Still With You ( Fan Fiction Only )
_Chapter 23_
____________________________________
눈을 보고 말할래요
보고 싶었어요
Nuneul bogo malhallaeyo
Bogo sipeosseoyo
I will look into your eyes
And say I missed you
මම ඔබේ දෑස් දෙස බලා පවසන්නම්
මට ඔබ නැතුව පාලුයි කියා
____________________________________
" අන්තිමට එහෙනම් ඔයා රිසයින් වෙනවා නේද..?"
" මට දැන් වයසයි.."
" ඒ කියන්නෙ මාත් දැන්ම රිසයින් වෙන්න ඕනිද..?"
" ඔයා පිරිමියෙක් ජිමින්.. ඉතින් මන් කලින් අයින් වෙන එකේ පුදුමයක් නෑ.."
" ඔව් ඇත්ත.."
පාක් ජිමින් සිනා මුසු මුහුනෙන් ඩෝල් සීගෙ අස්වීමේ ලිපිය භාර ගත්තෙ මුලු ලොවක් සසල කළ ඒ ක්‍රීඩාවේ ආගමනයට ඉතා විශාල හිස්තැනක් තියලා ඩෝල් සී යක්ශයා ක්‍රීඩා පිටියට නිළ වශයෙන් සමු දෙද්දි.
" ජන්කුක්..?"
" හ්ම්.."
" සතුටින් ඉන්න සේහි.. දන්නවද..? ජන්කුක් කියන්නෙ මගෙ පොඩි කාලෙ ඉදන් හොදම යාලුවා. එයා ඕනිවටත් වඩා මුරන්ඩුයි වගේම කිසිම දරාගැනීමේ හැකියාවක් නැති කෙනෙක්.."
" ජිමිනි.."
" ඕ.."
" මන් එයාට ආදරෙයි.."
" එයා දන්නවද ඔයා එයාට ආදරෙයි කියලා.."
" ඔව්.."
" ඇත්තටම එදා ඒ වෙලාවෙ මන් බයවුනේ ඔයාගෙ ජීවිතේ ගැන මිසක් එයාගෙ ජීවිතේ නෙවෙයි.. ඔයා එයාට ආදරෙයි කියලා මන් දැනන් හිටියා. ඔයාගෙ ආදරේ ගැන සමහර විට මේ ලෝකෙන් වැඩිපුරම දන්න කෙනා මම වෙන්න ඇති.."
ජිමින්ගෙ කියමන ළග ජොන් සේහි හිස් අවකාශෙට හිනාවුනා.
" මට බයයි එයාගෙ ආදරේ ගැන.."
" ඔව්.. මන් එයාට කිව්වා එයාගෙ ආදරේ ගැන බය වෙන්න කියලා.. ඒත් මන් හිතන්නෙ නෑ එයා එහෙම බය වෙවි කියලා.."
ජොන් සේහි එහෙම කියලා හිනාවුනත් ඇයගෙ දෑස් වල ලියවිලා තිබුනෙ හිස් බවක් එක්ක මිශ්‍ර වුන මලානික බවක් විතරයි.
" හැමදේම හරියයි සේහි.."
පාක් ජිමින් බ්ලැක් කොෆී ටින් එක මේසය මතින්ම ජොන් සේහි දිහාට තල්ලු කරලා විවර වෙලා තිබුන ජනේලයෙන් පිටත බැලුවා.
~~~~~~~~~~
සාමාන්‍යෙන් සොහොනක නොතිබුන සන්සුන් වගේම දීප්තිමත් ස්වරය ආවේනික වුනේ ජොන් සෙමෙට්‍රි එකට විතරමයි. සුදු පාට ලිලී මල්.. ඒත් එක්කම ලිලැක් මල්.. ස්වරූපයෙන් ඉතා කුඩා තරමෙ වෙනසක් පෙන්වුනවත් ඒ ද්විත්වයම එකම විදිහට ජොන් සෙමෙට්‍රි එක එලිය කරලා තිබුනා. ඒ වගේම දිනපතාම ඒ සොහොන් කොත් ඉස්සරහ දැල්වවෙන ඉටිපන්දම් වල ඉටි කවමදාවත් අපිළිවෙළට විසිරිලා ගියෙ නෑ. දියවුන ඉටිපන්දම් ඉටි පවා ඒ නූල වටේට ලස්සන රිද්මයකට විසිරිලා ගිහින් ගල් වෙලා තිබුනා.
ඒ වගේම ගස් වලින් ගිලිහුන සුදු පැහැති ලිලැක් සහ ලිලී මල් කවමදාවත් සපත්තු අඩි වලට පෑගුනේ නෑ. බිම වැටිලා තිබුනත් ඒවා නැවුම් වාතයට තවමත් සුවද එක් කරමින් හිටියා. ඒකට හේතුව වුනේ කවමදාවත් කවුරුත් ඒ සෙමෙට්‍රි එකට ආපු නැති එක නෙවෙයි. ඒ ආපු හැමෝටම ඒ මල් වලට පවා බාධාවක් නොවී ඇවිදින්න පුලුවන් තරම් සංයමයක් තිබුන එක.
" ගුඩ් මෝනින් ඔප්පා.."
" අහ්.. ගුඩ් මෝනින්.. ඔයාට දැන් සනීපද..?"
" ඔව්.. මන් දැන් හොඳින්.. ස්තූතියි "
සේහි තේහ්‍යුන්ට පිළිතුරු දෙන ගමන් අතේ තිබුන ඉටිපන්දම් පෙට්ටියෙන් ඉටිපන්දමක් අතට අර ගත්තා.
" මට ආරංචි වුනා ඔයා පෝස්ට් එකෙන් අයින් වුනා කියලා.."
" ඔව් ඔප්පා.. මන් කෝච් කෙනෙක් විදිහට වැඩ භාර ගත්තා.."
" හදිස්සියේම එහෙම කලේ..?"
" හදිස්සියක්මත් නෙවෙයි.. ඒ වුනත් දැන් මට වයසයි.."
" ඇත්තටම මට ඒ ගැන එච්චර තේරෙන්නෙ නැහැ.."
" ඔව්.. ස්පෝට්ස් කියන්නෙ තේරුම් ගන්න ලේසි දෙයක් නෙවෙයි.."
ආපහු ඒ සොහොන් කොත් ත්‍රිත්වය මත අලුත් ඉටිපන්දම් දැල්වෙමින් තිබුනා වගේම නැවුම් ලිලී මල් පොකුරු පිළිවෙලින් තැන්පත් වෙලා තිබුනා.
" ඔප්පා දවස් ගානක් එක දිගට ඔෆිස් එකේලු නේද..? මට සමාවෙන්න.. මට එදා ඒ විදිහට කලබල නොවී ඉන්න තිබුනා.."
" ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ දේ දැනගෙනත් ඔයා කිසිම ඇක්ශන් එකක් ගත්තෙ නැත්නම් ඇත්තටම අපි ඔයා මානසික ලෙඩෙක් කියලා බය වෙන්න ඉඩ තිබුනා.."
තේහ්‍යුන් හිනා නොයන විහිලුවක් කළා.
" ඔව් ඇත්තටම.."
" දැන් කොහෙද සේහි ඔයා යන්නෙ..?"
" මන් ඔෆිස් එකට යනවා ඔප්පා.. ජන්කුක් තනියෙන්.."
" මන් මේ ජේජු යන ගමන්. දවස් දෙක තුනකට මන් නිවාඩු.. පරිස්සමෙන් ඉන්න.."
" අහ්.. ඔයත් පරිස්සමෙන් ඔප්පා.."
තමන්ට සමුදුන්න ජොන් සේහි තමන්ට පිටුපාල යන දිහා තේහ්‍යුන් බලන් හිටියා. ඔලීවියාගෙ ඡායාව හිතේ ඇදිලා එකපාරටම මැකිලා ගියාද කියලා හිතුනත් ජොන් තේහ්‍යුන් එක්වරම තිගැස්සුනේ තවමත් ඔහු ඉන්නෙ සෙමෙට්‍රි එකේ කියලා මතක් වුන නිසා.
' ඉක්මනින් දරුවෙක් ගේන්න පුලුවන් නම් සේහි ඔයාට..'
තමන්ගෙම මනෝකායට හිතෙන් විතරක් මුමුනපු ජොන් තේහ්‍යුන් විඩාබර සුසුමක් අවර්'න වාතයට එකතු කරලා තමන්ගෙ වාහනය දිහාට ඇදුනා.
~~~~~~~~~~
ජොන් ජන්කුක් එයාට අත්සන් කරන්න තිබුන හතරවෙනි ෆයිල් කවරය අතට ගත්තා. ටේබල් එක උඩ තිබුන වාස් එක නැවුම් සුදු පාට ලිලී මල් වලින් පිරිලා ගිහින් තිබුනෙ ජොන් සේහි කාර්'යාලයට ඇවිත් ගිහින් කියලා පෙන්නන්න සාක්ශියක් විදිහට.
" කුකී.."
" ඕ..."
" දැන් දෙකටත් ළගයි.. කාල ඉන්න.."
" ඔයා කෑවද සේහි..?"
" නැහැ.. ඔයා ඉක්මනින් කාල එනවද..? මන් එතකල් ෆයිල්ස් ටික චෙක් කරන්නම්.."
" දෙන්නම එකට කමු බේබි.."
" ඒත් අපි මේ ටික ඉක්මනින් ඉවර කරන්නෝනි.. පැය අටක් මේ හැම ෆයිල් එකක්ම ප්‍රෝග්‍රස් වෙන්න පරක්කුයි.."
" ඔව්.. ඒත් කමක් නෑ සේහි.. අපි කාල එමු.."
" එහෙනම් මන් කවන්නද..?"
ජන්කුක් හිනාවුනා.
" ඕක ප්‍රශ්නයක් විදිහට අහනවට වඩා කෙලින්ම ගෙනත් කැවුවා නම් මොකද..!?"
" යාහ්..!!"
ජන්කුක්ගෙ අතට මිට මොලවලා පහරක් එල්ල කරපු සේහි ජන්කුක්ගෙ ඔෆිස් එකේ තිබුන සයිඩ් කිචන් එකට ගියා.
~~~~~~~~~~
කාලය හරි වේගෙන් ගෙවිලා යන්න පටන් අරන් තිබුනා. කිසිම ප්‍රශ්නයක්, කිසිම ගැටලුවක් නැතුව ගලන් යන හැම තත්පරේම, හැම මිනිත්තුවේම.. ඊටත් වඩා හැම පැයේම ඇයි මේ විදිහට ඒකාකාරී කියලා ප්‍රශ්නයක් නැගුනත් ඒකට හේතුවක් හොයා ගන්න කාටවත්ම පුලුවන් වුනේ නෑ.
ජොන් සෙමෙට්‍රි එක හැමදාම දීප්තිමත්ව තිබුනා. ජොන් මන්දිරය අමුතුම ලිලී මල් වල ආලෝකෙකින් පිරිලා තිබුනා.
ඒ වගේම ජොන් තේ හ්‍යුන් ජේජු වල තිබුන ළමා නිවාසෙ ලොකු උත්සවයක් සංවිධානය කරලා ඒකෙ ජීවත් වුන හැම දරුවෙකුටම හිනාවෙන්න ලොකු අවස්ථාවක් සලසලා දීලා තිබුනා.
මට හිතුනා ඒ චොක්ලට් පාට තද දුඹුරු ඇස් එක්ක එකම එක මොහොතකට පොතක් පෑනක් සහ කලු පාට කෝපි කෝප්පයක් එක්ක තනි වෙන්න පුලුවන් නම් කියලා. ඒ වුනත් මට මතක් වුනේ නෑ එකම එක මොහොතකටවත් ඔහු කලු කෝපි වලට අකමැති වග.
" මන් කලු කෝපි වලට ඕනිවටත් වඩා අකමැතියි. කලු කෝපි කියන්නෙ ඔලීවියා කිම්ගෙ ආසම පානයක්.."
ඔහු මන් අහපු ප්‍රශ්නෙකට ඒ විදිහට පිළිතුරු දෙද්දි මන් ඒ හැමදේම වගේ 'තවමත් ඔබ සමග' කතාංගයේ විසිතුන්වන පරිච්ඡේදයේ සටහන් කරනවා කියලා ඉටා ගත්තා.
ජේජු වල මුහුදු රැල්ල සැර වුනත් ඒ මුහුදු රැල්ල වෙරලෙ සිනිඳු වැලි වලට එතරම්ම බාධා කලා කියලා පේන්න තිබුනෙ නෑ. මුහුදු වෙරලක උනුසුම් කලු කෝපි කෝප්පයක් එක්ක විනිවිද පේන ඇල්වතුර වීදුරුවක් තනිවෙන එක අමුතු දෙයක් කියලා හිතුනත් ඇත්තටමද ඒ දේ එහෙම වෙමින් තිබුනා.
" මේ ලෝකෙ තමන්ගෙ පවුල නැති වුන එකම කෙනා මම නෙවෙයි.. බැරිවෙලාවත් එහෙම වුනා නම් මන් මේ හැසිරෙන විදිහ මීට වඩා සම්පූර්'නයෙන්ම වෙනස් වෙන්න තිබුනා. මගෙන් මගේ දරුවට ඉටු වෙන්න බැරි හැමදේම මන් දෙමව්පියො නැතිව මේ ලෝකෙ අසරන වුන චූටි ළමයින් වෙනුවෙන් කැප කළා. ඒ වගේම මගේ බිරිදට දරුවා බිහි කරන්න බැරිවුන නිසා වගේම එයා මටත් නොකියම ජීවිතෙන් යන්න ගිය නිසා මන් දරුවො ලැබෙන්න ඉන්න හැම කෙනාටම වගේ උදව් කරන්න පටන් ගත්තා.."
මට මොහොතකට හිතුනා නිල් පාටින් මන් මේ සටහන් කරපු දේ කලු පෑනෙන් සටහන් කරගන්න පුලුවන් වුනා නම් කියලා.
" නැවත විවාහයක්..!!"
මන් විමසපු දේම ඔහු නැවත මුමුනන ගමන් ඔහුගෙ ඇල් වතුර වීදුරුව අතට අරගෙන හිනාවුනා.
" මන් මේ ගෙවන ජීවිතේ සරලයි. මට කිසිම බලාපොරොත්තුවක් නෑ. මන් ඉපදුන දවස් වලම වගේ මට මගේම දෙමව්පියො නැතිවුනා. ඉතින් ජීවිතේ තිබුන හොදම දේවල් මට දැනටමත් නැති වෙලා ඉවර වෙලත් මන් තවත් දේවල් බලාපොරොත්තු වුනා නම් මන් මීට වඩා හොදට ජීවත් වෙනවා.."
මන් හිතන්නෙ මගේ අත් ඕනිවටත් වඩා වෙව්ලනවා වගේ.
" මාත් එක්ක කතා කරන එක සහනයක්..!? එහෙම කිව්ව පළවෙනි කෙනා ඔයා වෙන්න ඇති. මන් උනුසුම් කෙනෙක් නෙවෙයි. මන් සීතලයි.. ඒ නිසා උනුසුම් දේවල් සීතල කරන්නවත් සීතල දේවල් උනුසුම් කරන්නවත් ඕනි නෑ.. නොගැලපීම් කවමදාවත් ගැලපෙන්නෙ නෑ.."
ඔහු එහෙම කියලා මගේ තවමත් හිස් නොවුන ඒ වගේම දුම් දැමීම නතර වෙලා තිබුන කලු කෝපි කෝප්පය එහා පැත්තෙන් එයාගෙ හිස් වුන ඇල් වතුර වීදුරුව තියලා නැගිටලා ගියා. මන් මගේ පෑනට විවේකයක් දුන්නත් මොහොතකට මට හිතුනා මෙහෙම දෙයක්...
' රතු රෝස සහ චෙරි බ්ලොසම්.. කලු කෝපි එක්ක සුදු කිරි.. ඒ වගේ භෞතික නොගැලපීම් පවා ගැලපීම් කරපු මට, කිසිම අංශු සැකැස්මක් නැති සීතල සහ රස්නය කියන ශක්ති දෙක ගලපන්න පුලුවන් වග කීවොත් එයා කොහොම කතා කරයිද කියලා..'
' ඊටත් වඩා කලු කෝපි කෝප්පයේ දුම් දමමින් තිබුන එක නතර වෙලා තිබුන නිසා ඒ උශ්නත්වයට ඔහු හිස් කරපු ඇල් වතුර වල උශ්නත්වය සමාන වෙන්න ඇති කියලා තර්'කයක් මන් ඔහු ඉස්සරහට ගෙනාවා නම්..!' [ මූලාශ්‍ර අංක 1 ]
ඇත්තෙන්ම මගේ මුහුනෙ මද හිනාවක් රැදුනා.
~~~~~~~~~~
" බේබි ඔයා ඕනිවටත් වඩා මහන්සි වුනා.. දැන් ඕක ඇති. ඉතුරු ටික හෙට කරමු.."
" අනේ ජන්කුකී. තව ටිකයිනෙ.. මේ බලන්නකො.. මේ ටිකේ ලස්සන.."
" ලස්සනයි තමයි.. ඒත් දැන් ඇති.."
" අනේ තව විනාඩි පහයිනෙ.."
ලිලී මල් පැල එහෙටයි මෙහෙටයි ගෙනියමින් ජොන් උයනෙ පළවෙනි භාගය සරසමින් හිටපු තමන්ගෙ බිරිදගෙන් කවමදාවත් දැකපු නැති ලස්සනක් ජන්කුක්ට පේන්න තිබුනා. එතරම් දිග නොවුන කොන්ඩය.. හැඩි දැඩි මාංශපේශි එක්ක තිබුන පියකරු මුහුන.. ඇත්තෙන්ම වෙන කිසිම කෙනෙක්ගෙන් ජන්කුක් දැකලා තිබුනෙ නෑ..
" දැන් විනාඩි හයක් ගියා බබා..!!"
" යාහ්.. ඔතන වාඩි වෙලා කකුලකුත් උඩ දාගෙන වෙලාව කියන්නෙ නැතුව මට ටිකක් උදව් කරනවකො..!!" සේහි තොල් දෙක පෙරලලා ජන්කුක්ට රැව්වා.
" මට බෑ අනේ.. ගාඩ්ලා ඒවා කරයිනෙ.."
" කම්මැලියා.."
" හා මොකක් හරි.. දැන් ඕක නවත්තලා එන්නකො බේබි.."
" බෑ.. එන්නෑ.."
" එන්නැද්ද දැන්..!?"
" ඔව්.. නෑ තමා.. මොකද..?" සේහි ඉනට අත් දෙක තියාගෙන රැව්වා.
" හා.. බලමුකො එනවද නැද්ද කියලා.."
සේහිට ඇහෙන්නෙ නැති විදිහට තමන්ට මුමුන ගත්තු ජොන් ජන්කුක් අඩියට දෙකට ඇය ළගට ගිහින් ඉන වටෙන් අත් දෙක දාල ඇයව තමන්ගෙ ශක්තිමත් අත් අතර හිර කරගත්තා.
" යාහ්හ්හ්හ්හ්හ්..!!!! ජන්...කු...ක්.... ජොන්...!!!!! මාව.. බිමින් තියනවා..!!"
කකුල් දෙකත් ගස්සන ගමන් සේහි පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවත් එන්න එන්නම දුර්'වල වෙනවා වගේ තිබුන ඇගේ ශක්තියට ජන්කුක්ගෙ ඒකාකාරී ශක්තිමයත් එක්ක සටන් කරන්න පන තිබුනෙ නෑ වගේ.
" කට වහන්න බේබි.. දකින මිනිස්සු හිතයි මන් ඔයාව කිඩ්නැප් කරනවා කියලා.."
" ඔව් එහෙම තමයි.. ඇයි දැන් ඒක එහෙම නෙවෙයිද..?" සේහි ඇයගෙ අත් දෙකෙන් ජන්කුක්ගෙ බෙල්ල මිරිකුවා.
" අහ්..කැ.. න..කැහ්..ව.. ත්ත..කැඃ.නව..කැහ් ..!"
" මෝඩයා.." සේහි ජන්කුක්ට රවලා ඔහුගෙම උරහිස උඩින් ඔලුව තියා ගත්තා.
" ඔච්චර මහන්සි වෙන්නෙපා බේබි.. ඔච්චර ආස නම් ඉතුරු ටික හෙට කරන්න.."
සේහිගෙ කම්මුලක් මත හාදුවක් තවරපු ජොන් ජන්කුක් හෙමින් ගමනින් ඇයව ජොන් මන්දිරයේ තුන්වෙනි මාලයේ එයාලගෙම විශාල නිදන කාමරයට රැගෙන ගියා.
~~~~~~~~~~
දකුනු අතේ තිබුන ෆයිල් එක වම් අතට ගත්තු සේහි දකුනු කකුල උඩ තිබුන වම් කකුල මාරු කරලා වම් කකුල මතට දකුනු කකුල අරන් සුසුමක් හෙලුවා. වෙලාව පස්වරු පහ පහුවෙලා විනාඩි දහයක් ගතවෙන්න ඇවිත් තිබුනත් තමන් පහට දාලා තිබුන අපොයිමන්ට් එකට තාමත් කතා නොකරපු නිසා සේහි හිටියෙ විනාඩි දහයක පරක්කුවේ නොසන්සුන්කමකින්. වෙලාවට වැඩ කරන ඇය මේ පරක්කුවට අකමැති වුනා කියලා ඇගේ තත්පරෙන් තත්පරේට වෙනස් වෙන මුහුනෙ ඉරියව් කියා පෑවා.
" මිසිස් සේහි ජොන් ජන්කුක්.."
අන්තිමට හෙදියක් ඇවිත් තමන්ගෙ නම කතා කරද්දි සේහි මෙතරම් වෙලා හිර කරන් හිටපු කලබලකාරී සුසුම අවර්'න වාතයට මුදාහැරියා.
" සොරි මැඩම්.. විනාඩි දහයක් පරක්කුයි.. අද ඩොක්ටගෙ පර්'සනල් දෙයක් නිසා එයා එද්දි ටිකක් ලේට් වුනා.."
" අහ්.. ඒකට කමක් නෑ.. මට දැන් එයාව හම්බවෙන්න පුලුවන් නේද..?"
" ඔව්.. ඇතුලට යන්න.. එයා බලන් ඉන්නවා.."
" ස්තූතියි.."
සුදුමැලි හමේ වර්'නයක් එක්ක පියකරු බැල්මක් තිබුන වෛද්‍යවරයා ඒ කාමරේ මැද තිබුන මේසයට අයිති වුන ප්‍රධාන පුටුවෙ වාඩිවෙලා හිටියා.
" හායි.. කාලෙකින්..!"
" හායි මින් යුන්ගි.. මට පේන විදිහට පරක්කු වෙන ලෙඩේ තාමත් අඩු කරගෙන නෑ වගේ.."
සේහිගෙ කතාවත් එක්ක මින් යුන්ගි නිදිබර බැල්මක් හෙලලා එක කකුලක් මේසය උඩින් තියාගෙන අනිත් කකුල ඒ කකුල මතින් දාලා ඒ කැරකෙන පුටුවෙ සැප පහසුවට වාඩි වුනා.
" ඔය කකුල් දෙක පහල දානවා මින් යුන්ගි..!! මට පේන්නෙ තමුන් මේ පාරත් මේස් හෝදලා නෑ වගේ..!"
" වයිෆ්ට නිවාඩු ලැබුනෙ නෑ.."
" මන් කියලා තියනවා තමුන්ට මේස් හෝද ගන්න වයිෆ් නිවාඩු වෙනකල් ඉන්නෙපා කියලා.."
මින් යුන්ගි පූසෙක් වගේ ඉස්සරහ දත් දෙක දාල මෝඩ විදිහට හිනාවුනා.
" අහ්..!! තමුන්ට නම් කියලා වැඩක් නෑ.."
අන්තිමට යුන්ගි දිහාට දීර්'ඝ රැවීමක් එකතු කරපු සේහිත් තමන්ගෙ කකුල් දෙක මේසය උඩින් තියාගෙන දකුනු අතේ මැද ඇගිල්ල යුන්ගි දිහාට දික් කළා.
" තමුන් මොකටද ආවෙ.. මට අද තියන අන්තිම අපොයින්මන්ට් එක තමුසෙගෙ.."
" තමුන් අමුත්තන්ට කතා කරන විදිහ අන්තිමයි.. විශ්වාසයිද තමුන් ස්පෙශලිස්ට් එක්සෑම් එක පාස් වුනේ පිනට නෙවෙයි කියලා..!!"
" පල් හෑලි නොකිය ආපු කාරනේ කියනවා.. අපොයිමන්ට් දාලා මාව හම්බෙන්නෙ සාමාන්‍යෙන් නම් තමුසෙ මගේ වොලට් එකට විදින්න.."
" ෆක් යූ යුන්ගි.. තමුන් මෝඩ පූසෙක්..!!"
හිටපු අත්පන්දු ක්‍රීඩා පිටියෙ යක්ශයා ඩෝල් සී හෙවත් ජොන් සේහි, අස්ථි සහ පේශි සම්බන්ධ විශේශ්‍ය ශල්‍ය වෛද්‍ය මින් යුන්ගි හෙවත් ක්‍රීඩා ප්‍රථමාධාර වලදි මින් ශුගා අවුරුදු ගානකට පස්සෙ ඉගෙන ගන්න විශ්ව විද්‍යාල කාලෙ භාශා ශෛලිය හසුරමින් අදහස් බෙදා ගත්තා කියලා පේන්න තිබුනා.
මින් යුන්ගි නිදිබර වුනත් තියුනු ඇස් ඩෝල් සී තමන් ළගට ආවෙ ඕනිවටත් වඩා වැදගත් කාරනයකට කියලා තේරුම් අරන් තිබුනා.
" මට ෆුල් බොඩි චෙකප් එකක් කරන්න ඕනි..!"
" රිසයින් වෙලා කොච්ච කල් වෙනවද..?"
" මාස තුන හමාරක්.."
" හොදයි.. දැන් පුහුනුවීම් කොහොමද..?"
" කලින් තරම් සැසදුවොත් සීයට හයක් හතක් වගේ.."
" තමුන් ඇයි හස්බන්ඩ්ව එක්කන් ආවෙ නැත්තෙ..? ෆුල් බොඩි චෙකප් එකක්.. අනික මන් මේල් ඩොක්ටර් කෙනෙක්.."
" තමුන් මාව විහිලුවකට ගත්තද ඒ ගමන..?"
සේහි තමන්ගෙ වෛද්‍ය වාර්'තා සේරම ගුවන් ගමනින් යුන්ගිගෙ ඔලුවට විසි කලා.
" පැය එකහමාරක් විතර යනවා මේකට.. තමුසෙට හදිස්සි නෑනෙ..!?"
" හස්බන්ඩ් බලන් ඉන්නවා.." සේහි එහෙම කියන ගමන් අතේ මැද ඇගිලි දෙකම මින් යුන්ගි දිහාට දික් කළා.
සේහිට හිනාවුන යුන්ගි එක අතකින් ඒ රිපෝට්ස් ටික චෙක් කරන ගමන් අනිත් අතේ මැද ඇගිල්ල ඇයට දික් කරලා ඒ කාමරෙන් එලියට ගියා.
____________________________________
මන් දැනන් හිටියෙ නෑ මොකක් කරන්නද..
කොහොම හැසිරෙන්නද කියලා..
ඒ වුනත් මගේ හිස් හදවතට එක දෙයක් තේරුම් ගියා..
ඒ මන් කියපු දේ හරි කියලා..
මන් අදටත් සතුටු වෙනවා
මන් එදා ඒ දේ කියපු එකට..
මොකද මන් තවමත් දන්නෙ නැහැ..
මට ඔබව නැවත කවදාහරි හමුවෙයිද..
"..ඔබේ දෑස් දෙස බලා මට ඔබ නැතුව පාලුයි කියා.."
පවසන්න පුලුවන් වෙයිද කියලා..
____________________________________
[ මූලාශ්‍ර අංක 1 ] - Let Go | KTH Oneshot | - The summary, story by A_Shee1
පුලුවන් අය කමෙන්ට් කරන්න.. පාලුයි කමෙන්ට් නැතුව ❤️
A_Shee1 ~