Love Me Like You Do || Comple...

NimuMochi द्वारा

37.2K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." अधिक

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

පැනලා යන්ද?

478 106 116
NimuMochi द्वारा

ගෙදර යනකොට රෑ හත අටටත් කිට්ටුයි. ඒ යනකල්ම කාගෙවත් කටින් කිසි කතාවක් පිට වුණේ නෑ.. ඉස්සර යන මඟ දිගටම තොරතෝංචියක් නැතුව කියවන අපි නන්නාදුනන තුන්දෙනෙක් ගානට තුන් පැත්තක් බලාගෙන ගමන ඉවර කරා...

මං මේ හරියටම අවුරුද්දකට පස්සෙ ගෙදර දකින්නෙ. අවුරුද්දක් තිස්සෙ කිසිම කිසි හේතුවකට මාව ගෙදරට ගෙන්නගන්න ඔම්මට බැරි උනා.. කා එක ගේට් එකෙන් ඇතුළට එනවත්තෙක්කම දැක්ක දෙයින් මාව ගල් ගැහුනා..

දෙයියනේ ගෙදර සම්පූර්ණෙන්ම වෙනස් කරලා... තිබුණටත් වඩා දෙතුන් ගුණේකින් මහ ලොකුවට හදලා. සොවුල්වල ඉදලත් කොරියාවෙ දැකලවත් නොතිබ්බ වාහන දෙක තුනක්ම ගාඩ්න් එක පැත්තක පාක් කරලා තිබුනා..

අප්පගෙ බිස්නස් දැන් හොඳටම සරුයි වගේ.. කොහොමත් ඉස්සර ඉදන්ම කොරියාවෙ ටොප් ටෙන් බිස්නස්මන්ලා අතරෙ අප්පගෙ නම උඩින්ම කියවුණා... ඒත් එක අවුරුද්දකට මෙච්චර වෙනසක්.. මේක තනිකරම මාලිඟාවක්නෙ...

"කුකී බහින්න.."

ලොකු කල්පනාවක හිටපු මං ඔම්මගෙ කටහඩට ගැස්සිලා ගියා. එයා තාමත් හිටියෙ මූණෙ කිසි හැඟීමක් නැතුව. එක තප්පරේකටවත් හිනා පොදක් මූණට නග්ගගන්නෙ නැතුව..

ඉස්සර සර්වන්ට්ලා උපරිම පහ හයක් හිටපු ගෙදර අද වාහනේ දොර අරින්න වහන්න පවා වෙනම මිනිස්සු හිටියා.. එයාලට වෙන වෙනම යුනිෆෝම් පවා තිබුනා.
ගෙදර ආවා කියනවටත් වඩා කොහෙදෝ නොදන්න තැනක නොදන්න මිනිස්සු ගොඩක් මැද්දකට ආවා වගේ පපුව හූරන හැඟීමකින් මාව තප්පරෙන් තප්පරේට හිරිවැටීගෙන ගියා.. හුස්මක් ගන්නවත් නොහිතෙන තරමෙ අප්‍රසන්න ගතියක් දැනෙන එක නවත්තගන්නම බැරුව විනාඩියක් දෙකක් මං එහෙමම සීට් එකට ඔලුව ගහගෙන ඇස් පියන් හිටියා..

"චූටි බේබි බහින්න..."

ගෙදර මොන දේ කොහොම වෙනස් උනත් වෙනස් නොවිච්ච එකම දේ අහිංසක පාට ඇස් දෙකක් එක්ක හීන්සීරුවට කා එකට එබුනා..

"අංකල් බොරම්.."

අනේ අර ඇස් හීනි වෙලා රැලි වැටිච්ච කම්මුල් පුම්බගෙන එයා හරි ලස්සනට හිනාවුනා..

"අනේ බේබිට හුඟක් මහන්සි පාටයි. කෑමනං ලෑස්තියි.. කාමරේට ගිහින් ඇඟපත සෝදගෙන එන්නකො..."

ඉස්සර මං චූටි දණගාන බබෙක් කාලෙ ඉදන්ම මගෙ පස්සෙන් වැටීගෙන මගෙ හැමදෙයක්ම වෙනුවෙන් හිටපු එකම මනුස්සයා.. මං කා එකෙන් බැහැලා එහෙමම අංකල්ව හරි හිරට පපුවට කරගත්තා. මගේ කියලා දැනෙන කෙනෙක්ට, තාමත් එහෙමම ඉස්සර සුවඳ දැනෙන කෙනෙක්ට කියලා හිටියෙ එච්චරක් විතරක්ම වෙනකොට මං හරි ආදරෙන් ඒ මනුස්ස පරාණෙ අස්සට ගුලි ගැහුණා..

"චූටි බේබි තාමත් එහෙම්මමයි..."

වෙව්ලන කටහඩකින් කැඩි කැඩී මිමිණෙද්දි ඇස් තෙත් කරන් කම්මුල් දිගට ගලපු කඳුළු පාරවල් මහ හුඟක් එයා හරි සීරුවට කමිස කරෙන් පිහිදගත්තා.

"වෙනස් වෙන්න මං මැරිලා ඉපදුනේ නෑනෙ බොරම් අංකල්.."

"අනේ ඉතිං ඒකත් හැබෑව. කෝ යංකො ගෙට.. තාම මේ මඟනෙ.. බේබි ආසයි කිය කිය කට්ටිය සතියක් තිස්සෙ ඉදන් කෑමජාති හදන්නෙ ඔන්න.."

කෑම ජාති කියද්දිම මට මතක් උනේම ෆිශ් කේක්.. අච්චරක් ආස කෑම ජාති තියෙද්දිත් කොහේදෝ තිබිච්ච එයාගෙ ආසාවක් මගෙ හිත අස්සෙන් හරි තදටම ඉලිප්පෙන්න අරගෙන තිබුනා...

ඒ ඔයා හැමපාරකම කොරියා ආවම ආසාවෙන්ම කාපු කෑම.. අපි ෆිශ් කේක් කාපු හැම දවසකම පපුව පිච්චෙන මොකාක්ම හරි දෙයක් සිද්ධ උනත් මට නොකා බෑ හිතෙන තරමෙම ෆිශ් කේක් බඩගින්නක් ඔඩුදුවලා තිබුනා... මට ඕනෙ.. එකම එක කටක් හරි ඕනෙ...

"අ.. අංකල් මට ෆ්.. ෆිශ් කේක් කන්න ආසයි.."

"අනේ.. මං දැනන් උන්නෙ නෑනෙ... හෙට උදේම ලෑස්ති කරවන්නම් බේබි..."

ලොකු ෆිශ් කේක් පාර්සලයක් දැම්ම ගෙන්නගෙන හරි කන්න කොහෙන්දෝ තිබ්බ උවමනාවක් හදිස්සියෙ මතුවුණත් මං මුකුත්ම නොකියා අංකල් බොරම්ගෙන් මිදිලා රූම් එකට ආවා..

මගේ කියන්න නොහිතෙන තරමටම වෙනස් වෙලා පොහොසත් වෙලා තිබුන රූම් එක දැක්කම මට සද්දෙන්ම හීල්ලුනා... ඔම්මගෙ අප්පගෙ ජියෝ ආන්ටිගෙ මතකවලින් ඉතිරිලා තිබ්බ ගෙදර මෙච්චර සෙනඟක් ඉදලත් මහ මූසල පාලු පාටක් අරගෙන තිබුනා.. ඔම්මලා හිටිය උනත් එයාලගෙ ආදරේ මැරිලා වලදාලම පැත්තකට කරලා තිබෙනා..  ඔයා කිව්වත් වගේ අද හරි අමුතුයි රත්තරන්.. මේ ගෙවෙන තප්පරෙන් තප්පරේට මට හරි අමුතුයි..

"කූ.. පරිස්සමින් ගියාද?"

ටේ හ්‍යොංගෙ කටහඩට ෆෝන් එක දිගට ගලද්දි මං හරි බරට හුස්මක් හෙළුවා.. පව් එයා බලන් හිටියෙ රෑට ටේ හ්‍යොං ලව්වා වීඩියෝ කෝල් එකක් අරන් මාව බලන්න... ආයෙ කවදා දකින්නද ඒ කටහඩ අහන්නද කියලා හිතාගන්නම බැරිතැන මං බිමට රවාගෙන අසරණයෙක් ගානට හීල්ලුවා..

"ඌ හොඳින් කූ.. ඔයාලා පරිස්සමට ගියා නේද?"

"ම්හ්ම්ම්..."

"උඹ හොඳින්ද කොල්ලො? අරකා මැරෙන්න හදනවා උදේ ඉදන් පණිවිඩයක් නැතුව.."

දෙයියනේ මගෙ පපුව ඇවිලුනා.. මං කෝල් එකත් නිකම්ම කට් කරලා දාලා ආවනෙ. යවන මැසේජ් එකකට රිප්ලයිවත් නොදා එක අතකට ඔයා විහින්නෙ ඔය රිද්ද ගන්නෙ රත්තරන්..

"මාව ඔය කියන තරම්ම හොයනවනම් ඇයි ෆෝන් එකවත් ආන්සර් කරන්න බැරි හ්‍යොං... මං කෝල්ස් කීයක්නම් ගත්තද?  දැනටම මිස්ඩ් කෝල්ස් සිය ගානකින් ෆෝන් එක පිරිලා ඇති.. ම්හ්.. මහ්.. මට එයාව ඕනෙනෙ හ්‍යොං.. අනේ මට එයාව ඕනෙනෙ... එයාගෙ සුවඳ දැනුත් දැනෙනවා.. මේ ලඟ ඉන්නවා වගේ... දවසකට සිය දහස් වාරයක් එයාව බදාගන්න ඉඹින්න ඒ පපුවට තුරුල් වෙන්න ඕනෙ හිතෙනවා මට... ඒත් කෝ නෑනෙ.. කොහොමද මං මෙච්චර මෙහෙම උහුලන්නෙ හ්‍යොං.. මගෙ හිත මේ තරම්ම හයියයිද?.. අහ්.. අනේ ඇයි එයා මාව දාලා ගියෙ හ්‍යොං? එයාට මාව එච්චරටම එපාද??"

"දෙයියනේ ඔය හිත හදන්න මං මොනාද කියන්න ඕනෙ කුකී... අඬන්න එපා කියලා  කියාගන්නවත් මට හයියක් නෑ.. අඬන්න. ඔයාට ඇති වෙනකල් අඬන්න.. අඬලා හරි ඔය ගින්දර නිවාගන්න .."

මං දාහක් දේවල් කිය කිය නූමි ගානට වැටීගෙන ඉකිගහද්දි හ්‍යොං වචනයක්වත් නොකියා සේරම අහගෙන හිටියා..

"ලබන මාසෙ අග යුංගි හ්‍යොං එනවා කිව්වා කූ. යුන්මිගෙන් ප්‍රශ්නයක් නොව්නොත් ඒත්තෙක්ක චිම් කෙල්ලව එවයි සමහරවිට.. සතියකට එන්නෙ. ආවොත් ඔහෙ එක්කන් එන්නම් මං.."

වරුවක් විතරම ඇඬුවට පස්සෙ පපුවම නිවෙන කතාවක් හ්‍යොංගෙන් පිටවෙද්දි ආයෙමත් ඇස් අගට සතුටු කඳුළු පෝලිමකුත් ගැලුවා.. ඒත් එයාගෙන් පිටවෙච්ච වචනයක් හදිස්සියෙන් මතක් උන හින්දම ආයෙමත් හිත චුට්ටක් ගැස්සුනා.. ඇයි දරුවව මෙහෙ ගේන්නෙ මං කොහොමත් තව සති දෙකකින් ගෙදර යනවනෙ... අහ්.. නෑ මං මෙහෙ නිසා හ්‍යොංට පැටලෙන්න ඇති සමහරවිට..

"කූ.. ඔම්මලා අපිටත් හෙට හවසට ඔහෙ එන්න කිව්වා.. හොබීගෙ රිසච් එකේ වැඩ තාම ඉවර නැති නිසා අපි හෙට ඉදලා අනිද්දා උදේම එන්නද?.."

ගෙදර කිසිම පාටි එකකට කවදාවත් එයාලට ඉන්වයිට් නොකර ඇයි මේ පොඩි පාටි එකකට එයාලා වැඩත් පාඩු කරන් එන්නෙ.. අනික සතියකට කලින් ඉදන්ම... මට ආයිමත් එකපාරම අර නපුරු මූසල හැඟීම දැනීගෙන ගියා..

"හ්‍යොං.. ඔයාලා වැඩ පාඩු කරන් එන්න ඕනෙ නෑ.. පාටි එකට කලින් දවසෙ ආවත් ඇති..."

එයාලා මේ දැම්ම උනත් ගෙන්න ගන්න පුළුවන් නම් කිය කිය මුළු හිතම කෑගහද්දි තවත් එයාලට කරදර කරන්න බැරිකමටම මං ඔහේ කියෙව්වා.. ඇත්තමයි දවල් ඉදන්ම ටේ හ්‍යොං ලඟ ජින් හ්‍යොං ලඟ ඉද්දි නොදැනිච්ච මහ අමුතු පාලුවකින් පපුව වෙලාගෙන රිදුම් දෙන්න අරගෙනයි තිබුනෙ..

කෝල් එකට චුට්ටකින් හොබිත් ජොයින් වෙද්දි එයාලා එක්ක තවත් පැයගානක් තිස්සෙ ඔහේ කියව කියව හිටපු මට කෝල් එක මැද්දෙදිම මහන්සියට එහෙමම නින්ද ගියා..

පහුවදා එළිවෙන්නවත් ඉස්පාසුවක් නැතුව ඔම්මා දුවන් ආවෙ ශොපින් කරන්න මාව ඇදන් යන්න.. ඉස්සරත් එයා එහෙමමයි... අපිදෙන්නා නිතරම වගේ ශොපිං යනවා. ගිහින් මහ ඇඳුම් තොගේකුත් අරන් රස කෑම ගොඩක් කාලා අප්පගෙ සල්ලි මහ හුඟක් නාස්ති කරලා තමයි ගෙදර එන්නෙ..

"කූ.. ඉක්මනට ලෑස්ති වෙන්න... උදේම ඇඳුම් මහන්න දෙන්න යන්නත් ඕනෙ.."

ඔම්මගෙ මූණෙ තිබ්බෙ හරි නොඉවසිල්ලක්. අ..ශ් මොකටද ඇඳුම් මහන්නෙ අච්චර ලස්සන මහපු ඇඳුම් ඕනෙතරම් ශොපිං මෝල්වල තියෙද්දි..

කිසිදෙයක් අහනකල්වත් තප්පරයක්වත් නොඉද ඔම්මා ඒ හුස්මටම ආපහු පහළට දිව්වා... මොකක්ද මේ හදිස්සිය.. අනේ මට නොකියා මොන මොනවහරි මෙහෙ සිද්දවෙනවා රත්තරන්...

"චූටි බේබි කෑම ලෑස්තියි.."

කල්පනාවක හිටපු මං එකපාර ඇහුණු අංකල් බොරම්ගෙ කටහඬට ගැස්සුනා..

"මොකක්ද අංකල් මේ කලබලේ... මොකක්ද වෙන්න යන්නෙ?"

"බේබි දන්නැද්ද ඇත්තටම..?"

"නෑ.. මොකක්ද.??"

"අහා.. එහෙනම් ඒක ස්ප්‍රයිස් එකක්.."

"මොන සප්‍රයිස් එකක්ද?"

"නරක දෙයක් නෙවෙයි බේබි.. බේබිට සප්‍රයිස් එකක් ලෑස්ති කරලා ලොකු මහත්තයා.."

මොන විකාර කතාවක්ද? මගෙ මූණවත් නොබලන අප්පා මට සප්‍රයිස් එකක් ලෑස්ති කරලා.. හහ්.. හරි ශෝක් විහිළුව... පපුව අමුතුවට ගැස්සුනත් මං කට කොනකට හිනාවක් නග්ග ගත්තා..

"ඉක්මනට යමු බේබි කෑම සීතල වෙයි.."

"හ්ම්ම් යමුකො.."

උදේ කෑමත්තෙක්ක ෆිශ් කේක් තොගේකුත් පැත්තකින් ගොඩගහලා තිබුනත් ඊයෙ තිබුනු ආසාව ඉර පායන ටිකට නැතිවෙලාම ගිහිල්ලා තිබුනා.. මේ මං ආසම කෑමනෙ.. ඇයි මෙච්චර අකමැත්තක්.. හිත රිද්දනම මතක ගොඩගැහුනෙම ෆිශ්කේක් කාපු දවස්වල හින්දමද මන්දා මං දෙපාරක් නොහිතම ප්ලේට් එක පිටින්ම පැත්තකට කරා..

"කන්නකො චූටි බේබි.. බේබිටමයි මේවා ගෙනාවෙ..."

"බෑ අංකල් එපා.. කන්න බෑ අප්පිරියයි වගේ..."

හදිස්සියෙන් ටේබල් එකේ තිබුනු මොන මොනවදෝ කටට ඔබාගෙන රෙදි කෑල්ලක්වත් නොදැක්ක ඇඳුමකට මැෂමන්ට් දෙන්න දිව්ව ඒ ගමන නැවතුනේ හවස හතර පහ වෙද්දි. ඒ වෙනකල්ම ෂූස් එකේ ටයි පින් එකේ පවා ඉදන් ඔම්මා අලුතෙන්ම ඇඳුම් තේරුවා වෙනකොට මං හිටියෙම පැත්තක් බලාගෙන අහන අහන එකකට හා කියාගෙන..

චූටි පාටියකට මෙච්චරක් දේවල් මොකටද කියලා අහගන්නවත් පණක් නැතුව හෝන්දුමාන්දු වෙලා හිටපු මං ගෙදර ආපු ගමන්, එපා කියද්දිත් ඔම්මා අරන් දුන්නු පොඩි රින්ග් එකත් ගලවලා නයිට්ස්ටෑන්ඩ් එක උඩින් ඔහේ තියලා එහෙමම ඇදේ දිගෑදුනා..

කවදාවත් නොදැනුන තරමෙ මහන්සියකින් මුළු ඇඟම වෙව්ලුම්කද්දි ඇස් කෙවෙනි අග්ගිස්සෙන් උණුම උණු කඳුළු පෝලිමක් සීරුවට ගලාගෙන ගියා.. මට රිදෙනවනෙ රත්තරන්.. හිතටයි ගතටයි දෙකටම හරි අමාරුයි...
අනේ එයාට තුරුල් වෙන්නවත් තිබුනනම් කියලා ඉස්පාසුවක් නැතුව කෑගහන පපුව අල්ලගෙන මං නොදරුවෙක් ගානට ඉකිගැහුවා..

වරුවක් විතර එහෙමම ඇදට වැටිලා නිදාගෙන උන්නු මං ගැස්සිලා ඇහැරුනේ ෆෝන් එක එක දිගට වයිබ්‍රේට් වෙන්න ගද්දි..

හොබීලා වෙන්න ඇති.. වෙන කවුරු කතාකරන්නද මට.. දවල් ජින් හ්‍යොං කතා කලාම කිව්වා ටේ හ්‍යොංවුයි හොබියි රෑට කතා කරයි කියලා... හෙට උදේ පාන්දරින්ම එහෙන් එන්න කියන්න ඕනෙ.. එතකොට දවල් වෙද්දි මෙහෙට එන්න පුළුවන් වෙයිනෙ... මං ඇස් නෑරම කෝල් එක ආන්සර් කරලා ෆෝන් එක කනේ ගහගත්තා..

"හෙලෝ හ්‍යොං.. කියන්න.."

"ම්හ්.. මැණික..."

දෙයියනේ මගෙ හුස්ම එහෙම්මම හිර උනා.. ඒ එයා.. දෙයියනේ ඒ එයා... ඇදෙන් නැගිට්ටුන පාරට මාව රෝල් වෙලා එහෙමම බිමට වැටෙද්දි ෆෝන් එක අතෑරුනත් මං එහෙමම ඉදගෙන වෙව්ලන ඇඟිලිතුඩු වලින් බිම තිබුනු ෆෝන් එකේ ස්පීකර් ඔන් කරා..

අනේ මාව ගැහෙනවා.. සීතල වතුරකින් ගොඩගත්තු ගානට මාව එක සීරුවට ගැහෙනවා.. එයා එක හුස්මට හාදු පෝලිමක් දෙනවා දත්මිටි කාගෙන අහගෙන හිටපු මං ලේ පනිනකම්ම තොල් දෙක රිදෙන්න හපාගෙන නොසෑහෙන්න ඉකි ගැහුවා..

ඇයි මේ? ඔයාට ආයෙම මාව ඕනෙද රත්තරන්.. මෙහෙ එනවද? මාව බලන්න එනවද?? අපිට ආයෙත් එකතුවෙන්න පුළුවන්ද?? මං හිනාවුනා.. අඬ අඬම පිස්සෙක් ගානට හිනාවුණා..

"කහ්.. කෝ කතා කරනවා.. ම්හ්.. මට නින්ද යන්නෑ කටහඩ අහන්න ඕනෙ..."

මාව ගැස්සුනා.. අනේ එයා බීලා දෙයියනේ... මේ ආවෙ හොඳ සිහියකින් ඉන්නවනම් කවදාවත් නොඑන කෝල් එකක් වෙද්දි මට කලින්ම ඔය ටික හිතන්න තිබුනා.. හීන ලෝකෙම තප්පරයක් යන්නත් කලින් කකුල් ඉස්සරහම කඩාගෙන වැටෙද්දි අනේ මට කෑගැහිලම ඇඬුනා..

"අඬන්නෙ ඇයි?? අඬන්නෙ මොකටද කියනවා... අඬන්න දෙයක් උනාද දැන්? හහ්.. අඬන්න එපා.. මට තමුසෙව දකින්න ඕනෙ කුකී.. පේන මානෙක හෙවනැල්ලක්වත් වැටෙන දිහාවක නොයිද කොහෙද ඔය ඉන්නෙ රත්තරන්... කෙල්ලයි මායි මෙහෙ විදවනවනෙ.. දැං හ්ක්ප්.. දැන්හ් තමුසෙ හෙට බැන්දම මේ සේරම ඉවරයිද? කසාදෙ කියන දේ එච්චර දෙයක්ද?
ආයෙ මට තමුසෙගෙ හුස්මක්වත් අයිති නැද්ද කූ? කතා කරනවාහ්.. හෙටින් පස්සෙ මට තමුසෙව අයිති නැද්ද?"

වචනයක් ගානෙම පපුව ගිනිගද්දි මං පුපුරන්න රිදෙන ඔලුව දෝතින්ම බදාගෙන ඉකිගගහා ඇඬුවා..

මේ කියන කසාද කතාව මොකක් උනත් ඒ ගැන අංශුවක තරම් දෙයක්වත් නොදැන හිටපු මං වචනෙන් වචනෙට පපුව හූරගෙන හූල්ලනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..? අනික ගෙදර හෙට කසාදයක් තියාගෙන මේ මිනිස්සු කොහොමටවත් මෙච්චර සැනසිල්ලෙන් ඉන්න විදිහක් නැතිකොට බීලා අසිහියෙන් විකාර කියවන එයා ගැන මට කේන්තිත් හිතුනා..

"කුකී ඔය ඇති.. නවත්තනවා... අ..ශ්.. තමුසෙගෙ කඳුළු මාව පුච්චනවා.."

දෙයියනේ මේ හීනයක්ද?? එයා ඇත්තටම කතා කරනවද?? මං ආයෙමත් ෆෝන් එකට එබුනා.. නෑ කතා කරපු විනාඩි ගානත් තප්පරෙන් තප්පරේට ස්ක්‍රීන් එක උඩ වැටෙනවනෙ.. එහෙනං මේක හීනයක් නෙවෙයි... මං හරි බරට හුස්මක් ඇදගත්තා..

"මහ්.. මම ආයෙ එන්නද රත්තරන්? කෙල්ලත් ඇරන් එන්නද? මට මෙහෙම ඉන්න බෑ.. උඹ මැරුනනං මං මීට වඩා දරාගෙන ඉදී වස්තුවේ... ඇස්පනාපිට වෙන එකෙක්ගෙ වෙන එක.. බෑ... රිදෙනවා රත්තරන්.. හරි අමාරුයි එතකොට..."

එයා ආයෙත් එන්නද අහනවා.. මැරුණනං මීට වඩා දරාගන්න පුළුවන්ලු. ඇත්ත... එයා නැතිවුණා කියපු ඒ දවස්වලට වඩා දැන් මටත් රිදෙනවා.. වෙන තුරුලක ඉන්නවා මැවෙද්දි පපුව අමු අමුවෙ ගිනිගන්නවා..

දරුවත් බිල්ලට දීගෙන එයාට එන්න කියාගන්න හයියක් නැතිකමටම මං දෝතින් හිරට කට වහගෙන සද්දෙ නෑහෙන්න ඉකි ගැහුවා.. අනේ එදා මොන කරුමෙකට ඔයාට යුන්මි නූනව හම්බුනාද වස්තුවේ?? එහෙම නොව්නනං අද අපි හරි ලස්සනට ජීවත් වෙන්න තිබ්බනෙ..

"කතා කරන්න බැරිනම් අඩුගානෙ සද්දෙට හුස්මක්වත් ගනින්කො රත්තරනේ මාව පිච්චෙනවනෙ..."

අනේ මේ වචන දරාගන්නම බැරි තැන මං ෆෝන් එක දෝතටම අරන් යාන්තමට ඒ අග්ගිස්සට තොල් තියන් ඇහෙන නෑහෙන ගානට හාද්දක් තිබ්බා..

ඒ එක තප්පරේට හුස්මක පරක්කුවකටවත් වද නොව්නු එයා  හීනි හතියකුත්තෙක්කම මහ හදිස්සි හාදු පෝලිමක් තියාගෙන තියාගෙන ගියා..

"කූහ් අපි පැනලා යන්ද? අහ්.. හෙට මං එනවා රත්තරන්.. ඔයාව එක්කන් යන්න එනවා... අපිහ්.. අපි යන්.. ගිහින් මුළු ලෝකෙන්ම හැංගිලා කොහෙහරි ජීවත්වෙමු... කාටවත් කියන්න එපා.. හ්ක්ප්.. මේක අපි දෙන්නගෙ රහසක්.. බලන් ඉන්න මං හෙට හවස් වෙන්න කලින් එනවා වස්තුවේ..."

එයා වෙරි මතෙන් කියවනවද ඇත්තටම එන නිසා කියවනවද කියලා නොදැන උනත් මං හරි බරට සතුටු හුස්මක් ඇදගත්තා.. තව ආදරේ පාට හාද්දක් රස්නෙන්ම ඒ කන අග්ගිස්සට තවරලා පපුව හරි සැහැල්ලුවට අතගාගත්තා... අනේ චූටි වචන දෙකතුනකට මෙච්චර සැනසිල්ලක්.. මට හරි සතුටුයි මැණික.. ඔයා නාවත් දැන් මේ වචනෙ දෙක ඇතිනෙ මට...

පහුවදා උදේවරුවම කම්මැලිකමෙන් ඇඳේම ගෙව්නත් දවල් වෙද්දි හ්‍යොංලා ආපු හින්දා මං චුට්ටක් පණ ඇතුව හුස්මක් ඇරන් ගේ පුරා එහෙමෙහෙ ගියා.. ඊයෙ එයා කිව්ව කතාවත්තෙක්ක උහුලගන්න බැරි සතුටකින් පපුව පිපිරෙන්න වගේ එන හැඟීම දරාගෙන දිලිසෙන ඇස් එක්ක මං ඊයෙ රෑම ඕනෙම කරන බඩු ලෑස්ති කරන් චූටි බෑග් එක්කුත් හදාගත්තා.. යන්නෙ හොර ගමනක් නිසා හුඟක් දේවල් ගෙනියන්නත් බෑනෙ.. නැත්තන් ඒකටත් කෑගහයි..

හ්‍යොංලට සේරම කියලාදාන්න හිතුනත් මේක අපි දෙන්නගෙ රහසක් කියලා ෆෝන් එක තියන්න යන මගින් මගටම එයා කියෙව්ව හින්දම මං බෑග් එකත් ඇඳ යටට කරලා මුකුත් නොදන්න ගානට ඔහෙ හිටියා..

"කූ.. ඔයා දැන් හැමදේටම ලෑස්තියිද පැටියෝ.."

"මොනාටද හ්‍යොං..?"

ජින් හ්‍යොං මුකුත්ම නොකියා අසරණ හිනාවක් එක්ක මගෙ ඔලුව හරි පරිස්සමට අතගෑවා.. එයාලා දන්න මොනාම හරි නරක දෙයක් මට වෙන්න යන්නෙ කියලා දැනුනත් හ්‍යොං ආවම සේරම ප්‍රශ්න විසදෙන හින්දම මං එයාලට හීනි හිනාවක් දීලා එහෙමම ජින් හ්‍යොංට තුරුල් වුනා..

"හැමදේම හොදින් වෙයි කූ.. දුක්වෙන්න පසුතැවෙන්න එපා.. ඔයා ගැන හිතලමයි අපිත් මේ තීරණේට කැමති වුණේ... අංකලුයි ආන්ටියි හරියට වද වෙනවා ඔයා ගැන.. අපි දෙයක් මත්තෙම නැහෙන්න ගත්තම ඒ මිනිස්සු උනත් අසරණ වෙනවනෙ පැටියෝ.. අපිට හැමදාම එකම විදිහට ජීවිතේ ගෙනියන්න බෑ.. කාලෙන් කාලෙට ඒ ඒ ජීවිතේට ඒ ඒ මිනිස්සුන්ට හැඩගැහෙන්න වෙනවා.. වෙන දේවල් දරාගන්න ඉගෙන ගන්න වෙනවා... හැමදේම වෙන්නෙ වෙන්න තියන හොඳම විදිහට කියලා හිතාගෙන අදින් පස්සෙ ඉදන් සතුටින් ඉන්න හිතට ගන්න.."

ජින් හ්‍යොං ඇස්වල කඳුළු පුරවන් හරි බර කතාවක් එක හුස්මට කියලා දැම්මා.. අනේ මෙච්චර හිත හදන්න දඟලන්නෙ ඔයාලා මට මොනවා කරන්න හිතාගෙනද හ්‍යොං...

හොබීගෙ මූණ ආපුවෙලාවෙ ඉදන්ම තිබ්බෙ චුට්ටක්වත් හොඳ පාටකට නෙවෙයි.. ටේ හ්‍යොං කවදාවත් නැතුව මාව හොඳටම මගෑරියා... මේ දේවල් ගැන නොසෑහෙන්න අමුත්තක් දැනෙද්දි මං වෙන දෙයක් ගැන හිතාගන්න බැරුව ඔහේ බලාගත්තු අත බලාගෙන හීල්ලුවා..

"කුකී.. චර්ච් එකේ හවස පාර්ටි එකක් තියෙයි. මේ කිට් එක ඇඳගෙන ඉක්මනට  යන්න ලෑස්ති වෙන්න..."

හ්‍යොං හවස් වෙද්දිත් ආවෙ නැති එක ගැන හිත හිතා නොසෑහෙන්න ගැහෙන්න ගත්තු පපුව සීරුවට අතගගා හිටපු මං ඔම්මගෙ කතාවත්තෙක්ක ගැස්සුනා..
අපේ ගෙදර මිනිස්සු කවදා ඉදන්ද චර්ච් එකේ පාටිවලට යන්න ගත්තෙ? ක්‍රිස්මස් එකට ඇරුනම විශේෂම දේකට විතරක් චර්ච් එකට ගියපු ඔම්මයි අප්පයි දැන් වැඩිපුරම ඉන්නෙ චර්ච් එක එක්ක.. ඒකත් හොඳයි එක අතකට...

මට යන්න බයයි.. එයා තාමත් නෑනෙ.. පරක්කු වෙලා හරි ආවොත්... එයා එන්නෙම නැතිවෙයි කියලා උඩුහිත විලාප තියද්දි නෑ හවසවත් එයි කියලා කෑගහන යටිහිත මට චුට්ටක්වත් වාරු නැතුවම ගියා.. ඉතිං මං හිටියෙ හොඳ සිහියකින් නෙවෙයි... ඒ හින්දමද මන්දා දවල් තිස්සෙම ගෙදර නොහිටපු ඔම්මගෙ කලබල කටහඬ මාව ආයෙ ආයෙත් තිගැස්සුවා..

බෑ මට යන්න බෑ.. මං නැති වෙලාවෙ එයා ඇවිත් ආපහු ගියොත්.. පණිවිඩයක් දැනගන්නවත් එයාගෙ ෆෝන් එකත් උදේ ඉදම්ම වැඩ නෑ.. මොනව උනත් මේ මට තියන අන්තිම චාන්ස් එකනෙ.. දෙයියනේ බෑ මට යන්න බෑ..

"ඔම්මා මං යන්නම ඕනෙද? මගෙ ඇඟට හරි නෑනෙ.."

"විකාර නොකර මේ ඇඳුම ඇඳගන්න කුකී.. අප්පා එහෙ බලන් ඉන්නවා... අපි ඉක්මනට යන්න ඕනෙ.."
    
  
       
*****************************

හනේ ඉතිං මගෙ සෝස මල් ටික.. 🥺🥰😘

හෙට වෙඩිමට එම්න 😌

මං මහ කම්මැලියෙක් වෙලා වස්තුලා.. ඔයාලා ඔහොම දිගටම වද දිදී ඉල්ලන්න.. එතකොට ඉතිං දෙන්නම වෙනවනෙ... 🥺

හීහී 🤭

ආදරෙයි පැටවුනේ 🥰😘💜️

පරිස්සමින් ඉන්න 🥺❤️

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

662K 51.2K 34
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
2.1M 126K 44
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
699K 58.5K 33
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
11.7K 2.4K 19
ᴀ ᴛʀᴀɴsʟᴀᴛɪᴏɴ... ᴀ ᴊɪᴋᴏᴏᴋ ғᴀɴғɪᴄ.. ʙʟ.. ᴛᴏᴘ ᴊɪᴍɪɴ ʙᴏᴛᴛᴏᴍ ᴊᴋ ᴠᴀᴍᴘɪʀᴇ ᴀᴜ ʜᴏᴘᴇ ʏᴏᴜ ᴡɪʟʟ ᴇɴᴊᴏʏ ᴛʜɪs ᴛᴏᴏ😉 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©___Wxyz___