තිස්තුන්වන මේඝය

Ξεκινήστε από την αρχή
                                    

"මේ ඔහේට පිස්සු හැදිලද ආහ්..."

යක්ෂ මූණක් මවාගෙන නට්ලූස් ඇවිත් මගේ ඉස්සරහින් ඉනටත් අත් දෙක ගහගෙන හිටගන්න ගමන් ඇහුවා...

මන් ඇහුණා නෑහුනා වගේ රිපෝට් එක කියවනවා වගේ ඇක්ට් කළත් මන් දන්නවා මොකටද මෙයා මේ ආරූඪ වෙලා ඉන්නේ කියලා..

"මන් ප්‍රශ්නයක් ඇහුවේ... මාව නරක ගෑනි කරගන්නැතුව උත්තර දෙනවා හරිද...."

නරක ගෑනි උනත් ඉතින් මහ ලොකු වෙනසක් වෙන්නේ නැති එකේ මන් ඒ කියවන දේවල් සත පහකට ගණන් ගන්නේ නෑ වගේ ඉඳගෙන රිපෝට් එක පහළට ස්ක්‍රෝල් කළා....

"ආ.. දැන් එහෙමයි නේ...."

ටැබ් එකේ ඇස් තියාගෙන ඉදියා වගේ පෙන්නුවට මන් දැක්කා නට්ලූස් ඇඳ එහාපැත්තේ තිබුණු කොට්ටයක් ඇදලා ගත්තු හැටි.....

ඊළඟ විනාඩියේ මේ හූනියම ඒක උස්සගෙන මට ගහගෙන ගහගෙන ගියේ අතේ තිබුණු ටැබ්ලට් එකත් විසි වෙලා යද්දි...

"මන් කිව්වනේ.. මන් ස්ටුඩියෝ එක ගැන බලාගන්නම් කියලා...

පිස්සු මිනිහා...

මොකටද අර මගේ බඩු අයින් කළේ... කවුද අවසර දුන්නේ.  මගුල.... එක්කෝ මගෙන් අහන්න ඕන... ඔල්මාද වැඩනේ කරන්නේ....

අනික ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න බැරිද.. එක්කෝ ඕන්නෑ.. ඒක අයින් කරා කියලා මට කියන්න බැරිද.. පුදුම මහන්තත්තකමක්නේ මේක.."

තොරතෝංචියක් නැතුව කියව කියව නට්ලූස් කොට්ටෙන් මට තඩිබානවා..

මට ඕන්නම් ඉතින් එකපාරෙන් ඔය කොට්ටේ ඇදලා අරගන්න තිබ්බා නට්ලූස් කෙළින්ම විසි වෙලා බිම වැටෙන්නම... ඒත් මේකේ තියෙන්නේ වෙනම ෆන් එකක්...

ඒ කොට්ට පාරවල් වලට මාව හොල්ලන්නවත් බැරි නිසා මන් ඉතින් පපුවට අත් දෙක බැඳගෙන හෙඩ්බෝඩ් එකට ඔළුව හේත්තු කරගෙන මේ scenario එක එන්ජෝයි කළා.....

"කොහොමත් මන් කියන දේවල් අහන්නෑනේ.. මගෙත් මෝඩකමට ආයේ රැවටුණා මල ඉලව් බිස්නස් ප්ලෑන් එකකට අන්තිමට මට මගේ ස්ටුඩියෝ එකත් නැතිවුණා.. රෙද්ද.. මහ බූරු වැඩනේ කරන්නේ...

ඕක මගෙන් අහන එක මහ දෙයක්ද.. අවින්දි.. මන් අරක අයින් කළා කියන එක කියන එක මහ වචන හරඹයක්ද.. පැත්තක් පාත්වෙන්නෑනේ ඕක මගෙන් ඇහුවා කියලා බම්බුව...  මට ඔය පිරිමින්ගේ තියෙන ප්‍රෝඩාකාර අලි වංසේ තමයි පේන්න බැරි..

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα