CHAPTER 13 🍻

1.3K 172 66
                                    

Author's pov

කෛලාශ ගෞර්ය දෙන්නම එදා ඒ ගත කරපු දවසෙන් පස්සෙ අද වෙනකන් ගත වුන මේ මාස තුනම ගත කරේ යාලුවෝ දෙන්නෙක් වගේ..ගෞර්ය කෛලාශව ආදරවන්තයෙක් විදිහට දැක්කත් කෛලාශ ඒ දෙන්නා අතරේ සීමාව තදින්ම ඇන්දා..

ගෞර්ය ගීත් එක්ක තිබ්බ සම්බන්දකම් නවත්තලා අවංකවම කෛලාශ වෙනුවෙන් ආදරෙයෙන් බැදුනා..ඒත් කෛලාශට ඕනි වුනේ සහෝදරකමක් , යාලුකමක් වගේ බැදීමක් විතරයි..

කෛලාශ තමන්ට ආදරේ කරන්නේ නෑ කියලා දැන දැනම ගෞර්ය කෛලාශ ලගින්ම හිටියා..කෛලාශ පුරුදු විදිහටම පන්තිය ඇතුලේ ගෞර්යව නොසලකා හරින්නත් , පන්තියෙන් එලියෙදි එයාව එයාගේ මල්ලි විදිහට දකින්නත් පුරුදු වෙලා..ඒ වුනත් ගෞර්ය වෙන කෙනෙක් එක්ක ඉන්නවට පන්ති නොඑනවටත් කෛලාශ අකමැති වුනා..

කෛලාශගේ මේ හැසිරීම ගැන ගෞර්ය හිටියේ දුකින්.. කෛලාශ ගෞර්යගේ හැගීම් ගැන නොහිතා එයාව පාලනය කරන එක ගෞර්යගේ හිත රිද්දුවා..

ඒ නිසාම ගෞර්ය හිතුවා ආදරේ වුනත් කෛලාශ එක්ක ටිකක් දුරින් ඉන්න..

Gauraya's pov

" ගෞර්ය හෙට ක්ලාස් ට්‍රිප් එක එනවා නේද "

" ඔව් අයියේ..ඔයාත් එනවා නේ "

" ඔව් සර්ලා හැමෝම යන්න ඕනිනේ.. "

අපේ ක්ලාස් ට්‍රිප් එක හෙට.. යන්නේනම් නුවරඑලියෙ.. ගීත් අයියා එක්ක ගියපු ෆැමිලි ට්‍රිප් එකට පස්සේ මාස ගානකින් මම මේ ට්‍රිප් එකක් යන්නේ.. මේ ට්‍රිප් එක මට විශේෂයි අභී අයියාත් යන නිසා..ඒත් එයාට...

අභී අයියා එදායින් පස්සේ මාත් එක්ක සෙක්ස් කරෙත් නෑ..අඩුම තරමෙ කිස් එකක්වත් දුන්නෙ නෑ.. මම එයාගේ ඒ වෙනස දැනගෙනම රැයවල් ගනන් නිදි නැතුව අඩ අඩ හිත හදාගන්න ගමන් ඉන්නේ..අභී අයියට ආදරේ කරන එකෙන් මන් දැනගත්ත එක දෙයක් තිබ්බා..ඒ කවදාවත් ආදරේ බලන් ලබා ගන්න බෑ..
.
.
.
.
.
.
ට්‍රිප් එකට උදේ පාන්දරම අප්පච්චි එක්ක ක්ලාස් එකට ආවා.. ඒ වෙද්දි ශෙරූන් ඇවිත් හිටියා..

" පුතා මට ගුරුවරයෙක්වත් ඇවිත් හම්බෙන්න බැරිද "

" ඉන්න බලන්න අප්පච්චි..අභිරු සර්වත් ඉන්නවද බලන්න.. "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now