CHAPTER 8 🌱

211 28 32
                                    

" නිසල්.. නිසල්.. "

" ශෙහාන් පුතා.. මොකෝ මේ උදේම මේ පැත්තේ... "

" අම්මා නිසල් ඉන්නවද "

" නිසල් !? එයා ආවෙ නෑනේ ගෙදර.. "

මට දැනුනේ මගේ ලෝකෙම කඩාගෙන වැටුනා වගේ.. මට දැනුනේ පුදුම වරදකාරී හැගීමක්..ඒ එක්කම බයක්.. මගේ අතින් වැරැද්දක් වුනා ඒත් ඒක නිවැරදි කරන්නවත් කාලයක් මට ලැබුනේ නැති එක ඇත්තටම කියාගන්න බැරි තරම් වේදනාවක් පීඩනයක් දුන්නා..

" අම්මා එහෙනම් නිසල් අපේ අනිත් සෙට් එකත් එක්ක ඇත්තේ.. ශෙහාන් යමන් බන් ඉසුරුලාගෙ ගෙදර ඇත්තේ.. "

සසින් බොරුවක් කිව්වා.. ඔව් අම්මා දැනගත්තොත් ඒ මනුස්සයා කොහොම ඉවසනද.. මම සසින් එක්ක කාර් එකේ එන්න ආවේ මොන ලෝකෙන් හරි නිසල්ව හොයාගන්නවා කියලා හිතාගෙන..

" අඩෝ සසින් අපි මොකද කරන්නේ.. "

" අඩෝ මට තේරෙන්නෙත් නෑ බන්.. සෙක්ස් කරා කියලා වෙන්නත් බෑ බන්.. උබත් මොන ලබ්බක්ද හුත්තෝ කියවන්න ගියේ.. ඌ මෙච්චරකල් ඉවසලා අන්තිම මොහොතේ.. ආහ්හ්හ් මගෙ ඔලුවත් රිදෙනවා උබලා හින්දා"

" සසින් මන් හිතුවේ ඌත් කැමති වෙයි කියලා බන්.. ඌ මට කැමැත්තෙන්නේ බන් හිටියේ.. "

මම ඒක කිව්වා විතරයි සසින් එක තැනම වාහනේ බ්‍රේක් ගැහුවා..

" තෝ මොකක්ද කිව්වේ කියපන් "

" ඌ මට පහුගිය අවුරුදු 10ම කැමැත්තෙන් නෙවෙයිද හිටියේ.. උබ එක්ක එදා මල්කිගේ දානෙ දවසෙ කතා කරපුවා මට ඇහුනා.. මා හිතුවා සෙක්ස් කරාම ඌත් කැමති වෙයි කිය- "

' චටාස් !!! '

මට කියලා ඉවර කරන්නවත් හම්බුනේ නෑ සසින් මගේ කන පුපුරන්න පාරක් ගැහුවා..

" තෝ නම් මහ පාහරයෙක් යකෝ.. ඒ අහිංසකයා තොට පන දෙන්න තරම් ආදරේ කියලා දැනගෙනමද ඊයේ උගේ හිත රිද්දුවෙ අර විදිහට.. ඌ පිස්සෙක් වගේ බීලා ඇවිත් කිව්වේ මොකක්ද දන්නවද ? උඹ ගැන ඌට තිබ්බ දශමෙක බලාපොරොත්තුවක් ඒකත් නැති වුනා කියලා.. උබ ඒ මදිවට ඌ එක්ක මුළු රෑම කරන්න ඕනි හැම මගුලක්ම කරලා නැගිට්ට ගමන් ඌට බලු කතාවකුත් කියලා.. යකෝ ඌ බඩුවක් නෙවෙයි හැම එකා එක්කම හැමිනෙන්න යන.. ඌ අවුරුදු 10ම තොගෙන් අංශුවක තරම්වත් දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරලා තෝ ඌට දුන්නේ දුක විතරමයි.. තමන් ආදරේ කරපු එකාගෙන් දැනෙන්න ඕනි ආදරනීය රාත්‍රිය වෙනුවට උබ සක්කිලිකම් කරලා උදේම ඒකටත් බලු කතාවක් කිව්වම ඌ මේ විදිහට ආගිය අතක් නැතුව යන එක වැරදිද කියහන්... "

My YOU ( Sinhala | BL | Ongoing )Where stories live. Discover now