🌹 තිස් තුන්වන දිගහැරුම 🌹

617 131 135
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

තමන්ගෙම පියාගෙන් පුතෙක් විදියට ප්‍රතික්ෂේප වෙන විට..
තමන් හැමදාම හෙව්ව පිය සෙනෙහස තමන්ගෙම පියාගෙන් කවදාවත්ම හමු නොවන විට...
කිසි දින ආදර වදන් ඔහුගෙන් නෑසෙන විට...
තවත් ඇයි ඉවසන්නෙ සල්ලි ආකරයක් තිබ්බත් ඒ වලව්වක් තුළ...

ශාන් හිතනවා එයා මේ ගත්ත තීරණය තමයි නිවැරදිම තීරණය කියලා... තමන්ගෙ පවුලෙන් ඈත් වෙලා එන්න ඇවිත් මේ ගේ ගාව නතර නොවී ඔහේ ඉස්සරහට යන්න ගියොත් මන් හිතන්නෙ ශාන්ගේ ජීවිතේ කුණු ගොඩකට වැටේවී...

ඇයි අපිට ආදරේ කරන මිනිස්සු ඉන්නැද්දි අපි එතනට නොයා හිත රිදුන පලියට ඔලුව හැරුණ අතක යන්නෙ... මට හැමදේම එපා වෙලා කියලා කෙනෙක් ඔලුව හැරුන අතේ යන්න කලින් තමන්ට ආදරේ කරන කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා හෙව්වා බැලුවා නම් මන් හිතන්නෙ ඒක නිවැරදියි..

ඉතින් එහෙම යන්න ඕන නෑ ශාන්ට පණ ඇරලා ආදරේ කරන එකම මුහුණ තියෙන මිනිස්සු දෙන්නෙක් ඉන්නේ මේ ගෙදර...

මට හරි සීතලයි මගේ අයියේ...

ශාන්ගේ අවසන් වදන් සමග යීබෝ ඇදෙන් පැන්නෙ උන්න විදියට කමිසයක් වත් අදින්නෙ නැතුව.. ඇත්තටම මේ ලෝකේ සිහියක් නැති වෙනවා කියලා අපි අහලා තියෙනවනෙ.. කට වචනෙට පවා අපි අහන්නෙ එහෙම.. අන්න එහෙමයි මේ වෙලාවේ යීබෝගේ තත්වෙ..

කොච්චර මේ ලෝකේ සිහිය නැති වෙලාද කියනවා නම් ලොක් කරලා නැති කාමරේ දොරත් ඇරගන්න විනාඩි ගානක් ගියා යීබෝට.. සෑහෙන්න වෙලා අගුල අල්ල අල්ල නටලා තමයි අන්තිමට යීබෝ දොර ඇර ගත්තෙ...

මොකද පුතා මේ කලබලෙන්....

නින්ද යන්නෙ නැති නිසා සාලෙට වෙලා ටී වී එකත් දාගෙන බලන් උන්න වන්ග් ගැස්සිලා ගියා යීබෝ කාමරේ ඉදන් කලබලෙන් ආව විදියට.. කරුවලෙ උන්න මනුස්සයා මුලින්ම හිතුවෙ ගෙට හොරෙන් වත් පැන්නා කියලා.. බලන් ගියාම මේ යීබෝනේ..

කොල්ලා හීනෙන් වත් බය වෙලාද... වන්ග් නැගිට්ටා යීබෝ ගාවට එන්න.. ඒත් කොහෙද... යීබෝ මේ ලෝකේ නෑනේ... යීබෝ සාලේ ප්‍රධාන දොරේ අගුල පන්නන්න නලියනවා...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Dove le storie prendono vita. Scoprilo ora