"හ්ම්ම්...කියාපන් මයේ මන්දෝදරි "
මාව වෙව්ලලා ගියා...ඉහ මුදුනින් පටන් ගත්ත හිරිවැටිල්ල කකුලේ දෙපතුල් වෙනකන්ම ඇදිලා ගියා....මං මීට තප්පර කිහිපයකට ඉස්සෙල්ලා සැනසිල්ලේ පියාගෙන උන්නූ මගේ ඇස් කලබලෙන් ආයේත් ඇරුනා....
මගේ වම් පැත්තෙන් කනට වැටුන හින්දි සිංදුවට වහ වැටිලා හිටිය මට මේ වෙනකන් වෙච්ච හැමදේම අස්සේ මාව උන්මත්තකයෙක් කෙරුව රාවණව මැවෙද්දි මං හිටියේ සැබෑ ලෝකේයි ෆැන්ටැසි ලොකේයි අතරේ එහාට මෙහාට දෝලනය වෙමින්....
නමුත් රාවණ වෙනුවට මං ඔලුව තියාගෙන හිටිය පපුව අතරින් මට හිච්චි හාමූගේ රළු ස්වර නාල උඩ පහල වෙන හඬ ඇහෙනකොට මාව ගැස්සිලා ගියා....
මං සිහියක් පතක් නැති මිනිහෙක් වගේ හාමූගේ ලය උඩ ඔලුව හේත්තු කර ගත්තාත් ඊටත් වඩා මාව පුදුම වෙලා ගියේ හාමූ දැන් ටිකකට කලින් මාව අමාන්ත්‍රණය කරන්න පාවිච්චි කරපූ ඒ නම ඇහිලා...
' මයේ මන්දෝදරි '
කොහොමද එයා ~
මං හාමූගේ ඉණ වටේ බැඳගෙන හිටිය අත් ඉක්මනින් අහක් කරලා පිටිපස්සට පැන්නා...
මට අමතක උනා මගේ පිටිපස්සේ තිබ්බේ ඝන බිත්තියත් , යකඩ කුරූ ජනේලේ බවත්....
පස්සට පැන්න පාර මගේ විලුඹේ පිටිපස්ස ටිකක් සැරට ගිහින් බිත්තියෙ වදිද්දි හාමූගේ දිහාවේ ඉදන් ආව අතක් ක්ශණිකයෙන් මගේ ඔලුව පිටිපස්සේ නතර වෙලා අර යකඩ කුරූ වල මගේ ඔලුව වැදෙන්න ගිය එක වැළැක්කුවා...
" තුහින පරිස්සමින් ! "
නිහඬ කාමරේ පුරා හාමූගේ හඬ ආයේත් රැව් දුන්නා...ලතා මංගේශ්කාර් නෝනා යන්න ගියා...ජනේලේට තද වෙච්ච මගේ උරහිස පහු කරගෙන වැටුන හඳේ අලෝක දහරාවෙන් මට හාමූගේ සම්පූර්ණ රූපේම දැක ගන්න පුලුවන් උනා....ඒ එළියෙන්ම දිලිසුන කාල වර්ණ ඇස් අස්සේන් මං මගේම පරාවර්ථනය දැක්කා...
මගේ උගුර අස්සේ මොනා හරි දෙයක් හිර වෙලා කියලා මට දැනුනා...මට කතා කරන්න ඕන....ඒත් බැහැ....හඬ එළියට පිට වෙන්නේ නැහැ...මං පුදුමය , බය , චකිතය මේ කියන හැම හැඟීමක් මැද්දේම තැලිලා හිටියා...
YOU ARE READING
තුහින || Thuhina ( taekook nonfic )
Non-Fictionමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...