11 part

316 39 9
                                    







-Next day morning-



"ම්ම්ම්.....ආආආ 🥱🥱"

එලාම් එක වදින සද්දෙත් එක්ක ටේට ඇහැරුනා.එලාම් ඔරලෝසුව දිහා බලපු ටේ දැක්කෙ වෙලාව පාන්දර පහයි කියල.ඇදේ ඉදන්ම ඈනුමක් යවපු ටේ ආපහු අනික් පැත්ත හැරිල නිදාගන්න හැදුවත් එතකොටම එයාට මතක් උනා එයා දැන් ඉන්නෙ එයාගෙ ගෙදර නෙවෙයි බෝගම්ගෙ ගෙදර කියල.කලින් ටේ එයාගෙ ගෙදර ඉන්නකොට මොනම හේතුවකටවත් මේ තරන් පාන්දරින් ඇහැරිලා නෑ.යුනි යන්න උනත් ටේ නැගිට්ටෙ උදේ හතට හතහමාරට විතර.ඒත් දැන්හැමදේම වෙනස්වෙලා කියල ටේට මතක් උනා.ටේ එයාගෙ තාමත් ඉදිරියට නෙරල නැති පැතලි බඩ අතගාන්න ගත්තා.

" මට මේ දේවල් පුරුදු නෑ තමයි පැටියෝ.ඒත් පපා ඉක්මනටම මේ දේවල් වලට හුරුවෙයි.ඔයා වදනොවී පරිිස්සමට ඉන්න මගේ පන.පපා ඔයාට ගොඩක් ආදරෙයි මැණික😘🥺 "


විදියට තමන්ගෙ කුස දිහා බලාගෙන මුමුණපු ටේ හිමින් සැරේ ඇදෙන් බැහැල වොෂ්රූම් එකට ගියා.දත් මැදල මූනත් හෝදගත්ත ටේ රෑ ඇදුම පිටින්ම කිචන් එකට  ගිහින් බ්‍රෙක්ෆස්ට් එක හදන්න පටන් ගත්තා.











-1 hour latter-




පැයක් ඇතුලත උදේ කෑම හදල ඉවර කරපු ටේ එයාගෙ රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න හිතාගෙන.



Broken Angel (✔️)حيث تعيش القصص. اكتشف الآن