☠️ TRUTH ☠️ [ ON HOLD ]

By harshikookie

5.6K 877 628

වෛරයෙන් ප්‍රචන්ඩ වූ ආත්මයක් යුක්තිය වෙනුවෙන් සටන් වදින...අහිරහස් රැසක් පිරුනු යටගිය සත්‍යයේ කතාවයි... ☠️ TRUT... More

💥☠️ INTRO ☠️ 💥
☠️ CHAPTER 01 ☠️
☠️ CHAPTER 02 ☠️
☠️ CHAPTER 03 ☠️
☠️ CHAPTER 04 ☠️
☠️ CHAPTER 05 ☠️
☠️ CHAPTER 06 ☠️
☠️ CHAPTER 07 ☠️
☠️ CHAPTER 08 ☠️
☠️ CHAPTER 09 ☠️
☠️ CHAPTER 10 ☠️
☠️ CHAPTER 11 ☠️
☠️ CHAPTER 12 ☠️
☠️ CHAPTER 13 ☠️
☠️ CHAPTER 15 ☠️
☠️ CHAPTER 16 ☠️
☠️ CHAPTER 17 ☠️
☠️ CHAPTER 18 ☠️
☠️ CHAPTER 19 ☠️
☠️ CHAPTER 20 ☠️
☠️ CHAPTER 21 ☠️
☠️ CHAPTER 22 ☠️
☠️ CHAPTER 23 ☠️
☠️ CHAPTER 24 ☠️
☠️ CHAPTER 25 ☠️
☠️ CHAPTER 26 ☠️
☠️ CHAPTER 27 ☠️
☠️ CHAPTER 28 ☠️
☠️ CHAPTER 29 ☠️
☠️ CHAPTER 30 ☠️
☠️ CHAPTER 31 ☠️
☠️ CHAPTER 32 ☠️
☠️ CHAPTER 33 ☠️

☠️ CHAPTER 14 ☠️

183 23 15
By harshikookie

NEXT DAY MORNING.....

📳📳📳📳📳📳📳📳📳📳📳📳📳 (PHONE RING)

📱" හෙලෝ...සන්ග් වූ..."

📲 " ජෝවෝන්.... මොනවද මනුස්සයෝ කරන්නේ... ඊයේ පාන්දර ඉදන් මම කොච්චර කොල් ගත්තද..."

📱" ආහ් !! .... අනේ සොරි බං...මං ඊයේ දවසම ලොකූ වැඩ ගොඩකට හිර වෙලා හිටියේ. ෆෝන් එකවත් බලන්න වෙලාවක් තිබ්බේ නෑ.."

📲 " වෙලා තිබ්බේ නෑ තමා...😒 "

📱 " ඇයි දැන් මේ හදිස්සියේම කෝල් කරේ..."

📲 " අන්න ඊයේ ටේහ්යෝන් වැඩ පෙන්නන්න ගිහිල්ලා කාර් එක ඇනගෙන..."

📱 " මොකක්...? 😳 මේ අපේ ටේ කොල්ලා..."

📲 " ඔව් ඔව් ඒකා තමයි. බූසාන් ගිහිල්ලා එන ගමන්...වෙලා තියෙන්නේ..."

📱 " බූසාන් ගිහිල්ලා එනගමන් ?? කොල්ලා කවද්ද බූසාන් ගියේ..🤨 "

📲 " හරි නම් මමයි උබගෙන් ඒ ප්‍රශ්නේ අහන්න ඕන. මං තොපිට කොල්ල ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා නේද තියෙන්නේ...උබලා ඔය ඒක කරන හැටිද...උබලා ඔක්කොම එකයි..."

📱 " අහපංකෝ...මං මේ කිසි දෙයක් දන්නෑ...පහුගිය ටිකේ මං කම්පැනි එකේ වැඩයි...අරවයි... මේවයි....වැඩ ගොඩකට හිර වෙලා හිටියේ...කොහෙද අනිත් එවුන්ට ගානක් වත් නෑනේ..අනික කොල්ලා මට නිකමට කෝල් එකක් දීලා කිව්වේ නෑනේ ඔහොම ගමනක් යනවා කියලා..."

📲 " ඒකා උබලට මේං කියලම කෝල් කරයි... යකෝ....ටේහ්යෝන් බලන් ඉන්නේ කොයි වෙලේ හරි එලියට පැනලා නිදහසේ තමන්ට කැමති දේ කරන්න...උබලා ටේහ්යෝන් ගෙ හැටි නොදන්නවා වගේනේ කතා කරන්නේ...තොපි හැමඑකාම අරූට මූට වැරදි පටව පටව හිටපල්ලා. මං උබලා ඔක්කොම ගැන බලාගන්නම්කෝ..."

📱 " හරි හරි ඉතිම්..😒 දැන් මෙතන කෑ ගහන්නේ නැතුව විස්තරේ කියපංකෝ.."

📲 " මං හොයලා බැලුවා...කොල්ලා මොකටද බූසාන් ගියේ කියලා. ඒකා දවස් දෙකක් බූසාන් වල අලුතෙන් දාපු හොටෙල් එකක නැවතිලා ඉදලා තියනවා. "

📱 " මොකක්...? මේකා තනියම හොටෙල් එක්කට ගියේ මොකද....? ආයෙත් කෙල්ලෙක් වත් සෙට් වෙලාද දන්නෑ..."

📲 " නෑ නෑ බං කෙල්ලෙක් එක්ක නෙවෙයි...ටේහ්යෝන් එයාගෙ යාලුවෝ වගයක් එක්කයි ගිහිල්ලා තියෙන්නේ.."

📱 " ආආආආ...ඒක මිසක්..මං බැලුවා ආයෙත් කෙල්ලෙක් වත් සෙට් කරන්ද කියලා..."

📲 " මොන කෙල්ලොද බං..."

📱 " ඔව් ඉතිම් උබ සෙට් කරන් හිටිය එකත් කඩලා දැම්මනේ 🤣🤣🤣🤣🤣....."

📲 " ඔය හිනාව නවත්තලා කියන එක අහපං.."

📱 " හරි හරි කියපං..."

📲 " සෙට් එකම සෝල් එන ගමන් ඉද්දි පාන්දර වෙන්න කිට්ටුවෙලා තමයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. බීපු උන් වගයක් එලවං ගිය කාර් එකක වැදිලා තියෙන්නේ..."

📱 " අඩෝ සිරාවටම...කොල්ලා දැන් මොන හොස්පිට්ල් එකේද ඉන්නේ.."

📲" අපේ එකේ ඉන්නේ..."

📱 " එහෙමද....මේ කොල්ලට අමාරුයි ද...."

📲"එහෙම ලොකුවට නෑ...මින්ජුන් කීවේ කොන්දටයි කකුලටයි ටිකක් අමාරුයි කියලා....පොඩ්ඩක් ගිහිල්ලා බලපංකෝ..

📱 " හරි හරි...මං දැන්මම යන්නම් "

📲 "මේ .... "

📱 " ඔව් කියන්න ..."

📲 "අර අනිත් කාර් එකේ හිටිය එවුනුත් අපේ හොස්පිට්ල් එකටමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් උන් ගැනත් බලපං..."

📱 "ආආආ....හාආආ...හාආආආ...මං බලන්නම්.."

📲 " එහෙනම් මං තියනවා.."

📱 " ඕකේ..."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

AT HOSPITAL ......
🏥🏥🏥🏥🏥🏥

ඊයේ පාන්දර ටේ දැක්ක හීනයත් එක්ක එයා හොදටම බය උනා පාර මුලු ඇගම සීතල වෙලා....සුදුමැලි වෙලා වගේ තිබුන හින්දා ජිමින් ටේව තුරුල් කරගෙන ටේ ලග නිදාගත්තා. ටේ නිදාගත්තත් කීප සැරයක්ම ආයෙ හීනෙන් බය උනා.... එක එක විකාර දේවල් නින්දෙන් ම කියවන්නත් පටන් ගත්තා. ටේගෙ ඇග එන්න එන්නම සීතල වෙනවා වගේ දැනුන නිසා ජිමින් හොදටම බය වෙලා ඩොක්ටර් මින්ජුන්ට කතා කරා.

ඩොක්ටර් මින්ජුන් ඇවිල්ලා ටේව පරික්ෂා කරලා බෙහෙත් වගයක් දීලා ගියා. ටේ වෙව්ල වෙව්ල අඩද්දිම ජිමින් කොහොම හරි ටේව නැගිට්ටවලා ඒ බෙහෙත් ටික පොවලා ආයෙම ටේව තුරුල් කරන් නින්දට ගියා. ටික වෙලාවක් යනකන් ටේ කෙදිරි ගගා කුකීගෙ නම වගේම තව එක එක දේවල් මිමිනුවත් නින්ද යන්න බෙහෙත් දීලා තිබුනු නිසා ටිකකින් ටේට ජිමින් ගෙ තුරුලෙම හොදටම නින්ද ගියා.

ටේට නින්ද ගියත් ජිමින්ට වත් නම්ජුන්ට වත් ඒ වරු කීපය නින්දක් නම් ලැබුනේ නෑ. දෙන්නටම මේ උන දේවල් එක්ක නින්ද ගියේම නෑ....නම්ජුන් වගේම ජිමිනුත් එලිවෙන්න තිබුන ඒ පැය කීපය ගත කරේ මේ වෙනකන් උන දේවල් ගැන කතාවකට වැටිලයි.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

AT HOSPITAL.....
IN THE MORNING....
7.00 A.M. .....

ටේව ටිකක් එහාට කරලා කොට්ටෙන් ඔලුව තියලා ඩුවට් එකත් උනුසුමට පෙරෙව්ව ජිමින් , ඇදෙන් බැහැලා වොශ් රූම් එකට ගියා.

සෝෆාවේ වාඩි වෙලා නිදි කිර කිර හිටිය නම්ජුන් ලොකු ඈනුමක් යවන ගමන් සෝෆාවේ පැත්තක තිබුනු තමන්ගෙ ජැකට් එක අරගෙන, ඒක ඇදගෙන සපත්තු දෙකත් දාගෙන සෝෆා එකෙන් නැගිටලා වොශ් රූම් එකේ දොර ලගට ගිහිල්ලා දොරට තට්ටු කරා.

🐥 " කියන්න හියොන්ග්....ඔයාටත් වොශ් රූම් එන්න ඕනද ???...."

🐨 " නෑ නෑ චිමී....මං හැමෝටම කොෆී අරන් එන්න යනවා කියන්න කතා කරේ..."

🐥 " ආ...හා හා හියොන්ග්... මේ..ඔයා ලග සල්ලි තියනවද..."

🐨 " ඔව් සල්ලි තියනවා. චිමී අපිට ටූත් බ්‍රශ් නෑ නේද ??....මං එලියෙන් අරන් එන්නම්..."

🐥 " මාත් මේ ඒක කියන්නමයි හිටියේ...අපිට තුනක් අරගෙන එන්න...යන ගමන් ජින් හියෝන්ග් ලගෙන් අහලා එයාලටත් එක්කම අරන් එන්න..."

🐨 " හරි චිමී..."

🐥 " හියෝන්ග් සල්ලි මදිනම් මගෙ පර්ස් එකෙනුත් අරන් යන්න."

🐨 " නෑ නෑ චිමී සල්ලි තියේ...මං එහෙනම් ගිහිල්ලා එන්නම්.."

🐥 " පරිස්සමින් යන්න හියෝන්ග්..."

🐨 " ම්ම්ම්..."

නම්ජුන් ජිමින්ට යනවා කියලා ඇවිල්ලා යන ගමන් ටේගෙ ඇද දිහා වගේම කුකීගෙ ඇද දිහත් බලාගෙනම රූම් එකෙන් එලියට ගියා.

.
.
.
.
.
.
.
.
.
.
.
.

නම්ජුන් ගිහිල්ලා විනඩි 5ක් විතර ගත උන තැන ටේට ඇහැරුනා. ටේ ඇහැරිලා බලද්දි ජිමින් තමන් ලග හිටියේ නැති හින්දා කලබල වෙලා වටපිට බලද්දි වොශ් රූම් එක පැත්තෙන් වතුර සද්දයක් ඇහුනා..ඒ සද්දේ ඇහෙනවත් එක්කම ටේ ටිකක් සන්සුන් වෙලා හුස්ම ගත්තා.

ටේ ඇදේ ඇලවෙලා ඉදන්ම ඔලුව හරවලා , වම් පැත්තෙන් තිබුන කුකීගෙ ඇද දිහා බැලුවා...කුකී ඊයේ හිටපු විදිහට ම තවමත් නිසොල්මන්ව ඉන්නවා. මුලු ඇගේම එක එක කටු ගහලා...බැන්ඩේජ් දාලා....කුකීගෙ වටපිටාවේ මැශින් ගොඩයි...ඒ මැශින් වලින් එන ඒකාකර ශබ්දය මුලු කාමරෙ පුරාම පැතිරෙද්දි කුකී දිහා බලන් හිටිය ටේගෙ ඇස් වලට කදුලු ඉනුවා...

🐯 " මට අමාරුයි කුකී....please ඔයා නැගිටින්නකෝ....මගෙ මුලු ඇගම පන නෑ වගේ මට දැනෙනවා...ඔයා මගෙ ලග නැති උනාමද මට මෙහෙම වෙන්නේ...මට ඒක තේරෙනවා...😭😭😭😭 නැගිටින්න හා පැටියෝ...මට ඔයා නැතුව ගොඩක් පාලුයි...😭😭😭 "

ටේ කුකී දිහා බලාගෙන කදුලු අතරින් මුමුනද්දි ජිමින් වොශ් රූම් එකේ ඉදන් එලියට ආවා.

🐥 " ටේ...... ඔයා නැගිටලාද ඉන්නේ...."

ටේ පොරවගෙන හිටපු ඩුවට් එක හෙලවෙනවා වගේ දැක්ක නිසා ජිමින් එහෙම ඇහුවා...ඒ එක්කම කුකී දිහා බලන් හිටිය ටේ ජිමින් පැත්තට හැරුනා..

🐥 " ටේ ඔයා අඩනවද....??? "

ටේ හැරෙනවත් එක්කම ටේගෙ ඇස් වල කදුලු කම්මුල් දිගටම රූරලා තියනවා දැක්ක ජිමින් එහෙම කියාගෙන ටේ ලගට ගිහිල්ලා ඇදෙ පැත්තකින් වාඩි උනා.

🐯 " චිමී හියෝන්ග් කවද්ද එයා නැගිටින්නේ...😭😭😭 ... මට කුකී නැතුව ඉන්න බෑ....එයාට නැගිටින්න කියන්නකෝ....."

ටේ අඩාගෙන ජිමින්ට ලං වෙන ගමන් කීවා. ටේ ලං වෙද්දිම ජිමින් ටේව අරගෙන තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.

🐥 " අඩන්න එපා පැටියෝ...අපේ කුකීට ඉක්මන්ට ම සිහිය එනවා. එයා ආයේ අපි ලගට එනවා. අපි කාටවත් වැරැද්දක් කරලා නෑ..ඒ නිසා දෙවියො අපි දිහා බලනවා. අනිවාරෙන් ම අපේ කුකීව අපිට ගෙනැල්ලා දෙනවා..ඒ නිසා උදේම මූන කැත කරගෙන ඔහොම අඩන්න එපා..."

🐯 " ඔයාට විශ්වාසද....??? "

🐥 " ඔව් මට විශ්වාසයි...එයා අනිවාරෙන් ම සනීප වෙනවා..."

ජිමින් ටේව තමන්ගෙ තුරුලෙන් ඈත් කරලා කදුලු පිහලා හිනා වෙලා කීවා.

🐥 " ඔයාට වොශ් රූම් යන්න ඕනද..?? "

🐯 " ම්ම්ම්ම් ඔව්..."

🐥 " හරි එන්න අපි යමු..."

ටේගෙ කදුලු පිහලා ආදරෙන් ඔලුවත් අත ගෑව ජිමින් , ඩුවට් එක පැත්තකට කරලා, ටේගෙන් අල්ලගෙන පරිස්සමින් එයාව ඇදෙන් බැස්සුවා. ටේගෙ කොන්දට වගේම කකුලටත් ඩැමේජ් වෙලා නිසා ඇවිදින්න එහෙම ටිකක් අමාරුයි. ඒ නිසා ජිමින් ටේව පරිස්සමට අල්ලගෙන හෙමීට වොශ් රූම් එකට අරගෙන ගියා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

YOONGI 'S ROOM...

ඊයේ පාන්දර ජින් , හෝසෝක් දෙන්නා කුකීගෙ රූම් එකේ ඉදලා යුංගිගෙ රූම් එකට එද්දින් යුංගිට වගේම එයාලත් එක්ක හිටිය අනිත් පිරිමි ලමයටත් සිහිය ඇවිල්ලා තිබුනා. ඒක දැක්ක ජින් , රූම් එකට ආව ගමන් ම ආයෙම දුවලා ගිහිල්ලා ඩොක්ටර් ව එක්කන් ආවා.

👩‍⚕‍ " පේශන් ලා දෙන්නටම දැන් ප්‍රශ්නයක් නෑ...එයාලගෙ සර්ජරි දෙකම ගොඩක් සාර්ථකව සිද්ද උනා. හැබැයි තුවාල සම්පූර්ණයෙන් ම හොද වෙනකන් අපිට මෙයාලව ඩිස්චාර්ජ් කරන්න බෑ..."

ඩොක්ටර් ගෙ ඒ වචන ටික ඇහෙද්දි ජින් හෝසෝක් ව බදාගෙන ගොඩක් සතුටු උනා. ඩොක්ටර් , යුංගිට වගේම අනිත් පිරිමි ලමයා සෝහාටත් දෙන්න ඕන කරන බෙහෙත් ටික ලියලා දීලා ගියා. ජින් ඒ ලිස්ට් එකේ තිබුන බෙහෙත් ඔක්කොම ඒ වෙලේම අරගෙන ඇවිල්ලා රූම් එකෙන් තිබ්බේ හරි වෙලාවටම දෙන්නටම ඒවා දෙන්න ඕන කියලා ඩොක්ටර් කීව නිසයි.

ඒ වගේම ඩොක්ටර් ජින්වයි හෝසෝක් වයි පරික්ෂා කරලා කීවා එයාලට දැන් ගෙදර යන්න පුලුවන් කියලා. ඒත් යුංගිවයි සෝහාවයි බලාගෙන හොස්පිට්ල් එකේ ඉන්න ඕන කියන මතෙයි ජින් හිටියේ. ජින් හිතුවේ මේ හැමදේම උනේ තමන් නිසා කියලයි... ඒ නිසා ජින්ට ඕන මේ හැමදේම කලින් වගේම හරිගස්සන්න...

එදා ඇක්සිඩන්ට් එක උන දවසෙ ජින්ලා සෝල් වල ඉදලා බූසාන් වල සෝහාගෙ ගෙදර යන ගමනුයි හිටියේ. ඒත් ජින්ගෙ බලකිරීමට ඒ ගමන යන අතරතුරදි හතර දෙනාම club එකකට ගිහිල්ලා බීලා කරලා විනෝද වෙන්න තීරණය කරා. ඒ ඔක්කොමට pay කරෙත් ජින් ම තමයි... ඉතින් එහෙම බීලා වෙරි මතින් ම කට්ටියම වාහනේට නැගලා ආයෙමත් ගමන යන්න පටන් ගත්තා. එහෙම ගිහිල්ලයි මේ අනතුර සිද්ද උනේ...ඉතින් ජින් දැන් ඒ ගැන දහස් වාරයක් පසුතැවෙනවා වගේම ජින්ට ඕන තමන් කරපු ඒ ලොකු වැරැද්ද නිසා අද දුක් විදින යුංගිට , සෝහාට වගේම අනිත් හැමෝටමත් උදව් කරන්නයි...

ජින් හොස්පිට්ල් එකේම ඉන්න හිතුව නිසා හෝසෝකුත් ටික දවසක් හරි හොස්පිට්ල් එකේම ඉන්න හිතුවත් තමන්ට ඒක කරන්න බැරි වෙයිද කියලා හෝසෝක්ගෙ හිතේ පොඩි දෙගිඩියාවක් තිබුනා.. මොකද... හෝසෝක්ට එයාලගෙ business වල වැඩ බලන්න තිබුන නිසා.

Mr. jung... ඒ කියන්නේ හෝසෝක් ගෙ අප්පා එයාගෙ හොදම යාලුවා උන Mr. min එක්කන් හවුලේ company එකක් පටන් අරගෙන ඒක ගොඩක් සාර්ථක විදිහට කරගෙන ගියා. Mr. min කියන්නේ යුංගිගෙ අප්පා.. යුංගි සහ හෝසෝක් වගේම එයාලගෙ අප්පලත් හොදම යාලුවෝ..

ඉතින් හෝසෝක් වගේම යුංගිත් අධ්‍යාපන වැඩ ඉවර කරලා degree එක සම්පූර්ණ කරාට පස්සෙ...ඒ දෙන්නගෙ අප්පලා කතා බහ කරලා , company එකේ වැඩ හෝසෝක්ටත් යුංගිටත් බාර කරන්න තීරණය කරා.

දැනට ඒ දෙන්නා වැඩ බාර අරගෙන මාස තුනක් විතර වෙනවා. ඉතින් ඒ වගේ තත්වයකදි තමයි හෝසෝක්ටත් යුංගිටත් මේ අනතුරට මූන දෙන්න සිද්ද උනේ..

යුංගිගෙ උරහිස හොදටම සනීප වෙනකන් එයාට ආයෙ company එන්න වෙන්නේ නෑ... යුංගි සනීප වෙනකන් හෝසෝක් ට තමයි company එකේ හැම වැඩක් ගැනම බලන්න වෙන්නේ.. ඉතින් ඒ නිසා යුංගි සනීප වෙනකන් ම ලගින් ඉදන් එයාව බලාගන්න බැරි වෙවී කියන සිතුවිල්ල හෝසෝක් ගෙ හිතේ තිබුනා. ඒත් පුලුවන් උපරිමෙන් යුංගි ලගින් ඉන්නවා කියලා හෝසෝක් තමන්ටම පොරොන්දු උනා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

YOONGI 'S ROOM....

🦄 " යුංගි ඔයාට මොනව හරි ඕනද .... ??? "

🐱 " හෝසෝකා !! ..... මේ කොට්ටේ ටිකක් උඩට කරන්න පුලුවන් ද ??? .... මගෙ බෙල්ලට ටිකක් අමාරුයි..."

🦄 " ආහ් !!... හරි ඉන්න මං හරිගස්සන්නම්..."

.
.
.
.
.
.
.
.
.

🐹 " නම්ජුන් තාම ටූත් බ්‍රශ් අරන් ආවේ නෑ නේද...?? "

🦄 " ඒක තමයි..."

🐹 " මම ගිහිල්ලා බලලා එන්නද...?? "

🦄 " ම්ම්ම්...."

යුංගිගෙ කොට්ටෙ හරි ගස්සලා ජින් දිහා බලාගෙන හෝසෝක් එහෙම කියනකොට යුංගිගෙ ඇදට එහා පැත්තේ ඇදේ නිදාගෙන හිටිය සෝහා ටිකක් තදට කහින ගමන් නින්දෙන් ඇහැරුනා...ඒක දැක්ක ජින් යන්න ගිය ගමන නවත්තලා සෝහා ලගට දුවලා ගියා....

🐹 " සෝහා...ඇයි මොකද....??? ඔයාට අමාරුද....?? "

💙 " අනී... අහක් ...අහක් ....( කැස්සක් )....මේ කැ...ස්ස...ක්..."

🐹 " ඔහොම තදට කහින්න එපා.... බඩේ මැහුම් වලට හොද නෑ....ඔයාට වතුර ටිකක් දෙන්නද...?? "

💙 " ම්ම්ම්...."

ජින් , සෝහාගෙ ඇද ලගම පොඩි ටේබල් එකේ තිබ්බ වතුර වීදුරුව අරගෙන සෝහාට පෙව්වා......

🦄 " ජින්.... ඔයා මේ දෙන්නව බලාගෙන ඉන්න මම නම්ජුන් ලගෙ රූම් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලලා එන්නම්...එයාට අමතක වෙලා ගියාද දන්නේ නෑනේ..."

🐹 " හරි...."

🦄 " කෑම කන්න කලින් දෙන්නටම දෙන්න බෙහෙත් එකක් තියනවා නේද...ඒක අමතක වෙයි..."

🐹 " හරි...මම ඒක දෙන්නම්...ඔයා ගිහිල්ලා එන්නකෝ..."

🦄 " ම්ම්ම්ම්..."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

MEANWHILE......

.
.
.
.
.
.
.
.

නම්ජුන් කට්ටියට ම කොෆී ත් අරගෙන ටූත් බ්‍රශුත් අරගෙන ජින්ලගෙ ඒවා එයාලට දෙන්නත් අමතක වෙලා හදිස්සියට ඔක්කොම අරගෙන කුකීගෙ රූම් එකට ආවා. නම්ජුන් හදිසියෙන් ම ආවේ ජිමින් විතරක් රූම් එකේ තනියෙන් නිසයි....

නම්ජුන්, අරගෙන ආව කොෆී ටික සෝෆා එකේ ටේබල් එකෙන් තියලා අනිත් බඩු ගෙනාව ශොපින් බෑග් එක ජිමින් ට දුන්නා. ජිමින් ඒකට එබිලා බලද්දි ජින්ලගෙ බඩුත් බෑග් එක ඇතුලෙ තියනවා දැකලා ජිමින් නම්ජුන්ට කතාකරා...

🐥 " හියෝන්ග්....ජින් හියෝන්ග් ලට එයාලගෙ ඒවා දීලා නෙවෙයි ද ඔයා ආවේ...."

🐨 " ආශ්....!!!!! "

🐨 " අමතක උනානේ හදිස්සියට.....අපි දෙන්නගෙ ඒවා අරගෙන අනිත් ඒවා දෙන්නකෝ...මං එයාලට දීලා එන්නම්..."

ජිමින් , ජින්ලගෙ බඩු මුට්ටු ටික ශොපින් බෑග් එකේ ඉතුරු කරලා ඒක නම්ජුන්ගෙ අතට දුන්නා..

🐨 " ආආආආ !!! ඔයා දන්නවද චිමි.... අර පිරිමි ලමයි දෙන්නටත් සිහිය ඇවිල්ලා...."

🐥 " ඕහ්....චින්චා...අනේ කොච්චර දෙයක් ද...."

ජිමින් සතුටින් හිනා වෙලා නම්ජුන් ට කියද්දි ටේත් ඒ දෙන්නා දිහා බලාගෙන ඇදේ හාන්සි වෙලා හිටියා....ඒත් ටේ ටිකක් දුර්වල වෙලා වගේ හිටිය නිසා එයාට කතා කරන්නත් ටිකක් අමාරු උනා...ටේ ඒ පිරිමි ලමයි දෙන්නා දැකලා තිබ්බේ නැති උනත් එයාලට සිහිය ආවා කීවම හිතින් ගොඩක් සතුටු උනා...එහෙම හිතපු ටේ තමන්ගෙ කදුලින් තෙත් උන ඇස් අරන් ගියේ කුකී දිහාවටයි...

.
.
.
.

ටක්...ටක්...💥🚪💥🚪💥🚪💥🚪💥

🐥 " හියෝන්ග්....අන්න කවුද දොරට තට්ටු කරනවා....පොඩ්ඩක් බලන්නකෝ...හේසු ඔම්මද දන්නෑ.."

🐥 " අපේ ඇදුම් වල ලේ ගෑවිලා නිසා , එයා අපිට අලුත් ඇදුම් අරගෙන එනවා කීවා.. "

🐨 " ආහ්...හරි ඉන්න මම බලන්නම්..."

.
.
.
.
.
.
.

🦄 " නම්ජුන්....ඔයා ආවද....??? "

🐨 " ආආආ මේ ඔයානේ..."

🐨 " අයියෝ හෝසෝක් බලන්නකෝ...තිබ්බ හදිස්සියට මං ඔයාලගෙ බඩුත් අපේ රූම් එකටම අරන් ඇවිල්ලනේ..මං මේ ඒවා දෙන්න එන්න කියලා හැදුවේ..."

🦄 " ආහ්...ඒකට කමක් නෑ..."

🐨 " එන්න ඇතුලට..."

🦄 " කොහොමද දැන් ජංකුක් ට...."

හෝසෝක් රූම් එක ඇතුලට එන ගමන් කුකීගෙ ඇද දිහා බලාගෙන ඇහුවා.

🐥 " එයා හිටියා වගේමයි හෝසෝක් හියෝන්ග්..."

🦄 " ආආආ මේ ටේත් ඇහැරලා ඉන්නේ ...😊 "

හෝසෝක් ටේ දිහා බලලා හිනා වෙලා කීවම ටේ අමාරුවෙන් හෝසෝක් එක්ක ලාවට හිනා උනා.

🦄 " බෙහෙත් හරියට බොන්න හොද ද ටේ...ඔයාට ඉක්මන්ට සනීප වෙයි..."

හෝසෝක් ටේගෙ ඇද ලගට ගිහිල්ලා ටේගෙ ඔලුව අත ගාලා කියද්දින් නම්ජුන් හෝසෝක් ගෙ අතට අර බඩු මල්ල දුන්නා.

🦄 " මටයි ජින්ටයි නම් දැන් යන්නත් පුලුවන් කීවා. ඒත් ජින්ට යන්න හිතක් නෑ...මේ උන දේවල් හැමදේම උනේ එයා නිසා කියලා හිතාගෙන දුක් වෙවි යුංගි වයි සෝහාවයි බලාගන්නවා. මාත් තව ටික දවසක් ඉදලා යනවා. Company එකේ වැඩනේ...යුංගිත් නැති එකේ මං තනියම ඔක්කොම බලාගන්නත් එපැයි..."

🐨 " ම්ම්ම්ම් ඒකනේ නේද...ඔයාලා එකටද වැඩ කරන්නේ..."

🦄 " ඔව්...අපි එකට වැඩ කරන්නේ..."

🐨 " හොදට වැඩ ටික කරගන්න හෝසෝක් හියොන්ග් .....😊 "

නම්ජුන් හෝසෝක් ගෙ උරහිසට තට්ටුවක් දාන ගමන් කීවා.

🦄 " 😊😊😊😊 "

🐯 "ඔයාලා දෙන්නත් යනවද...???? 😭😭😭😭 "

🐯 "මාව දාලා ඔයාලා දෙන්නත් යනවද....???😭😭 "

ටේ එකපාරටම එහෙම කියලා නම්ජුන් ගෙයි ජිමින් ගෙයි මූනවල් දිහා බල බල අඩන්න ගත්තා..

🐥 " ටේ...ඇයි මේ...අපි කොහෙවත් යන්නෑ පැටියෝ..."

ජිමින් ගිහිල්ලා ටේව බදාගෙන සනසන ගමන් කීවා...

🐯 "මින්ජුන් අංකල් ඔයාලටත් යන්න කියයි...එතකොට ඔයාලා මාවයි කුකීවයි දාලා ගෙදර යනවද...???😭😭😭 "

🐯 "මට මේ කාමරේ තනියෙන් ඉන්න බෑ...මට බයයි...😭😭😭 "

ටේ කියව කියව හොදටම අඩන්න ගත්තා...

🦄 " නම්ජුන් ඇයි මේ 😮😐...."

🐨 " ඊයේ පාන්දර ඉදන් ටේ මෙහෙමයි...එයාට හීනයක් පෙනිලා ඒක නිසා හොදටම බය වෙලා ඉන්නේ...තනියම කාමරේ ඉන්න බෑලු...කාවද පේනවලු...එයා ලගට කවුද එනවලු...ඔහොම ඒවා කියව කියව අඩනවා. පොඩි සද්දයක් ඇහුනත් ගැස්සිලා ගිහිල්ලා බය වෙනවා. හරියට නිදාගන්නෙත් නෑ...ඩොක්ටර් මින්ජුන් ඇවිල්ලා බලලා බෙහෙත් එහෙමත් දීලා ගියේ... එයා කීවා ටේ ගොඩක් දුර්වල වෙලා කියලා....නින්ද යන්න බෙහෙත් දුන්නට පස්සෙ තමයි නිදාගත්තේ...බලන්නකෝ හුරතලේට හිටිය කොල්ලා දවසින් ඇදිලා ගිහිල්ලා ...සුදුමැලි වෙලා....ඇස් යටත් කලු වෙලා...අපිටත් මොකුත් හිතා ගන්න බෑ හෝසෝක් .."

🦄 " ඒකනේ...මාත් මේ බැලුවේ...බෙහෙත් වෙලාවට දෙන්න...එයාට ඉක්මන්ට සනීප වෙයි..."

🐨 " ම්ම්ම්ම්..."

🦄 " මම එහෙනම් ගිහිල්ලා එන්නම්කෝ..මං එනකන් ජින් බලන් ඇති..."

හෝසෝක්... නම්ජුන් දිහයි , ටේව තුරුල් කරන් ඉන්න ජිමින් දිහයි බලලා එහෙම කියලා යන්න හදද්දිම....

.
.
.
.
.
.
.
.
.

ටක් 💥💥 ටක් 💥💥 ටක් 💥💥 🚪🚪🚪🚪

.
.
.
.
.
.
.
.
.
.

ආයෙත් කවුද දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා. ඒත් එක්කම නම්ජුන් ගිහිල්ලා රූම් එකේ දොර ඇරියා...එතකොටම ටයි කෝට් දාලා වැදගත් විදිහට ඇදගත්තු මිනිස්සු කට්ටියක් දොර ලග හිටගෙන ඉන්නවා නම්ජුන් දැක්කා.. ඒ මිනිස්සු දිහා උඩ ඉදන් යටට ම බැලුව නම්ජුන් , එයාලට රූම් එක ඇතුලට එන්න ඉඩ දීලා දොර තවත් ඇරලා පැත්තකට උනා.

🐨 " කවුද ඔයගොල්ලෝ..??? "

නම්ජුන් එහෙම අහද්දි නම්ජුන්ව පොඩ්ඩක්වත් ගනන් නොගත්ත කට්ටිය එහෙම්ම ම රූම් එක ඇතුලට ඇවිදන් ආවා. ඒ එක්කම ජිමින් , හෝසෝක් දෙන්නත් ටිකක් විතර පුදුමෙන් ඒ ගොල්ලො දිහා බලන්න හිටියා. ටේ ජිමින්ට තුරුල් වෙලා ඇස් පියාගෙන හිටිය නිසා එයාට මේ දේවල් ගැන ගානක් තිබුනේ නෑ. අනික ටේ හිටියේ හොදිනුත් නෙවෙයි...

👤 " මගේ නම ජෝවෝන්...මම ටේහ්යෝන් ගෙ අංකල් කෙනෙක්...මට ආරංචි උනා ටේහ්යෝන් ට උන කරදරේ ගැන...එයාගෙ අප්පා තමයි මට කෝල් කරලා ඒ ගැන විස්තර කීවේ..මං ආවේ ටේහ්යෝන් ව බලලා යන්න..."

🐨 " ආහ් එහෙමද..."

👤 " කරුනාකරලා මට කියන්න පුලුවන් ද ඔය ලමයි කවුද කියලා..??? 🤨🤨 "

🐨 " ආහ්....!!! සොරි අංකල්...මගෙ නම නම්ජුන්...අර ඉන්නේ ජිමින්...අපි ටේගෙ යාලුවෝ...කාර් ඇක්සිඩන්ට් එක වෙද්දි මායි ජිමිනුත් ටේත් එක්කන් කාර් එක ඇතුලේ හිටියා..🙄 "

👤 " ආහ්...!! එහෙමද..."

එහෙම කියලා නම්ජුන් ගෙ උඩ ඉදන් යටට ම බැලුව ජෝවෝන් ටේ ඉන්න ඇද ලගට ගියා. ටේ හිටියෙ ජිමින්ගෙ පපුවෙ ඔලුව තියාගෙන ඇස් දෙකත් පියාගෙනයි....

👤 " ටේහ්යෝන් පුතා....!!!! ඔයාට කොහොමද..."

ජෝවෝන් ටේගෙ ඔලුව අත ගාලා එහෙම අහලා ජිමින් ගෙ මූන දිහාත් ටිකක් අමුතුවට බැලුවා. ජෝවෝන් ටේගෙ ඔලුව අතගාලා අහනවත් එක්කම ඒ ස්පර්ශයට ටේ ගැස්සිලා ගිහිල්ලා වගේ එක පාරම ඇස් ඇරලා කලබලෙන් වගේ වටපිට බලන්න ගත්තා..ඒ වෙලාවෙදි ජෝවෝන් තමන්ගෙ ඉස්සරහින් හිටගෙන ඉන්නවා ටේ දැක්කා....

🐯 "ජෝ.... අංකල්....ඔයා...කොයි වෙලාවෙද ආවේ..."

ටේ ජෝවෝන්ගෙ මූන දිහා බලාගෙන ඇහුවා..

👤 " දැන් ආවේ....ටේහ්යෝන් !!!! ...මොකද මේ ඔයා සුදුමැලි වෙලා ඇදිලා ගිහිල්ලා....ඔයාට ගොඩක් අමාරුයි ද...."

ජෝවෝන් ටේගෙ කම්මුලකින් අත තියලා අහද්දි ජිමින් ටේගෙන් ඈත් වෙලා ටේගෙ පිටට කොට්ටයක් තියලා එයාව ඇදේ හාන්සි කරලා පැත්තකට උනා...ජිමින් අයින් උනාට පස්සෙ ජෝවෝන් ටේගෙ ඇදෙන් වාඩි උනා...

🐯 " නෑ අංකල් මට ලොකු අමාරුවක් නෑ...... අහක් අහක් ( කැස්සක්..) ඒත් ඇගට ලොකු තෙහෙට්ටුවක් දැනෙනවා...ඒකයි මං හිතන්නේ..."

👤 " මින්ජුන් බෙහෙත් දුන්නේ නැද්ද....මේ මිනිහා වෙන වෙන එවුන්ට බෙහෙත් කර කර ඉන්නේ....මේ හොස්පිට්ල් එක හදපු මිනිහගෙ පුතාට බෙහෙත් කරන්නේ නැතුව...🤨 හහ්... lowyer හන්....ගන්නවා මින්ජුන් ට කෝල් එකක්... මේ දැන්ම..."

ජෝවෝන් තරහෙන් වගේ එයත් එක්ක ආව පිරිසෙ හිටිය " "lowyer හන් " කියන කෙනාට කියද්දි ඒ lowyer ඉක්මන්ට එයාගෙ ෆෝන් එක අරගෙන නම්බර් එකක් ඩයල් කරන්න ගත්තා.

🐯 " ජෝ අංකල් එපා.... මින්ජුන් අංකල් ඊයේ පාන්දරත් මාව චෙක් කරන්න ආවා. මට එහෙම ලොකු අමාරුවක් නෑ...බෙහෙත් බීවම හරි යාවි..."

ටේ තමන්ගෙ මලානික උන ඇස් වලින් ජෝවෝන් දිහා බලාගෙන කීවා..

ටේ ජෝවෝන් එක්ක කතා කරන අතරේ හෝසෝක් හෙමීට නම්ජුන් ලගට ගිහිල්ලා නම්ජුන් ගෙ කනට කරලා දෙයක් මිමිනුවා...

🦄 " මොකක්ද අර මනුස්සයා ඒ කීවේ නම්ජුන්...??? "

🐨 " මොකක්ද ??? "

🦄 " හොස්පිට්ල් එක හදපු මිනිහගෙ පුතාට බෙහෙත් කරන්නේ නැතුව කිය කිය... එකක්..."

🐨 " ආහ්...ඒකද..."

🦄 " ඔව්..."

🐨 " මේ හොස්පිට්ල් එක ටේගෙ අප්පගෙනේ...ඒකයි එහෙම කීවේ..."

🦄 " ආහ්...එහෙමද...😌 "

🦄 " ඈඈඈඈ මොකක් 😳 "

🐨 " ඔව්..."

🦄 " චින්චා 😳 .."

නම්ජුන් එහෙම කීවම හෝසෝක් ඇස් දෙකත් ලොකු කරගෙන ටේ දිහයි ජෝවෝන් දිහයි බලන් හිටියා.

.
.
.
.

👥 " සර් මම මින්ජුන්ට කතා කරන්නද ??? "

👤 "නෑ ඕන්නෑ...ටේහ්යෝන් එපා කියනව නම් ඕන වෙන්නේ නෑ... ටේහ්යෝන් ට ගෙනාව බඩු මුට්ටු ටික ඔය සෝෆා එක උඩින් තියනවා..."

👥 "හරි සර්..."

Lowyer හන් එයාගෙ ෆෝන් එක සාක්කුවට දාගෙන එයාලත් එක්ක ඇවිල්ලා හිටිය අනිත් මිනිස්සු දෙන්නට , ඒ ගොල්ලොන්ගෙ අත් වල එල්ලන් හිටිය බඩු මලු ටික සෝෆා එකෙන් තියන්න කියලා මූනෙන් ඉගි කරා.

👤 "මේ කොල්ලා කවුද ???? ..."

ටේගෙ ඔලුව අත ගාලා ඇදෙන් නැගිටිද්දි නම්ජුන් ලග හිටිය හෝසෝක් ව දැකලා ජෝවෝන් ඇහුවා...ජෝවෝන් ඒ වෙලාවේ එහෙම අහද්දි නම්ජුන් දිහා බලාගෙන හිටිය හෝසෝක් එකපාරටම ජෝවෝන්ගෙ මූන දිහා බැලුවා..

🐨 " මේ....මේ....මෙයාගෙ නම හෝසෝක්..."

👤 " ම්ම්ම්ම්....හෝසෝක් !!! .... එතකොට මෙයත් හිටියේ ටේ ගෙ කාර් එකේද..."

ජෝවෝන් එහෙම අහද්දි නම්ජුන් ජිමින්ගෙ මූන දිහා බැලුවේ කෙල ගුලියක් ගිලින ගමනුයි..

👤 " මං ප්‍රශ්නයක් ඇහුවා... කෝ ඉතින් කියන්න...මේ කොල්ලා හිටියෙත් ටේහ්යෝන් එක්කද ?? "

🐨 " අම්ම්... මේ...මේ...නෑ.... මෙ...මෙයාලගෙ කාර් එකේ ත...තමයි අපි ගිය කා...කාර් එක හැප්පුනේ..."

👤 " ඕඕඕඕඕහ්..."

නම්ජුන් ගොත ගහ ගහ වගේ කීවම ජෝවෝන් කට කොනින් හිනා වීගෙන බිම බලලා.... පස්සෙ ඔලුව ඇල කරගෙන හෝසෝක් දිහා බලාගෙන තමන්ගෙ නිකට පිරිමදින්න ගත්තා.

ජෝවෝගෙ මේ බැල්ම වගේම හැසිරීම දැක්ක ගමන් හෝසෝක් ටිකක් විතර අවදානෙන් ජෝවෝන් දිහා බලන් හිටියා.. ඒ මොහොතේ නම්ජුන් ජිමින් දෙන්නා නම් හිටියේ හොදටම බය වෙලයි...

ටික වෙලාවක් හෝසෝක් දිහා බලාගෙන හිටිය ජෝවෝන් කට කොනින් හිනා වීගෙනම හෝසෝක් ලගට එන්න ගත්තා...ඒ වෙලාවේ හෝසෝක් හිටියේ තමන්ගෙ ලගට නෝන්ඩියට වගේ හිනාවක් දාගෙන එන ජෝවෝන්ගෙ ඇස් දෙක දිහාම කෙලින් බලාගෙනයි...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

MEANWHILE.....

🐹 " මේ හෝසෝක් තාම නෑනේ..."

🐱 " ඒකනේ...එහා රූම් එකට යනවා කියලනෙ ගියේ..."

🐹 "ම්ම්ම්ම්... ඉන්නකෝ මං පොඩ්ඩක් බලලා එන්නම්.."

🐱 " හරි..."

🐹 " මං ඉක්මන්ට එන්නම්.."

ජින් යුංගිට එහෙම කියලා නම්ජුන් ලගෙ රූම් එකට ගියා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

👤 " මේ පොඩි කොල්ලගෙ කාර් එකද එතකොට ටේහ්යෝන් ගෙ කාර් එකේ වැදුනේ...ම්ම්ම්ම්ම්..."

🦄 " මිස්ටර් ජෝවෝන්...මගෙ නම හෝසෝක්...හරියට නම කියලා කතා කරන්න..."

👤 " ඕඕඕඕඕඕ කටකාරයෙක් වගේ නේද..... ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් හොදයි..."

එහෙම කියලා හිනා උන ජෝවෝන් ඒ සැනින් ම හෝසෝක් ඇදලා හිටිය ටී ශර්ට් එකේ බෙල්ල ලගින් ගුලි කරලා අල්ලගෙන ඇදලා ගත්තා... ඒ දේ වෙනවත් එක්කම ජිමින් නම්ජුන් වගේම ටේත් ගැස්සිලා ගියා. එයාලගෙ මූනෙන් බය කියන හැගීම එලියට ආවත් හෝසෝක් නම් ඍජු බැල්මකින් ජෝවෝන් ගෙ ඇස් දිහාම බලන් හිටියා..

👤 " උබ දන්නවද උබේ ඔය කාර් එක හැප්පුවේ කාගෙ කාර් එකේද කියලා... "

🦄 "මිස්‍ටර් ජෝවෝන් අපි මේක මීට වඩා වැදගත් විදිහට කතා කරමුද..."

👤 " කතා කරන්න පුලුවන් වැදගත් ම වගේම හරිම ක්‍රමේ තමයි මේක...අනික මේක මගෙ විදිහ... උබ කවුද මට වැදගත්කම් ගැන කියලා දෙන්න.."

🦄 "මිස්ටර් ජෝවෝන් කරුනාකරලා මගෙ ටී ශර්ට් එක අතාරින්න.."

ජෝවෝන්....හෝසෝක් අතර උනුසුම් විදිහට වචන හුවමාරු වෙන අතරතුරදි ජින් එකපාරම ඒ රූම් එකට ආවා...ඒ ආවම ජින් දැක්කා ජෝවෝන් හෝසෝක් ගෙ ටී ශර්ට් එකෙන් අල්ලගෙන ඉන්නවා.

🐹 " මොකක්ද මෙතන වෙන්නේ.... ???? හෝසෝක් හියෝන්ග් !!!! "

ජින් කෑගහලා හැමෝගෙන්ම අහද්දි හෝසෝක් ගෙ ටී ශර්ට් එකෙන් අල්ලගෙන ඉද්දිම , ජෝවෝන් ජින් දිහාත් හැරිලා බැලුවා.

🦄 " ජින් ඔයා මේ බඩු ටික අරගෙන යුංගියි සෝහයි ලගට යන්න... මං මේ මනුස්සයා එක්ක කතා කරලා එන්නම්..."

හෝසෝක්...ජින් අහපු දේට මොකුත් ම නොකියා තමන්ගෙ අතේ තිබුන ශොපින් බෑග් එක ජින් දිහාට දික් කරලා එහෙම කීවා..හෝසෝක් එහෙම කීවම ජින් බය වෙලා වගේ කාමරේ හිටිය අනිත් මිනිස්සු දිහත් බල බල ඇවිල්ලා හෝසෝක් අතේ තිබුන ශොපින් බෑග් එක අතට ගත්තා...

👤 " ඕඕඕඕඕ.......මේ කොල්ලත් එතකොට උබලගෙම එකෙක්ද...තව නම් දෙකක් කීවේ ?? ...ඒ රූම් එකේ තවත් කොල්ලෝ ඉන්නවද ??? ..."

ජෝවෝන් කට කොනින් හිනා වෙලා හෝසෝක් ට එහෙම කීවම නම්ජුන්....ජිමින් වගේම ජිනුත් ජෝවෝන් දිහා බය වෙලා වගේ බලන් හිටියා...

👤 "පොඩි වයසෙදිම බීගෙන වාහන එලවලා උබලා චන්ඩිකම් දාන්න යනවද...ආආආආආ....උබලා ඔක්කොටම මේ කරපු දේට විදවන්න වෙයි..."

ජෝවෝන් හෝසෝක් දිහා බලාගෙන තරහෙන් කීවම හෝසෝක් එක පාරම තමන්ගෙ ටී ශර්ට් එකෙන් අල්ලගෙන හිටිය ජෝවෝන් ගෙ අත අයින් කරලා පැත්තකට කරා...

🦄 " මිස්ටර් ජෝවෝන් !!! අපි අතින් වරදක් උනා තමයි...ඒත් ඔය විදිහට කතා කරන්න එන්න එපා.. මනුස්සයෙක් එක්ක කතා කරන විදිහක් තියනවා... වැඩිහිටියෙක් වෙලත් ඒ දේවල් දන්නේ නැද්ද..."

හෝසෝක් ජෝවෝන් ගෙ ඇස් දිහා කෙලින් බලන් පොඩි ආවේගෙකින් වගේ කියලා දැම්මා.

👤 " උබ මොකක්ද කියන්නේ... පොඩි කොල්ලෙක්...හහ්...පොඩි කොල්ලෙක් එනවද මට උගන්නන්න... වැරදි කරලා තව කට ගහගෙනත් එනවද...බලාගනිල්ලා උබලට මොකද වෙන්නේ කියලා..."

හෝසෝක් ගෙ මූන ලගටම ලන් වෙලා එහෙම කීව ජෝවෝන් ලෝයර් හන් දිහා බැලුවා.

👤 " lowyer හන්... "

👥 "කියන්න සර්..."

👤 " බීමතින් රිය පැදවීම.... මාර්ග නීති උල්ලංඝණය කිරීම යටතේ මේවුන් ටිකට නඩුවක් ෆයිල් කරනවා...මේ දැන් ම..."

ජෝවෝන් හෝසෝක් ගෙ ඇස් දිහාම බලාගෙන එහෙම කියද්දි ජිමින් නම්ජුන් වගේම ජිනුත් කර කියාගන්න දෙයක් නැතුව ඇස් ලොකු කරගෙන ගල් ගැහිලා බලන් හිටියා..

🐯 "අංකල්....ඔයා මේ මොනවද කරන්නේ...??? "

මෙච්චර වෙලා ජෝවෝන් කීව දේවල් ඉවසගෙන බලාගෙන හිටිය ටේ එකපාරම ඇහුවා....

👤 " ඇයි ටේහ්යෝන්....මම හදන්නේ වැරදි කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න... මොකක්ද ඒකේ තියන වැරැද්ද..."

🐯 " අංකල් please එහෙම මොකුත් ඕන නෑ... "

👤 " මොකක්ද ටේහ්යෝන් ඔයා මේ කියන්නේ ???? ..."

🐯 " මං කියන දේ අහන්න... මමයි මගෙ යාලුවොයි තමයි ඒ අනතුරට මූන දුන්නේ...අපි කාටවත් ඕන කමක් නෑ මේකට නඩුවක් දාන්න...එච්චර දුර දිග අරන් යන්න ඕන නෑ මේක..."

👤 "මොකක්ද ??? ...ටේහ්යෝන් ඔයාට පිස්සුද....බලන්න ඔයා ඉන්න හැටි...මේ දේවල් උනේ මේ කොල්ලෝ හින්දා...ඔයා දැන් ඒ කොල්ලොන්ගෙ පැත්තම අරගෙන කතා කරනවද..."

🐯 " අංකල් please නවත්ත ගන්න...අපේ කාර් එකේ ගියපු අයට වගේම එයාලගෙ කාර් එකේ ගියපු අයටත් තුවාල උනා. අපිටත් වඩා බරපතල විදිහට එයාලට තුවාල උනා.. මිනිස්සු හැමෝම අතින් වැරදි වෙනවා.. මටවත් හියෝන්ග්ලටවත් ඔන්නෑ මේක එච්චර දුර දිග අරන් යන්න..ඒ නිසා please එහෙම දෙයක් කරන්න එපා.."

👤 " හ්ම්ම්...හරි ඕකේ...ඒත් ඔයාගෙ අප්පා නම් ඔයා මේ ගත්ත තීරණයට කැමති වෙන එකක් නෑ..."

🐯 " මම අප්පට කතා කරන්නම්..එයා මගෙ වචනේ අහක දාන එකක් නෑ. "

ටේ ඒ වචන ටික කියද්දි ජෝවෝන් හෝසෝක් දිහයි ජින් දිහයි ඔරවලා බැලුවා...

👤 " මම ආවේ ඔයා වෙනුවෙන් සාදාරනයක් කරන්න..ඒත් ටේහ්යෝන් ඔයා ඒකට අකමැති නම් මම තවත් මේකට මැදිහත් වෙන්න කැමති නෑ. ඔයාට ඕන දෙයක් කරගන්න..."

🐯 " හ්ම්ම්...හරි අංකල්...ඔයා දැන් මෙතනින් යන්න...මට ටිකක් rest කරන්න ඕන..."

👤 " හරි ටේහ්යෝන්...මම ඔයාව බලන්න පස්සෙ එන්නම්කෝ...."

🐯 " ආ තව දෙයක් ජෝ අංකල්...ඔයා හෝසෝක් හියෝන්ග් ගෙන් සමාව ගත්තොත් හොදයි...මොකද ඔයා එයාට නරක විදිහට කතා කරා..."

ටේ එහෙම කියද්දි හෝසෝක් , ජෝවෝන් දිහාට පැහැදිලි බැල්මක් හෙලුවා..

👤 " හ්ම්ම්...හරි...මට සමාවෙන්න හෝසෝක්..."

ජෝවෝන් හෝසෝක් ට අත දීක් කරලා කීවා..

🦄 " it' s ok..."

හෝසෝක් එහෙම කියලා ජෝවෝන් ට අතට අත දුන්නා..

👤 " එහෙනම් මම යන්නම් ටේ..."

🐯 " හ්ම්ම්.."

ටේ දිහා බලලා එහෙම කීව ජෝවෝන් කාමරෙ හිටපු අනිත් අය දිහාටත් ඇස් යවලා ආව කට්ටියත් එක්කම එලියට ගියා..

.
.
.
.
.
.
.

🐯 " අනේ මට සමාවෙන්න හෝසෝක් හියෝන්ග්...අපේ අංකල් ටිකක් ඔහොම තමයි..එයා පොඩි දේටත් ගොඩක් කේන්ති ගන්නවා.."

🦄 " අනේ ඒකට කමක් නෑ...ඒ ගැන හිතන්න එපා..ඔයා විවේක ගන්න..."

ටේ ගෙ ඔලුව අතගෑව හෝසෝක් , ජින් එක්කන් රූම් එකෙන් එලියට ගියා. ජින් සහ හෝසෝක් එයාලගෙ කාමරේට ගියත් නම්ජුන් ජිමින් දෙන්නා නම් හිටියේ මේ සිද්ද උන දේවල් ගැන හිත හිතයි..

.........................................................

Update කරෝ ලමාආආආආයි....

කියෝලා වෝට් කමෙන්ට් කරන් යන්නෝඕඕ....

❤️❤️❤️❤️ ටටා....

Continue Reading

You'll Also Like

459K 70.7K 182
ဘာသာပြန်သူ- စွဲညို့အသင်း (ဘာသာပြန်သူတစ်ဦးတည်း မဟုတ်ပါ) MC ကျန်းလော့က အနိုင်မခံ အရှုံးမပေးတတ်တဲ့ စိတ်နေသဘောသဘာဝကို ပိုင်ဆိုင်ထားပါတယ်။ ML ချီယုံကကျ စ...
265K 8.2K 16
စိတ္တဇထောင်ချောက်တစ်ခုထဲ သင်ကိုယ်တိုင်ရောက်သွားတဲ့ ခံစားချက်မျိုး လိုချင်ရင် ဒီ fic ကို သင်ဖတ်နိုင်ပါတယ် သို့ပေမယ့် 18+နော်😁
12.8K 1.8K 20
රුධිරයෙන් බොදකල ආලයේ සිතුවම.....
260K 34.5K 130
ဘာသာပြန်သူ - Swae Nyoe Team, ဆုမြတ်လှိုင်