|08| 🌷

218 31 13
                                    

"ජන්කුක්.. මම ඔයාට කැමතියි.."

පහුගිය දවස් ටිකේම මිස්ට සිගීට නොපෙන්නෙන හොරෙන් එයා දිහා බලන් ඉඳල මට ඇති වෙලා හිටියේ. එයා මට එයාගෙන් ඈත් වෙලා ඉන්න කිව්ව හින්දා මිසක් නැත්නම් නම් මෙලහට මම එයාට වද දෙන්න එයා ගාවට දුවන් ගිහින්.. ඒත් කල්පනා කරල බලල බලල මම ඊයේ දෙයක් තේරුම් ගත්තා..
කෙනෙක්ට අපිව වදයක් කියලා කියනවා නම් කොච්චර අමාරු උනත් ඒ කෙනාට වද දෙන්න යන එක හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් වෙන්නෙ එයාලට අපිව තවත් එපා වෙන එක විතරයි.
හරියට ෆ්ලික්ස් හ්‍යුන්ග් නිසා මාව අපහසුතාවයට පත් වෙනවා වගේ මම හින්දා මගෙ හ්‍යුන්ගි uncomfortable වෙන්න ඕනෙ නෑ..

ඒ අස්සෙ මට මේ වැටුන කරදරේ මොකක්ද කියනවා නම්... අපේ බැජ් එකේම ඉන්න කෙල්ලෙක් තමයි දැන් ඔය ඇවිත් මට කැමති කියන්නෙ. ඇත්තටම එයා ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්. මම ගේ නොවුනා නම් අනිවාර්යයෙන් ම මේ කෙල්ල මගෙ ටයිප් වෙන්න තිබුණා. අවංකවම නූනට පස්සෙ මට ලස්සනට ම පෙනුන කෙල්ල මෙයා කියලා කියන්න පුළුවන් ඕනෙ වෙලාවක.. ඒත් දෛවය හෙන කුරිරුයි. මම කැමති අයට මාව පේන්න බැරි වෙද්දි වෙන කෙනෙක් කියනවා මට කැමතියි කියලා..

***

(Yoon Jun-Hi)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Yoon Jun-Hi)

***

"I'm so sorry Jun-hi-ya.. I'm not interest in girls"

මාවගත්ත හිනාවක් එක්ක මම එහෙම කියද්දි ජන්හිගෙ මූණ මැලවුනා.. තොල් දෙකත් උල් කරන් ඒ දාපු ඇක්ශන් එකට නම් මට ගොඩක් දවසකට පස්සෙ ඇත්තටම හිනා ගියා..

"Don't smile jungkook.. ඔයා නරකයි.. දන්නවද යුනි එකට ආව පලවෙනි දවසෙමයි ඔයා මගෙ හාට් එක අරන් යන්න ගියේ. මම බලන් හිටියා අද බලයි මගෙ දිහා හෙට බලයි කියලා.. කොහෙද නෑ. ඒ අස්සෙ අසනීප නිවාඩුවක් දාලා ගෙදර හිටිය ටික දවසට ඔයා සීනියර් කෙනෙක් පස්සෙන් යනව කියලා මගෙ යාළුවො කියනවා. උන්ට පිස්සු. ඒ විකාර වලින් හිත පිරෙන්න කලින් ඔයාගෙන් ආස්ක් අවුට් කරාම දැන් ඔයා කියනවා කෙල්ලන්ට කැමති නෑලු.. අහ්හ්... අයි හේට් මයි destiny 😒"

Mr. Cigarette & His Little Lilly 🌷Where stories live. Discover now