❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞...

Por Daisy93-94

15.6K 4K 699

ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකා... Más

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
19
20
පසුවදන
⛔New story Alert ⛔

18

595 175 63
Por Daisy93-94

වැටුන වැටුන තැන් වල නිදාගෙන හිටපු කොල්ලෝ තුන් දෙනා රෑ මැද්දේ ඇහැරුනේ එක සැරේටම ඇහුන ලොකු සද්දෙකින්.....
කලබලේට එක සැරේටම වෙන්නේ මොකක්ද කියලා නොතේරුනත් සිහි එලව ගත්ත පලවෙනි තත්පරේ තුන් දෙනාම බැල්කනි එකට දුවගෙන ගියේ සද්දේ ඇහෙන්නෙ බැල්කනි එකෙන් නිසා.....

ලස්සනට පිලිවෙලට තිබුන බැල්කනි එකට වෙලා තිබුන දේ දැක්කම තුන් දෙනාම එතනම ගල්  ගැහුනත් ගැස්සිලා පියවි සිහියට ආවේ ජන්කුක් අවසාන මල් පෝච්චියත් බිදලා දැම්මට පස්සේ.....

හැම තැනම විසිරිලා තිබුන බඩු වලින් ,බිදිලා විසිරිලා ගිය මල් පෝච්චි වලින්,  ලස්සන ට තිබුන    මුලු බැල්කනි එකම හැඩි වෙලා.... හරියට ජන්කුක් ගේ හිත වගේ.... ඊයේ වෙනකන් සාරා ජන්කුක් ගේ හිතේ හරි පරිස්සමට ඇවිද්දා... ඒත් එක මොහොතකින් සාරා ඒ හැමදේම හැඩි කරලා දාලා යන්න ගිහින්...

වුනේ මොකක්ද, වෙන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි විදියට ජන්කුක් අතරමං වෙලා.... හරි පරිස්සමට හිත ඇතුලේ ම හංගගෙන  විදපු ආදරේ  විදවන්න ඉතිරි කරලා සාරා යන්න ගිහින්.......

රෝස කටු වලට සීරුන අත් දෙකෙන් ලේ බිංදු මතු වෙද්දි තේහයුන්  බිම වාඩිවෙලා හිටපු ජන්කුක් ලගින් පාත් වුනා....

"ජනකුකී මොකද මේ....අපි  හොයලා බලමු සාරා කොහේද ගියේ කියලා, "

"හොයලා බලන්න දෙයක් නෑ ගියා නම් ගිය විදියට ඉන්න කියනවා ඇරෙන්න "

තේහයුන් දිහා බලලා කියපු යුන්ගි ජන්කුක් ලගින් බිමට නැවිලා ජන්කුක් ගේ ඔලුවට නලල හේත්තු කරගෙන අනිත් අතින් කොල්ලගේ ඔලුව පිටිපස්ස අත ගාද්දි ජන්කුක් යුන්ගිගේ උරහිසේ මූන හංග ගත්තා....
යුන්ගි ට සාරා එක්ක තරහයි!!!! නොපෙන්නුවාට යුන්ගි කොල්ලෝ  හය දෙනාට ගොඩක් ආදරේ කලා... ඒ අතරින් යුන්ගි  ජන්කුක් ව දැක්කේ තාමත් අවුරුදු දාහතරේ පොඩි කොල්ලා විදියටමයි.  විනාඩි පහක් එක විදියට ඉන්න බැරි ජන්කුක් ගේ දඟ වැඩ වලට යුන්ගි කවදාවත් තරහා නොගන්නේ ඒ නිසාමයි... එහෙම එකේ අද ජන්කුක් මේ ඉන්න තත්වේට වග කියන්න ඕන සාරා කියලා දන්න නිසා යුන්ගිට සාරා එක්ක තරහයි!!!

"ජනකුකී කෝ යං ඔය අතේ ලේ එනවා බේත් ටිකක් දාගමු නැත්නම් රෑ වෙද්දි කැක්කුම එන්න පුලුවන්,  යමු"

තේහයුන් ජන්කුක් ව නැගිට්ටවන්න හැදුවත් යුන්ගිගේ උරහිසෙන් ඔලුව උස්සලා එක අතකින් යුන්ගිගේ අත තද කරලා අල්ලගෙන අනිත් අතින් පපුව තද කරගෙන හිටගෙන ඉන්න තේහයුන් දිහා බෙල්ල උස්සලා බලපු ජන්කුක්,,,

"ඊට වඩා මෙතන රිදෙනවා හෙයොන්ග්, ගොඩක් රිදෙනවා!!"

කදුළු පිරුන බෝල ඇස් වලින් තමන් දිහා බලාගෙන අතකින් පපුව තද කරගෙන ඉන්න ජන්කුක් දිහා බලද්දි  තේහයුන් ගේ ඇස් දෙකට කදුලු පිරෙන කොට යුන්ගි ඇස් දෙක උරහිසෙන් පිහ ගත්තා... වචනයක් වත් නොකියා හිටගෙන බලාගෙන හිටපු නම් ජූන්  සාක්කුවේන් phone එක අරගෙන එතනින් යන්න ගියා....

කොල්ලෝ හය දෙනාගේ ඕනම ප්රශ්නෙකදි මුලින්ම ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නම්ජූන් වුනත් මෙදා සැරේ නම්ජූන් ගේ නිහඩ පීලිවෙත යුන්ගිට ප්‍රහේලිකාවක් වුනත් යුන්ගි ට ඒ  වෙලාවේ ඒ ගැන දුරට හිතන්න ඕන වුනේ නෑ....
                ×××××××××××××××××××

තුන් වෙනි වතාවටත් නිදාගෙන ඉන්න ජන්කුක් ගේ මහන්සි පාට මූන දිහා බලාගෙන ඉදලා කාමරේන් එලියට ආපු ජින් ලොකු හුස්මක් ඉහල පහල දාලා අත් දෙක බැදගෙන කවුච් එකේ වාඩි වුනේ නම්ජූන් දිහා බලාගෙන....

නම්ජූන් ගේ කෝල් එකෙන් පස්සේ වැකේෂන් එකේ කරන්න දාගත්ත හැමදේම කැන්සල් කරලා ජින් හෝබී වගේම ජිමින් ආපහු සෝල් ආවේ මේ වේලාවේ ජන්කුක් ව තනි කරන්න හිත දුන්නේ නැති නිසා....

"මොකද්ද නම්ජුනා මේකට කරන්නේ,  අපී කොහෙන්ද සාරාව හොයන්නේ "

"හොදම දේ අපී සාරාට පාඩුවේ ඉන්න දෙන එක හෙයොන්ග් "

ජින් අහපු දේට නම්ජූන් එහෙම කියද්දී හැමෝගෙම ඇස් හැරවුනේ නම්ජූන් ගේ පැත්තට.....

"යාහ් නම්ජුනා තමුන් හොද සිහියෙන් ද ඉන්නේ ආ... පාඩුවේ ඉන්න ඕන නම් එයා මේ පොඩි එකාව පිස්සෙක් නොකර ඉන්න තිබුනා "
  ජින් කේන්තියෙන්  නම්ජූන් ට කෑ ගහන කොට අත් දෙකේ ඇගිලි ටික එකතු කරගෙන ඉස්සරහට නැවිලා ටිකක් වෙලා කල්පනා කරලා ඔලුව උස්සපු  නම්ජූන් කියපු දේට හැමෝගෙම ඇස් ලොකු වුනා....

"හෙයොන්ග්!! ජන්කුක් දැන් පොඩි ලමයෙක් නෙවෙයි හෙයොන්ග්!! අපිට තාමත් ජන්කුක් පොඩි වගේ තේරුනාට අපේ ජන්කුකා දැන් අප්පා කෙනෙක් හෙයොන්ග්!!!"

ජින් ගේ අත උඩින් අත තියලා අන්තිම ටික කියපු නම්ජූන් සාක්කුවේ තිබුන දෙකට තුනට නවපු කොලයක් අරන් ජින් ට දෙනකොට කටත් භාගෙට ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ජින් නම්ජූන් දිහයි කඩදාසිය දිහයි මාරුවෙන් මාරුවට බැලුවා....

තවත් තත්පර කීපයක්  නිහඩඩවම ගෙවිලා ගියේ කඩදාසිය එහාමෙහා වෙන හඩින් විතරක් නිහැඩියාව බිදලා....

"නම්ජුනා මේක මේ......"

"Pregnancy test report එකක් හෙයොන්ග් "

කඩදාසිය දිහා බලාගෙන ගොත ගහන ජින් ට කියපු නම්ජූන් ජින් ගේ අතේ තිබුන කඩදාසිය තමන්ගේ අතට ගත්තා....

"මේක සාරාගේ හෙයොන්ග්!!!! තාමත් ඔයාලා කියන්නේ සාරා වැරදියි කියලද??"

කොල්ලෝ පස් දෙනාම නම්ජූන් දිහා බලලා  බිම බලාගත්තා....

"මං හිතන විදියට මේ වෙලාවෙ සාරා ගත්තේ ගන්න තියන හොදම තීරනේ...මෙතන තියන්නේ ආදරේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි නේ හෙයොන්ග්... මේක එතනින් එහාට ගිය දෙයක් සාරා මේ තීරනේ නොගත්තා නම් මේ හැමදේම අතරේ අසරන වෙන්නේ මොකුත් ම නොදැන එයාලා අතරට ආපු ඒ පුංචි එකා,,,එතකොට ජන්කුක් ට පැත්තකට වෙලා ඉන්න පුලුවන්ද හෙයොන්ග්!!!! කවදාවත් බෑ!!! ඒක නිසා සාරා මේ ගත්තේ හරිම තීරනේ... එහෙම නොවුනා නම් අපි හැමෝගෙම ගමන මෙතනින් නැවතෙන්නත් තිබුනා....අමාරුවෙන් ගොඩ නගා ගත්ත හැමදේම එක මොහොතකින් නැති වෙලා යන්න තිබුනා.... ජන්කුක් සාරාගේ තත්වේ දැන ගත්තා නම් කවදාවත් සාරාව තනි කරන්නේ නෑ අපි හැමෝම ඒක දන්නවනේ.... එහෙම වුනා නම් ජන්කුක් ගේ අනාගතේ එතනින් ඉවර වෙලා යයි,  ඒත් දැන් සාරා ගත්ත තීරනේ නිසා අපේ ජන්කුක් අද දුකින් හිටියත් අනාගතේ ගොඩක් ආඩම්බර වෙයි එයා ගැන,,,, කවදා හරි දවසක අපේ ජන්කුකා ලෝකෙම දිනන දවසක අපිටත් සතුටු වෙන්න පුලුවන්... අපි සාරාට උදව් කරමු හෙයොන්ග්!!! අපි සාරා වෙනුවෙන් අපේ පොඩි එකාට හයියක් වෙමු...කවදා හරි දවසක අපිටත් අපේ ආදරේ ගැන ලෝකෙට කියන්න පුළුවන් දවසක් එයි ඒ දවස වෙනකන් අපි අපේ ජන්කුකා ට සාරා නැති අඩුව දැනෙන්න නොදී ඉමු!!!""

"ආහ් නම්ජුනා අපිට ඒක කරන්න පුලුවන් වෙයිද??"

"ඇයි අපිට බැරි හෙයොන්ග්!!!   හැමෝම බෑ කියලා හිතපු දේවල්  අපි කරලා පෙන්නුවා, මුල් කාලේ හැමෝම කිව්වා අපිට මොකුත් බෑ කියලා ඒත් අපි අතෑරියේ නෑනේ හෙයොන්ග්!!  "

මෙච්චර වෙලා කථා නොකර හිටපු යුන්ගි ඇවිත් නම්ජූන් ගේ පිටට තට්ටු කරලා ඔලුව වනද්දී ජිනුත් නැගිටලා ඇවිත් නම්ජූන් ගේ කරවටේ අත දාගත්තා....

"අපිට පුලුවන් නම්ජුනා...මොකුත් ම නැති කාලේත් අපි අපේ පොඩි එකාට ඔම්මා අප්පා ලග නැති අඩුව දැනෙන්න දුන්නේ නෑනේ ,, මේ සැරේත් අපිට පුලුවන්....."

ආදරනීය කදුලු පටලයකින් ඇස් බොඳ  වෙලා යද්දී  කොල්ලෝ හය දෙනා එකිනෙකා වැලදගෙන මොහොතක් හිටියේ හැමදේකටම වඩා ඒ ශක්තිමත් සහෝදර බැදීම ලග කරන්න බැරි දෙයක් නෑ කියලා විශ්වාස කරපු නිසා.....

සමහර බැදීම් එහෙමයි..... ලේ බැදීමක් නැතත් ඒවා  සංසාර පුරුද්දට මුන ගැහුන බැදීම්,,, ඒකයි ඒවා ඒතරම් හිතට දැනෙන්නේ....ඒකයි ඒ බැදීම් ලග බිදුන හිත් හරි ඉක්මනින් සුවපත් වෙන්නේ.... හැමදේකටම වඩා ඒ බැදීම් අතෑර ගන්න ලෝබ හිතෙන්නේ මගේ කියන හැගීම දැනෙන්නේ,,, ඒ  ඈත සංසාරේ කොහේ හරි දවසක බැදුන පුරුද්දක් නිසා වෙන්නැති....

කොල්ලෝ හත් දෙනා අතරත් තිබුනේ ඒ වගේ බැදීමක්...ආමිලා වැඩි පුරම ආදරේ කලේත් ඒ නොවෙනස් ආදරනීය බැදීමට.... එකිනෙකා ගැන හොයලා බලන විදියට... හැමදේකටම වඩා ඒ උත්සහාවන්ත එකමුතු කමට.....

××××××××××××××××××××××××××××××××

එදා සාරා ගෙනියන්න එකතු කරගත්ත ඩොකියුමන්ට්ස් අතර තිබුන සාරාගේ pregnancy report එකයි සාරා ස්විස් වල අත්තම්මගේ ගෙදරට බඩු යවපු රිසිට් එකයි දෙකම ෆයිල් එකෙන් ගිලිහිලා කවුච් එක යටට වැටුනෙත් ඒක ජන්කුක් නොදැක  නම්ජූන්ගේ ඇස් වලටම අහුවුනෙත් දෛවයේ තවත් එක හැරවුමක් නිසාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ වගේම කාටවත් ඒ ගැන හොයන්න ඕන කමක් තිබුනෙත් නෑ.....

සාරා හොදින් ඉන්නවද කියලා ජින් ගේ හිතවතෙක් ලවා හොයලා බැලුවත්  තමන් සාරාගේ රහස දන්න බව අගවලා සාරාගේ හිත කලබල කරන්න කොල්ලෝ හය දෙනාටම ඕන වුනේ නෑ..... ඉද හිට ජන්කුක් අහල පහල නැති මොහොතක සාරා ගොඩක් ශක්තිමත් කෙල්ලෙක් කියලා ජින් කියන කොට ,,,,

"එහෙම වෙන් එපැයි සාරා ආමි කෙනෙක්නේ "
කියලා නම්ජූන් කියන්නේ  කම්මුලේ තියන ඩිම්පල් එක පේන ආඩම්බර හිනාවෙන් හිනා වෙලා....

ඉදහිටක මුන ගැහුනත් හැමදාම අහන ඒ ආදරනීය කටහඩ අහන්න නැතුව.... ඉද හිට දවසක හදිසියේ  දුවගෙන ඇවිත් හිත පුරා විදින සාරාගේ උනුසුම නැතුව නිදි නැති සීතල රැයවල් , නොකා නොබී ගෙවුන දවස්,  බලා ගත්ත අතේ බලාගෙන ගෙවුන හෝරාවල් ගනනකට පස්සේ ත් ජන්කුක් හිටියේ හිත හදාගන්න පුලුවන් තැනක නෙවෙයි......

ඒත්!!!
දවසින් දවස ජන්කුක් ගේ හිතුවක්කාර කම් වල ඉවරයක් නැති වෙද්දි දහවෙනි වතාවටත් සවුත්තු වුන මිල්ක් ෂේක් එක විසි කරද්දි පලවෙනි වතාවට ජින් සාරාට දොස් කියන්න පටන් ගත්තා.... එතන ඉදලා ජන්කුක් ගේ හැම හිතුවක්කාර කමකටම හෙයොන්ග් ලාගේ බැනුම් සාරාට යද්දී, කිසිම කෙනෙක් සාරාට දොස් කියනවා අහන්න අකමැති නිසා ම ජන්කුක් ටත් නොදැනීම ජන්කුක් ආපහු සුපුරුදු ජීවන රටාවට හැඩ ගැහුනා.....

හැමෝටම පේන්න හිනාවෙලා දවසේ පුරුදු රාජකාරී ටික වෙනදටත් වඩා මහන්සි වෙලා  කරන ජන්කුක්  රෑ පාලු සීතලත් එක්ක සාරාගේ මතක අතර තනි වුනා.... කාටත් හොරා හැම රෑකම  ජන්කුක් ඈත පේන හඳ දිහා බලාගෙන සාරාගෙන් ඇහුවේ එකම ප්‍රශ්නයයි!!!!!

"ඇයි!!!!"

"මේතරම් ආදරේ කරලත් ඈතකට යන්න හිත හදාගත්තේ කොහොමද නූනා.... මං කොහොමද ඉන්නේ කියලා එක පාරක් කථා කරලා අහන්න හිතෙන්නේ නැද්ද... අඩු තරමේ හිත හදාගන්න හැටි වත් කියලා දීලා යන්න තිබුනා... අඩු තරමේ ආපහු එන දවසවත් කියලා යන්න තිබුනා....."

හැමදාමත් රෑට අදුරු අහසේ දිලිසෙන හඳට ගතු කියන්න ජන්කුක් පුරුදු වුනා.... ඉද හිට Instagram හරහා හිතට දැනුන විරහ ගීයක් ආමිලා එක්ක බෙදාගෙන,  එක විනාඩියක් වත් නිකන් නොයිද වැඩ වලට සම්පූර්ණ අවදානේම දීලා දවල් දවසේ ජන්කුක් හිතේ දුක අමතක කරලා දැම්මා....

ආදරේ හරි පුදුමයි!!! විටක හිත නිවන භාවනාවක් වගේ... තවත් වෙලාවක  මුලු හිතම අවුලවන ලැව් ගින්නක් වගේ.... ජීවිතේ එක එක පරිච්ඡේද වලදී ආදරේ එක එක ස්වරූප ගන්නවා..... ඒ හැම දේටම ඉවසීමෙන්  මූන දීලා අවසානේ වෙනකන් බලාගෙන ඉන්න අයගේ ආදර කථා සාර්ථක වෙනවා.... ඒත් අමාරුම අවස්ථාවේ අතෑරලා දාන ආදර කතා අතරමග නවතිනවා එක හිතකට සදාකාලික වේදනාවක් විතරක් ඉතිරි කරලා.....

ජන්කුක් ට ඕන වුනේ නෑ අතෑරලා දාන්න... ජන්කුක් තමන්ටම පොරොන්දු වුනා සාරා ආපහු එනකම් බලාගෙන ඉන්න!!! ඉතින් සාරාට එන්නම වෙනවා!!!!

ටිකෙන් ටික හිම දියවෙලා ගිහින් තැනින් තැන අතු අගිසි වල පිපෙන මල් පොට්ටු ඉගි කලේ වසන්තය අත ලගයි කියලා.... ජන්කුක් සාරා ඒවි කියලා  හීන දැක්ක සෝල් වල කොන්සර්ට් එකට  හරියටම තව ඉතිරි වෙලා තිබුනේ සතියක කාලයක් විතරයි......

දවස ගානේ විවේකයක් නැතුව ම කොල්ලෝ හත් දෙනා පෙර පුහුණුවීම් වල යෙදුනේ හැමදාමත් වගේ හොදම දේ ෆෑන්ස්ලා වෙනුවෙන් දෙන්න ඕන නිසා... පුංචි ම වැරැද්දක් වත් කරන්න කාටවත් ඕන වුනේ නෑ....

පාන්දර වෙනකන් පුහුණු වීම් කරලා ඩෝම් එකට එන්න වෙලාවක් නැති නිසාම  කම්පැනි එකේම තමන්ට වෙන්වුන රෙස්ට් රූම් එකේ ඉතිරි පැය කීපය ගත කරලා ආපහූ පුහුණුවීම් වලට යන්න හැමෝම තීරණය කලේ වෙලාව ගොඩක් වටින නිසා......

වෙනදා වගේම පුහුණුවීම් ඉවර වෙලා රෙස්ට් රූම් එකේ තිබුන සැප පහසු  sleeping area එකේ ජින් ටයි ජිමින් ටයි මැද්දෙන් දිගා වුන ජන්කුක් ගේ ඇස් වලට නින්ද එන්න ගොඩක් වෙලා ගියා..... ඒත්  මොහොතකට ඇස් පිය වුන තත්පරේ ඇස් මත්තේ ඇදුන හීනේ එක මොහොතකින්  ජන්කුක් ගේ නින්ද නැති කරලා දැම්මා.....

මුලු ඇගම දාඩියෙන් තෙත් වෙද්දි ගැස්සිලා ඇහැරුන ජන්කුක්  නොකඩවා  කදුලු ගලන ඇස් දෙක අතින් තදකරගෙන නැගිටලා වාඩි වෙද්දි  ජිමින් වගේම ජිනුත්  නිදිමතේ ම ඇස් ඇරලා බැලුවේ  ජන්කුක් ගැස්සිලා ඇහැරෙන කොට දෙන්නටම ඇහැරුන නිසා.....

ඇදේ වාඩි වෙලා ඉන්න ජන්කුක් දැක්කම ඉක්මනින් නැගිට්ට ජිමින් නිදි මතේම ජන්කුක් ගෙන් ඇයි අහන කොට වචනයක් වත් නොකියපු ජන්කුක් ගේ මුවින් ඉකියක් ගිලිහෙනකොට කලබල වුන ජිනුත් නැගිටලා ජන්කුක් ලගට ආවා....

"ජන්කුකා මොකද වුනේ!!!"

"අයිෂ් මේ පොඩි එකා යා ජන්කුකා බය නොකර කියනවා මොකද වුනේ,  ජන්කුක්!!!"

කලබල වුන ජින් කෑ ගහන්න ගත්තත් ජන්කුක් කලේ වචනයක් වත් නොකියා අත් දෙකට මූන බර කරගෙන බිම බලාගෙන හිටපු එක.....

"ජන්කුකී මොකද උනේ හීනයක් දැක්කද?"

ඉනට අත් දෙක තියාගෙන කාමරේ පුරා කලබලෙන් එහා මෙහා ඇවිදින ජින් දිහා බලලා ජන්කුක් ගේ කම්මුල් දෙකට අත් දෙක තියලා ජිමින් අහන කොට ජන්කුක් ඔලුව උඩ පහල වැනුවා...

"මොනවද දැක්කේ?"

ආපහු සැරයක් ජින් දිහා හැරිලා බලලා ජිමින් අහද්දි, එහා මෙහා යන එක නවත්තපු ජින් අත් දෙක බැදගෙන ජන්කුක් ලගින් හිට ගත්තා.....

"න් නූනා  හෙයොන්ග්!!  නූනා අඩනවා දැක්කා ගොඩක් වේදනාවෙන් අඩනවා!!! හැමදාම හීනෙන්  හිනාවෙලා ඉන්නවා දකින නූනා ගොඩක් වේදනාවෙන් අඩනවා දැක්කා හෙයොන්ග්!!! නූනාට කරදරයක් ද හෙයොන්ග්!!!"

වේගෙන් ඇහිපිය ගහන ගමන් ජින් එහෙමම කාමරේන් එලියට යද්දී තෙත් වුන ඇස් ජන්කුක් ගෙන් හංගලා ජිමින් ජන්කුක් ගේ උරහිස් වටේ අත්දෙක පටල ගත්තා....

"සාරා හොදින් ඇති ජන්කුකා,, ඒක හීනයක් විතරයි..... මහන්සි වෙලා ඉන්න නිසා වෙන්න ඇති,,, හැමදේම අමතක වෙලා යන්න මොනා හරි බොමුද??? "

අත් දෙකින්ම ජන්කුක් ගේ කම්මුල් වල තිබුන කදුලු පිහලා දාපු ජිමින් fridge එකෙන් බියර් කෑන් දෙකක් අරගෙන  එකක් ජන්කුක් ගේ අතට දීලා උස ජනේලේ ඇරලා පුංචි බැල්කනි එකට යනකොට හුස්මක් පහල දාලා ජන්කුක් ත් ජිමින් ගේ පිටිපස්සෙන් බැල්කනි එකට ගියා......

තාමත් කදුලු දිලිසෙන ජන්කුක් ගේ ඇස්  අදුරු අහසම එලිය කරගෙන පායලා තියන පිරුනු හඳ දිහා බලනවත් එක්කම  හඳ වලාකුලකට මුවා වුනේ ජන්කුක් ගෙන් රහසක් හංගන්න වගේ..... ඔව්!!!
හඳට රහසක් තිබුනා....
ලෝකෙට හොරෙන් හැමදාමත් ජන්කුක් ගේ වගේම සාරාගේත් දුක අහන හඳට අද ජන්කුක් ට කියන්න දෙයක් තිබුනා.....
ජන්කුක් ගේ නමින් සාරාගේ කුසේ පන ගැහෙන පුංචි ජීවිතේ මේ ලෝකෙට අරගෙන එන්න මේ වෙලාවේ සාරා වේදනාවෙන් මිරිකෙනවා කියලා ජන්කුක් ට කියන්න හඳට ඕන වුනා..... !!!ජන්කුක් දැක්කේ හීනයක් නෙවෙයි කියන්න හඳට ඕන වුනා.....!!!! ඒත් හැමදේම හිතේ හංගගෙන හඳ වළාකුලකට මුවා වෙන කොට සුසුම්ලන හඳේ තනියට මුලු අහසම අඩන්න පටන් ගත්තා..... වසන්තයේ පලවෙනි මල් වැස්ස ඒ විදියට  සෝල් නගරේ පුරා ඉහිරිලා යද්දී ,,,

ජන්කුක් ගේ වගේම බෝල ඇස් තියන පුංචි ගුකීට සාරා උපත දුන්නා.... !!!!!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

පිරුණු සඳ නිදන කොට
වළාකුළු තුරුල්ලෙන්.....
රලුම රලු අහස් කුස
වැලපෙන්නේ කා නමින්.....
තුන් සිතම රිදෙනකොට
කදුළු හීනෙක නමින්.....
සදේ මට කියනවද
හඩනවද ඈ දුකින්......

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

විකාරයක් වගේද අද, තව දෙකයි.... පරිස්සමින් ඉන්න හොදේ සරන්ග්හේයෝ...කුමාවෝ  වෝට්ස් කමෙන්ට්ස් වලට ❤❤❤

දේශු♔︎

Seguir leyendo

También te gustarán

1K 241 13
2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න...
30.6K 6.5K 25
හුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්...
298K 8.9K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.1M 37.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...