![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ට්‍රාන්ස්ෆර් ලෙටර් එකත් අරන් හෙඩ්ක්වාර්ටස් එකෙන් එළියට ආපු මගේ මූණේ ඇඳුනෙ ජයග්‍රාහී හිනාවක්.. අන්තිමට ඒකත් හරි.. දැන් ඉතුරු වව්නියා යන්න විතරයි..
සමහරවිට මරු කටට යන්න අවස්ථාවක් ලැබිලා ඒ ගැන සතුටු වෙන එකම කෙනා මම වෙන්න ඇති.. ඒත් මං තනි මිනිහෙක්නෙ.. මට නැති වෙන්නවත් ලැබෙන්නවත් කියලා විශේෂ දෙයක් නැති එකේ ඕනම වෙලාවක මේ රට වෙනුවෙන් මගේ ජීවිතේ පූජ කරන්න මම ලෑස්ති වෙලයි ඉඳියේ..
හොඳටම විශ්වාස ද තමුන් තනි මිනිහෙක් කියලා..
මගේ යටි හිත ඒ ප්‍රශ්නේ අහද්දී මට ආයෙත් මතක් වුණා මං මේ ලියුම වෙනුවෙන් මගේ කසාදෙ අප්පච්චිට හිලව් කරා කියලා..
"යශ්.."
ඒත් එක්කම ඇහුන හසිතගෙ කටහඬින් මම පිටිපස්ස හැරිලා බැලුවේ එයා මගේ ළඟට ඇවිදගෙන එද්දී.. මේජර් හසිත රණතුංග මට කැඩෙට් ට්‍රේනින් ගිය පළවෙනි දවසෙ හම්බවුන අද මගේ හොඳ යාලුවෙක් වෙද්දි එයා වගේම හිතවත් යාලුවෝ හැමෝම මට කතා කරේ යශ් කියලා..
"මට තාම හිතාගන්න බෑ උඹලාගෙ අප්පච්චි උඹට වව්නියා යන්න ඉඩ දුන්නා කිව්වාම.."
"උඹ දන්නවානෙ මං ගැන.. මොන විදිහකින් හරි මම හැමදාම මට ඕන දේ කරගන්නවා.."
මම කියද්දී හසිත මගේ දිහා බැලුවේ ඇහිබැමි රැළි කරලා..
"මට ඇත්ත කියපන්.. උඹ මොකක්ද කරේ.. ඇයි ඇමතිතුමා උඹව වව්නියා යවන්න කැමති උනේ.."
"කණ්ණාඩි පොළඟෙක් නිසා.."
මං කිව්වේ කට කොනකින් හිනා වෙන ගමන්..
"මොකෙක් නිසා..?"
"වව්නියාවෙ ඉන්න අප්පච්චිගෙ යාලුවෙක් මට ප්‍රපෝසල් එකක් ගෙනාවා.."
![](https://img.wattpad.com/cover/348773109-288-k656027.jpg)