👑🌺 කිරුළ 20 🌺👑

Comincia dall'inizio
                                    

කිරුළු නොදැක්කට... වැරැද්දක් කරලා මාට්ටු උණ පොඩි එකෙක්ගෙ වගේ හරි ලස්සන හිනාවක් ඒ මූණේ ඇඳුනා... එක මොහොතකට...අනික් අතට ඒ හිනාව අතුරුදන් වෙලා ඒ මූණේ ඇඳුනෙ හරි බරපතල පෙනුමක්...සමහරවිට කෙනුල දැක්කානම් බයවෙන විදිහෙ පෙනුමක්...

"ඔයාට ඕනා නැද්ද ඉතිං.."

"මොනවාද..."

"ඒ ගැස්මෙන් කියන දේ පොඩ්ඩක් අහලා බලන්න..."

ලෙවින්ගේ මූණේ පෙනුම නොදැක්ක නිසාම කිරුළු ප්‍රස්න කරද්දි ලෙවින්ගේ අත් එක මොහොතකට බුරුල් වෙනවා කෙනුලට දැනුණා...ඉතිං මේ අහන කියන දේවල් ඔක්කොම නොතේරෙන්න ලෙවින් බබෙක් නෙමෙ...ඒත් හැමදාම වගේ එයාට ඕනා උණේ නෑ එතනින් එහා කතා කරන්න...

"අහලා බලන්න...! හදවතට කතා කරන්න පුළුවන් ඇයි.."

"හදවත තමා හොඳටම කතා කරන්නේ.."

"ඔයා නවල් කියවනවාද...ඕවා මහ විකාර..මහ බොළඳ දේවල්...මිනිස්සු බය උණාම කලබල උණාමත් පපුව ගැහෙනවා...ඕනා දෙයක්...එන්න සෙල්ෆියක් ගහමු.."

ඉතිං ලෙවින් හරි ලස්සනට ඒ අවස්ථාව මඟ ඇරියා...එයා කෙනුලව ඇදගෙන බාස්කට් එකේ ගැට්ටට පිට දිලා හිට ගත්තා...එක අතක් කෙනුළගේ උරහිස් වටේ යද්දි ලෙවින්ටත් දැනුණා කිරුළගේ පපුව ගැහෙන හැටි...ඒත් එයා ඒක දැනුණේ නැති ගාණට අමතක කරලා සෙල්ෆි ස්ටික් එකේ ගහපු පෝන් එක ඉස්සරහට දික් කරේ පහුවෙලා යන කෙනුළගේ මල් වත්ත මැද තියෙන පොල් අතු පැලත් අහුවෙන්න...මේ දර්ශනේ මේ වගේ අහුවෙන්න ගත්ත ෆොටෝ ඕනා තරම් මේ ලෝකෙ පුරා ඇති... ලෙවින් ළඟත් එයා එක්ක මෙතන පහු කරපු හැමෝම ගත්ත ෆොටෝ පරිස්සමට තිබුණා...එයා ඒවා හැමෝටම පෙන්නුවා..එයාගෙ කිරුළුට ඇර...මොකද එයාට ඕනා උණේ කිරුළුට මේ දර්ශනේ ඇස් දෙකෙන්ම බලන්න දෙන්න...ඉතිං අද ඒ ආසාව ඉෂ්ට වෙද්දි... පුංචි මල් වත්තෙ නියම අයිතිකාරයාගේ ෆොටෝ එකකුත් ඒ මතක අස්සට එකතු උණා...

"Please smile..."

මුල් දවසේ වගේම හිනාවක් නැතිව වැදුණ ෆොටෝ කීපෙකට පස්සෙ ලෙවින්ගේ මතක් කිරිමත් එක්ක කෙනුල හිනා උණා...දුක වේදනාව...හැමදේම මොහොතකට අමතක කරලා...එයාගෙ හොඳම හිනාව එක්ක හිනා උණා....එයාගෙ ලෙවින් සර් වෙනුවෙන්....

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Dove le storie prendono vita. Scoprilo ora