CHAPTER 9 🌱

215 27 20
                                    

ඉන්ග්ලන්ඩ් වල එයාර්පෝර්ට් එකෙන් මන් බහිද්දි දවල් 2ත් පහු වෙලා.. විශ්මි නන්ගි මන් එනකන් එයාර්පෝර්ට් එකේ ඉන්නවා දැකපු නිසා මම ටග්ගලා එයා ලගට ගියා..

" නන්ගි... "

" අයියේ.. ගොඩ කාලෙකින්.. ඔයාට කොහොමද "

" අනේ මගේ පොඩි කෙල්ල දැන් ලොකු වෙලානේ සෑහෙන්න.. අවුරුදු කීයකින්ද අනේ මේ දැක්කේ... "

" ඒකනේ මට අයියාව මතක පොඩි එකෙක්ගේ මූනකින්.. වීඩියෝ කෝල්ස් නිසයි අදුනගත්තේ.. එච්චරට වෙනස් වෙලා.. "

" මෝඩ කෙල්ල.. ඔයත් එහෙම තමා.. මේහ් අපේ අම්මට කෝල් එකක් ගන්නකෝ ඒයි මට ෆෝන් එකක් නෑ බන් ගන්න ඕනි.. "

" ආහ් ඉන්න.. "

නන්ගි අම්මට කෝල් එකක් අරන් දුන්නා.. පරිස්සමෙන් මෙහෙට ආවා නන්ගි ඉන්නවා නන්ගි එක්කම යන තැනක යන්නම් කියලා පොරොන්දු වෙලා මම කෝල් එක කට් කරා.. අම බයයි මම සුයිසයිඩ් කරගනී කියලා.. මොකද එදා මම හොස්පිට්ල් එකේ එයාලව බදාගෙන අඩපු දවසේ ඉදන්ම එයාලා හිටියේ මන් ගැන වද වෙලා.. එහෙම වෙලාවක ඊයේ උදේම මම ගෙදරට ආපු හැටි මතක් වෙද්දි අම්මලා අවංකවම පව් කියලා හිතුනා..

එයාලගේ එකම ලමයා මම වගේම එයාලා මාව හම්බෙන්නත් රට පුරා තියෙන හැම දේවාලෙකටම ගිහින් ඉන්න හැම දෙවි කෙනෙක්ගෙන්ම වැද වැටිලා ඉල්ලුවලු.. එහෙම හදාගත්තු මාව එයාලා අවංකවම මලක් වගේ හැදුවේ.. කිසිම දෙයකින් මට හිත රිද්දලා නෑ මගේ අම්මයි අප්පච්චි.. මම ඉල්ලන හැමදේම මට ඕනි හැමදේම කරන්න එයාලා උදව් කරනවා.. අවුරුදු 25ක් වුනත් මම හැමදාමත් එයාලගේ අතට ආපු ඒ පුංචි මැනික විදිහටයි අදටත් මට සලකන්නේ..

එහෙම හොද අම්ම කෙනෙක්ට අප්පච්චි කෙනෙක්ට මම වගේ දරුවෙක් නැතුව හොද සාමාන්‍ය කොල්ලෙක් හම්බෙන්න තිබ්බේ.. මගේ ජීවිතේ එයාලා ආඩම්බරෙන් තියන්න කිසි දෙයක් මට කරන්න බැරි වුනා.. අද මේ ආපු ගමන් වුනත් එයාලගේ හිත කොච්චරක් රිද්ද්නවා ඇතිද.. මාව එයාලට නැතිවෙයි කියලා බයෙන් මේ සතිය ගෙවෙනකන් එයාලා දින ගනිනවා ඇති මන් ලගට එන්න..

" අයියා එහෙනම් අපි යමු ගෙදර.. යන ගමන් ඕන්නම් ෆෝන් එකක් ගමු.. "

" හරි පැටියො.. ශොප් එකකින් නවත්තන්නකො.. "

My YOU ( Sinhala | BL | Ongoing )Where stories live. Discover now