28 🌹

1.4K 149 172
                                    


තවත් සතියක් ඇහිපිය ගහන වේගෙන් ගෙවිලා යද්දි ටෙරාන් තාමත් හිටියේ site එකේම නතර වෙලා. ටෙරාන්ගේ ජීවිතේට වුනත් ඕනවට වඩා බලපෑම් කරන්න බෑ කියන හිතුණු අභිතුත් ටෙරාන් වචනයක් දෙනකන් නිහඩව බලාගෙන හිටියා.

Site එකේ රවුමක් දාන්න ගිය ටෙරාන්ට 4 වෙනි තට්ටුවට යද්දි නහය කඩාගෙන යන සිගරට් ගදක් දැණුනා. වැඩ වෙලාවේ මොකාද ජෝගි නටන්නේ කියල බලන්න ටෙරානුත් කැහැ කැහැම අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට ඇවිදගෙන ගියා.
කොයි වෙලෙත් ටෙරාන් එක්ක වලියක් ඇදගන්නම බලන් ඉන්න සෙට් එකක් බුලතුත් කකා , සිගරටුත් බිබී ඉන්නව දැක්කම ටෙරාන්ට මාරයා ආවේස වුණා.

කොටසක් පණ නැහීගෙන වැඩකරද්දි කොටසක් මෙහෙම කාලෙ කකා ඉන්න එක වැඩ කරන මිනිස්සුන්ට වෙන අසාධාරණයක් වගේම company එකටත් සෑහෙන පාඩුවක්. අදාළ වැඩ කොටස අදාළ කාලෙ ඇතුළත ඉවර නොකරම මුලින්ම ඇගිල්ල දික් වෙන්නෙත් office එක ඇතුළෙ සෙට් එකට නිසා ටෙරාන්ට මේ කාලකන්නි ටික දැක්කම තවත් කේන්ති ගියා.

" තමුසෙල මොකද මේ වැඩ වෙලාවේ ජෝගි දාන්නේ ? "

නිශ්ශබ්ද Building එකේ ටෙරාන්ගේ හඩ ගොඩක් සද්දෙට ඇහුන වගේම දෝංකාරත් දුන්න නිසා ආතල් දදා හිටපු සෙට් එක ආතල් නවත්තල ටෙරාන් දිහාවට හැරුණා .

" අපි මේ මෙච්චර වෙලා ඉදල දැනුයි දුමක් දාන්න ආවේ. "

" තොපි උදේට කන්න පැයයි , තේ බොන්න පැයයි , බත් කන්න පැයයි , හවස තේ බොන්න පැයයි වැඩ කරන්න ඕන පැය ගාණෙන් බාගයක්ම තොපි කරන්නේ බුල කෙලින එකනේ. "

ටෙරාන් කේන්තියෙන් කෑ ගහද්දි බිම ඉන්න එකා දෙන්න shape එකේ මාරු වෙලා යන්න හිතන් එතනින් නැගිට්ටා.

" අඩෝ අඩෝ මෙන්න අභිත් මහත්තයගේ ගල් කොල්ලා ඇවිල්ලා අපේ වැඩ බලන්න. උඹ පුක දීල හම්බ කරාට මල්- "

" මොකක්ද පකයෝ තෝ කියන්නේ... "

කල්ලියෙ වීරයා වගේ හිටිය සුමුදු නැගිටල ටෙරාන්ගේ පැත්තට එන ගමන් කියද්දි උගේ ටී ෂර්ට් එක බෙල්ල මුලින්ම අල්ලල ඇදල ගත්ත ටෙරාන් අත දිග ඇරලා ඌට කනේ පාරවල් දෙකක් ගැහුවා.

" ටෙරාන් මහත්තයා එපා. "

කොහෙද ඉදන් ආව සුරේෂ් සුමුදුට ගහන්න පනින ටෙරාන්ව අඩි කීපයක් පස්සට ඇදගෙන ආවා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now