Love Me Like You Do || Comple...

Od NimuMochi

37.3K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." Viac

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

කුකීගෙ වස්තුව

868 110 51
Od NimuMochi

- Jimin POV -

"අප්පා.."

"ම්ම්ම්.."

"දූනි කූ අප්පට පපා කීන්නද?"

"අහ්? ඇයි මැණික.."

"මල්ලි බබා එයාට පපා කීනවනං මතත් ඕනෙ පපා කීන්න..."

"කියන්න වස්තුවේ.. ඔයාට කැමති නමක් කියන්න. ඒකට කමක් නෑ..."

මගෙ පණ්ඩිත කෙල්ල.. මං ටේගෙ ඔඩොක්කුවට වෙලා බුංඔපං එකක් හප හප හිටපු කෙල්ලව ඇදලා අරන් හිස් මුදුන හරි ආදරෙන් ඉම්බා.. පේස්ට්‍රිය ඇතුළෙ තිබුනු චොක්ලට් කට වටේම ගාගෙන කෙල්ල කිරිදත් පෙන්නගෙන හිනාවුණා..

අපි මේ කුකීව ආයිමත් එක්කන් එන්න එයාලගෙ ගෙදර යනගමන්.. ආවෙ නූමියි ටේයි මායි විතරයි. අනිත් අය ගෙදර එයා වෙනුවෙන් සප්‍රයිස් පාටි එකක් ලෑස්ති කරනවා.. හොබී ප්‍රෙග්නට් කතාව වුනත් එයා තාම දන්නෙ නෑනෙ... හොදම සප්‍රයිස් එකක් දෙන්න පුළුවන් ඒ හින්දා..

"චිම් අමාරුද? මං වාහනේ ගන්නද?"

"නෑ එපා ටේ මං මේ ටික ගෙනියන්නම්.."

අපි ගෙදරින් පිටත් වුණේ පාන්දරම. වෙන මුකුත් නිසා නෙවෙයි.. මගෙ මැණිකව ආපහු ගෙන්න ගන්න තියන හදිස්සියට.. ගෙදර ඉදම්ම වාහනේ ගෙනාවෙ ටේ... කන්න මොනාහරි ගන්න නැවතුනාට පස්සෙයි අපි සීට් මාරු වුණේ.. ඒත් මට තාමත් සීයට සීයක්ම හොඳ නැති නිසා මං අඩියක් තියන එක ගැන පවා එයාලා නොසෑහෙන්න මං ගැන වද වෙනවා...

"ජුනී හ්‍යොං එන්නෙ කවද්ද චිම්??"

"අනිද්දට එනවා කිව්වා බං... එයා මේ වැඩවලින් අයින් වෙන්න හදන්නෙ.. හුඟක් දුරට මේ ආවම ආයිත් යන එකක් නෑ.. ඒකයි එන්න පරක්කු මෙච්චර.. එහෙ වැඩ ඔක්කොම සෙට්ල් කරලා එන්න එපැයි."

"ම්හ්ම්ම්.. ඒත් එහෙම එකපාර අයින්වෙන එක එයාගෙ ජීවිතේට රිස්ක් එකක් නෙවෙයිද?"

"රිස්ක් එකක්.. ඒත් දැන් තියන තරම්ම නෙවෙයි... අනික එයා නොකිව්වට නොපෙන්නුවට ජින් හ්‍යොං ගැන හරියට වදවෙනවා බං."

"හ්ම්ම් පව් දෙන්නට එකට ඉන්න ලැබෙන්නෙම නැතිතරම්නෙ... ජින් හ්‍යොං මුකුත් නොකිව්වට එයා ඉන්නෙ ඔය ගැන හරි හිතේ අමාරුවෙන්..."

"හ්ම්ම් ම්හ්හ්හ්"

"අහ්හ්.. චිම්..."

"ආ... අප්පා..හ්"

මට ඉබේම බ්‍රේක් එක පෑගුණු පාරට ටේ අල්ලනොගන්න කෙල්ලගෙ ඔලුව ගිහින් ඩෑශ්බෝඩ් එකේම වදිනවා.. මං කෙල්ලවත් අතගාලා බලලා එහෙමම දෝතින්ම ඔලුව බදාගත්තා.. ඇයි කූ මේ... මට හරි අමුත්තක් දැනෙනවා මැණික.. ඔයා හොඳින්ද? ඇයි මෙච්චර මගෙ පපුව හිරකරන්නෙ...

"චිම්... චිම් ඇයි මොකද බං?"

"ම්හ් ක්..කූට.. කූට කෝල් එකක් ගන්න ඕනෙහ්.."

තවත් මොනවත් කියවන්න තප්පරයක්වත් වැය නොකරපු මං එහෙමම ෆෝන් එක ඇදලා අරන් එයාගෙ නම්බර් එක ඩයල් කරා.. රින්ග්ස් යනවා... ඇයි රත්තරන් ආන්සර් නොකරන්නෙ...

"ඒ කොල්ලා තාම නිදි ඇති බං.. උඹ දැන් වෙලාව කීයද දන්නවද? තාම අට පහුවෙලාවත් නෑ යකෝ.. පව් නිදාගන්න දියන්.."

ටේගෙ කෑගැහිල්ලට සන්සුන් වෙච්ච මං කෝල් එක කට් කරන්න යනවත්තෙක්කම එයා ඒක ආන්සර් කරා..

"හලෝ මැණික... ඔයා ඇහැරලා නේද? අපි මේ එනගමන් වස්තුව.. ලෑස්ති වෙලා ඉන්න... ආපු ගමන් යමු.."

හිතේ සැකේ හින්දමද කොහෙදෝ පපුව නොසෑහෙන්න ඇදුම් කෑවත් ආන්සර් කරපු කෝල් එකට මං හරි නෝමල් තාලෙන්ම කතා කරා... මගෙ පණ මගෙ හුස්ම ටික. ඒ කටහඬ ඇහුවත් ඇති මට..

"ම්ම්හ්හ්හ්"

"බබා...හ්.. මැණික.. ඇ..ඇයි වස්තුවේ??"

එයාගෙන් කිසිම සද්දයක් නැතුව නිකම්ම කෙඳිරිල්ලක් විතරක් ඇහෙන්න ගත්තම මගෙ ඔලුව ආයෙමත් ගිනිගත්තා.. ඇයි රත්තරන්... ලේබර් පේන්ස්ද? ඒත් දෙයියනේ තව මාසයක්ම තියෙනවනෙ.. වැටුනද මැණික.. මොකක්වත් කරගත්තද??

අහන්න වෙන දේ ගැන බයටම මගෙ අතින් ෆෝන් එක අතෑරෙද්දි ටේ ඒක අරන් ස්පීකර් ඔන් කරා.. මාව ගැහෙනවා.. කවදාවත් නැති තරම්ම ගැහෙනවා..

"මටහ්.. මං හිතන්නෙහ් මට චූ ගියා හ්‍යොං.. ම්හ්ක්... ආ..හ් ආහ්හ්හ්හ්හ්හ්හ් අනේ රිදෙනවා රත්තරන්... ම්හ්... අනෙහ් අනේ  එන්නකෝ අමාරුයි..."

"වෝටර් බෑග්.. ඒ එයාගෙ වෝටර් බෑග් එක චිම්... අපිට ඉක්මන් කරන්න වෙනවා.. ඉක්මනට යමු..."

එයාගෙ වේදනාත්මක කෑගැහිල්ල.. ටේගෙ වචන.. මේ ඔක්කොමත්තෙක්ක වාහනේ කොහෙන් කොහාට කැරකුනාද හිතාගන්නවත් බැරිවෙද්දි.. අපි විනාඩි ගානක් ඇතුළත එයාලගෙ ගේ ඉස්සරහට ආවා...

රිදෙනවා රත්තරන් අමාරුයි එන්නකෝ කිව්ව වචන ටික ඕනෙවටත් වඩා පපුව මැද්දම රිද්දද්දි මං ගැහෙන කකුල්වලින් එක හුස්මට ගේ ඇතුළට ගියා..

මොකක් හරි වෙලා තියනවා.. මෙහෙ මොකක්ම හරි වෙලා තියනවා... අපි යද්දි කූගෙ ඔම්මයි අප්පයි ජැක්සනුයි තව සර්වන්ට්ලා මහ තොගේකුයි සේරම කූගෙ කාමරේ ලඟ ඉදන් කෑගහනවා.. ඔව් මං කිව්වෙ ජැක්සන් කියලා තමයි... ඒකා මොකක්ද මෙහෙ කරන්නෙ? ඌ මොනවත් කරාවත්ද?? මගෙ ලේ ටික අමු අමුවෙ පිච්චුනා.. මිනිහත් මාව දැකලා නොසෑහෙන්නම ගැස්සුනා..

"ජැක්සන්.. ආහ්.. එහාට පළයන් මිනිහෝ... මැණික... මගෙ වස්තුව දොර අරින්න රත්තරන් මේ මම..."

ඌ දොර අවහිර කරන් ඉන්නකොට මං ඒකව තල්ලු කරගෙනම ගිහින් දොරට වාරු වෙලා මගෙ මැණිකට කතාකරා.. නෑ.. එයා දොර අරින්නෙ නෑ... ඇතුලෙන් ඇහෙන විලාපෙට මගෙ පපුව ගල් ගැහිලා ගිහිනුයි තිබුනෙ... එයා අමාරුවෙන්.. අනේ මගෙ පණටික අමාරුවෙන්...

තව තප්පරයක්වත් නාස්ති නොකර මං එක හුස්මට එදා ගෙට පැනපු ජනේලෙ දිහාවට දිව්වා.. වටපිටේ ජනේලෙ කඩාගන්න දෙයක් හොයාගන්න නැති වෙනකොට ටේයි මායි දෙන්නම පුළුවන් වෙර අරන් අතින් ගහලා ජනේලෙ කඩලා ඇතුළට පැනගත්තා..

දෙයියනේ දැක්ක දෙයින් කකුල් පණ නැතුව වැටෙන්න යද්දි ටේ හ්‍යොං එහෙමම මාව ඇඟට වාරු කරගත්තා.. මගෙ මැණික... මගෙ කොල්ලා හිටියෙ කාමරේ දොර ලඟ බිම..

එයාගෙ වෝටර් බෑග් එක කැඩිලා සර්වාංගෙම තෙමාගෙන වතුර ගලාගෙන ගිහින් තිබුනා.. ඒ මූණ මැලවිලා වේදනාවෙන් මිරිකිලා සුදුමැලි වෙලා ගිහින් තිබුනත් අනේ මාව දැක්ක ගමන් කොල්ලට ගියපු සැනසිලි හිනාවට මගෙ පපුව අමු අමුවෙ හිරිවැටිලා ගියා..

ඒත්තෙක්කම මිස්ටර් ජොන් පපුවත් අල්ලගෙන බිම වැටෙනවා දැක්කත් මං ඒ ගැන නොතකා මගෙ මැණික ලඟට දිව්වා.. එයා හිටියෙ දාඩියෙන් පෙඟිලා හුස්මක් ඇදගන්න පවා බැරුව.
දෝතින්ම එයාව උස්සගත්තු මං එහෙමම එක හුස්මට කා එකට දිව්වා..

කකුල්දෙක වෙව්ලුවත් කොන්ද කොච්චර රිදුම් දුන්නත් මට ඒ කිසිදෙයක් ගැන හිතන්න වෙලාවක් තිබුනෙ නෑ... මගෙ කොල්ලා හිටියෙ උහුලගන්න පුළුවන් වේදනාවකින් නෙවෙයි.. අනේ එයා හුස්ම ඇද ඇද විලාප තිබ්බා...

ඉහිලුම් නොදෙන වේදනාව දරාගන්න බැරිම තැන ද මන්දා දෙන්නගෙන් කෙනෙක් තෝරගන්න වුනොත් දරුවව තෝරගන්න කිය කිය එයාගෙන් පිටවෙච්ච වචන ටිකට මගෙ සර්වාංගෙම වෙව්ලලා ගියා. දෙයියනේ නෑ... එහෙම මුකුත් වෙන්නෙ නෑ.. එයාටවත් මගෙ දරුවටවත් කිසිදෙයක් වෙන්නෙ නෑ...

මං යදින්න පුළුවන් තරම් දෙවියන්ව යැද්දා.. වෙන මොනව කරන්නද රත්තරන්.. මං වෙන මොනව කරන්නද? වේදනාව ගන්න පුළුවන්නං මං දෝතම දීලා ගන්නෙ වස්තුවේ.. ඒ තරමෙ විදවිල්ලක් උඹ ඔය විදවන්නෙ...

එයාගෙ කෑගැහිල්ල එන්න එන්නම වැඩිවෙනකොට දෝනිව ගේන්න ගිය ටේ ගියපු දිහාවක් හොයාගන්න නැතුව ෆෝන් එකවත් අන්සර් නොකර ඉද්දි මට යක්ෂාවේෂ වුණා.. තෝ මොන මඟුලෙ ගියාද ටේ... මෙතන සිටුවේෂන් එක දැන දැනත් උඹ තවත් මොනව කරනවද.. ෂිට් වාහනේ කී එකත් ඌ අතේ...

"චිම්... චිම් අනේ කෙල්ල නෑ බං..."

කලබලෙන් මහන්සියෙන් කොහේදෝ ඉදන් දුවගෙන ආපු ටේ ඊලඟට හති ඇර ඇරම කියපු දේට මගෙ හුස්ම එහෙම්පිටින්ම හිරවුණා.. පපුව පිරෙන්න හුස්මක් ගන්න බැරිතරමටම හිරවුණා.. දෙයියනේ මගෙ කෙල්ල...

මං කාව තෝරගන්නද රත්තරන්.. උඹව අතෑරලා කෙල්ල හොයන්න යන්නද කෙල්ලව දාලා උඹවයි දරුවයි බේරගන්නද?? මෙහෙමම මෙතනම නහරක් පුපුරලා මැරිලායයි කියලා හිතෙන තරමටම ලොකු පීඩනයක් මට දැනුනා..

ගෙදර අහලක පහලක කොහෙවත් කෙල්ල හොයාගන්න නෑ කියනකොට මට මතක් වුණේම ජැක්සන් වෙද්දි කරගන්න දෙයක් නැතිකමටම මං යුංගි හ්‍යොංට විස්තරේ කියලා දරුවව හොයන්න ගන්න කිව්වා...

"ම්ම්හ් රිදෙනවා මහත්තයෝ... ඉන්න බෑ දෙයියනේ... අනේ එපා කියන්නකෝ.. අනේ රිද්දන්න එපා කියන්... ආ...හ් ආහ්හ්හ්හ්හ්හ් ම්හ්හ් එයා එනවා... අනේ එයා එනවා රත්තරන්...එයා.. ආහ්හ්හ්හ්හ්හ්.."

මගෙ වස්තුව එයාට පුළුවන් උපරිමේටම ඉවසුවත් මගෙ චණ්ඩි කොල්ලා තවත් වෙලා බණ්ඩිය ඇතුලෙ ඉන්න ලෑස්ති වුණේ නෑ.. මුලදි කුකීට අමාරු නිසා එහෙම දැනෙනවා ඇති කියලා හිතුවත් එයාගෙ පෑන්ට් එකත් පුම්බ පුම්බ කොල්ලා එළියට එන්න ගත්තම මට කරකියාගන්න දෙයක් හිතාගන්නවත් බැරිවුණා...

මගෙ මැණිකගෙ වේදනාව තවත් උහුලගන්න අහන් ඉන්න බැරිවෙනකොට මං පෑන්ට් එක යාන්තමට ගලවලා දරුවගෙ ඔලුව හරි පරිස්සමට අල්ලගත්තා.. ඔව් දෙයියනේ කාටත් කලින් මගෙ පණටික මං අතගෑවා... එයා මහ හදිස්සියකින් එළියට එන්න දැගලුවත් එයාගෙ පපාට හුස්ම ටික ඇදගන්න පවා පණක් තිබුනෙම නැති තරම්.

අන්තිමට මහ වේදනාවකට පස්සෙ හොස්පිට්ල් එකම දෙවනත් කරගෙන චූටි යක්ෂ පැටියෙක් එළියට ආවා.. අපේ බෝල පැන්ඩා... මෝචියක් වගේ මැණික.. අනේ මගෙ මූණමයි රත්තරන්... එහෙම්මමයි ඒ පෙනුමමයි.. මගෙ ලෝකෙ...

මං දෙන්නවම හරි පරිස්සමට ඉම්බා... මහ ආදරයක් පපුව අස්සෙ හංගගෙන මං මගෙ කොල්ලො දෙන්නව ලෝබකමට ඉම්බා...

ඔම්මා.. මට මතක් වුණේ ඔම්මයි අප්පයි.. මේ වේදනාව මෙහෙම්මම විදලා මං වෙනුවෙන් මැරිලා ගියපු ඒ අහිංසක ජීවිත දෙක.. දරුවෙක්ට දරුදුක දැනෙන්න ඔම්මෙක් අප්පෙක් වෙන්නම ඕනෙලු.. ඒ කතාව ඇත්ත. ඒ කතාව සහතිකෙම්ම ඇත්ත. අද මං ඒ වේදනාව දැක්කා... මගෙ රත්තරන් දරුවා බිහිකරන්න වින්ද වේදනාව මං ඇස්පනාපිටම දැක්කා.. අප්පගෙ වේදනාව මගෙ අත්වල උරහිසේ ඕනෙවටත් වඩා සලකුණුවෙලා තිබුනා...

අනේ ඔයා එහෙම හරි උහුලපු එකම මහමෙරක් වස්තුවේ.. මගෙ පණටික.. ඇඟිලිතුඩක් මොකකට හරි සීරුනත් ඇස්වල කඳුළු පුරෝගන්න ඔයානෙ දෙයියනේ මේ..

මං දරාගන්න බැරි ආදරේකින් මගෙ කොල්ලව ඉම්බා... මගෙ හුස්ම ටික. මගෙ ජීවිතේ.. පුතුපැටියවයි එයාවයි ආයෙ ආයෙත් හාදුවලිම්ම නෑව්වා...

"එයා ආවා රත්තරන්... අපේ පුතා..."

ඒත්තෙක්කම අනිත් අතට චූටියව නාවන්න ගන්නවත්තෙක්කම එයාට සිහි නැතිවෙනකොට මාව ආයෙ ආයෙත් වෙව්ලලා ගියා...

"ඇ..ඇයි?? ඇයි මේ?? එයා එයාහ්..."

"බය වෙන්න එපා.. හේයි හේයි බයවෙන්න එපා මිස්ටර් පාක් එයා හොඳින්. එයා හොඳින්..."

අන්තිමට එයාව ප්‍රයිවට් රූම් එකකට දාලා නිල්පාට පැනල් එකක ඔතපු බෝල ගෙඩිය මගෙ අතට දුන්නම මං කොල්ලව පපුවට කරගෙන කෑගගහා ඇඬුවා.. කොච්චර දුකක් වින්දද රත්තරන්... උඹ කොච්චර නම් දුකක් වින්දද මේක රැකගන්න... ඉදිමුණු කකුල් වලින් ඇවිද ඇවිද හරියකට නින්දක් නැතුව කන කන දේ ආපිට දදා වෙන එකක් තියා ගෙයක් අස්සෙ හිරවෙලා අට මාසයක් තිස්සෙ නිදහසේ හුස්මක් ගන්න විදිහක් නැතුව උඹ වින්දෙ එසේමෙසේ ගින්දරක් නෙවෙයි මැණික... මේ ඒකෙ ප්‍රතිඵල.. අපේ පුංචි හිමබෝලෙ අද හරි පරිස්සමට අපිත්තෙක්ක ඉන්නවා..

"චිම්..."

"ටේ... ටේ මේ බලපන් මගෙ කොල්ලා... මගෙ  බං... මගෙ ලේ.. මගෙ දරුවා.."

"මට හරි සතුටුයි චිම්.. අන්තිමට මොන දුක විදගෙන හරි උඹලා දෙන්නා දින්නා... මේකානං උඹමයි බං.. උඹේ ඇස් උඹෙ මූණ උඹෙ ආඩම්බරකම තනිකරම උඹමයි... සුබපැතුම් කොල්ලො.."

"තෑන්ක්ස් මචං... උඹලා නොහිටින්න මේ දේවල් මෙහෙම නොවෙන්න තිබ්බා.."

මං ටේව පරිස්සමට පපුවට කරලා ආදරෙන් බදාගත්තා... ඇත්තම කතාව උන් නොහිටින්න මං මැරුණු තැන්වල ගසුත් පැළවෙලා..

"ටේ... යුංගි කතා කරාද? මගෙ කෙල්ල බං... මං කෙල්ලව හොයාගන්න ඕනෙ.. මට මේ මොනවා ලැබුනත් වැඩක් නෑ ඒකිට මොනවහරි උනොත්..."

"එයාලා කෙල්ලගෙ පෙන්ඩන්ට් එක ට්‍රැක් කරලා චිම්... ඌ බුසන් බීච් එක පැත්තට කෙල්ල අරන් යනවා.. යුංගිලා ඌව ෆලෝ කරනවා... එයාලා මේ ලඟ ඇත්තෙ.."

"මං යන්න ඕනෙ ටේ.. මගෙ කෙල්ල බයවෙලා ඇති.. මං යන්න ඕනෙ.. එයාලා එද්දිම මටත් යාගන්න පුළුවන් වෙයි. ලොකේෂන් එක මට දාන්න කියන්න.."

"පරිස්සමින් චිම්... මේ කොල්ලො දෙන්නට රෝස මලට උඹව ඕනෙ. ඒ නිසා පරිස්සම් වෙයන්."

"මං එනකල් මගෙ පණ බලාගනින් බං..."

ටේව පපුවට හිරකරන් කොල්ලව උගෙ අතට ගුලි කරපු මං එහෙමම ඒ හුස්මට යුංගි හ්‍යොං එව්ව ලොකේෂන් එකට ගියා.. මගෙ කෙල්ල එක පාරකුත් තිරිසනෙක්ට අහුවෙලා නිස්කාරණේ තැලිච්ච මලක්... තවත් එපා.. තවත්නම් එපා... ඒකි මැරිලායයි බයටම..

බුසන් බීච් එක කෙලවරක තිබුණු පාළු බිල්ඩින් එකක් ඉස්සරහා නැවතුන ජැක්සන්ගෙ වාහනේ දිහාවට ඇස් තියාගෙන උන්නු මං හිටියෙ ඌව මරලා දාන්න තරම් කේන්තියෙන්.. තිරිසනා... මගෙ ජීවිතේම විනාස කරපු තිරිසනා... උඹට ලේසි මරණයක් හම්බෙයි කියලනම් හිතන්න එපා..

අන්තිමට ඌ කා එකෙන් බැස්සා... සිහියක් පතක් නැති මගෙ කෙල්ලව පපුවට කරගෙන බිල්ඩින් එක ඇතුළට ඇදුනු උගෙ පස්සෙන් වැටීගෙන මාත් හොරෙන්ම ඇතුළට ගියා...

ගරාවැටුණු පරණ ගල්සෙවෙල් ගඳ ගහන බිත්ති මැද්දෙන් අඳුරු කාමරයක් අස්සකට රිංගත්තු ඌ යාන්තමට ඉර එළිය වැටෙන ඒ කාමරේ කෙලවරක තිබුනු ඇදක් උඩින් කෙල්ලව තිබ්බා.. අනේ මගෙ මල්පෙත්ත මැළවිලා ගිහින්.. ඒ ඇස් මහන්සි පාටට පියවිලා තිබුනා..

උගෙ අතකට පයකට උණ්ඩයක් දෙකක් බැස්සුවානම් ලේසියෙන් හැමදේම කරගන්න පුළුවන් වුණත් මොකක්දෝ කරුමෙකට මං ගන් එක ගෙනත් තිබුනෙ නෑ... කිසිම කිසි දවසක නොවිච්ච විදිහට මට ගන් එක අමතකම වෙලා ගිහින් තිබුනා.. ඇත්තනෙ මං ආවෙ මගෙ කොල්ලව ගෙනියන සිහියෙන්. ඒත් හීනෙකින්වත් නොහිතපු දෙයක්නෙ සිද්ධ වුණේ...

ඌ දෝනිව ගෙනිහින් බිත්තියක් කෙලවරක තිබුනු දිග බංකුවක දිගාකරලා එතනින්ම බිම දණගහගත්තා.. ඊටපස්සෙ කෙල්ලගෙ දිහාවට නැමීගෙන මොන මොනවදෝ කරන්න ගද්දි මං වටපිට බලලා බිම තිබිලා ඇහිදගත්තු මහත පොල්ලක් හීන්සීරුවට උස්සගෙන රහසින්ම ඌ ලඟට ඇදුනා...

නෑ.. ඌ හිටියෙ කෙල්ලගෙ ලෝකෙ කියලා හිතුවත් නෑ මට වැරදුනා.. ඌ මාව මුලදිම දකින්න ඇති. මං ගහන්න හදන එක තප්පරේට ඌ ආපස්සට හැරුනා... ඒ අතේ තිබුනෙ යකඩ උලක්..

අපි දෙන්නගෙම අත් එකම වෙලාවට එකම තාලෙට එහෙමෙහෙ උනා... උගෙ අතේ තිබුනු යකඩ උල මගෙ කකුල පසාරු කරගෙන යන්නත් මගෙ අතේ තිබුනු පොල්ලෙන් ඒ ඔලුව මැද්දටම සිහි නැතිවෙන තරමෙ පාරක් වදින්නත් ඇත්තෙ එකටමයි.. එකම තප්පරේටමයි..

ජැක්සන් මහ විලාපයක් එක්ක කොන්ක්‍රීට් පොළවට ඇදගෙන වැටෙද්දි මං එහෙමම ගිහින් කෙල්ලව පපුවට තුරුල් කරගත්තා.. මගෙ පණ මගෙ හුස්ම මගෙ ලෝකෙ... දෙවියන්ට පිං සිද්ධවෙන්න එයාගෙ සීරීමක්වත් නෑ.. එකම එක සීරීමක්වත් නෑ...

මං කෙල්ලව පපුවට කරන් ඉකිගගහා ඇඬුවා.. අප්පා බයවුණා මැණික... ආයෙ ඔයාව දකින්නවත් නැතිවෙයි කියලා අප්පා බයවුණා මගෙ රත්තරන්.. කෙල්ලව නොසෑහෙන්න ඉඹ ඉඹ මං තනියමම කියෙව්වා..

"මිනී... මිනී කෙල්ල.. දෙයියනේ කෙල්ල හොඳින්ද බං..."

ඒත්තෙක්කම එතනට ආවෙ යුංගි හ්‍යොංලා.. ඒ ඇස්වල ලියවිලා තිබුනෙ එසේමෙසේ බයක් නෙවෙයි... මං අඬද්දි එයාලා හිතුවෙම දරුවට මොනවහරි වෙලා කියලා වෙනකොට මගෙ එක වචනෙ පරක්කුවට ඒ මිනිස්සුන්ගෙ හුස්ම හිරවෙන්නම ආවා...

"කෙල්ල හොඳින් හ්‍යොං... මගෙ මැණික... මගෙ රෝස මල හොඳින් හ්‍යොං... ඌ මොනවහරි දීලා කෙල්ලට සිහිය නෑ.. ඒකයි මේ... ඒකයි මෙහෙම ඉන්නෙ..."

වෙව්ලන අත්වලින් හරි පරිස්සමට කෙල්ලව ගත්තු යුංගි හ්‍යොං ඇස්පිල්ලමක් ගානෙම කෙල්ලව ඉම්බා.. තමන්ගෙ දරුවා මැරුණා කියලවත් කඳුලක් නොහෙලපු මනුස්සයා කෙල්ලෙව බදාගෙන ඉකිගගහා ඇඬුවා...

"මංහ්.. මං බයවුණා චිම්... පරක්කුවෙයි කියලා මං හොඳටම බයවුණා.. දෙයියනේ උඹ නාවානං මේ තප්පරෙත් උට ඇති... අපි පුළුවන් තරම් ඉක්මනට ආවා.. කලබලේ වැඩිකමට වාහනේ දෙතුන්පාරක්ම හැප්පුනා.. ඒ තප්පරේ දෙකේ පරක්කුව බං මේ..."

"දැං හරි.. දැං හරි හ්‍යොං... කෙල්ල පරිස්සම්නෙ. දැන් හරි.. කෝ.. කෝ ජින් හ්‍යොංලා..."

"පහළ... මං උඩට එක්කන් ආවෙ නෑ චිම්.. මං දරුවව අරන් ගිහින් පෙන්නන්නම්... මූට මොකද කරන්නෙ?"

"මරනවා..."

"හ්ම්.. ලේසි මරණයක් එපා..."

උඩට ආපු ගාඩ්ස්ලා පස් හය දෙනත්තෙක්කම දෝනිවත් අරන් යුංගි හ්‍යොං යන්න යද්දි මං වේදනාදෙන කකුලත් ඇද ඇදම ගිහින් ජැක්සන්ව පැත්තක තිබුණු පුටුවකට තියලා හොඳ හයියට ගැටගැහුවා..

ඔම්මගෙ අප්පගෙ සූගෙ නෝවගෙ මගෙ මැණිකගෙ මගෙ දරුවන්ගෙ අපි ඔක්කොගෙම  ජීවිතවල නපුරුම තප්පරේ හෙව්නෙ මේ මිනිහා හින්දා කියන දේ ඇස් ඉස්සරහා ඕනෙවටත් වඩා මැවෙන්න ගද්දි මං දත්මිටි කාගෙනම මහ හිරට ඌව පුටුවට තියලා ගැටගැහුවා..

පැත්තක වැටිලා තිබුණු පරණ වතුර බෝතලයක් අරන් ඒ ඔලුව මැද්දට හැලුවෙ උගෙ සිහිය ගන්න... නෑ මෙව්වා අසිහියෙන් විදින්න ඕනෙ වේදනාවල් නෙවෙයි.. උඹ විදවන්න ඕනෙ... හොඳ පැහැදිලි සිහියෙන් ඉදලම උඹ විදවන්න ඕනෙ..

අන්තිමට ඌ ඇස් ඇරියා... මගෙ ජීවිතේ මං දැකපු අවාසනාවන්තම මරණෙ වෙනුවෙන් ඒ ඇස්පිල්ලම් පවා ගැහුනෙ මර බයෙන්.. කිසිම කෙනෙක්ගෙන් නොදැක්ක තරමෙ බයක් ඒ ඇස් කෙවෙනි අස්සෙන් වැඟිරුනා... නෑ කරන්න දෙයක් නෑ ජැක්සන් උඹ විදවන්නම ඕනෙ..

"එ..හ් එපාහ්... එපා.. මටහ්... මට සමාවෙයන් පාක්... මටහ්.."

"මගෙ උන් එකා එකා මරද්දි උන්ටත් ඔහොමම හිතෙන්න ඇති ජැක්සන්.. නෑ ඒත් එහෙමවත් නෑ... උන් හිතන්නත් කලින් හුස්ම ටික යන්න ඇති.. ඒ මිනිස්සු මොන වරදක් කරාටද බල්ලො?? උන් මොනව කරාටද යකෝ එකා එකා මරලා දැම්මෙ.."

මං කෑගැහුවා.. ඇස් දිගට වේදනාවෙ කඳුළු උතුරද්දි මං පිස්සෙක් ගානට බිල්ඩින් එක දෙදුරුම් කන්නම කෑගැහුවා..

"ලෑස්තිවෙයන්... ආයෙ කවුරුවත් නෑ ඊලඟට ඉන්නෙ උඹ.. ලෑස්ති වෙයන්..."

මගෙ මූණෙ තියෙන්න ඇත්තෙ මහ වියරු හිනාවක්. උගෙ කලිසම තප්පරේට දෙකට තෙත්වුණා.. ඒ ඇස් පවා තිබුනෙම මරබයෙන් වෙව්ල වෙව්ල..

"එපා.. ජ්.. ජිමින් ප්ලීස්...හ් ප්ලීස්..."

(මෙතන ඉදන් කියවන්න අමාරු අය ආස නැති අය කියවන්න එපා පැටවුනේ 🤧)

මගෙ අතට අහුවුණේ බිම තිබුණු මලකඩ කාපු යකඩ තහඩුවක්.. මුලින්ම උගෙ ඇදුම් එහෙන් මෙහෙන් ඉරලා දාලා සහමුලින්ම ඒකව නිරුවත් කරපු මං ඒ ඇග පුරාවට හිතූ හිතූමනාපෙට එහෙට මෙහෙට තහඩු කෑල්ලෙන් ඉරි ඇන්දා... හම මස් කපාගෙන ලේ බිංදු මතුවෙද්දි යටිගිරියෙන් විලාප තියපු ජැක්සන් ආයෙ ආයෙත් සමාව ඉල්ල ඉල්ල හූ තිබ්බා..

සමාවක්... පාක් ජිමින් ලඟ? හහ්... උගෙ කරුමෙටද මගෙ වෙලාවටද මන්දා ඊලඟට මගෙ අතට අහුවුණේ ඇසිඩ් බෝතලයක්.. තිරිසන් හිනාවකුත්තෙක්ක අර තුවාල අමුතුවෙන් පාර පාරම ඒවා මැද්දට ඇසිඩ් වක්කරේ ජැක්සන්ට ආයෙ ආයෙත් දෙතුන් වතාවක්ම සිහි නැතිවෙද්දි.. නෑ... දැම්ම මැරෙන්න බෑ.. උඹ තව විදවන්න ඕනෙ... උඹ විදවන්නම ඕනෙ...

"මට කියපන්.. මට කියපන් ඇයි මේ දේවල් කරේ? ඇයි යකෝ කිසි හේතුවක් නැතුව මගෙ ඔම්මව අප්පව මරලා දැම්මෙ.. සූමින්? ඒ කෙල්ල මැරුණෙ ඇයි කියලවත් ඒකි දන්නෑ යකෝ... මගෙ කොල්ලා.. තෝ දන්නවද මගෙ අහිංසකයා විදෙව්ව තරමක්... ඒ කඳුලක් ගානෙම උඹ විදවන්න ඕනෙ.. නැඟිටපන්... උඹට දැම්ම මැරෙන්න බෑ නැඟිටපන්..."

දෙතුන්වතාවක්ම මූණ මැද්දට මිටමොළවලා ගහද්දි ගැලවුණු දත් තුනහතරක්ම ලේත්තෙක්ක එළියට විසිකරපු ජැක්සන් ආයෙ ආයෙත් සමාවම ඉල්ලුවා..

"ජ්..ජන්කුක්ගෙ අප්පා..හ්... පාක්ලව මැරුවෙ ජන්කුක්ගෙ අප්පා..හ්ක්ක්.... මං..හ් මං උ..උදව් කරා විතරයි..."

මං දන්නවා... මං දන්නවා යකෝ මං දන්නවා... මගෙ කොල්ලගෙ හිත රිද්දන්න බැරිකමට ඒ මිනිහව නොමරා ඉන්නවා මිසක් මං දන්නවා මේ හැමදේකම කෙලවර ඉන්නෙ ඒ තිරිසනා කියන්න මං දන්නවා..හ්

"ජ්ජන්කුක් දරුවා ල්..ලැබෙන්න තියාගෙන ප්..පැනලා ගියාට පස්..සෙ ජ්ජොන්කාරයා ක්..කනපිටම හැරුනා..හ් මට.. මට ක්කුකීව නැතිවෙයි කියල බයටයි මං බලෙන්ම අනිත් දේවල් ක්..කෙරෙව්වෙහ්.. බ්...බීච් එකේදි පිහියෙන් ඇන්නෙ මම..."

නෑ තවත් උට දේවල් කියන්න හුස්මක් ඉතුරු උනේ නෑ.. මටත් වඩා ඉක්මන් වෙච්ච මගෙ අතේ තිබුණු තහඩුව ජැක්සන්ගෙ කකුල් දෙක මැද්දෙන් පහලට යද්දි අමු අමුවෙම කැපිලා ගිය උගෙ ඩික් එක ලේ විදගෙනම එහෙමම කොන්ක්‍රීට් පොළව උඩට වැටුනා..
අන්තිමට ඒ ඇස් පියවෙද්දි මට කොහේදෝ නැති සැනසීමක් දැනුනා...

(නපුරු කතා ටික දැන් ඉවරයි 🙃)

ඔම්මාහ්.. මට සමාවෙන්න ඔම්මා... මාව මේ තත්වෙට පත් කරේ මුන්මයි ඔම්මා.. මං හොඳ දරුවෙක් වෙලා හිටියා.. ඔයා ඒක දන්නවනෙ... අනේ මට සමාවෙන්න... ඔයාගෙ පුතා මිනීමරුවෙක් වෙච්ච එකට සමාවෙන්න...
මං බිමවැටීගෙන දුක හේදිලා යනකම්ම ඇඬුවා...

අන්තිමට කකුලෙ තිබුණු තුවාලෙන් ලේ ගිහින් ගිහින් කලන්තෙට වගේ එන්න යද්දි බොඳවෙවී පේන ෆෝන් එකෙන් යුංගි හ්‍යොංට කෝල් කලා..

"හ්‍යොං.. අහ්... උඩටහ්... චුට්ටක් උඩට එන්න..."

ඒ කියලා තප්පරයක් යන්නත් කලින් කලබල මූණක් එක්ක හුස්මත් ඇද ඇදම මතුවුණේ යුංගි හ්‍යොං... එයා ජැක්සන් දිහා විනාඩියක් දෙකක් ගල් ගැහිලා බලාගෙන හිටියා..

"මංහ්... මං මැරුවා..හ් මං ඌව මැරුව හ්‍යොං.. මං..හ්"

"ෂ්ෂ්ෂ්... ඒකට කමක් නෑ.. මිනී... ඒකට කමක් නෑ... උට මෙහෙම වෙන්න ඕනෙ. උඹ විදවපු තරමට මේ උට හොඳටම මදි.. ඒකට කමක් නෑ..."

යුංගි හ්‍යොංගෙ තුරුලෙ මූණ ඔබාගෙන මං එහෙමම අඬාවැටුනා.. මේ අඬන්නෙ ඇයි කියලවත් නොතේරි මං නොදරුවෙක් ගානට හුස්ම හිර කර කරම අඬාවැටුනා...

"මිනී... දෙයියනේ උඹට තුවාලයි රත්තරන්... යං පහළට යමු කොල්ලො.."

ගාඩ්ස්ලට එතන සම්පූර්ණයෙන්ම ක්ලියර් කරන්න කියාගෙනම මාව පහළට අරන් ආපු යුංගි හ්‍යොං අඬ අඬා හිටපු කෙල්ලව මගෙ පපුවට තුරුලු කෙරෙව්වා...

"අප්පා... දූනිට බයයි..."

"හරි මැණික.. සේරම හරී... අපි දැන් මල්ලි බබා බලන්න යන්නත් ඕනිනෙ.. අඬන්නැතුව ඉන්නකො මගෙ වස්තුව..."

රෝසපාට බෝල බණ්ඩියව දකිද්දි කෙල්ලගෙ ඇස්වල මල්ලි බලන්න යනවා කියද්දි ඒ තිබුන සතුට ඊටත් වඩා දෙතුන් ගුණේකින් වැඩිවෙලා තිබුනා.. ඒ ඇස් මහ සතුටකින් දිළිසුනා...

"දූනිගෙ මල්ලි පැටියා.."

කෙල්ලගෙ කටින් නිකම්ම පිටවුණේ ඔය වචන දෙකතුන.. ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න ඕනෙ මගෙ පුතේ... පපායි අප්පයි නැතිවෙන දවසක වුනත් මගෙ මැණික් කැට දෙක මේ තරම්ම ආදරෙන් ඉන්න ඕනෙ... මං කොල්ලවයි කෙල්ලවයි දෙන්නවම එකම හැඟීමකින් ඉම්බා.. මගෙ දරුවො... මගෙ පවුල... මගෙ ජීවිතේ...

ඔව් මේ අපේ ලෝකෙ රත්තරන්... අන්තිමට හරි බර හාද්දක්... ආදරේ උතුරන හාද්දක් මගෙ මැණිකගෙ  පියවුණු ඇස් උඩට යාන්තම් තදවුණා.. ඒ වේදනාවල් සේරම ඉවරයි රත්තරන්... අද ඉදන් මේ මොහොතෙ මේ තප්පරේ ඉදන් අපේ ලෝකෙ අපේ ජීවිතේ හරි ලස්සනට ගොඩනැගෙයි...

**************************

චිම්ගෙ pov එකෙන් ඕනෙමයි කිව්ව පැටවුන්ට මේක 🙃

තව එකම එක චැපියයි තියෙන්නෙ.. ඒකෙන් ඉවරයි... ඒක චුට්ටක් දිගට දෙන්නම්... 🥺🥰❤️

මාව SL aword 2023ට mention කරපු පැටව් හැමෝටම මහ හුඟක් ආදරෙයි... මං හිතුවෙවත් නෑ එහෙම දේකට මාව මෙන්ෂන් වෙයි කියලා.. ඉතිං මං ආදරෙයි.. ආයෙ ආයෙත් ආදරෙයි 🥰❤️

පරිස්සමට ඉන්න බබාලා 🥺🥰❤️

ආදරෙයි 🤗❤️

Pokračovať v čítaní

You'll Also Like

11.7K 2.4K 19
ᴀ ᴛʀᴀɴsʟᴀᴛɪᴏɴ... ᴀ ᴊɪᴋᴏᴏᴋ ғᴀɴғɪᴄ.. ʙʟ.. ᴛᴏᴘ ᴊɪᴍɪɴ ʙᴏᴛᴛᴏᴍ ᴊᴋ ᴠᴀᴍᴘɪʀᴇ ᴀᴜ ʜᴏᴘᴇ ʏᴏᴜ ᴡɪʟʟ ᴇɴᴊᴏʏ ᴛʜɪs ᴛᴏᴏ😉 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©___Wxyz___
27.1K 1.4K 28
Peep in 💖 Contains Rape scenes sexual and physical voilence Read at ur own risk ❗🔞
6.7K 1.3K 22
❛ You Got Me my little prince & I never let you go.... ❜ '°• 𝗬𝗼𝘂 𝗚𝗼𝘁 𝗠𝗲 •°' jikook fanfiction by se_ha. this is only fanfiction. ⚉Sta...
2.4K 82 19
hi everyone I hope you like this story it's a story about two Royal Family where the youngest daughter of the mehta family is going to get married to...