CHAPTER 26 🍻

1.7K 148 73
                                    

" Will you be my boyfriend my love ?  "

" අභී අයියේහ්... "

" මට සමාවෙන්න මැනික මෙච්චර දුරක් අයිතියක් නොදී එක්කන් ආවට.. මගේ චූටි කොල්ලව මේ නාකි මට ලන් කරන් ඉන්න බය වුනා.. ඒත් මට බෑනේ බන් උබ නැතුව.. පිස්සු වගේ බන් උබ ලග නැති වුනාම.. මම ඔබට මේ තරම් ආදරේ කරලද කියලත් හිතෙන තරම් මන් ඔයාට ආදරෙයි.. "

" අනේ අයියේහ්... "

" මැනික අනේ ඇයි මේ අඩන්නේ... බබා.. "

" මට සතුටුයි අභී.. මට ගොඩක් සතුටුයි.. මම බලන් හිටියා අයියේ ඔයා මාව ඔයාගේ කරන්න කෑති වෙනකන්.. "

" මම ඔයාගේ විභාගේ ඉවර වෙනකන් ඉන්න හැදුවේ... ඒත් මට බෑ මැනික තවත් ඉවසන්න.. ඔයාව මගේ ඇග යටට ගන්න පුලුවන්නම් ඇයි මගේ හිත අස්සට ගන්න බැරි.. "

" අනේ අයියේහ්.. "

" ඉතින් කියන්නකෝ..කැමතිද මාත් එක්ක ඉස්සරහට ඉන්න.. මගේ අයිතිය අරන් ඔයාගේ අයිතිය මට දෙන්න.. "

" කැමතී මෝඩයෝ අහන්නත් දෙයක්ද.. "

" මම ආදරෙයි වස්තුව "

" මාත් ආදරෙයි අභී.. "

.
.
.
.
.
.
.
.

අහලා තියේද කතාවක් ,

මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ හදවතට දැනුන කෙනාට විතරයිලු..

අන්න ඒ වගේ මාත් දැක්ක දවසේ ඉදන්ම පිස්සුවෙන් ආදරේ කරේ එයාට විතරයි.. මම එයාව දකිද්දි එයා මගේ ගුරුවරයා.. එයා ඒ වෙද්දි හිත ඇතුලේ කෙනෙක් වෙනුවෙන් අවුරුදු 10ක් බලන් හිටපු කෙනෙක්.. එහෙම තියාගෙනම තව කෙනෙක්ගේ වෙන්න ගියපු කෙනෙක්.. ඒත් මම පිස්සුවෙන් වගේ හෙව්වේ එයාව.. ඒ මගේ හදවතට දැනුන එකම කෙනා එයා නිසා..

මම ඔයාගේ සර් ගෞර්ය.., මම වෙන කෙනෙක්ට කැමති ගෞර්ය.., මම ඔයාට වඩා ගොඩක් වයසින් වැඩි ගෞර්ය.., මම ඔයාට කැමති වුනත් මට බයයි ඔයාව ලන් කරගන්න ගෞර්ය..

මේ විදිහට එයා මාව මගේ ආදරේ තැන් බර ගානකදී ප්‍රතික්ෂේප කරා.. ඒ එයා ආදරේ නැති නිසා නෙවෙයි අපි ජීවත් වෙන සමාජේ ආදරේ කියන දේ කොටු කරපු විදිහට එයා බය වුන නිසා.. අවුරුදු 10ක් වැඩිමල් ගුරුවරයෙක් තමන්ගෙන් ඉගෙන ගන්න එන ලමයා එක්ක සමලිංගික සම්බන්දයක් පවත්වනවා.. ඒක හිතාගන්න බැරි තරම් මානසික පීඩාවක් වුනා අපි දෙන්නටම..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now