් නෝන අපෙ ගෙදර ඇවිත් තිබුන. ... මම නැතිවෙලේ.... මම එද්දී සුරේනි නෝන ගෙදර උන්නෑ... .. අපෙ මනුස්සයා සුරේනි නෝනව සිහි නැති කරල හාමු ගාවට අරන් ගිහින් තිබුන මහත්තයෝ. .... මගෙ හිත වෙනස් වෙයි කියලා අපෙ මනුස්සයා එහෙම කරල මහත්තයෝ... ..... මම ඒක දැනගත්ත වෙලේම ෆැක්ටරි එකට දිව්වා... වෙන්න යන විනාසෙ මට නවත්තන්න බැරි උනත් හාමු ගාව වැද වැටෙන්න හරි හිතාන මම දිව්වා ....... ඒත් ... ..... .. ඒත් මන් පරක්කු වැඩියි. ...... . .. .... .... ....... හාමු... හාමු කියන බල්ලා ඉස්කෝලේ නෝනව අනාථ කරල තිබුන මහත්තයෝ. ... සුරේනි නෝන උන්න. .... මලමිනියක් වගේ.... ...

"මගෙ අම්ම. .... අම්ම. ...."

මට කියාගන්න වචන නැති උනා. .. මට දැනුනෙ මගෙ උගුරෙ මොකද්දෝ දෙයක් හිරවෙලා තියෙනව වගේ වෙනකොට වචනයක් එලියට දාගන්න බැරිව උන්න මම සිරියලතාගෙ කටින් පිටවුන අවසාන වචන ටික ඇහෙනවත් එක්කම බිමට ඇදන් වැටුන.....

"අනෙ මහත්තයෝ. ..... "

"මග්...ගෙහ්.... අම්..මටහ්....මොකද. .. උනෙ... ...."

" සුරේනි නෝනෙ ..... ඒ දවසින් පස්සෙ ගමෙන් අතුරැදන් උනා .... මම හිතුවෙම සුරේනි නෝන ජීවිතේ නැතිකරගන්න ඇතිය කියල මහත්තයෝ ..... ඒත් එහෙම උනේ නෑ . ...... අපි ගමෙන් ගිහින් මාස ගානකට පස්සෙ එක දවසක් මාලිගාවට ගිය දවසක මම නෝනෙව දැක්ක ..... . .බඩකුත් උස්සන් මහත්තයෙක්ගෙ අතින් අල්ලන් උන්න. .... .... මම ඒ මූණටවත් මුලිච්චි වෙන්න ගියෙ නෑ.... මන් වගේ පව්කාරියක් එතනට ගිහින් ඒ සැනසීම නැති කරන්න ඕන කරේ නෑ. . එක අතකට මන් වගේ පව්කාරයෙක් එක්ක කතා කරයි කියල හිතන්න පුලුවන් ද මහත්තයෝ. ..... ... නෝනෙව විකුණල ගත්ත සල්ලි අපිට යා දුන්නේ නෑ මහත්තයෝ. .... ඔපරේෂන් එක කරත් මගෙ දරැව මැරිල ගියා මහත්තයෝ. .. ....මට සමාවෙන්න මහත්තයෝ . ... මන් දන්නව සමාව දෙන්න පුළුවන් වැරැද්දක් නෙවෙයි මම කරල තියෙන්නෙ ... ඒ උනත් මට .... මට
සමාවෙන්න. .........

ඒ අත් දෙකට මගෙ අත් තද උනා ... මගෙ අත් දෙක අරන් කීව ඒ වචන..... වැටෙන ඒ කදුලු ...මට ගානක් ගියෙ නෑ. .... කොටින්ම මගෙ හදවතට පිහිතුඩකින් හූරනව වගේ දැනුන...... .....මට කෑ ගහල අඩන්න ඕන උන ...... මගෙ අම්මගෙ සොහොන මැවි මැවී මට පෙනුන ..... මම අමාරැවෙන් හුස්ම අල්ලන් එලියට බැස්ස. ..... සිහියක් පතක් නැතුවම..... පියල්ගෙ කටහඩ ... සිරියලතාගෙ වැලපීම මේ හැමදේම නෑහුන මට ලොකු හාමු කියන මනුස්සයාගෙ මූණ මැවිල පෙනුන. .... වේදනයි... පපුව හිරවෙනතරමටම... මගෙ අප්පච්චි ..... අප්පච්චි. .... මහලොකු හාමු .....මගෙ අම්මගෙ ජීවිතේ විනාස කරල දැම්ම ඒ වගේ තිරිසන් මනුස්සයෙක්ට මම එහෙම කතා කරන්න ඕනද... .... මම මගෙන්ම ඇහුවා. .... ... මගේ ජීවිතේ අප්පච්චි කියන තැන හිමිවෙලා තිබුනෙ මම හීනෙකින්වත් වෙන්න එපාය කියල ප්‍රාර්ථනා කෙරැව මනුස්සයාම වෙලා උන්න. ..... ඇත්ත කොච්චර කටුකද.. මට දැනගන්න කම් ඉස්පාසුවක් නැතුව පිස්සුවෙන් වගේ හෙව්ව ප්‍රශ්න වලට අද උත්තර හම්බවෙලත් මගෙ හිත ඒ ඇත්ත පිලිගන්න අකමැති වෙලා. ..... ඇත්තටම අමාරැයි. .... මට දරාගන්න බැරි තරම් වේදනයි ....... අම්මෙ......
..
.....
අසිහියෙන් කා එකට නැග්ග පැය ගානකට පස්සෙ ඔහේ එන්න ආව වගේම කව්රුත් නොපෙනන පාලු පාරක කොනකට වෙන්න වාහනේ නැවැත්තුව . .... ......



😊කොටසක් දැම්මෝ. ...

😀මගෙ කතා කියවන වෝට් කරන හැමෝමටම තැන්කූ. ...ගුඩ් නයිට්.  ..

Ga verder met lezen

Dit interesseert je vast

331K 11.6K 52
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
582K 21.2K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
701K 11.3K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...
883K 54.2K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...