Love Of The Alpha King (zhany...

Bởi ZinanAsami39

4.5K 1K 954

වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා... Xem Thêm

Part-1
Part-2
Part-3
Part-4
Part-5
Part-6
Part-8
Part-9
Part-10
Part-11
Part-12
Part-13
Part-14
Part-15
Part-16

Part-7

265 58 88
Bởi ZinanAsami39

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න...













                  🐺Chapter-7🐺






"දෙන්න උදේම ඇවිත් තියෙන්නෙ.."

"එහෙමයි රජතුමණි..."

උදේම ඇවිත් තියෙන්නෙ තමයි..ආසාවට ආව නෙමෙයි හුම් මේ අහිංසක අත් දෙකෙන් මරව මරව වැඩ ගන්නෙ..කොණ්ද කැක්කුම කියද්දිත් කණකට ගත්තෙ නෑනේ මං අහන්නෙ..ඇත්තමයි රජෝ උබේ පැනිහද දවසෙ ඇදෙන් නැගිට ගන්නවත් බැරි වෙන්නම කොණ්දෙ අමාරුව හැදෙන්න ඔනෙ මං කියන්නෙ..ඊට පස්සෙ තමුසෙගෙ මේට්ට යට වෙලේ තමුස්...

"මොනවද xuan කුටු කුටු ගාන්නෙ..?"

"අ..හ්..නෑ ම්..මේ මං..ඒක...මේ.."

"මොකක්ද ඒක මේ ඒක මේ...?"

"මං..මේ...මං... ආහ් මං මේ හිතුවෙ රජතුමා මේ පාන්දර ඇහැරගෙන මොකද කරන්නෙ කියල..ගිහින් නිදා ගත්ත නම් ඉවරයිනෙ..කොහෙද ඉතින් අපිට නිදා ගන්න තරම් නිදහසක්..මං මහන්සි වෙලා වැඩ කරන්න එපැයි..😑"

"පාන්දර..?දැන් වෙලාව 8:30යි..අනික මං ඔය සමහරක් අය වගේ පස්සට ඉර එබෙනකන් නිදා ගන්න කෙනෙක් නෙමෙයි.."

යැයි යැයි යැයි..පස්සට නෙමෙයි පුපට..පුපට...පුහ්..

"එනවල යන්න.."

"රජතුමා ඇයි එන්නෙ..?අද zihan නැත්ද...?"

"ඇයි එයා නැතුව වැඩ කරන්න බෑද..."

"එහෙම නෙමෙයි ඉතින් ඒ අසරණයගෙ මූණ දැක්කම දවසම පිං පාටයි.."

"පිං පාටයි..?"

"හ්ම් ඔවුනෙ..."

"එතකොට මං මොන පාටද..?"

"ගොන් පාටයි.."

"මොකක්ද..."

ඊ....හ් කෑව නේද යකෝ..හිතුවට කියන්න කිව්වෙ කවුද..උබ නම් ඔය හදන්නෙ තව දවස් ගානක් යනකන් මාලිගාවෙ පොළොව කොටන්ඩ තමයි..

"අහ්...න්..නෑ..නෑ..මං කිව්වෙ රජතුමා හරි ප්..පෙම්..පාටයි කියල..පෙම් පාටයි පෙම් පාටයි.."

"විකාර.."

මං පෙම් පාටයි කියනකොට මට මහ කුප්ප සිරික්කියක් දාපු කුකුල විකාර කිය කිය මාලිගාව ඉස්සරහට ඇවිදගෙන ගියා වගේම lingට රව රව මාත් ඒ පස්සෙන්ම ගියා..පුදුමෙ කියන්නෙ ඌ මට අද රැව්වෙ වත් දිව ඉලිප්පුවෙ වත් නෑ..lingට යකෙක් ගහවත්ද අප්පා...😑

"ආ මෙන්න උදැල්ල..මේක ඔයාට.."

"උදැල්ලෙන් නැතුව බිම හාරන්න පොල් කට්ටක් වගේ හරියන් නෑද..?"

"හහ් හහ් හහ්...ස්..සමාවෙන්න රජතුමණි.."

"මොකද තෝ හිනා වෙන්නෙ..?මිනි ගෙඩියක් වගේ මගේ කණත් කූං ගෑවා මෝඩයා...අනික අපේ අහිංසක රජතුමාගේ මූණ බලාගෙන හිනා වෙන්න කොහෙන් ආව හයියක්ද නේද රජතුම..ණි..."

මං රජතුමාගෙන් උදැල්ල වෙනුවට පොල් කට්ටක් ඉල්ලනකොට මගේ පිටි පස්සෙ හිටපු ling හයියෙන් හිනා වෙන්න ගත්ත උනත් ඒ පමාවට රජතුමා lingට රැව්වා..මාත් ඉතින් පොහොර ටිකක් දැම්මොත් හරි නෑනේ..ඒ නිසා යන්තමට වගේ ඌට ජුන්ඩිත්තන් සද්දයක් දැම්මා..😁

"දෙන්නම වහනවල කට..නැගිට්ට වෙලේ ඉදන් කියවිල්ල..ඉක්මන් කරල පැල ටික හිටවනවල..රෑට උයන්න තියෙනවා..."

"ඒ කියන්නෙ රජතුමත් අපිත් එක්ක උයන්න එනවද..?ඒක හොදයි රජතුමා උයන්න මං පොල් ගාල දෙන්නම්..හාද ඈ.."

"Xuan.."

"හරි හරි ඉතින්..කෑ ගහන්න ඕනයෑ..මං මේ හාරනවා හුම්.."

මං පොල් ගාල දෙන්නම් කිව්වම ඒ මෝඩය මගේ නම ලකුණු කරන්න වගේ කෑ ගහනව හුම්..කවදාම හරි දවසක මං තමුසෙගෙ කලිසම ඔලුවෙන් ගලවනව ගොන් කුකුල..එතකොට ඉන් නැතැයි හොලව හොලව..වලත්තය..

"ඔතන නෙමෙයි..අර අර කෙලවරේ ඉදගෙන කපන්න..ling ඔයත් ඒ කෙලවරට යන්න.."

"නිකන් ඉන්න එකේ උදැල්ලක් අරන් කෙටුව නම් ඉවරයිනෙ..එක අතකින් කුකුලෙ කොටන්නෙ හොටෙන්නෙ මොකට උදැල්ලක් ගන්නවද.."

"මොකක්ද කියන්නෙ..?"

"අහ් නෑ නෑ නෑ මොකුත් නෑ..මං මේ යනව..මට වැඩ තියෙනවා..."

මං හෙමීට කිව්වත් මොකෝ ඒක ඇහිලද කොහෙද රජතුමා මොකක්ද කිව්වෙ ඇහුව..මොකක් නිසාද මං දන් නෑ මට රජතුමා එක්ක එල්ලෙන්නමයි හිත..ඒ මදිවට ling..මට ඌත් එක්කත් හරි කේන්තියි අප්ප..

"මොනවද බලන් ඉන්නෙ කොටනවා.."

උදැල්ල අරන් ගිහින් හිතින් රජතුමාට දෙහි කප කප උන්නු මට බලන් ඉන්නෙ මොනවද කොටනව කිව්ව වෙනකොට රජතුමාට හොදවයෙන් රවපු මං තරහටත් එක්කම පොලවට කෙටුවා..මට මුල ඉදන් කරපු නොහොබිනාකම් ඔක්කොම මතක් කර කර මං කපන්න කිව්වටත් වැඩියෙන් ගැඹුරට පොලොව කෙටුව..එක්කො මගේ පාරවල් සැර වැඩී..නැත්තම් මට දුන්නු උදැල්ල හොදට මුවහත් කරපු එකක්..මොකද මං හෙමීට කෙටුවත් මහ අලි වලවල් හෑරෙනවා..

"Xuan.."

"මොකද..ආයෙත් ගහන්නද..."

පැයක් විතර කොටල කොටල හති වැටිල උන්නු මට ling කතා කරා වෙනකොට මං ඔක්කොම තරහ උගෙ පිටින් යවන්න හැදුව..එක අතකින් ඌ තමයි වැරදි...එදා මට පාඩුවෙ ඉන්න දුන්න නම් මං අද අහිංසකය වගේ පොතකපතක දෙයක් ඉගෙන ගන්නවනෙ..කොහෙද මේ අමු ගවය මගේ ඉගෙනීම කඩාකප්පල් කරානෙ...😑

"අනේ නෑ...මං රණ්ඩු වෙන්න නෙමෙයි.."

"එහෙනම්..?ඇයි අර කිව්ව වගේ තලන්නද..?මට කියල බෙල්ල ගලව ගන් නැතුව පාඩුවෙ හිටපන් ඇටය..."

"ඇටය..?"

"නැතුව..ඇ..ට..ය.."

"හරි හරි කවුරු හරි...මට සමාවෙන්න.."

"ස..සමාවෙන්න..?"

"ඒ මොකටද සමාව...?"

එදා මං කරපු දේට..මං ඊයේ සෑහෙන්න කල්පනා කරා..ඇත්තටම මං පසුතැවෙනව xuan..මං එදා එහෙම නොකර ඉන්න තිබුනා.."

මං හිතුව හරි මූට යකෙක් ගහල...

"Xuan..අහගෙනද ඉන්නෙ..?"

"ආ..? අහ්...අහ්ම් ඔව්.."

"ඔයා මට සමාව දෙනවද...?"

"භාජනයක් දුන්නොත් දෙනවා.."

"භ..භාජනයක්...?"

"දැන් මෙහෙම හිතන්න..ඔයා කරේ ලොකු වැරැද්දක්..ඒ වැරැද්ද නිසා අද ඔයත් මමත් දෙන්නම පොළොව කොටනව..ඉතින් මං දෙනකොට දෙන්න ඕනෙත් ලොකු සමාවක්නෙ..ඒක දාන්න තමයි භාජනයක් ඉල්ලුවෙ..මතක් කරල ලොකු එකක් ගේන්ඩ ඈ.."

"ඔයා මාව විහිලුවට අරන් xuan.."

"හෙහේ හරි හරි සමාවෙන්න..මං ඔයාට සමාව දුන්න..."

මං ඇත්තටම එයාට සමාව දුන්න..මොකද කොච්චර මං lay ඒ කියන්නෙ එයාගෙ අයිය මැරුන එක හොදයි කිව්වට ඇත්තෙන්ම මං දුකෙන් හිටියෙ..මාව මරන්න හැදුව තමයි..ඒත් ඒ එයාගෙ මල්ලි තුවාල උනු නිසානෙ..මට ling ගැන මුලදි තරහක් තිබුනත් ඒක හෙමින් හෙමින් නැති වෙලා ගියා..මොකද මට තරහ කියන දේ පොඩි කාලෙ ඉදලම අල්ලගෙන ඉන්න බැරි දෙයක්..ඒ කෙනා මට කොච්චර වැරදි කලත් වචනයක් කතා කරන පමාවට මගේ තරහ නිමිල යනවා.

"ඇත්තටම...?"

"හ්ම් ඔව් ඉතිම්.. "

"එතකොට අපි දැන් යාලුවොද.. "

"ඕ..ඒත් ප්‍රශ්නයක් තියෙනවා.."

ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් තමයි..මං අහස දිහා බලාගෙනම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කිව්ව වෙනකොට ling පුදුමෙන් වගේ මොකක්ද ඇහුව..

"මොකක්ද..?"

"මගේ යාලුවන්ට මගෙන් හෙන කරදර.."

"ඒ කිව්වෙ..?"

"මට එකතැන ඉන්න බැරි ලෙඩක් තියෙනවානෙ..හෙහේ..."

"ඒක නම් පේනව තමයි..හහ් හහ් හහ්..."

"දෙන්නට වැඩ කරන්න කිව්වම කයිය ගහන්නෙ...?හෙට දවසත් අදින්න ඕනෙද ආ.."

ඕන් ආවා ඕන් ආව ඊරිසියාකාර වලි කුකුල..කොයි වෙලෙත් කොටා ගත්ත ගමන්මයි අනේහ්..මේක ගිය ආත්මේ මැරෙන්න ඇත්තෙ කුකුල් පොරේකදි. ඒකයි අපිට මෙච්චරටම කොටන්නෙ..😑

........................⏰⏰⏰.........................

"ම්ම්..මේ මල් පැල ටික හිටවනවා.."

"ඔයාට හිටවන්න කොටන්න කපන්න කන්න බොන්න කියන්න බෑද..?"

"ඒ කිව්වෙ..?'

"ඒ කිව්වෙ කොටනව කනව බොනව රෙන..අහ් නෑ ඒක නෑ...හිටවනවා යනවා නොකිය පොඩ්ඩක් ධර්මයේ පිහිටවල අහිංසක විදියට මේ මං වගේ කතා කරන්න බෑද...?"

"විකාර කියවන් නැතුව ඔය ටික හිටවන්න xuan.."

"හිටවන්න තිබ්බ..ඒත් මට බඩගිනියි.."

"ඈ යකෝ දැන් ටික්කට කලින් නේද දවල්ට කෑවේ..?"

"මේ මං..? අහ් ඔව් කෑව නම් තමයි..ඒත් ඒ විනාඩි එකසිය විස්සකට කලින්නෙ..පැය දෙක තුනක් වගේ නම් ඉවසන්න තිබ්බ..විනාඩි 120ක් කියන්නෙ කොච්චර ලොකු ගානක්ද..."

අතට ගත්තු මල් පැලේ ආයෙත් බිමින් තිබ්බ මං ඔලුවෙත් අත ගහන් අනිත් අත බඩ උඩින් තියාගෙන තාලෙට නහයෙන් ඇඩුවා..මගෙන් වැඩ ගන්නව නම් මට කන්න දීපිය හුම්..😒

"මේ ටික හිටවල ඉවර වෙලා ගිහින් කනවා..ඊට පස්සෙ උයන්න යනව..."

"ඔයත් එනවද ඉතින්...?"

"මං මොකටද..."

"ඇයි උයන්න..?මං පොල් ගානවා..ඔයා උයනවා.."

"තමුසෙට විකාර xuan.."

සුපුරුදු විදියටම රජතුමාගෙ ලේ කෝප කරපු මං බිමින් තිබ්බ මල් පැළ ටික අරගෙන ආයෙත් හිටවන්න ගත්තා..කවද කරපුවද දෙයියනේ මේ...පියාණන් එහෙම දන්නව නම් ඉස්සරහ තාප්පෙ එල්ලල මට ගහන්නෙ..එයා මාව එව්වෙ නම්බුව කන්න එපා කියල උනත් මං එයාගෙ නම්බුව සබන් දාල හෝදල නාල බිම දාල පාගල ගලේ දාල අපුල්ලල කෑලි කෑලි වලට කපල උයල තෙම්පරාදු කරල කාලත් ඉවරයි...😑 එයා දැන ගත්තු දවසට රජතුමා කලිසම අස්සට රිංගලාවත් මට බේරෙන්න නම් බැරි වෙයි..ඒ තරම් දරුණු පොරක් එයා ඔය හිම්බිජ්ජ වගේ හිටියට...😒

"රජතුමණි..."

පැළ හිටවන්න පටන් අරන් පැයකටත් වැඩි වෙලාවක් ගෙව්න වෙනකොට අපිව මුර කරන්න zihan වෙනුවෙන් උන්නෙ රජතුමා උනත් එක පාරටම උදේ ඉදන් අතුරුදන් වෙලා හිටපු zihan හරි කලබලෙන් රජතුමා ලගට දුවගෙන ආවා..

Zihan වත් ඇදගෙනම පැත්තකට ගියපු රජතුමා මොන මොනවදෝ කියන්න ගත්තා වෙනකොට බලාන ඉන්දැද්දි රජතුමාගෙ මූණ මැලි වෙලා යනව මං හොදටම දැක්ක...මොකුත් කරදරයක්වත්ද..ඒත් ඉතින් මට වැඩක්‍ යැ එක අතකින්..ඔව්ව අහන්න ගිහින් හරප අහ ගන්න බෑ..පාඩුවෙ ඉන්න ඕනෙ...

ටිකක් වෙලා මොන මොනවදෝ zihan එක්කන් කියවපු එයා මටත් නොකියම යන්න ගියා වෙනකොට zihan අපි ලගට ඇවිත් නතර උනා..

"Xuan උතුමානනි..ling උතුමානනි... රජතුමා කියන්න කිව්ව අද රාත්‍රියේ දී විශේෂ භෝජන සංග්‍රහයක් තියෙනවා කියල ඔයාල දෙන්නටම උයන්න එපා කියල..ඒ වෙනුවෙන් උයන්න එන අයට උදව් කරන්න කිව්වා..."

"විශේෂ භෝජන සංග්‍රහයක්...?"

"එහෙමයි..පැල ටික හිටවල මුලුතැන්ගෙට යන්න...පිට වෙන්න අවසර.."

මට අහන්න තව ප්‍රශ්න තිබුනත් ඒ ඔක්කොම මගෑරපු zihan නුත් ඈතින් නොපෙනී ගිය රජතුමාගෙ පස්සෙන් යන්න ගියා වෙනකොට මං ඔහේ බලන් උන්න..ඇයි රජතුමාටම ඒක ඇවිත් කියන්න බැරි උනේ..අනික විශේෂ භෝජන සංග්‍රහයක් කියන්නෙ කවුරු හරි එනවා කියන එකනෙ..ඉතින් එහෙනම් ඇයි රජතුමා මූණ මලවන් හිටියෙ..අනේ මන්ද..කියන්න බැයි නම් නිකන් හිටු...මං අහන්නෙත් නෑ...කියන්න බැරි හන්දනෙ නොකිය ගියේ..පුහ්..

.........................⏰⏰⏰........................

"හම්මොහ්...ඇති යන්තම් ඉවරයි..."

කොණ්දත් අල්ලගෙන පැය තුනකට විතර පස්සෙ කෙලින් උන මගේ හොද පන අන්තිමට ගිහින් තිබුන..දැන් ඉතින් උයන්නත් එපැයි..වෙලාවට අත් උදව් විතරයි..

"යමු xuan..ඔයාට මහන්සියි ද...?"

"නෑ අනේ හරි සනීපයි අයියෝහ්..මගුලක් කියවන්නෙප ling..මගේ කොණ්ද දිගේ කඩි දුවනව වගේ හුම්..😣"

"එහෙනම් ටිකක් ඉදල යමු.."

"හ්ම්..."

මං එතනම ආයෙත් බිම වැටුන..ඇයි අනේ මට හරි අමාරුයි..අරුත් ගියා ගියාමයි උන්නද මලාද බලන්න ආවෙ නෑ ගස් නරිය..හුම්..

"ඔයාට වයස කීයද xuan...?"

"19යිනෙ..තාම සූටි...ඔයාට..?"

"20යිනෙ...ඒ කියන්නෙ මාත් තාම සූටියිද...?"

"අපෝ නෑ මට වඩා දවස් 365ක්ම ලොකුයිනෙ..ඒ නිසා මං විතරයි සූටි.."

"හහ්හහ් හහ්..ඔයා නම් නියමයි..පාලු නෑ ලග ඉන්නකොට.."

"ඒ ඇයි...?"

"නෑ ඉතින් ඔහේ කියවනවනෙ.."

"හුහ්..එහෙම නෑ මං හරි නිහඩ චරිතයක්.."

"අම්මෝ ඔව් පේනවා.."

"ඔයාට විස්සයිනෙ..තාම මේට් හම්බුනෙ නැත්ද..."

"හම්බුනා..."

"කොහේ..මෙහෙ ඉන්නවද මං දැක්කෙත් නෑනෙ.."

එයා නම් වාසනාවන්තයි එයාට එයාගෙ මේටුත් හම්බෙල..මට තමයි තාම හුළගක්වත් නැත්තෙ හුම්...😑

"එයා මාව ප්‍රතික්ෂේප කලා.."😔

"ම්..මො..මොක..ක්ද..."

"හ්ම්..."

"ඒත් ඇයි...?"

"මගේ හැසිරීම නිසා..එයා සාමාන්‍ය ඔමෙගා කෙනෙක්..දවසක් පුරහද දවසක මං අතින් එයාට වරදක් වෙන්න ගියා.."

"ඒ කිව්වෙ..?"

"මගේ වෘකය පුරහද දවසෙ මගේ පාලනයෙන් තොර උනා..ඒකෙ ප්‍රතිඵලයක් විදියට එයා මාව එදා රෑම ප්‍රතික්ෂේප කලා..අවුරුද්දකට කලියෙන්.."

"අ..අනේ මට සමාවෙන්න..."

"හ්ම් ඒකට කමක් නෑ..මං හොදින්..එක අතකට එයා මං වගේ කෙනෙක්ගෙන් ඈත් වුනු එක හොදයි..එදා මං අතින් එයාට මොකුත් උනා නම් එයා මැරෙන්නත් තිබුන.."

"ඔයා දුකින්..මට සමාවෙන්න.."

මං එයාගෙන් සමාව ඉල්ලුව..මං අහල තියෙනවා මේට් කෙනෙක් අනිත් කෙනාව ප්‍රතික්ෂේප කරන එක දරන්න බැරි වේදනාවක් කියල..මට නම් එහෙම වේදනාවක් ගැන හිතන්නවත් බෑ...ling ඇත්තටම පවු..

"නෑ දැන් මං හොදින්..එතකොට ඔයාගෙ මේට්?..."

"ඒකා තාම ඉපදිලා නැත්ද කොහෙද අනේ..ව්..තාම මට හම්බුනේ නෑ..මගේ පලමු හාදුවත් මාත් එක්කම වයසට යනව හුම්.."

"හෙහෙ..පිස්සු කෝළමක්..මං කිව්වෙ ඔයා ලග ඉන්න අය හැම වෙලාවෙම හිනා වෙලා ඉන්නව ඇත්තෙ.."

"හෙහෙ..එන්න මුලුතැන්ගෙට යමු.."

"හ්ම්..."

අපි හෙමින් හෙමින් මුලුතැන්ගෙට ආවා..දැන් වෙලාව 5 පහු වෙලා ඇති..භෝජන සංග්‍රහය තියෙන්නේ 8ට..මුලුතැන්ගෙ ලගට ආපු මාත් lingනුත් හොරෙන් දොරෙන් ඔලුව විතරක් ඇතුලට දාල බැලුවා..මගේ අම්මො ලොකුම ලොකු මුලුතැන්ගෙයක්..විස්සක් විතර හෝ ගාල වැඩ..අපිව මොකට උස්සන් ආවද මංද මෙච්චර කට්ටිය ඉන්දැද්දි හුම්...

ඔලුව විතරක් ඇතුලට දාපු අපි දෙන්න අන්තිමට මුලුතැන්ගෙයි ඇතුල ගියා වගේම වැඩ කර කර හිටපු ඔක්කොම අය මොහොතකට වැඩ නවත්තල අපි දිහා බැලුව..ලැජ්ජාවෙ බෑ අප්පා..මං පියාණන්ගෙ නම්බුව කෑවට මොකද මගේ නම්බුව කෑවෙ අර පොර කුකුල..

"Xuan උතුමානන් මේ කැරට් ටික සුද්ද කරන්න..එතකොට ling උතුමානන් මේ ලීක්ස් ටික සුද්ද කරන්න..."

පතම පත කැරට් අල බේසමක්ම මගේ ඇගේ ගහපු වයසක සූපවේදියෙක් මට කැරට් සුද්ද කරන්න කිව්ව වෙනකොට lingට ලීක්ස් සුද්ද කරන්න කිව්වා..ආයිශ්................ඇයි යකෝ මට කැරට්ම..ඔය හදන එව්ව ටික ටික රස බලන වැඩේ වත් දුන්න නම් මට හොදට කරනවනෙ මගුල..හුම්...😑

මුලුතැන්ගෙයි අයිනක තිබ්බ මේසෙක බේසමත් තියාන ඉද ගත්තු මං වටේ ඉන්න ඔක්කොටම සමානව රව රව කැරට් සුද්ද කරන්න ගත්තා...හා...ව්හ්...ඈනුමුත් යනව අයියෝහ්.....එයා වත් හිටිය නම් රණ්ඩු වෙන්නවත් තිබුන..පාලුයි මට...

"අද ලූනා එනවලු..ඒ නිසා බොහොම පරිස්සමින් කෑම හදන්න..නැත්තම් දඩුවම් විදින්න වෙයි අපිටත්.."

"අපෝ ඔව් රජතුමාගෙ මවු රැජිනයි පිය රජුයි මිය යන්න කලියෙන් lie රාජ්‍යයේ මෙයිලී කුමරියව අපේ රජු හා සරණ පාවා දෙන්න තීරණය කරල මිය ගියේ.."

ඒ කියන්නෙ අද එන්නෙ රජතුමාගෙ අනාගත රැජිණ..එයාට කෙනෙක් ඉන්නව එතකොට..මට කිව්වෙ වත් නෑ..ඇයි මගේ පපුව මේ හැටි රිදෙන්නෙ..ආයි...ශ් මට ඇඩෙන්න වගේ..ලෙඩක්වත් හැදීගෙන එනවද..

"හ්ම්..පවු අසරණ රජතුමා..එයාට එයාගෙ මේට්වත් අත් අරින්න වෙනවා.."

පවු එයාගෙ මේට් ඒ කියන්නෙ..එයාටත් lingට උනා වගේම තනි වෙන්න වේවිනෙ..

"අනේ ඔව්..මෙයිලී කුමරිය ගොඩාක් නපුරු කෙනෙක්...."

පුහ්..නපුරු කෙනෙක් නම් කොහොමටවත්ම රජතුමාට ගැලපෙන් නෑ..හුම්..එයාට හරියන්නෙ නිතරම හිනා වෙලා ඉන්න කෙනෙක්..

"එයා කොහොමත් ආඩම්බරයි..ඇල්ෆා කෙනෙක්නෙ.."

"හ්ම්..රජතුමාගෙ දෛව පත්‍රයේ තියෙන්නේ එයාගෙ මේට් ලයිකන් කෙනෙක්ලු..අනික මේල් කෙනෙක්ලු කියන්නෙ.."

මේල් ලයිකන්..?අනේ පවු මගේ වර්ගෙනෙ..ඒක ලොකු වේදනාවක් වේවි..

"ඒකත් එහෙම තමයි..එක අතකින් රජතුමාගෙ දෙමාපියන් හරි..ලයිකන් කෙනෙක්ට වඩා ඇල්ෆා කෙනෙක් බලවත්නෙ..අනික ඒ පරම්පරාව ගොඩාක් බලවත් පරම්පරාවක්..ඉතින් රජතුමාට සියලුම පැක් පාලනය කරන්න මෙයිලී කුමරියව ඕන වෙනවා.."

එයාල ඔහේ කියවනව මං අහන් උන්න..රජතුමාගෙ රැජින ඒ කියන්නෙ පැක් එකේ අනාගත ලූන එනවලු..අපි කොච්චර සැරයක් නම් හම්බුනාද..මට නිකමටවත් කිව්වෙ නෑනෙ..මට ඇඩෙන්න එන්නෙ ඒක නිසා වෙන්න ඇති..එයාට එයාගෙ මනාලි ආව විතරයි මාව අමතක උනා..මං හිතුවෙ අපි යාලුවො ගානට හරි හිතවත් වෙන්න ඇති කියල..ඒත් එහෙම වෙන්න විදියකුත් නෑනෙ..මොකද එයා හම්බුන හැම වෙලාවෙම මං කරේ රණ්ඩු වෙන එකනෙ..සෑහෙන්න බැන්නත් එක්කන්..

මට පාලුයි..මං දන්නෙ නෑ කොච්චර වෙලාවක්ද කියල ඒත් මං පිලිගන්න අකමැති උනත් මගේ ඇස් දෙක අඩන්න හදනවා..මගේ අත් දෙක වගේම තොල් හරියටම සීතල අල්ලල වගේම වෙවුලනවා..එයාට රැජිනක් ඉන්නවලු..එයා මේ මාලිගාවෙ ඔක්කොම කාමර පුරවාවි ළමයින්ගෙන්..මං ගියත් මේ මාලිගාව පුරාවටම හිනා හඩ ඇහේවි..මං නැති අඩුව දැනෙන එකක් නෑ...

කමක් නෑ එක්කොත් මට මොකද..මට මේ දුක එයා මට නොකිව්ව හන්ද..නැත්තම් ඉතින් මට කමක් නෑ මගේ මේට් යැයි..පුංචි කාලෙම අම්ම තාත්තා නැති උන හින්ද එයා එයාලගෙ අවසන් කැමැත්ත ඉශ්ට කරන්නම එපැයි ඉතින්..හොද දරුවො එහෙමනෙ..හුම්...

මං බොහොම අමාරුවෙන් හිත හදා ගන්න හැදුවත් මට හිතුනෙම එයා මට බොරු කලා කියන එක වෙනකොට කවදාවත් නැතුව මගේ වෘකය xiexieත් අඩන්න දැගලුව..ඒකයි මට මාව පාලනය කර ගන්න අමාරු..

කැරට් අලෙන් අලේ අලෙන් අලේ පොතු රැස්ස මං තරහ යන සැරින් සැරේට අලේ මැදටත් එක්කම අල්ලල රැස්ස..මට දුක් දීල උබ ගිලපන් මෝඩ කුකුල..අනේ මං කියන්නෙ ඔය කිඹුලිගෙ උගුටෙවත් මේ අලයක් හිර වෙන් නෑනෙ හුම්..ඔව් ඉතින් හිර වෙන්න විදියක් නෑනෙ එක අතක මේව චූටි චූටි කෑලි කපනවනෙ...😒😑

"සැරදේවා රජතුමණි...."

මුලුතැන්ගෙයි ඉන්න අයෙගෙ ගෝශාවත් එක්ක අමාරුවෙන් ඉවසගෙන කැරට් සුද්ද කරපු මාව ගැස්සිල නැගිට්ටුනා..

"Xuan..ටිකක් එලියට එන්න..."

එහෙම කියපු එයා එලියට ගියා වෙනකොට මාත් හෙමින් හෙමින් ඒ පස්සෙන් ගියා..දැන් මොකද දන් නෑ මාව මතක් වෙලා තියෙන්නෙ..දවල් ඉදන් පේන්නවත් හිටියෙ නෑ ගෑනි ඇවිත් හන්ද ඉබ ඉබ ඉන්න ඇති...හුහ්...🤬

මුලුතැන්ගෙයත් පහු කරගෙන යන්න තිබුනු කොරිඩෝවක් දිගේ එයා ඔහේ යනව වෙනකොට මාත් අර මොකාද එකා වගේ එයාගෙ පස්සෙන් ගාටනව..හේතුවක් නැතුවම මට දැන් මූ එක්ක හරි තරහයි හුම්..

"රහ්...ර..ජතු...මණිහ්.."

කොරිඩෝව කෙලවරටම වෙන්න මාව එක්කගෙන ගියපු රජතුමා අන්තිමට මගේ අතින් ඇදල අරන් එතන තිබුනු බිත්තියකට හේත්තු කර ගත්ත වෙනකොට බය උනු පාරට මගේ කටින් පිට වෙන වචන පවා ගොත ගැහුන..

"Xuan..."

"ඇ..යි..."

වෙනද වනචරයා අසහනකාරය කිය කිය කෑ ගහපු මං අද ඉබේටම නිහඩ වෙලා ගිහින් උන්න..මට කෑ ගහන්න ඕන උනත් මගේ හිත ඉඩ දුන්නෙ නෑ..මොකද මං ඉන්නෙ හිත නිදහසින් නෙමෙයි..මොකක්දෝ හේතුවකට මට දුක හිතිල තිබුන..

"ඔයා හොදින්ද..."

එයා එයාගෙ එක අතක් බිත්තියට තියාගෙන අනිත් අතින් මගේ කම්මුලක් අත ගාන ගමන් මං හොදින්ද අහනවා..ඇත්තටම මං හොදින් නෙමෙයි..

"ඇයි මගෙන් අහන්නෙ ඔයාගෙ මනාලි ආව නේද..."

"Xuan..ඔයා ඔක්කොම දැනගෙන.."

එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන හරි අසරණ බැල්මක් හෙලුවා..

"ඔව්...ඔයා නොකිව්වට මං දන්නවා..ඔයාගෙ ලූන ලගට යන්න ඇයි මං ලගට ආවේ..?"

"ඔයා තරහින්.."

"නෑ මං මොකටද තරහ ගන්නෙ.."

"ඔයා තරහ ගත්තමත් හරි ලස්සනයි මැණික.."

"මැ..ණි..ක.."

"හ්ම්..."

"ඔයාගෙ මැණික ඉන්නෙ අරහේ..මාව අත අරින්න..මට යන්න දෙන්න.."

මං එයාට මට යන්න දෙන්න කිව්ව උනත් වෙනද වගේ දැගලුවෙ නෑ..මොකද මං එහෙම කිව්වට යන්න ඕනෙ කියල හිත කිව්වෙ නෑ..

"අද ඔය ඇස් වලට මොනව පෙනුනත් ඒවා ගැන හිතන්න එපා xuan...සමහර දේවල් තියෙනවා මගේ පාලනයෙන් තොර..මට පොරොන්දු වෙන්න දුක් වෙන් නෑ කියල.."

"දුක් වෙන්න මම..?මං දුක් වෙන් නෑ.."

"එහෙනම් ඇයි ඔයා අඩන්නෙ...ඔයා පිළි නොගත්තට ඔයා මෙතෙන්ට ආපු වෙලාවෙ ඉදන් ඇස් වලින් කදුලු වැටෙනව xuan.."

එයා කියපු දේ විශ්වාස කර ගන්න බැරුව මං මගේ ඇස් දෙක පිස්ස..ඇත්ත..මටත් නොදැනිම මං අඩල..ඒත් මට ලැජ්ජ හිතුන් නෑ..ඒ වෙනුවට පිට වෙන්න එන ඉකිය එලියට නොඑන්න මං යටි තොල හපා ගත්ත..

"ඔයා ඇයි මාව රැවැට්ටුවෙ...?"

"මං ඔයාව රැවැට්ටුවෙ නෑ xuan..මං දැනන් හිටියෙ නෑ මෙයිලී හදිස්සියෙම එයි කියල.."

"ඔයාට කියන්න තිබුන ඔයා විවාහ ගිවිසගෙන ඉන්නෙ කියල.."

"මට සමාවෙන්න.."

"ඔයා මගේ කවුද රජතුමණි...?"

කා වෙනුවෙන් වත් අඩපු නැති මං මගෙ හිතටත් හොරෙන් අඩන්න තරම් එයා මගේ කවුද කියල මට දැන ගන්න ඕනෙ උනා..අපි යාලුවොද...

"මං ඔයාගෙ අයිතිකාරයා.."

"එහෙම කොහොමද එහෙම වෙන්නෙ..?මං අයිති මට..අනික ඔයාගෙ අයිතිකාරය අරහෙ ඉන්නෙ.."

"මට අයිතිකාරයො කීයක් හිටියත් ඔයාගෙ අයිතිකාරයා මං විතරයි..ඒ නිසා දැන් අඩන් නැතුව ඉන්න..මොකද ඔයාගෙ ඇස් වල කදුලු මගේ මෙතෙන්ට හරි බරක්..."

එයා මගේ අතක් අරගෙන එයාගෙම පපුවට තියාගෙන මගේ කදුලු එයාගෙ හිතට බරක් කිව්වා..පුහ්...බර නම් බිමින් තියන එකනෙ ඇත්තෙ...

"දැන් යන්න...වෙනදා වගේ හිනා වෙලා ඉන්න xuan.."

"හ්ම්...ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා.."

එයා මට යන්න කිව්වත් මගේ හිතට හදිස්සියෙම ආව ප්‍රශ්නයක් නිසා මං නැවතුනා..

"මොකක්ද..."

"ඔයා එයාව ඉම්බද..."

"මොකක්ද..?"

"නෑ මං මේ අහන්නෙ ඔයා එයාව ඉම්බද කියල.."

"ආයි..ශ් පුංචි වලත්තය..ඇයි ඔයා එහෙම අහන්නෙ..?"

"නෑ ඉතින්..එයා ඔයාගෙ ලූනනෙ..ඒකයි..."

"පිස්සුද..මං ඉම්බෙ එක්කෙනාවයි..ඒ ඔයාව විතරයි.."

"මේ මාව..? ඒ කවද්ද..?"

"ඇයි අර එදා ඔයා මගේ කාමරේ ඇද ගලවපු දවසෙ..."

අම්මොහ්..මේක ඒකත් මතක තියාගෙන ඉදලනෙ දෙයියෝ...

"ඒක මේ....වැරදී..මක්නෙ..."

"ඒ ඔයාටනෙ..මට ඒක වැරදීමක් නෙමෙයි..."

"ඒ කිව්වෙ...?"

Lingට වැහුනු යකා මුන්දටත් වැහිලද ඒ පාර..

"ඒ කිව්වෙ මොකුත් නෑ..කෝ දැන් යන්න..ගිහින් සතුටින් හිනා වෙලා ඉන්න..හෙට උදේ මං පංතියට එන්නම්.."

"ඒ කියන්නෙ ආයෙත් මං මෙහෙ එන්න එපාද...?🥺☹️"

"එන්න එන්න..ඔයා ආවෙ නැත්තම් කවුද අර හිටවපු පැළ වලට වතුර දාන්නෙ.."

"ඊ..පෝ.........කට ඇරියොත් වැඩක්මයි..මං කියපු එක ඉල්ල අස් කර ගන්නවා..මං හෙට ඉදන් මේ පැත්තවත් බලන් නෑ...."

"හහ් බලා ගමුකො ඒක..නාවොත් මං උස්සගෙන එනවා.."

"යැයි යැයි යැයි වැඩේමයි..මං යනව යන්න..විකාර..."

රජතුමාටත් දිව දික් කරපු මං එන්න ආව වෙනකොට ඉස්සෙල්ල අඩන්න දගලපු තොල් වල දැන් ලස්සන හිනාවක් පිරිල තිබුනා..මං ආයෙමත් සතුටින්....

......................⏰⏰⏰⏰.......................

"Xuan උතුමානනි..."

පැය දෙකහමාරකට විතර පස්සෙ උයල ඉවර උනු අපි එලියට එන්න ආව උනත් මීට පැයකට විතර කලින් වැඩ බලන්න ආව zihan මාවයි lingවයි නැවැත්තුවා..

"ඕ..ඇයි zihan..."

"බලන්නකො මේ සුප් බාජන දෙක සංග්‍රහ මේසෙට යවන්න අමතක වෙලානෙ..ඔබතුමාටයි ling උතුමානන්ටයි පුලුවන්ද මේ දෙක භෝජන ශාලාවට අරගෙන යන්න.."

මහන්සි වෙලා ඉව්වත් එක්ක දැන් කෑම අදින්නත් වෙලා..අර කිඹුලිත් ඇති දැන් රජතුමාට තොදොල් වෙවී හුහ්..හිතන් ඇත්තෙ හරි සුකුමලී කියල වෙන්නැති..හිටුකො මං දැකලවත් නැති මේ උලමි කවුද බලන්න..

"හා කෝ දෙන්න..."

මං කැමැත්තෙන්ම සුප් බොල් එකක් අර ගත්ත වෙනකොට අනිත් එකත් අර ගත්තු ling zihanගෙ පස්සෙන් භෝජන ශාලාවට යන්න ගත්ත...

මට තරහයි...දුක නැති උනාට මං ඉන්නෙ හරි කේන්තියෙන්..පිස්සු හෝන්තුව..මැරුන මනුස්සයෙක්ගෙ පිට දාල රජතුමාගෙ ඇගේ එල්ලෙන්න යන හැටි විතරක්..හිටුකො පුතේ මං එනකන්..

විනාඩි කීපයකින් භෝජන ශාලාවෙ දොර ඇරුනා..ඊයේ රෑ රණ්ඩු වෙවී කෑම කාපු කෑම මේසෙ වෙනුවට ඊට වඩා ගොඩාක් විශාල කෑම මේසයක් ශාලාව ඇතුලෙ තිබුන වෙනකොට ඒක පිරෙන්නම එක එක ජාතියෙ කෑම වර්ග ගොඩාක් පුරවල තිබුන..

මං හිතුව හරි..පුරුද්දට වගේ මුලින්ම කෑම මේසෙ දිහා බැලුවට මොකද මේ කෙරවලේ ඉදන් අනිත් කෙරවලට ඇස් ගෙනියනකොට අර උලමි ඉන්නව රජතුමාත් එක්ක එක ලග ඉදගෙන..මට ඉබේටම ඒකි දිහා බැලිල පස්සෙ රජතුමා දිහා බැලුවා..ඇස් දෙකත් ලොකු කරගෙන මටත් රවාගෙන පුදුම වෙලා වගේ එයා මට පුප්පනවා..හිතන්න නැතුව ඇති මං එයි කියල..ඔය පිප්පිලි වලට මේ xuan බය වෙයිද..හුහ්..

"ඕක අල්ලගෙන කල්පනා කරනවද තමුන්ල...?"

තාමත් සුප් එක අතේ තියාගෙන හිටපු මට අර නාකි හුචක්කුව තමුන්ලු...දැන් නම් මට ඇත්තටම හිතෙනව පැනිහද දවසෙ අර මගුල පණ නැති වුනා නම් හොදයි කියල..නැත්තම් මේ කටු ගොඩට ඇනල ඒකත් මොට්ට කර ගන්න තමයි වෙන්නෙ..හිතාන ඇති සුරකුමාරි කියල..ඉන්න හැටි විතරක් බැබලි බැබලි..ඔයිට වඩා ලස්සනයි අපේ ගෙදර වැඩ කරල ලී ආච්චි අම්ම..

"කණ් ඇහෙන් නැත්ද ආ..මොකක්ද yun ඔයා වැඩට කට්ටිය ගන්නකොට කණ් ඇහෙන උන් ගන්න එපැයි..බලන්න තියෙන වදේ.."

එතකොට දැන් මේකි කියන්නෙ මං බීරෙක් කියලද..ගොන් වැස්සි ලොකුකම ඔලුවෙ ඉදන්..මං බලාන රජතුමා මටත් රව රව ඇස් වලින් යන්න කියනවා..දැන් මං යයිද එහෙම කිව්ව පලියට..හුහ්..හිටුකො මං බලා ගන්නම් රජෝ උබ ගැනත්...🤬

"කෝ ඕක මෙහෙට ගේනවා..."

මං බීරියි කියල හිතාගෙනද කොහෙද අර වැස්සි සද්දෙන් මං අල්ලගෙන ඉන්න සුප් එක ඒකි ලගට ගේන්න කිව්වා..මොකක් නැතත් ඒක නම් මට හොදට ඇහෙනකොට මෙච්චර වෙලාවක් එකතැන හිටන් උන්නු මං හෙමීට හෙමීට ඒ උලමි ලගට ගියා..

රජතුමා බය වෙලා වගේ සැරින් සැරේ මං දිහා බලනවා උලමි දිහා බලනව..ඔහෙ බය වෙච්චදෙන්..එක ලග ඉදන් හිටිය නම් තෝත් විදවපිය කැහුටු ගොනා..🤬

උලමිට ලස්සනට හිනාවක් දීගෙන ගියපු මං ඒකිට ඉස්සරහහින් තිබ්බ පුටුව අස්සට කකුල දැම්ම..

එකයි..දෙකයි....තුනයි... සලාංං.........

"ආව්හ්....ඒක පිච්චෙනවා..මොකක්ද යකෝ ඒ කරේ...?"

"අ..අනේ...හ් සමාවෙන්න උත්තමාවියනි මට සමාවෙන්න..අනේ...හ් මං හිතල කරේ නෑ..හ්..."

මංම පුටුව අස්සට කකුල දාල හිතලම සුප් එකත් අරගෙන ඒකිගෙ ඇග උඩට පත බෑ වුනා වෙනකොට ඒකට බය උනු රජතුමා එක පාරටම ඉදගෙන උන්නු පුටුවත් පෙරලගෙනම නැගිට්ටුන..

හොදෑඩේ උලමි..තොගෙ උගුල දැන් කලු ගැහිල තියෙයි...බුවෑක්කා....ඊව්...හ් උඩ සුදු යට කලු කුම්බලාවි...🤢🤮🤧

"Cha yun....මෙහෙමද මේ මාලිගාවෙ උන් හැසිරෙන්නෙ..?"

"අනේ...හ් මට සමාවෙන්න උත්තමාවියනි.."

"සමාව...මාව පුච්චල සමාවත් ගන්නවද ආ බීරෝ..තමුන්ගෙ ඇසුත් පොට්ටද...yun...මූට අදම දඩුවම් කරන්න ඕනෙ..මේ දැන්ම..."

මං රජතුමා දිහා බැලුව..අර අංගනාව මට දඩුවම් කරන්න ඕනෙයි කියන්නෙ..මං මගේ ලගට දුවන් ඇවිත් මාව නැගිට්ටපු ling දිහා බැලුව..ඒ වගේම ඊට පිටි පස්සෙන් හිටිය zihan දිහා බැලුවා..එයා මට දඩුවම් දේවිද ආයෙමත්...?
















දඩුවම් කරාවිද ළමයි අපේ අහිම්ෂකයට...?පවු අසරණය වැරදීමක්නෙ වෙලා තියෙන්නෙ හුම්..





Beyond The Blue Sea My Upcoming Story...Stay Tuned...

2022/09/07

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

301K 21.6K 26
သခင်Jeon ~~~~~ အိုမီဂါKim
10.8K 1.5K 18
මට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~
4.5K 1K 16
වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා දෛවයටත් පිටින් යන..අන්න එහෙමයි මං ආයෙත්...
9.7K 986 30
Aq gjak u derdh atë natë, sa edhe hëna mori një tjetër ngjyrë, një ngjyrë gjaku... *** Pasi vendoset në fshatin e vogël Fordwich të Anglisë, jeta e X...