මං වත්තේ උණබට වැට ලඟට වෙලා අරක්ගෙන උන්නා....මගේ සුකිරී පුංචාත් යන යන තැනට පස්සෙන් ඇවිත් දැන් මගේ කකුල් වල ඌගේ ඇඟ ගාව ගාව මාත් එක්කම හිටියා...
මං මේ හෝරාවක් තිස්සේ බලාගෙන ඉන්නේ පියුම් මාමා එනකන්...
වේලාව උදේ හතයි...
කඳු මුදුන් වල හැපීගෙන යන සුලං රළත් එක්ක මට ඈතින් මුලු ගමක්ම බලාපොරොත්තු දල්වා ගෙන ඉන්න පියුම් මාමාගේ බයිසිකලේ සීනු සද්දේ ඇහුනා.....
ට්‍රීං ට්‍රීං ~
ගුරු පාරේ වැලිකැට වලට අහු වෙන රෝදේ සද්දෙත් , සැරෙන් සැරේ මහපට ඇඟිල්ල වැදිලා සද්දෙ දෙන සීනූව සද්දෙත් මට චුට්ට චුට්ට ලං වෙනකොට මං බදාගෙන හොම්බ තියන් හිටිය ඉදල පැත්තකින් තියලා වැටෙන් එහා පැත්තට පැන්නා.....
ටිකකින් පියුම් මාමා හැමදාමත් වගේ හුරු පුරුදු දිග ලියුම් කවරයක් මගේ අතේ ගුලි කරලා හරි සිරියාවන්ත විදිහට හිනා වෙන ගමන් මට ලියුමත් එක්ක තනි වෙන්න ඉඩ හැරලා එතනින් යන්න ගියා....
පියුම් මාමා මාව පහු කරගෙන ගිය සැනින් මං ගෙට දුවන් ආවා...ආයේත් මගේ පපුව වේගෙන් ගැහෙනවා...මට මාවත් පාලනය කර ගන්න බැරි වෙච්ච තැන මං එහෙමම කුස්සියට දුවන් ගිහින් එතනින් පිලිකන්නට බහින්න තිබ්බ පුංචි පඩිය උඩින් වාඩි වෙලා දොර දාරේට ඔලුව තියන් ලියුමට නහය තද කරා....
මගේ නාස් කුහර අස්සෙන් ආයේත් අර අකුරු වල සුවඳ දිව්වා....නමුත් මගේ ඇහිබම එකට ගිහින් ඇලුනා....
කෝ ඒ අන්නාසි සුවඳ ?
මගේ හිතේ ප්‍රශ්නාර්ථ ලකුණක් ඉතුරු උනා....
කෝ මට වෙනදාට දැනෙන ඒ අන්නාසි සුවඳ....මට අද ඒ හුරුපුරුදු සුවඳ වෙනුවට දැනුනේ සමන් පිච්ච සුවඳක්...ඒකත් හරි සුවඳයි...නැහැයි කියනවා නෙමෙයි....ඒත් හුරු අන්නාසි සුවඳ නැතුව මට හරි පාලුයි...
මං ලියුම පැත්තකින් කඩලා තුනට නවපූ කෝපි පාට කොලේ දිග ඇරියා....
වෙනදා වගේම කොලේ දිග ඇරිය ක්ශණිකයෙන් මට කලින් දැනුන සුවඳ තව තවත් මගේ ශ්වසන නාල දිගේ හදවතට ලං උනා...
YOU ARE READING
තුහින || Thuhina ( taekook nonfic )
Non-Fictionමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...