44 🌹

1.2K 157 242
                                    

අද තමයි ASM Companies වල executive level එකේ annual day out එක. මේක අවුරුද්දකට පාරක් Mr. මංචනායක ගාණේ executive level employeesලා ඔක්කොම ෆැමිලි මෙම්බර්ස්ලත් එක්කම එක්කන් යන day out එකක්. අභිත් ටෙරාන් දෙන්නම Company එකට join වුණාට පස්සේ Company එකේ අයත් එක්ක යන පළවෙනි ගමන වුණු නිසාම දෙන්නම හිටියෙ ටිකක් විතර excite වෙලා.

උදේ 7 වගේ වෙද්දි Company එකේ executive board එකේ පහළොස් දෙනා එයාලගේ පවුල් වල අයත් එක්කම කඩුවෙල head office එකට ඇවිත් හිටියා. සිතූ අක්කා එයාගේ Husband and බබා එක්ක ටෙරානුත් 6.30 වගේ වෙද්දි company එකට ආවා. ටෙරාන් එනකොටත් අභිත් Company එකට ඇවිත් හිටියා වගේම මැනේජර්ස්ලා එක එක්කෙනා ඇවිත් අභිත්ට එයාලගේ පවුල් වල අයව introduce කරලා දුන්නා.

හිනා වෙවී කියන ඔක්කොටම ඔලුව වන හිටිය අභිත් ටෙරාන් එනවා දැක්කාම අත වනලා ටෙරාන්ට කතා කරා. අභිත්ව දැක්ක ගමන් අභිත්ට salute කරපු ටෙරාන් සිතූ අක්කා ගාවට වෙලාම හිටියා.

වාහන ඔක්කොම parking එකෙන් දාලා , ඇවිත් හිටිය ඔක්කොම ගිහින් බස් එකට නගිද්දි ටෙරානුත් බස් එකට නැගල පිටිපස්සෙම තිබ්බ ඩබල් ශීට් එකෙන් වාඩි වුණා.

බැක්පැක් එකත් කරේ එල්ලන් අභිත් බස් එකට නගින්න යනවා දැකපු අභිත්ගේ අම්මා ඉක්මණට ඇවිත් අභිත්ව නතර කරගත්තා.

" පුතා අපි එක්ක car එකේ යමු. "

" අනේ අම්මා... මට එන්ජෝයි කරන්න ඕනේ. "

පොඩි එකෙක් වගේ නහයෙන් අඩ අඩ කිව්ව අභිත් උදව්වක් බලාපොරොත්තුවෙන් අම්මගේ පිටිපස්සේ හිටිගෙන හිටිය අප්පච්චි දිහා බැලුවා.

" පුතා බස් එකේ යයි ශ්‍රී... "

" එහෙනම් අපිත්-"

" ඔයාට බස් වල යනකොට වෝමිට් වෙනවා නේ. පුතා බස් එකේ එන්නකෝ. "

අභිත්ගේ උරහිසට තට්ටුවක් දාලා ඉක්මණට අභිත්ව බස් එකට නැග්ගුව මංචනායක නෝනව කාර් එක පැත්තට එක්කගෙන ගියා.

අභිත් බස් එකට නැගල ටෙරාන්ව හොයද්දි පිටිපස්සෙම ඩබල් ශීට් එකේ ඉදන් හිටිය ටෙරාන් උදය සුපිපුණු මලක් බදු හිනාවක් දාන ගමන් අභිත්ට අත වැනුවා. එයාලගේ ඉස්සරහ ශීට් එකෙත් එක එක්කෙනාගේ බෑග් ගොඩ ගහලා තිබ්බ නිසා අභිත් එයාගේ බෑග් එකත් ඒ ශීට් එක උඩින්ම දාලා ටෙරාන්ගේ එහා පැත්තෙන් වාඩි වුණා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now