❤️ Chapter 3 ❤️

Start from the beginning
                                    

Doctor කෝ යූනා එයා හොදින් නේද මට එයාව දැන් බලන්න පුලුවන් ද ?

" I am really sorry අපිට patient ව බේරගන්න බැරි උනා. මට සමාවෙන්න . patient ගෙ හුගක් blood bleed වෙලා තිබ්බ නිසා ඒ වගේම එයාගෙ මොලේට අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වෙලා තිබ්බ නිසත් එයා අපිව දාලා ගියා "

නෑ............නෑ.....එ...එයාට මාව එහෙම දාලා යන්න බෑ......එයාට බෑ........අනේ යූනා........😭

මම කෑ ගහලා ඇඩුවත් මට එයාව බේරගන්න බැරි උනා. එයා සදහටම අපිව දාලා යන්න ගියා. එයාගෙ ඔම්මයි අප්පයිත් හොදටම දුක් උනා. මන් නිසා එයාලගෙ එකම දුව නැති උනා. මේ වෙනකොට මුලු school එකම දැනුවත් යූනා ට වෙච්ච දේ ගැන. යූනා ගෙ funeral එක ඉවර වෙලා cemetery එකට ගාව අඩන එක මිසක් මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. එන්න එන්නම රෑ උනා. තව වෙලා යූනා ගාවට වෙලා ඉන්න ඕනෙ උනත් මට දැන් යන්න වෙලාව ඇවිත්. හිතේ තියෙන දුක අමාරුවෙන් තද කරගන්න හැදුවත් මට ඒක කරන්න බෑ. මගේ කදුලු කාටවත් පෙනුනෙ නැත්තෙ වැස්ස නිසා. ඔව් ඒක මහම මහ වැස්සක්. වැස්සෙම තෙමි තෙමි මම apartment එකට යන්න පටන් ගත්තා . එන්න එන්නම මට මාවම පාලනය කර ගන්න බැරි උනා. මාව එහාට මෙහාට විසි වෙන්න පටන් ගත්තා .

Taehyung pov

පුදුම වැස්සක්නෙ මේක නවතින්නෙ නැද්ද මන්දා අප්පා එහෙම හිතන ගමන් ජනෙල් වීදුරුවෙන් එලිය බලන් හිටපු මගේ ඇහැ ගැටුනෙ අමාරුවෙන් ඇවිදගෙන යන කෙනෙක් දිහාවට . ඒ සෝහා කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.  වැස්සෙ තෙමි තෙමිම යන කෙල්ල එකපාට්ට බිමට වැටුනෙ සීතල නිසා faint වෙලා. එයා වැටිලා හිටපු තැනට දුවලා ගියපු මම එයාවත් උස්සගෙන ආවෙ මගේ ගෙදරට . ගෙනාපු ගමන් එයාව sofa එකෙන් තිබ්බ මම එයාගෙ මූනට තට්ටු කලත් එයා නැගිට්ටෙ නෑ. එයා සීතල නිසා වෙව්ලනවා. මම ලොකු bedsheet එකක් අරන් එයාගෙ ඇගට දැම්මත් එයාගෙ වෙව්ලීම නැවතුනෙ නෑ. කාමරේට ගිහින් hair dryer එක අරන් එයාගෙ කොන්ඩෙ dry කලේ ඒකෙන් සීතල අඩු වෙයි කියලා හිතුන නිසා. ඊට පස්සෙ එයාගෙ නලලට අත තියපු මට තේරුනේ එයාට හොදටම උන කියලා . ඉක්මනට තෙත towel එකක් අරන් එයාගෙ නලලෙන් තිබ්බ මම් එයාව හොදට bedsheet එකෙන් ඔතලා මගෙ පපුවට කරලා තුරුලු කරගත්තෙ වෙව්ලන එක තවත් වැඩි වෙච්ච නිසා.

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now