🌟 The Shooting Star 🌟 [ Com...

Shuayashu

8.2K 1.9K 499

⭐ . Sinhala ⭐ . Bl ⭐ . YiZhan ⭐ . Love Еще

🌟 INTRO 🌟
1st ⭐ Star
2nd ⭐ Star
3rd ⭐ Star
4th ⭐ Star
5th ⭐ Star
6th ⭐ Star
7th ⭐ Star
8th ⭐ Star
9th ⭐ Star
11th ⭐ Star
12th ⭐ Star
13th ⭐ Star
14th ⭐ Star
15th ⭐ Star ( end 01)
16th ⭐ Star ( end 02)
Spacial Episode 01 (Real End Part 01 )
Spacial Episode 02 (Real End Part 02 )
Postscript

10th ⭐ Star

292 94 31
Shuayashu

Zhan 💙❤ Zhan
(Lan Zhan & Xiao Zhan )

Xiao Zhan Pov....❤

දවස් දෙකක් තිස්සෙ ලාන් චාන්ගෙ උණ අඩුවක් වුනේ නැහැ..මං මට කියලා බෙහෙත් ගෙනත් එයාට අමාරුවෙන් පෙව්වත් එයාට හොඳ වුනේ ගොඩක් හෙමින් වගේ..ඒ දවස් දෙකේ එයා ඒම ඉද්දි මට මාවම එපා වුනේ ඒක එයාට වුනේ මං නිසා හින්දා..

බෝ බලන්න ගියත් එයාගෙත් කිසි වෙනසක් නැතුව තිබුනම මගෙ හිත කෑ ගහලා බැන්නෙ මටමයි.පසුතැවීම....ඒක ලොකු වේදනාවක්.

මං මෙච්චර වෙලා බලන් හිටියෙ මං ලඟ සැටියෙ වාඩි වෙලා හිටිය ලාන් චාන් දිහා.. එයා ටීවි එක දිහා බලන් ඉන්නවා..මං එයා දිහා බලන් ඉන්නවා..

හුම්..මේකා මාව ගණන් ගන්නෙ නෑ ටීවි එක තියෙද්දි.අපරාදෙ අළුතෙන් එකක් ගෙනාවේ.බිඳිලම තිබුන නම් එකක්.

මං තරහටම චානල් මාරු කලේ එකකවත් නොතියා වේගෙන්..එතෝටවත් මං දිහා බලයිනෙ..

"චාන්..ඔයා කියන්නෙ මෙය තුළ මිනිසුන් නැද්ද..?"

"නෑ අනේ..නෑ.."

මේහ් මං දිහා බලනවකෝයි....

"එහෙනම් එයාලා ඇයි ඒම පේන්නෙ..ඇත්තම වගේ..?"

"ඒම තමයි.කොහෙ හරි එයාලා රඟපානවා.දන්නවද මාත් එහෙම රඟපාන කෙනෙක්..."

මේ දෑස දෙස බලනු..මෙතැන් පටන් ඔබ.....මට වසී වෙනවා...

ආෂ් මං දැන් හිතෙනුත් දොඩවනවා.

"ඔයා අර විදිහටත් කරනවාද..? එයාලා ඒ මොකද කරන්නෙ..."

ලාන් චාන් ඇහුවම මෙච්චර වෙලා බැලුවෙ නැති ටීවි එක දිහා මං නිකමට බැලුවා..

ඔහ්...සංසාරේ..මොනාදෝයි මං මේ දාන් ඉන්නෙ..විලි ලැජ්ජාව සාගරයයි..ෂිට්..මෙයා කටත් ඇරන් බලන් ඉන්න හැටි.....මාවත් උයන් කා...

ඒක තායි චැනල් එකක්.මං ඕක ඇඩ් කරන් මේ ටිකේ රෑ බැලුවෙ  බීඑල් ගැන හොඳ වැටහීමක් ගන්න..ආෂ් ඒකම එබුනෙ ඇයි අප්පාහ්..

"අහ්ම්...එයාලා මේ....එයාලා උයනවානෙ පේන් නැද්ද....ආ....."

"උයද්දි එහෙමත් කරන්න ඕනිද මෙහෙදි...?"

ලාන් චාන් ඇස් දෙක්ත් ලොකු කරන් අහද්දි මට කට උත්තර නැහැ..

"නැතුව..ඒම කරන්න ඕනි.ඒක සම්ප්‍රදායක්..."

"ආ...හ්ම්.."

ඒක තමයි එයාගෙ හොඳේ..මං කියන හැම දේම එයාට ඇත්ත..මං කිව්වම ෆ්‍රිජ් එක මගෙ සුරතලා තමයි කියලා එයා හරි ආදරෙන් ෆ්‍රිජ් එක අත ගාලා ඉතුරු වෙන කෑම හොඳට භාජන වල දාලා ඒකට දානවා.

ගෑස් ලිප ගාවට යන්න එපා ඒක ඇතුලෙ භයානක අධ්‍යාත්මික සත්වයෙක් ඉන්නවා මට විතරයි පාලනේ කිව්වම එයා මගෙ පිටිපස්සට වෙලා උරහිස්සට උඩින් ඇස් දෙකත් ලොකු කරන් සතා එනකන් බලන් හිටියා..ඉලෙක්ට්‍රික් කෙට්ල් එකෙන්, අවන් එකේන්, අයන් එකෙන් එයාව ඈත් කරලා තියන්න මං කිව්වෙ එක එක කටට එන බොරු..

එයා ප්‍රශ්න ඇහුවත් මං කියන ඒවා පිළිගත්තා..මට ඕනි වුනේ එයාව ඒවගෙන් අයින් කරන්න..එයා ඒවා දන්නෙ නෑනෙ..මං පොඩි ළමෙක් ගැන වගේ එයා ගැන බය වුනා.

"කෝ මෙහෙ එන්න..මෙතන බිමට.."

මං ෂේප් එකේ වෙන චැනල් එකක් දාලා එයාගෙ අතින් ඇදලා මං ලඟ බිම ඉන්දව ගත්තා..එයාගෙ කොණ්ඩෙ සෑහෙන්න දිගයි..සිනිඳුයි..සුවඳයි..ලස්සනයි...

මං එයාගෙ කොණ්ඩෙ පීරලා උඩින් අල්ලලා පෝනි ටේල් එකක් දාලා එයාගෙ නළලෙ තියන රිබන් එකට හෙමීට අත තිබ්බාම එයා ඔළුව උස්සලා මගෙ මූණ දිහා බැලුවා..මං ලාවට හිනා වෙලා අත අයින් කර ගෙන ටීවි එක දිහා බැලුවා.

'හ්ම්...ඒක අයිති වෙයි යිංට..මං කවුද..'

මට එහෙම හිතෙද්‍දි නම් දුක හිතුනා..

එයා බිමින් නැගිටින් නැතුවම මගෙ අතින් ඇද්දෙ මටත් බිමට එන්න කියලා..මාත් හිනා වෙලා එයා ලඟ බිම ඉඳ ගත්තාමත් එයා මගෙ අත අතැරලා දැම්මා.

ඒත් ඊළඟට එයා කලේ මං හිතපුවත් නැති දෙයක්..එයා එයාගෙ නළල් පටිය ගලවලා මගෙ අත අරන් ඒක මගෙ මැණික් කටුවෙ බැන්දා..ලස්සනයි..ඒත්..ඇයි ඒ...?

"ලාන් චාන්..ඇයි ඒ..?"

"මොකද්ද..?"

"මේක මට දෙන්නෙ..?"

"ඒක ඔයාට අයිති දෙයක් නිසා.."

"......ඒතෝට වෙයි...යිං...?"

".....එයා මට ආදරය කරන් නැහැ...තවත්.මං එයාගෙ හිත....නැති කර ගත්තා...එයා මට....වෙෙර..කරනවා..දැන්."

ලාන් චාන්ගෙ ඇස් වලින් කඳුළු කැට එක සීරුවට වැටුනා.මට දුකක් වගේම පුදුමයක් ආවෙ ගූසු වල සීතල ජේ‍ඩ් මාණික්‍ය මෙහෙම ආදරය ඉස්සරහ දුර්වල වෙද්දි.

"ෂ්..ෂ්...නෑ ලාන් චාන් නෑ..කෝ..මං දිහා බලන්න..මේ අහන්නකො මැණික..ඔයාමනෙ කියන්නෙ ඒ මමමයි කියලා..වෙයි යිං කියන්නෙ මගෙ කලින් ආත්මෙ වෙන්න ඇති කියලා.නේද..?"

එයා මං දිහා බැලුවත් කඳුළු නම් නතර වුනේ නැහැ..ඒ බෝල ඇස් වල කඳුළු කැට දිළිසෙද්දි මං හිතෙන් අර වෙයි මෝඩයට කනට එකක් ගැහුවා..මොස්ට යකා.👊

"ඉතිං ඒ මම නම් මං කීයටවත් ඔයාට වෙෙර කරන් නෑ..දන්නවද මට ඒම කරන්න බෑ..දැන් අඬන්න එපා හරිද..ඔයා අඬන් නැතුව හිටියොත් මං බඩුවක් දෙනවා..."

එයා ඇස් දෙක ලොකු කරන් අඬන එක නැවැත්තුවාම මං එයාගෙ කම්මුල් වල කඳුළු පිහලා දැම්මෙ මල් පෙත්තක් අල්ලනවා වගේ සිනිඳුවට.

"කෝ දෙන දේ..?"

එයා අහද්දි මං හයියෙන් හිනා වෙලා හෙමීට එයාගෙ ඔළුවට ටොක්කක් අැන්නම මෙන්න මෙයා ආපහු අඬන්න මූණ හදා ගත්තා..කියුට්.

මං බය වුන පාර ඉක්මනට එයගෙ කම්මුලට චූටි කිස් එකක් දීලා ඈත් වුනාම එයා පුදුමෙන් ගල් වෙලා බලන් හිටියා.

"තව කිස් එකක් දෙන්නද..?"

මං ආයෙත් හිනා වුනාම එයාගෙත් මූණෙ හිනාවක් මැවුනා..

"ම්ම්...."

"දෙනවා ටොක්කක්..ආ ඔයා ඇහුවා නේ‍ද ඉංග්‍රීසි ගැන.."

ඉස්සරහ  තියන අපාර්ට්මන්ට් එකේ චූටි බබා ඉංග්‍රීසි අකුරු කියවද්දි ලාන් චාන් මගෙන් ඇහුවා ඒ මොනවද කියලා..ඉතිං මට ඒක මතක් වුනේ ටීවි එකේ දාලා තිබුන චැනල් එකේ ගියෙ මොන්සෝරි ළමයින්ගෙ ඉංග්‍රීසි ලෙසන් එකක් හින්දා..

"අර තියෙන්නෙ A...A for Apple..."

මං A අකුර පෙන්නලා මේසෙ උඩ තිබුන පළතුරු බාස්කට් එකෙන් ඇපල් ගෙඩියක් අරන් පෙන්නුවාම එයා ඒක අතට අරන් කරකවලා බැලුවෙ පුදුමෙන්..

"කන්න.."

මං හිනා වෙලා කිව්වම එයා ඒක චූට්ටක් කෑවා..මාත් එයාගෙ කටේ ඇපල් ගෙඩිය තියෙද්දිම ඒකෙන් කෑල්ලක් පැත්තකින් කද්දි එයා ගැස්සුනා..මං ඕනෙ නැති වැඩක් කරලා එයාව ඇවිස්සුවා නේද...? හී....

"ආ එන්න ආයෙ පාඩමට...මේ B....B for Bunny...මේ මේක බලා ගන්න ලාන්චාන්‍.ඔහෙ නෙවෙයි මෙහෙ...මේක දිහා බලන්නකො.."

මං ටීවි එකේ රිවයින් කර කර දැම්මත් එයා මං දිහාම බලන් හිටියා මිසක් පාඩමට අවධානය දුන්නෙ නෑ..

"ඔයා අහන් නෑනෙ..මං යනවා ආයේ උගන්නන් නෑ මං..නරක ළමෙක් ඔයා.."

මං නැගිටලා එයාටත් රවලා යන්න හැදුවත් එයා අතින් ඇද්ද පාර බැලන්ස් නැති වෙලා මං වැටුනෙ එයාගෙ ඔඩොක්කුවට...ඔහ් සැක්..මාව රතු වෙනෝ....

"බනී..."එයා ඒම මුමුණද්දි මාව ආයෙ රතු වුනේ ලැජ්ජාවට,තරහට වගේම....දුකට... දුක හිතුනෙ ඒක බෝ නිතරම කිව්ව දෙයක් නිසා..

"බනී..සොරි...මං හොඳ ළමෙක් වෙලා.ටීචර් කියන ඒවා අහන් ඉන්නම්.."

"ඔයා කොහෙන්ද සොරි,ටීචර් වගේ චවන අහුල ගත්තෙ...?" මං පුදුමෙන් ඇහුවෙ.

"අර දරුවා ඒවා කියනවා මං අහන් හිටියා."

එයා දක්ෂ ධ්‍යානවේදියෙක්.ඕනම දෙයක් එයා පහසුවෙන් තේරුම් ගත්තා..ඒ වගේම එක පාරක් කිව්වම ඕනිම දෙයක් මතක හිටියා..එයාගෙ ධ්‍යාන ශක්තිය ඒ තරම්.. හිටපු ලාන් චාන්ට වඩා මේ දවස් දෙක තුනට එයා වෙනස් විදිහට හැඩ ගැහුනා."ඔබ ඔබ " ගගා හිටිය එයා දැන් "ඔයා " කියලා කතා කලා..ආව දවසෙ "හ්ම්.." "ම්ම්" කිව්ව එයා දැන් කට ඇරලා කතා කලා.. ඒකම ලොකු දෙයක්..නැත්තම් මෙච්චර කියවන අසරණ මං පව්..

"බනී..ඒ්ත්..."

"ඒත් මොකද්ද..?"

"ඒ බබා හරියට ඉගෙන ගත්තම ටීචර් තරු දෙනවා.."

"ඉතිං ඔයාටත් තරු ඕනිද..?"

"එපා.මට ඕනි කිස්.."

"ලා...ලාන් චාන්..ඔයා නරක් වෙලා..කවුද කිස් කියන එකේ තේරුම කියලා දුන්නෙ ආ..? ඒකත් අර බබාද..??"

මං ඇහිබැමක් උස්සලා ඇහුවෙ 'ඌ යකෝ යකාගෙ බබෙක්නෙ' කියලා හිතලා..

"ඒ ඔයා.ඔයා දැන් ටිකකට කලින් ඇහුවෙ 'තව කිස් එකක් ඕනිද' කියලා..",

ඔහ්...විළි ලැජ්ජාවයි..මං කිව්වෙ මේකා කටෙන් ගිලිහෙන වචනයක් ගානේ ඉගෙන ගන්නවා කියලා..

"දෙනවද..?"

"හා බලන් ඉන්නකො.."

මං එහෙම කියලා නැගිටලා යන්න හැදුවත් එයා මගෙ ඉණ වටේ අත දාලා තද කරලා අල්ලගෙන ඔඩොක්කුවෙන් නැගිටින්න දුන්නෙ නැහැ..

"යන්න දෙන්න ලාන් චාන්.."

"ඔහොම ඉන්න..එතෝට කිස් දෙන්න ලේසියි.."

"ඔහ්..ෂිට් ලාන් චාන්.....හරි කමක් නෑ..මේ C...C for Cat...අර ඉන්නෙ පූසෙක්..D for Dog....."

මාත් හොඳට එයාගෙ ඔඩොක්කුවෙ ඉඳන් එයාටම හේත්තු වෙලා ටීවි එක පෙන්නලා ඉගැන්නුවා.. අකුරු දහයක් උගන්නලා ඉවර වෙලා වචනත්, අකුරුත් එකපාර පාඩම් ගනිද්දි එයා අකුරු දහයම එක තත්පරෙන් පාඩම් දීලා කම්මුල් වලට කිස් දහයක් ඉල්ල ගත්තා...එක කිස් එකක් හරි අඩු නම් ඊළඟ අකුරට යන් නැතුව මට රවන් අහක බලන් හිටියා.

අකුරු විසි දෙකක් ඉවර වෙද්දි කිස් විසි දෙකක් ම එයා අරන් ඉවරයි.

"මේ W...W for....."

" Wei Wukxian....."

"ආ...ආ ඔව් ඉතිං..ඒකත් හරි.."

මං කිව්වත් ඇත්තටම මට වෙයි යිං ගැන චූටි ජෙලස් එකක් ආවා.මාත් එක්ක ලාන් චාන් හිටියත් එයාගෙ හිතේ වෙයි හොල්මන් කරනෝනෙ ඉතිං..මටම හිනා..මං මටම ඊර්ෂ්‍යා කරනවා..ඒ මමමයි දෙයියනේ..

"මේ X...X for Xiao...."

එයා මං දිහා බලලා කිව්වම මං එයාට බෝනස් කිස් එකක් දුන්නේ හිනා වෙලා..

"අහ්...හරි ඒම නම්....එතකොට මේ Y...Y for...Yibo.."

මං ඒම කියලා හයියෙන් හිනා වුනාම එයාගෙ මූණ ටිකක් දුක පාට වුනා.

"ඒයි...ඔයාට ජෙලස් නේද...?"

මං ආයෙ හයියෙන් හිනා වෙද්දි එයාත් හිනා වුනා.

"ජෙලස් කියන්නෙ ඊර්ෂ්‍යාව නම්...ඔව් මට ජෙලස්.." ලාන් චාන් හිනා වෙද්දි ලස්සනයි..මං එයා දිහා බලන් හිටියම බෝව ආයෙත් මතක් වුනා..

"අන්තිම අකුර...Z..."

"Z...for..Zhan.."

මායි ලාන් චානුයි එකටම කියද්දි අපි දෙන්නටම හිනා ගියා..ඒක හරිම ආදරණීය මොහොතක්...මට සදහටම එතන නවතින්න හිතුනා..

ඔඩොක්කුවෙ ඉඳගෙන පටන් ගත්ත පාඩම නතර වෙද්දි මං හිටියෙ එයාගෙ ඔඩොක්කුවෙ ඔළුව තියාන බිම නිදාගෙන.එයා පාඩම වෙලාවෙම කලේ එයාගෙ කොණ්ඩෙ මම දාපු බූල් බෑන්ඩ් එක ගලවලා අරන් මගෙ කොණ්ඩෙ එකතු කරලා පොල් ගස් දාපු එක.

ඒම නැත්තම් අතේ ඇඟිලි දෙකෙන් මගෙ මූණ පුරා ඇවිදපු එක..ඒත් එයා අකුරු  දහය පාඩම් දීලා..

බෙල්ලෙන් නැවිලා කම්මුල් දික් කරලා එයාගෙම කම්මුලට ඇඟිල්ලෙන් තට්ටු දාලා කිස් ඉල්ලුවා.

"ඒක හරි පුදුමයි නේද..."

"මොකද්ද..?"

"WXYZ...ඒක ගාණට ගැළපෙනවා...W වලින් වෙයි වුක්ෂියන්, X ශියාඕ චාන්... ,Y වලින් වැන්ග් යිබෝ...Z වලින් ලාන් චාන්..ඒක හරිම...."

මං කියවන් යද්දි ලාන් චාන් එක පාරට බෙල්ලෙන් නැවිලා මගෙ තොල් වලට එයාගෙ තොල් තිබ්බාම..මං ගැස්සුනා...මං තාමත් එයාගෙ ඔඩොක්කුවෙ නිදාන හිටිය විදිහටම ඉද්දි එයා ඉඳගෙනම නැවිලා මගෙ ලිප්ස් කිස් කලා..

තත්පර ගාණක් ඒම හිටිය එයා මගෙන් ඈත් වුනාම මං එයාගෙන් ඈත් වෙලා නැගිට්ටා...එයා එතනම ඉද්දි මං නැගිටලා කිචන් එකට ගියත් මට දැනුනා මගෙ ඈස් බොඳ වෙනවා.

මොකද්ද මට මේ දැනෙන වැරදිකාර හැඟීම...මං ලාන් චාන්ට ආදරේ වුනත්...ඒ කිස් එක....'ඒක...අයිති බෝට'....මට හිතුනෙ ඒක.... වැන්ග් යිබෝ..... ලාන් චාන්......මං මොකද්ද කරන්නෙ...?

ඔයාලා මාව අසරණ කරනවා.

"ඔයා තරහද....? මට සමාවෙන්න චාන්..මං..මං..."

ලාන් චාන් මං ළඟටම ඇවිත් බිඳන කටහඬින් ඒම කියද්දි මට ආයෙත් කඳුළු එන්න ආවත් මං පාලනේ කරන් එයා දිහාට හැරුණා.

"ඒ මොකටද ආ සමාව?....මං උයන්න ආවෙ.."

මං හිනා වෙවී ඇඟිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ නළලට කිස් එකක් දුන්නා.

"ඇත්තම නේද..?"

"ඔව්.නැතුව.."

"මං ඔයාට උදව් කරන්නද?"

"හා..හැබැයි මට වැඩ වැඩි කරන්න එපා හරිද..?"

"හ්ම්..."

"ආව්..රිදුනා.ඇයි මගෙ බෙල්ල හැපුවෙ ලාන් චාන්.."

මං කෑ ගහන් පිටිපස්ස හැරුනෙ මට ඇත්තටම රිදුන නිසා. ඒ වගේම එයා මගේ පිටිපස්සෙ හිටන් ඉණ වටේ අත දාලා බැක් හග් කරන් මගෙ බෙල්ල චුට්ටක් අල්ලලා හැපුවාම මං කන්ෆියුස් වුනා.

"ඔයා කිව්වා උදව් කරන්න කියලා.."

"මං කිව්වෙ මට උයන්න උදව් කරන්න කියලා මිසක් මාව කන්න කියලා නෙවෙයි.ඔච්චරටම බඩකිනීද ආ..?"

"මං සම්ප්‍රදාය ඉටු කලේ..ඒක කලා වැරදිද....? මං ආයෙත් හපන්නද?"

එයා ඇස් ලොකු කරන් අහද්දි මට යකා ආවා...

"යකාගෙ සම්ප්‍රදායක්නේ...ගූසු වල මේවගේ ගෝත්‍රික වැඩත් තියේද...? ලාන් නිකායෙ තාප්පෙ නීතියක්ද  ඒක..? මොකද්ද ඒකෙ ලියලා තියෙන්නෙ ආ...?උයන මනුස්සයාගෙ කෑල්ලක් කඩන් කන්න කියලාද??"

මං බෙල්ල අල්ලන් කෑ ගහද්දිත් එයා බලන් ඉන්න හැටි.ලේ එන්නම හපලා මෙතන....මං රැව්වා.

".........."

"ආ ලාන් චාන්.....? මොකද්ද ඒකෙ ලියලා තියෙන්නෙ..ඔයා සුනඛයෙක් වගේ මාව කෑවනෙ.."

".......ඔයා කිව්වෙ ඒක ඔයාලාගෙ සම්ප්‍රදායක් කියලනෙ....මං හැදුවෙ ඒක කරන්න...අර ටීවි එකේ......"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔහ් ෂිට්....සමස්‍ථ විළි ලැජ්ජාවයි.. ප්‍රාණය නසා ගන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා.......

_____________________________________

Coming up next.........

.....රහයි කියලාද කිව්වෙ මිස්ටර් ලාන් චාන්...මේක කෑවොත් මකරෙක්ට උනත් කට දන්න ගනී........

....පූස් පැටියෙක් වගේ..ලස්සනයි.අහිංසකයි..අාස හිතෙනවා බලන් ඉන්නම...

..."මේක..මේක......මං ද?"...

..........නැතුව මං කියලාද කියන්නෙ?....

____________________________________

දෙපැත්තෙම සමාන සිද්ධි වෙනවා කියලා නෝට් වුනාද..? 😈

එහෙනම් ඊලග එකේ මොනා වෙයිද...?😈😈

ලියලා තියන නිසයි..එක්කෙනෙක් හරි බලගෙන ඉඳලා ආසාවෙන් කියවන එකයි එකම හේතුව මං මේක දෙන්න..🙂❤

(දැන් අහන්න එපා දරුවො ඒම ගුරුවරු කෝද ඉන්නෙ කියලා හරිය...?  😐 )

Shu Aya..😁❤

Продолжить чтение

Вам также понравится

1.6M 202K 162
အမျိုးသားကိုယ်ဝန်ဆောင် "ကော"များပါဝင်သည်။ အမ်ိဳးသားကိုယ္ဝန္ေဆာင္ "ေကာ"မ်ားပါဝင္သည္။
4.5K 1K 16
වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා දෛවයටත් පිටින් යන..අන්න එහෙමයි මං ආයෙත්...
236K 27.2K 78
Author. - Ye Yilou English translator. - Yuel-23 Status - Complete Genre . - Fanta...
276K 22.2K 55
What's going on with savage male empress Ru Ru from heaven ? MAHARVERSE SEASON 2|| START DATE - June 26 2023 END DATE - May 9 2024