01 ☁️

111 19 8
                                    

ඔය කියන තරම් මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් අපට ආදරේ කරන්නෙ නෑ ..අඩුම තමන්ගෙ හිතන් නැහීගෙන කර උඩ තියන් ඉන්න එකෙක්වත් එහෙම අපි වෙනුවෙන් අපි නැහෙන තරමටවත් නැහෙන්න කැමතිත් නෑ ..ඕනම මනුස්සයෙක් අපිව දරාගන්නවා අන්තිමට උන්ගෙ දරාගැනීමේ සීමාවේ නැති උනාම උන් ලස්සන හේතු ගලපලා අපිව අතාරිනවා...

ආදරේ කරන උන් ගැන විතරක් නෙමෙයි මම මේ කියන්නෙ..යාළුවො අම්මා තාත්තා සහෝදරයාගේ ඉදන් ඕක තමයි ඇත්ත..මේවා නිකම්ම වචනත් නෙමේ අවුරුදු 25ක් වෙන්න ළං වෙච්ච කොල්ලෙක් අතින් දරාගන්න බැරිම තැන ලියවෙන හැගීම් මේ ...ඒ නිසා මේවා වචන විතරක්ම වගේ දැනෙන උන්ට මේක නොදැක්ක ගානට නොකියවා මාව අහන් නොඉදම යන්න පලුවන් ...මොකද එක එකාට බලෙන් කියවන්න මගේ වේදනාව ලියනවා නෙමෙයි මම...

ශිට් මගුල

හැම එකා එක්කම කේන්ති ගන්න එක දැන් මට පුරුද්දට ගිහින් හිතට එන දාහක් දේවල් කියන්න එකෙක් නැති උනාම කිවුවත් අහන් ඉදී හිතපු මිනිස්සු එහෙම නොකලාම ..අහන් ඉදන් උන් අපේ වේදනාව විහිළුවක් කරන් හිනාවෙනවා කියලා දැනුනාම...කදුළු වට්ට වට්ට වරු ගානක් වේදනාව පිට කලාම අන්තිමට අහන් ඉදපු මනුස්සයාගේ කටෙන් එලයට එන එකම වචනෙ ඕවා ඔහොම තමයි බං ජීවිතේ කියන එක උනාම ...අනතිමට මං නැවැත්තුවා මාව අහන් ඉන්න එකේටවත් මං ගැන කියන එක මං නැවැත්තුවා...හිත සනසන එක වචනයක් පිට මනුස්සයෙක්ගෙන් නැතත් තමන්ගෙ එකෙකගෙන් හරි අහන්න ආසා කරපු මගේ ඇගේ තිබුන හැම රතු සෛලයක්ම මම මරලා දැම්මා..

ඉතින් ඔව් දැන් උඹලට අහන්න ඕනා උනත් මම මගේ මගුල් මෙතන කියවයි කියලා බලන් ඉන්න එපා ...කවදාවත් අඩනකොට මගෙ කදුළක් පිහිදාන්න මෙහෙමයි කියලා එකෙක් මට ඉදලා නෑ...මාව බදාගෙන හැමදේම හරියයි කියන එකම එක මනුස්ස පරානයක් කවමදාවත් මට මුනගැහිලත් නෑ ...ඒ වේදනාව පිට ලියද්දි ඔව් මගේ වචන සැරයි තමයි හැබැයි මට දැනෙන වේදනාව මගෙ පපුව රිදෙන තරම මේ වචන වලට වඩා සිය දහස් ගුනයක් වැඩි කියන්න අමතක කරන්න එපා මේක කියවන එකෙක්වත්...

උඹගෙ කදුළු වලට අපි බය වෙයි..ඕවා ඔහොම තමයි ... වෙන උන්ට ඕවද වෙන්නෙ..ඔයිට වඩා හයිය වෙන්න..ඔයා හිතනවා වැඩි ..ඕවා අමතක කරන්න..ඔය වගේ වචන කියනවා ඇරෙන්න ඇත්තටම මනුස්සයෙක්ට ඇයි බැරි හිතක් හැදෙන වචනයක් කියන්න..මනුස්සයෙක් අඩද්දිවත් අඩුම..හරි හිත හැදෙන්න වචන කියන්න බෑ නම් උන්ට පුලුවන් වෙන්න ඕනි අඩ අඩ ඉන්න එකාගෙ ඇස් වලට ඇගිල්ලෙන් නොඇනවත් ඉන්න පුලුවන් වෙන්න..පව්කාර #%@& උන් කරන්නෙම මැරෙන්න හේතු දාහක් තබිලත් ජීවිතේ අල්ලන් ඉන්න එකාට වහ කුප්පිය අතටම දෙන එක...

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Apr 05 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

☁️ සිනිඳු වළා ☁️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin